Coss Ear2
lakbima.lk
COSS Ear 1

උදිත් නාරායන්ගේ පුතා එක්ක සංඛ දිනෙත් මොකද කළේ?

සංඛ දිනෙත් අලුත් වැඩක් කරලා.  ඒ තමයි ඔහු ඉන්දියානු ගායකයෙක් එක්ක එකතු වෙලා සිංහල හා හින්දි ගීත කණ්ඩ එකතු කරලා අලුත් ගීතයක්  කරපු එක. ඉදිරියේදී මේ ඉන්දීය ගායකයා සමග අපේ ශිල්පීනුත් එකතු කරගෙන දැවැන්ත ප්‍රසංගයක් කරන්නත් සංඛ සූදානම් වෙනවා. 
 
මොකක්ද සංඛ කරපු මේ අලුත් වැඩේ? 
ජනප්‍රිය ගායක උදිත් නාරායන්ගේ පුතා ආදිත්‍ය නාරායන් එක්ක මම ගීතයක් කළා. හින්දි ගීත ඛණ්ඩ වගේම සිංහල ගීතවල  ඛණ්ඩත් එකතු කරලයි මේ ගීතය කළේ. 
 
ආදිත්‍ය සිංහල ගීත ඛණ්ඩ ගායනයට එකතු වුණාද? 
ඔව්. ගීතය අහපු හැමෝම පුදුම වුණා. ආදිත්‍ය සිංහල උච්චාරණය කරන විදිය දැක්කාම.
 
කොහොමද මේ අවස්ථාව සංඛට ලැබුණේ? 
සෝනු නිගම් තමයි ආදිත්‍යට මං ගැන කියලා තියෙන්නේ. පවත්වන්නට නියමිත ප්‍රසංගයක මාධ්‍ය හමුවට පහුගිය දා ඔහු ලංකාවට ආවා. ඒ අවස්ථාවේ තමයි මේ නිර්මාණය කළේ. 
 
ඒ ගීතය රසිකයන්ට අහන්න ලැබෙනවාද? 
ඔව්. මේ වන විට එය ගුවන් විදුලි නාලිකාවලට භාරදීලා තියෙන්නේ. ඒ වගේම අන්තර්ජාලයේ ටියුබ් හරහාත් එය අසන්නට පුළුවන්. 
 
ආදිත්‍ය හා ඔබ එකතු වෙලා ප්‍රසංගයක් කරන්නද හදන්නේ? 
ආදිත්‍ය නාරායන් ලයිව් ඉන් ශ්‍රී ලංකා නමින් ප්‍රසංගයක් ඉදිරියේදී ඔහු විසින් කරනවා. මේ ප්‍රසංගයට මමයි, උමාරියා, සනුක, දුෂ්‍යන්ත් වීරමන්, පියත් රාජපක්ෂ, භාතිය-සන්තුෂ් ගී ගයනවා. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1212

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1063

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 1668

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3182

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4036

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4163

Please publish modules in offcanvas position.