Coss Ear2
lakbima.lk
COSS Ear 1

හොඳ මිනිහෙක් නොවී හොඳ නළුවෙක් වෙන්න බැහැ

හොඳම නළුවා වීමට තිබිය යුතු සුදුසුකම් මොනවා කියලද ඔබ හිතන්නේ? 
හෙළ සිනමා සක්විති ගාමිණි ෆොන්සේකා මහතා වරක් මට කී කතාවක් මෙහිදී මට මතක් වෙනවා. හොඳ නළුවෙක් වෙන්න නම් හොඳ මිනිහෙක් වෙයන් කියලා ඔහු මට කිව්වා. ක්‍ෂේත්‍රය තුළ හොඳින් හිටියොත් පවතින්න පුළුවන්. කාලයක් පැවතීම දක්ෂතාවයෙන් පිරි නළුවකු වීමට හේතුවනවා කියන එකයි ඔහු එදා අදහස් කළේ. නිරුතුරුව ලෝකය හා සමාජය ගැන අවබෝධය වැඩිකරගෙන, තම දක්ෂතා මුවහත් කරගෙන චරිත ප්‍රතිනිර්මාණය කරමින් දක්ෂ නළුවකු විය හැකියි.
 
එදා මෙදාතුර ඔබ මොන විදිහටද නළුවෙක් විදිහට ඇගයීමට ලක්වෙලා තියෙන්නේ ?
පසුගිය සුමති සම්මාන උළෙ‍ලේ හොඳම නළුවා වුණේ මමයි. 1999 සුමති සම්මාන උළෙ‍ලේ ජනප්‍රියම නළුවා වුණේත් මමයි. ඒ සම්මාන ඇතුළුව සුමති සම්මාන 11ක් මම දිනාගෙන තියෙනවා. වෙනත් ටෙලි නාට්‍ය හා සිනමා උළෙලවලදීත් මම සම්මාන ලබා තියෙනවා. මේ වනවිට මා ලබා ඇති මුළු සම්මාන ගණන 16ක්.
 
එළැඹෙන සුමති සම්මාන උළෙ‍ලේදීත් හොඳම නළුවා වීමට ඔබේ සිහිනයක් තිබෙනවාද? නැතිනම් එවැනි අභියෝගාත්මක චරිතයක් ඔබ නිරූපණය කර තිබෙනවාද?
මම කිසිදාක කිසිම සම්මාන උළෙලකට යන්නේ සම්මාන බලා‍පොරොත්තුවෙන් නොවෙයි. කාට සම්මාන ලැබුණත් මා හදවතින්ම ඒ අයට සුබ පතනවා. මට සම්මාන හිමි වූ අවස්ථා වගේම හිමිවිය යුතු සම්මාන ගිලිහී ගිය අවස්ථාත් තිබෙනවා. ඒ හැමදේම මම මැදහත් සිතින් දරාගෙන තියෙනවා. පසුගිය වසරේ මා රඟපෑ නිර්මාණ තිබෙනවා, ඒ අතුරින් හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න ඉඩ ලැබුණු ටෙලි නාට්‍යයකුත් තියෙනවා. ඒත් සම්මානය මටම විය යුතුයි කියන මතයේ නම් මම නැහැ.
 
ටෙලි නාට්‍ය කලාවේ කඩා වැටීමක් ගැන අද ඇතැමුන් චෝදනා කරනවා. ඒ කතාවේ ඇත්තක් තිබෙනවාද?
පැහැදිලිවම තියෙනවා. ප්‍රමාණාත්මක වශයෙන් බිහිවන ටෙලි නාට්‍යය ගණන වැඩි වුණත් හොඳ නිර්මාණ බිහිවෙනවා අඩුයි. නිෂ්පාදකයෝ බලන්නෙත් අඩු මුදලකින් නිර්මාණයක් කරන්නයි. ඒ නිසා ගුණාත්මක ටෙලි නාට්‍යය බිහිවීමේ අඩුවක් තියෙනවා. හැමදෙයක්ම මුදලට යටවෙලයි අද තියෙන්නේ.
 
ආරියවංශ කුලතිලක
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.