Coss Ear2
lakbima.lk
COSS Ear 1

වසර 50ක කලා ජීවිතය තුළ කිසිම සම්මානයක් ලැබිලා නැහැ

රත්නා සුමනපාල කියන්නේ පුංචි තිරයේ, සිනමාව, වේදිකාව, යන මාධ්‍ය ත්‍රිත්වය ඔස්සේම සිය ප්‍රතිභාව ප්‍රකට කළ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. දශක කිහිපයක් වේදිකාවෙන් ඈත්ව සිටි ඇය මේ දිනවල යළිත් වේදිකාවට අවතීර්ණ වී සිටිනවා. ඒ ගැන කතා බහ කිරීමට අප සමග සංවාදයට එක්වූ රත්නා සුමනපාල තමන් ගැන මෙන්ම කලා ක්ෂේත්‍රය ගැනත් බොහෝ දෙනා නොදන්නා කරුණු රැසක් හෙළි කළා. 
 
ඔබට බොහෝ කාලයක් වේදිකාවෙන් ඈත්ව සිටින්නට සිදුවුණේ ඇයි? 
මම 70 දශකයේදී තමයි මුලින්ම කොළඹ නගරයේ ප්‍රකට වේදිකා නාට්‍යවල රඟපෑම ආරම්භ කළේ. එතැන් පටන් මම වේදිකා නාට්‍ය 100කට ආසන්න සංඛ්‍යාවක රඟපෑවා. නමුත් වේදිකාව ගැන ඇති වුණු කලකිරීම නිසා මට කාලයක් වේදිකාවෙන් ඉවත්වී සිටින්න සිදුවුණා. 
 
ඇයි ඒ විදිහට කලකිරීමක් ඇති වුණේ? 
70 දශකයේ නම් උසස් නාට්‍යමය ගුණාංග තිබෙන වේදිකා නාට්‍ය බිහි වුණා. මටත් ඉතාම දක්ෂ නාට්‍යකරුවන්ගේ නාට්‍ය නිර්මාණවලට දායක වෙන්න ඒ යුගයේ අවස්ථාව ලැබුණා. ඒ ක්‍රමයෙන් 80 දශකය වෙද්දී දෙපිට කැපෙන වචන සහිත ප්‍රේක්ෂකයන්ට සිනහ උපදවන්නට නිර්මාණය කරන චිත්‍රපට බිහි වෙන්න පටන් ගත් නිසා මට හිතුණා එවැනි වේදිකා නාට්‍යවලට දායක වීමෙන් වැඩක් නැහැ කියලා. 
 
ඇයි ඒ නිහඬ බව විඳින්න හිතුණේ? 
ටෙලි නාට්‍යවල සහ සිනමා පටවල දිගටම රඟපෑවත් අවුරුදු 30කට පසුවයි මම වේදිකා නාට්‍යයක රඟපාන්නේ. මෙවර මම යළි වේදිකාවට එන්නේ ‘‘මහ මුහුදත්් ගොඩට ගලයි‘‘ වේදිකා නාට්‍යයෙන්. එහි පිටපත කියෙව්වම මට හිතුණා එය මට යමක් කළ හැකි හොඳ තේමාවක් සහිත නාට්‍යයක් කියලා. 
 
විවිධාකාරයේ චරිතවලට පණ දුන්නත් අදටත් ඔබ වඩාත් ප්‍රකට කෝපි කඩේ ටෙලි නාට්‍යයෙන් යැයි කීවොත් නිවැරදියි නේද? 
අ‍පොයි ඔව්. මේ වෙද්දී මම ටෙලි නාට්‍ය 300කට අධික සංඛ්‍යාවක රඟපාලා තියෙනවා. ඒත්, තවමත් කවුරුත් මාව හඳුනන්නේ “කෝපි කඩේ’’ හාමිනේ කියලා තමයි. 
 
කෝපි කඩේ ටෙලි නාට්‍යයත් සමග ඔබේ සබැඳියාවන් බොහෝ දුර දිවෙන එකක් නේද? 
කෝපි කඩේ ටෙලි නාට්‍යයට දායක වූ නළු නිළියන් අතරින් පළමු කථාංගයේ සිට එහි රඟපාන එකම කෙනා මමයි. කෝපි කඩේ දැන් කොටස් 1500ක් පසු කරලයි තියෙන්නේ. මුල ඉඳන්ම ඊට දායක වෙන්න ලැබිම ගැන සතුටක් තිබුණත් දැන් එක්තරා විදියක කලකිරීමකුත් මගේ හිතේ තියෙනවා. 
 
ඇයි ඒ? 
කෝපි කඩේ මෙතරම් දුරක් එන්න පුළුවන් වුණේ ඊට විවිධ විදිහට දායක වුණු ශිල්පීන්ගේ කැපවීම නිසානේ. ඒත් අපට ඒ වෙනුවෙන් කිසිම ඇගයුමක් ලැබෙන්නේ නැහැ. 
 
කවදාවත් කෝපි කඩේ ශිල්පීන්ට ඇගයුමක් ලැබුණේ නැද්ද? 
මුල් කා‍ලේ නම් අපිව ඇගයුමට ලක් කළා. කල් ගතවෙද්දී ඒ දේවල් නැතිව ගියා. 
 
ඔබව දැන් ටෙලි නාට්‍යවලින් වැඩිපුර දකින්නට නොලැබෙන්නේ ඇයි? 
දැන් නව පරපුරේ නළු නිළියන්ගේ අම්මලා විදිහට තරුණ නිළියෝ තමයි රඟපාන්නේ. ඒ නිසා අපි වගේ රංගන ශිල්පිනියන්ට ටෙලි නාට්‍යවලට කලාතුරකින් තමයි ආරාධනා ලැබෙන්නේ. අපට ආරාධනා නොලැබිමට තවත් හේතුවක් තියෙනවා. 
 
මොකක්ද ඒ හේතුව? 
අපි කෝපි කඩේ රඟපාන නිසා කෝපි කඩේ ශිල්පීන්ව වෙන ටෙලිනාට්‍යවලට සම්බන්ධ කර ගන්නේ නැති අධ්‍යක්ෂවරු ඉන්නවා. හැබැයි අපේ වටිනාකම දන්නා දක්ෂ අධ්‍යක්ෂවරු නම් අපේ සේවාව ලබාගන්නවා. 
 
අද වෙද්දී ටෙලි නාට්‍යවල රඟපෑම වෙනුවෙන් හොඳ ගෙවීමක් ලැබෙනවාද? 
ඒ ගැන කියන්න හරිම කනගාටුයි. සමහර අධ්‍යක්ෂවරු අපේ හැකියාවන් හා ප්‍රවීණත්වය අවතක්සේරුවට ලක් කරන විදිහේ මිල ගණන්වලට තමයි ටෙලි නාට්‍යවලට ආරාධනා කරන්නේ. 
 
කෝපි කඩේ වෙනුවෙන් ඇගයුම් නොලැබුණාට ඔබේ කලා දිවිය වෙනුවෙන් නම් ඔබ සම්මානයට පාත්‍ර වෙලා ඇති ? 
මම ටෙලි නාට්‍ය 300කට අධික සංඛ්‍යාවකත් සිනමාපට 40ක විතරත් රඟපාලා තියෙනවා. මගේ කලා ජීවිතයට දැන් වසර 50කට ආසන්නයි. ඒත් මම තවමත් ජීවත්වෙන්නේ පුංචි නිවසක. ප්‍රේක්ෂක ප්‍රතිචාර හැරුණාම වෙනත් සම්මාන මට ලැබිලා නැහැ.
 
කිෂාන් කනංකෙ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1696

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1375

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2184

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3498

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4284

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4450

Please publish modules in offcanvas position.