Coss Ear2
lakbima.lk
COSS Ear 1

නන්දන රිය අනතුරකට ලක්වූ කතාව බොරුවක්

හිරු TV ඔස්සේ විකාශය වන ‘ආටක නාටක” ටෙලි නාට්‍යය හරහා අපේ ආලින්දයට ගොඩ වදින “නන්දන හෙට්ටිආරච්චි” ප්‍රහසන රංගනය වගේම ඉන් එහාට ගිය විවිධාකාර චරිත තුළිනුත් තමන්ගේ දක්ෂතාව පෙන්වූ රංගන ශිල්පියෙක්. පසුගියදා නන්දන ගැන අහන්නට ලැබුණේ කනගාටුදායක ආරංචියක්. ඒ තමයි නන්දන දරුණු රිය අනතුරකට ලක්වුණාය කියන පුවත. අන්තර්ජාලයේ පැතිරී ගිය මේ ප්‍රවෘත්තියේ රිය අනතුරට මුහුණ දුන් නන්දන රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවක් සඳහන්ව තිබූ අතර අනතුරට පත්වූ නන්දනගේ ඡායාරූපය පවා එහි පළකොට තිබුණා. පුවත දුටු සැණින් අපි නන්දනගේ ජංගම දුරකථනයට කතා කළේ අනතුර ගැන විස්තර දැනගන්නයි. ඒ වෙලාවේ තමයි අපිට සිද්ධියේ ඇත්ත නැත්ත දැනගන්න ලැබුණේ.
“නාට්‍යයේ එන දර්ශනයක මම රිය අනතුරකට ලක් වෙනවා. ඒ සීන් එකේ ෆොටෝස් අපේ මිත්‍රයෝ ගොසිප් සයිට් එකට දාලා පුංචි විහිළුවක් කරලා...”
නන්දනගේ රිය අනතුරේ ඇත්ත තත්ත්වෙ තමයි ඒ. නන්දනට සැබෑවටම කිසිම අනතුරක් වෙලා නැහැ. ඔහු සුපුරුදු විදියට තමන්ගේ රඟපෑම් කටයුතුවල නිතර වෙලා ඉන්නවා. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1098

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1105

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2803

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.