Coss Ear2
lakbima.lk
COSS Ear 1

රොඩ්නි කුණු ප්‍රශ්නයකට පැටලෙයි

වේදිකාව, සිනමාව හා පුංචි තිරය තුළ සිය රංගන කුසලතා මතුකරමින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් රොඩ්නි වර්ණකුල මේ දවස්වල  කලාවෙන් එහා ගියපු කටයුත්තකට මැදිවෙලා. ඒ තමයි මුළු රටටම ප්‍රශ්නයක් වෙලා තියෙන කුණු. 
 
මොකක්ද රොඩ්නි වෙලා තියෙන්නේ?
 
මම පදිංචිවෙලා ඉන්නේ මුතුරාජවෙලට මායිම් වූ බෝපිටිය නුගපේ කියන ප්‍රදේශයේ. මුතුරාජවෙල වගුරුබිම් තීරය අද වන විට ලොකු අවදානමකට ලක්වෙමින් තියෙනවා. අපි ඊට අදාළ ප්‍රදේශවල ප්‍රජා සංවිධාන එකතු කරලා මුතුරාජවෙල සුරැකීමේ සංවිධානය නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. ඒ තුළින් විශාල ජාතික වැඩපිළිවෙළක් දියත් කරන්න මේ දවස්වල සූදානම් වෙනවා.
 
මේ ගැන වැඩි විස්තර කතා කළොත්?
 
මුතුරාජවෙල තියෙන වටිනාකම ගැන මුලින්ම හැමෝම දැනුවත් කිරීම තමයි පළමු පියවර. එහි ඇති ෙජෙව විවිධත්වය, කඩොලාන, ඊට ආවේණික ශාක හා සත්ව විශේෂ, සංක්‍රමණික කුරුල්ලෝ, මත්ස්‍ය හා උරග වර්ග ආදිය බැලුවොත් මෙහි ඇති වටිනාකම වටහා ගන්න පුළුවන්. ඒ වගේම තමයි පෑලියගොඩ, වත්තල, කඳාන, ජාඇල, උස්වැටකෙයියාව, සීදූව, කටුනායක, මීගමුව ආදී ප්‍රදේශවලට මුතුරාජවෙල කියන්නේ  ගංවතුර රඳවනයක්. කොළඹ නගරය විසින් පරිසරයට කර්මාන්තශාලා හරහා අපිරිසිදු වාතය එක්කරද්දී පරිසරය රැක ගන්නා පෙණහලු දෙක තමයි මුතුරාජවෙල හා අත්තිඩියවෙළ. ඇතැම් අය දන්නවාද දන්නේ නැහැ. ඒත් අද වන විට එය ලොකු අවදානමකට ලක්වෙලා.
 
ඇයි ඒ?
 
මීතොටමුල්ල කුණු කන්ද නායයාමේ ප්‍රශ්නයත් සමග එතැනින් කුණු ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙද්දී මුතුරාජවෙලත් ඊට අහුවුණා. හරියටම පහුගිය මිහිකතගේ දවස දවසේ කුණු ටොන් 700ක් පමණ මුතුරාජවෙලට මුදාහැරුණා. ඉතා කෙටිකලකින්ම එහි අයහපත් ප්‍රතිඵල අත්විඳින්න ලැබිලයි තියෙන්නේ.
 
ඒ මොනවද?
 
අද වන විට මත්ස්‍යයින් මියගිහින් ජල මතුපිට පාවෙමින් තිබෙනවා. මේ ආරම්භය විතරයි. මේ තත්ත්වය දවසින් දවස වැඩිවේවි. ඉදිරියේදී අනෙක් සත්වයන්ටත්, ශාකයන්ටත් මෙය බලපානවා. ඒ විතරක් නමෛයි, මුතුරාජවෙල කියන්නේ ජන ශූන්‍ය නගරයක් නමෛයි. මෙහි විවිධාකාර ජන කොටස් ඉන්නවා. ඒ අයටත් මේ තත්ත්වයේ අනිසි ප්‍රතිඵල විඳින්න ලැබේවි.
 
මේ වෙනුවෙන් ඔබ සංවිධානය මොකක්ද කරන්න උත්සාහ කරන්නෙ?
 
මුතුරාජවෙල තියෙන වටිනාකම ගැන ජනතාව හා සමාජය දැනුවත් කිරීම තමයි අපේ අරමුණ. ඇතැම් අය දන්නේ නැතුව ඇති මුතුරාජවෙල කියන්නේ ආරක්ෂක කලාපයක් බව. මෙය අභය භූමියක්. ඊට අදාළ ගැසට් නිවේදන පවා තිබෙනවා. මේ ගැන රජය හා ජනතාව දැනුවත් කිරීම තමයි මුල්ම වැඩපිළිවෙළ. මේ කටයුත්තට තවත් පරිසර සංවිධාන එකතුකර ගන්න අපි බලා‍පොරොත්තු වනවා. අපේ අවසන් අරමුණ මේ පරිසර පද්ධතිය රැක ගැනීමයි. ඒ සඳහා නීතිය හමුවට යාමට වුණත් අපි පසුබට වෙන්නේ නැහැ.
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.