Coss Ear2
lakbima.lk
COSS Ear 1

කුමාරසිරි පතිරණ කියන්නේ දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ සිය ළයාන්විත කටහ¾ඩින් රසික රසිකාවියන් පිනවන ගායන ශිල්පියෙක්. තමන්ගේ පැරණි ජනප්‍රිය ගීත කොතරම් තිබුණත් නිතරම පාහේ අලුත් ගීතත් නිර්මාණය කිරීමට පෙළැඹෙන ගායකයෙක් විදිහටත් ඔහුව හඳුන්වා දෙන්නට පුළුවන්. කොහොම නමුත් තමන්ගේ එම අලුත් ගීත එක්කාසු කරලා ලංකාවේ වෙළෙඳ‍පොළට නම් තවදුරටත් ගී තැටි නිකුත් කරන්න අදහසක් නෑ කියලයි කුමාරසිරි පතිරණ පවසන්නේ. විදෙස් රටවල ජීවත් වෙන ලාංකිකයන් වෙත පමණක් තමන්ගේ ගී තැටි මින් ඉදිරියට අලෙවි කරන බවයි මෙම සංවාදයේදී ඔහු කියා සිටියේ. 
 
ඔය කියන විදිහට ලංකාවේ ජීවත් වන රසික රසිකාවියන්ට ඔබේ අලුත් ගීත ඉදිරියේදී රස විඳින්නට ලැබෙන්නේ නැහැ. එහෙමද? 
එහෙම වෙන එකක් නැහැ. මොකද මම මගේ අලුත් ගීත ප්‍රසංග වේදිකාවේදී ගායනා කරනවා. හැබැයි විද්‍යුත් මාධ්‍යවලින් ඒ ගීත ප්‍රචාරය වෙයි කියලා නම් බලා‍පොරොත්තු තියාගන්න අමාරුයි. මොකද අද පවතින තත්ත්වයේ හැටියට විද්‍යුත් මාධ්‍යවලට අලුත් ගීත දීලා වැඩක් නැහැ. 
 
ඇයි ඔබේ ගී තැටි වෙළෙඳ‍පොළට නිකුත් නොකරන්න තීරණය කළේ? 
කොච්චර වියදම් කරලා ගී තැටියක් අවුට් කළත් ඊළඟ දවසේ ඉඳලා ඒකේ හොර තැටි පේමන්ට් එකේ විකුණන්න තියෙනවා. මේවාට විරුද්ධව අපේ රටේ හැටියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ හින්දම අද කැසට් කර්මාන්තය කඩා වැටිලයි තියෙන්නේ. අපේ අය රුපියල් 50ක් දීලා පේමන්ට් එකෙන් බාල සී.ඩී. මිලදී ගන්නා නිසා තමයි අද අපේ රටේ මේ විදිහේ තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. 
 
අලුතෙන් ගී තැටි නිකුත් කරන්න ප්‍රමාණවත් වෙන තරමට නව ගීත නිර්මාණ දැනට ඔබ සතුව තියෙනවාද? 
ඔව්. මේ විදිහේ ගැටලු තිබුණා කියලා මම අලුතෙන් ගීත ගායනා කරන එක නතර කරන්නේ නැහැ. මගේ අලුත් ගීත 40ක් ඇතුළත් වෙන ගී තැටි දෙකක් මම මේ වෙනකොට නිර්මාණය කරලයි තියෙන්නේ. විදෙස් සංචාරවලට යද්දී මම ඒවා අරගෙන ගිහින් අලෙවි කරනවා. 
 
ඔය විදිහට ගී තැටි අලෙවි කරලා ඒවා නිර්මාණය කරන්න වැය වෙන මුදලවත් පියවා ගන්න පුළුවන්ද? 
පිටරටවල ඉන්න ලාංකිකයෝ කැමති නැහැ, ඩුප්ලිකේට් සී.ඩී. වලට. ඒ අය ඩොලර් 10ක් වගේ ලොකු මුදලක් ගෙවලා තමයි ඔරිජිනල් සී.ඩී. තැටි මිලදී ගන්නේ. ඒ නිසා මට පාඩු වෙන්නේ නැහැ. මොකද පිටරටවල ඉන්න ලාංකිකයන්ගෙන් විශාල ඉල්ලුමක් තියෙනවා ඒ ගී තැටි වලට. 
 
ප්‍රසංග වේදිකාවේ ඔබට එදා තිබුණු ඉල්ලුම අදත් ඒ විදිහටම තියෙනවා කියලා ඔබට හිතෙනවාද? 
ඇත්තෙන්ම ඔව්. මම සහභාගි වන සංගීත ප්‍රසංගවලින් 99ක්ම මට ලැබෙන්නේ ප්‍රසංග සංවිධායකයන් හරහා ‍නෙවෙයි. විවිධ ප්‍රදේශවල ජීවත්වෙන මට ආදරය කරන රසික රසිකාවියෝම තමයි මට ඒවාට ආරාධනා කරන්නේ. ඉතින් වසර 28ක් තිස්සේ ඒ අයගෙන් මට තියෙන ඉල්ලුම අඩු වෙලා කියලා මට කොහොමටත් දැනෙන්නේ නැහැ. 
 
කොච්චර අලුත් ගීත ගායනා කළත් පැරණි ගීතවලට තිබෙන ඉල්ලුම නම් තවම අඩු වෙලා නැතුව ඇති? 
අ‍පොයි ඔව්. කොහේ ගියත් “සිතින් පතා ඉන්නම්”, “පුංචි පුතු මගේ සහ මගේ හදවත” කියන ගීත තුන ගායනා නොකර මට කවදාවත් වේදිකාවෙන් බහින්න ඉඩ ලැබෙන්නේ නැහැ. මීට අවුරුදු 28කට කලින් ගායනා කරපු ගීත වෙලත් ඒවා තමයි අදටත් වැඩිපුර ඉල්ලන්නේ. 
 
රූප රාමු නැතිව ගීතයක් ජනප්‍රිය කරවා ගන්න අමාරුයි කියන කාලයක ඔබ ඇයි ඔබේ ගීතවලට ගීත වීඩියෝ නිර්මාණය නොකරන්නේ? 
රූපවාහිනී මාධ්‍යයෙන් එහෙම නිතර පේන්න නොහිටියාට මම ජනතාවගේ හදවතේ ජීවත් වෙන ගායකයෙක්. රසික ප්‍රතිචාරවලින් කිසිම අඩුවක් නැති නිසා විෂුවල් එකක් කරන්න ඕනෑ කියන අදහස මතෛක් කාලයක් මගේ හිතට ආවේ නැහැ. හැබැයි ලංකාවේ ලබන මාසේ මම පළමුවැනි වතාවට මගේ ගීතයකට විෂුවල් එකක් කරනවා. ඒක කරන්නෙත් මට ආදරය කරන රසිකයකුගේ ඉල්ලීමකටයි. 
 
බොහෝ ගායක ගායිකාවන්ගේ ගීත ඔවුන්ගේ දරුවනුත් ගායනා කරනවා. ඔබ කැමතිද ඔබේ දරුවෝ ඔබේ ගීත ගායනා කරනවාට? 
මට ඉන්නේ පුතාලා තුන් දෙනෙක් සහ දුවක්. ලොකු පුතා සිනෙත් මාලක සහ දුව සත්මානි චතුරිකා දැනටමත් ගායනා ක්ෂේත්‍රයට පය තබලයි ඉන්නේ. ඒ දෙන්නා මගේ දරුවෝ කියලා හඳුනාගන්න ඕනෑ නිසාම ප්‍රසංග වේදිකාවේදී මගේ එක ගීතයක් පමණක් ගායනා කරන්න කියලයි මම පුතාටයි දුවටයි කියලා තියෙන්නේ. මොකද මම කැමති නැහැ ඒ අය මගේ ගීත විතරක් ගායනා කරලා තමන්ගේම අනන්‍යතාවයක් නැති ගායක ගායිකාවෝ බවට පත් වෙනවාට. 
 
කිෂාන් කනංකෙ
  1. මාව දේවදත්තයෙක් කළේ සුනිල් සර්රුයි නන්දා මාලනියි
  2. චිත්‍රපට ප්‍රදර්ශනය අක්‍රමවත් වීමෙන් ප්‍රේක්ෂකයෝ කළකිරෙනවා
  3. ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය නිවේදකයකු වන ඩෙන්සිල් නුගේගොඩ ගෙන් හැමෝම ඉල්ලන්නේ මොනවාද?
  4. Super Hero තමන්ගේ දුව යැයි සඟවා ගෙන සිටි රහස අජිත් බණ්ඩාර හෙළි කරයි
  5. සුජීවා එක්ක මම සාර්ථක ගමනක් යන එක දරාගන්න බැරි වෙලා
  6. කළුවර වැටෙනවත් එක්කම මේ කියන බය මට දැනෙන්න ගන්නවා
  7. කේන්ති නොගැනීම තමයි හොඳම පුරුද්ද
  8. යශෝධරා සිනමාපටයට පෙනී සිටි නළු නිළියන් ඇත්තටම හිස මුඩු කළාද?
  9. බංග්ලාදේශ තරගයේදී සිදු වූ ගැටුම ගැන තිසර කියපු කතාව
  10. ලෙස්ටර්ගේ 99 වැනි උපන් දිනයට සුමිත්‍රාගෙන් වෛශ්ණාවි
  11. අධිරජ අශෝක් රජතුමාගේ මව වන රානි ධර්මා නොහොත් සුභද්‍රංග දේවිය
  12. රඟපෑමෙන්වත් මට මේතරම් ලොකු මුදලක් ලැබෙන්නේ නැහැ
  13. මගේ හිතේ තිබුණු හීනය ගැන කවුරුත් දැනගෙන හිටියේ නැහැ
  14. දුලක්ෂි පෙරේරා ස්වාධීන රූපවාහිනියේ පේන්න නැත්තේ ඇයි?
  15. වෙනදාට වඩා සැහැල්ලුවෙන් ගී ගැයුවා ජයග්‍රහණයේ රහස එයයි

Page 1 of 86

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.