Coss Ear2
lakbima.lk
COSS Ear 1

මේ දවස්වල අන්තර්ජාල වබේ අඩවි සහ Facebook සමාජ ජාල තුළ ටීනා ෂනෙල්ගේ නම වැඩිපුර කියැවෙනවා. චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදයට ඇය පැමිණ සිටි ආකාරයත්, එහිදී ඇය විසින් කළ රංගනයන් ගැන බොහෝ දෙනෙකුගේ විවේචන එල්ල වී තිබෙනවා. ඒත් ටීනා නම් කියන්නේ මේ ලැබෙන ප්‍රතිචාර නිසා තමන් තව තවත් සතුටට පත් වන බවයි. ඇය මේ කියන කතාව පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ අයිතිය දැන් ඔබ සතුයි. 
 
මේ දවස්වල මොකද කරන්නේ කියලම අපි මේ කතාව පටන් ගමු? 
මගේ දෙවැනි චිත්‍රපටයට සූදානම් වෙනවා. Zoom චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ සමීර වක්වැල්ල තමයි මේ චිත්‍රපටයත් අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටය හොල්මන් චිත්‍රපටයක් හින්දා චිත්‍රපටය ගැන වැඩි විස්තර හෙළි කරන්න බැහැ. එහි මම රඟපාන්නේ “එමා” කියලා චරිතයක්. 
 
දේදුණු ආකාසේ” චිත්‍රපටයේ “පවනි” ලෙසින් කළ කුළුඳුල් රංගනය ගැන මොනවද කියන්න තියෙන්නේ? 
ගොඩාක් සතුටුයි. මොකද මගේ කුළුඳුල් චිත්‍රපටයට ඉතාමත් ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් ලැබුණා. 
 
දැන් music Video වල රඟපාන්නේ නැද්ද? 
හොඳ නිර්මාණයක් නම් හොඳ පිටපතක් නම් මගේ නිසි වටිනාකම ලැබෙනවා නම් මම music Video වල රඟපානවා. ඒත් දැන් මට music Video වලට ලැබෙන ආරාධනා අඩුයි. අද වන විට මම අය කරන මිලට මාව අරගෙන music Video කරන්න සමහරු කැමති නැහැ. ඒකයි ඉල්ලුම අඩු. 
 
”සරාගයේ” රූප රචනය සඳහා ඔබ ඉදිරිපත් කළ රංගනය බොහෝ කතා බහට ලක් වුණා. නිරුවත් හෝ ලිංගික දර්ශන ඇතුළත් චිත්‍රපටයක් හෝ ගීත රූප රචනයක් සඳහා ආරාධනා ලැබුණොත් ඔබ එය භාරගන්නවාද? 
මගේ සීමාවන් තුළ ඉඳගෙන රඟපාන්න ලැබෙනවා නම් බාරගන්නවා. ලිංගික හෝ නිරුවත් දර්ශන කථාවට අත්‍යවශ්‍යමද? එයින් සමාජයට පණිවුඩයක් ලැබෙනවාද? කියන කාරණය ගැනත් එහිදී මම අවධානය යොමු කරනවා. 
 
පසුගියදා පැවැති චන්දිමාල්ගේ උපන් දින සාදය වගේම ඊට සහභාගි වූ නිරූපිකාවන්ගේ ඇඳුම් අද බොහෝ අයගේ කතා බහට ලක් වෙලා. ඒ විදියට කථා බහට ලක් වූ චරිත අතර ඔබේ නමත් තියෙනවා? 
මම නම් ඒ ගැන සතුටු වෙනවා. 700ක් විතර ආපු බර්ත්ඩේ පාටි එකේ හැමෝගෙම අවධානය යොමු වෙලා තියෙන්නේ මම, පියුමි, අමායා වැනි කීප දෙනකුට විතරයි. අර තරම් පිරිසක් අතරේ අපිව කැපිලා පෙනුණු එක ගැන සතුටු වෙනවා ඇරෙන්න දුක් වෙන්නේ මොකටද? 
 
ඒත් ඒ ලැබුණ ප්‍රතිචාර යහපත් ඒවා නොවෙයි. ඔබලාගේ ඇඳුම් තුළින් සිරුර අනවශ්‍ය විදියට නිරාවරණය වූ බවට චෝදනා එල්ල වුණා? 
අපේ සිරුරු ලස්සනයි. ඒ ලස්සන තමයි ඇඳුම්වලින් මතු කළේ. මම නිරූපිකාවක්. නිරූපිකාවන්ට බිකිනියක් අඳින්න සිදුවන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. අනික මේ ඇඳුම අපි අපේ සල්ලිවලින් මහගෙනයි ඇන්දේ. ඒ හින්දා ඇයි මේ අනිත් අය ඒවාට දොස් නගන්නේ. 
තමන්ගේ කාලය වැය කරලා අපේ පින්තූරවලට post හද හදා Facebook වල Share කරමින් අපිට ජනප්‍රියත්වය ලබාදෙන්න ඇප කැප වූ අයට මේ මොහොතේ මම ස්තුතිවන්ත වෙනවා. ඒ අය නිතරම අපේ පින්තූර බල බලා සතුටු වන අය වෙන්න ඇති. ඒත් අපේ කාර්යබහුලකම හින්ද ඒ post කියවන්නවත් අපිට වෙලාවක් නැහැ කියන එක ඒ පිරිසට කියන්න කැමතියි. 
 
ඔබලාගේ ඇඳුම් හා නර්තන අපේ සංස්කෘතියට හානි කරන බවට නේද ඔවුන් චෝදනා කරන්නේ. එවැනි ප්‍රකාශවලට පිළිතුරු දීම කලාකාරිනියක් විදියට ඔබගේත් යුතුකමක්? 
සංස්කෘතියට අපෙන් හානි වෙනවා කියලා කෑ ගහන අයගේ සංස්කෘතිය කොතැනද තියෙන්නේ. ඒ විදියට කෑ ගහන අය අතර ඉන්න සුපිරිසිදු කන්‍යාවන්, සුපිරිසිදු පිරිමින්, තමන්ගේ සැමියා හෝ බිරිඳ හැර වෙනත් අය සමග කිසිම දිනෙක රහසින් හෝ බැඳී නැති අය ඉස්සරහට එන්න. ඇවිත් ඔය ගැන මගෙන් අහන්න. ඒ අය එක්ක විවෘතව මේ ගැන කතා කරන්න මම නම් සූදානම්. 
 
ආරියවංශ කුලතිලක 
ඡායාරූප තුෂාර සංජීව 
  1. නදීක කරුණානායක කියන නිවේදකයාව අමුඅමුවේ මරා දමන්න පිරිසක් සූදානම් වෙනවා
  2. මට තියෙන්නේ පුදුමාකාර ලෙඩක්
  3. ගුරුවරයා ගැන ගෝලයන් තිදෙනකුගේ ආවර්ජනය
  4. ජීවිතේ අලුත් වෙනසට කලින් මධුමාධව සියලු රහස් හෙළි කිරීමට සැරසෙයි
  5. හැම දෙයක්ම වෙන්නේ රූපවාහිනී නාලිකාවලට ඕනෑ විදිහටයි
  6. අවුරුදු 10කින් කිසිම අධ්‍යක්ෂක වරයෙක් රඟපාන්න කතා කළේ නෑ
  7. සුභාවිත ගීතයට විද්‍යුත් මාධ්‍යයෙන් ලැබෙන ඉඩ මදි
  8. අවසන් ඉනිමට කලින් නුවනිගේ අත කැඩෙයි
  9. ඇත්තම කිව්වොත් ඒක බලු ආදරයක්
  10. අනූෂා රෝද පුටුවේ ඉඳගෙනම යළිත් රඟපෑමට එක්වෙයි
  11. මට ජීවිතේ දීපු Facebookම තමයි මාව මරා දැමුවෙත්
  12. තාත්තා සොයා දුන් හේෂාන්ගේ පෙම්වතිය පිරිමියෙක් බවට පත්වෙයි
  13. කොණ්ඩෙත් හිටවා ගත් පුබුදු ඊළඟට කරන්න යන වැඩේ
  14. ජනප‍්‍රිය නළු නිළියන්ගේ කපාපු පලූ
  15. නයනා කැමැතිම දේ

Page 1 of 95

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.