Coss Ear2
lakbima.lk
COSS Ear 1

නිළියක්, නර්තන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනා සිටින චමත්කා ගැන බොහෝ දෙනා කතාබහ කරන්නට පටන් ගත්තේ ඇය ඉරාජ්ගේ “ගිනියම් රෑ” ගීතයේ රූප රචනාව සඳහා ආන්දෝලනාත්මක චරිතයක් නිරූපණය කිරීමෙන් පසුවයි. පහුගියදා චමත්කාගේ විවාහය ලියාපදිංචි කෙරුණේ වෙනස්ම ආකාරයකටයි. ඒ ගැන වැඩිදුර තොරතුරු දැනගන්න අපි චමත්කාට කතා කළා. 
 
මුලින්ම අපි කැමති ඔබේ ආදරවන්තයා ගැන දැනගන්න?
එයාගේ නම මිථිල මොහන්දිරම්. සීමන් කෙනෙක් විදියට තමයි ඔහු රැකියාව කරන්නේ.
 
චමත්කාට මිථිලව මුණ ගැහුණේ කොහොමද?
ඒ වසර ගණනාවකට කලින්. මගේ මිතුරකු හරහා තමයි අපි දෙන්නා දැන හඳුනා ගත්තේ. කාලයක් ඇසුරු කරද්දී අපි දෙන්නා හොඳම යාළුවෝ බවට පත්වුණා. ඔය විදියට ඉද්දී මිථිල එයාගේ අදහස මට කිව්වා. ඒ 2016 වසරේදී මමත් ඒ යෝජනාවට කැමැති වුණා. ඒ ආදරය තමයි විවාහය දක්වා දුරදිග ගියේ.
 
විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය වෙනස්ම විදිහේ එකක් වුණා කියලයි ආරංචි?
(හිනැහී) ඒක සප්‍රයිස් එන්ගේජ්මන්ට් එකක්.
 
ඒ කිව්වේ? 
පහුගිය කා‍ලේ මිථිලයි මමයි අපේ එන්ගේජ්මන්ට් එක ගැන සැලසුම් කරමිනුයි හිටියේ. ඔය අතරේ මට ඕපඪඤතඥ ඉඩධඹ එකකට ආරාධනා ලැබුණා. මගේ ඡායාරූප ශිල්පියා ඇඳුම් නිර්මාණ ශිල්පියා, වේෂ නිරූපණ ශිල්පියා මාව සූදානම් කරලා එතැනට අරගෙන ගියා. එතැන මිථිලත් හිටියා. ඒ අය ඕපඪඤතඥ ඉඩධඹ එකක් කියලා මට කියලා තියෙන්නේ බොරුවට. හැමෝම එකතු වෙලා සප්‍රයිස් එන්ගේජ්මන්ට් එකකුයි එතැන සූදානම් කරලා තිබුණේ. පවු‍ලේ අයයි හිතවතුනුයි විතරක් හිටපු චාම් උත්සවයක් විදියට සංවිධානය වුණත් ඒක අංගසම්පූර්ණ උත්සවයක් බවට පත්වුණා. 
 
එතකොට කවදද විවාහ උත්සවය ගන්නේ? 
මේ වසරේදීම ඒකත් සිදුවෙනවා. හැබැයි එය විදෙස් රටක සිදු කරන්න තමයි අපි හිතාගෙන ඉන්නේ. 
 
නිළියන්, ගායිකාවන්, නිරූපිකාවන් විවාහයශ්‍රීත් සමග කලාවෙන් සමුගන්නවා. චමත්කාත් එහෙම තීරණයකද ඉන්නේ? 
මගේ කලා කටයුතුවලට මිථිලගෙන් කිසිම බලපෑමක් නැහැ. ඒ හින්දා මින් ඉදිරියටත් මම දිගටම කලාවේ රැඳිලා ඉන්නවා. 
 
විවාහයෙන් පස්සෙත් “ගිනියම් රෑ” වැනි ආන්දෝලනාත්මක නිර්මාණයකට යළි ආරාධනා ලැබුණොත්? 
නිරුවත හෝ ලිංගිකත්වය කලාත්මක විදියට මතු කරවිය හැකි නම් සහ එය හොඳ නිර්මාණයක් නම් ඒ ගැන මම සීමා පනවා ගන්නේ නැහැ. මගේ ආදරවන්තයට මගේ කලා ජීවිතය ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඒ හින්දා ඉදිරියටත් ඕනෑම නිර්මාණයකට දායක වන්න මට පුළුවන්. ඒත් විවාහයත් එක්ක මා විසින් මටම යම් යම් සීමා පනවා ගන්න ඉඩ තියෙනවා. 
 
ආරියවංශ කුලතිලක

ජනප්‍රිය යොවුන් නළු පුබුදු චතුරංග පසුගියදා (15) යුග දිවියට ඇතුළත් වුණා. පුබුදුගේ අතගත් වාසනාවන්තිය තමයි මාෂි සිරිවර්ධන කියන්නේ. විවාහ දිවියට ඇතුළත් වී දින දෙකක් ගත වෙන්නත් කලින් මේ දෙන්නම එක ළඟ වාඩිවෙලා අපිත් එක්ක මෙන්න මේ වගේ කතාවක් කිව්වා. 
 
තනිකඩ ජීවිතේට සමුදීලා පුබුදුත් එහෙනම් මනමාලයෙක් වුණා නේද? 
 
ඔව්, ඉතින් අපිට හැමදාම තනිකඩව ඉන්න බැහැනේ. ඕනම දෙයකට කාලයක් තියෙනවනේ. සුදුසුම කෙනා ලැබුණා නම් ඇයි තවත් බල බලා ඉන්නේ. මගේ සිහින කුමාරිව මගේම කරගන්නයි මට වුවමනා වුණේ.  අපි දෙන්නට දෙන්නා ගොඩක් ආදරේ කළා. ඒ ආදරයේ නීත්‍යානුකූල සහතිකය තමයි මේ විවාහය.
 
කොහොමද දැන් ඒ විවාහයේ “මිහිර” අත්විඳින්නේ ?
 
හරිම සතුටින් අපි දැන් ජීවිතය සැලසුම් කරනවා. මාෂී වගේ කෙනෙක්ව මගේ ජීවන සහකාරිය කරගන්න ලැබිමම මට සතුටක්. ඒ විදියට බලද්දී මම හරිම ලකී හස්බන්ඩ් කෙනෙක්. මාෂී මටම ගැළපෙන මටම ඉපදුණ කෙනෙක් කියලයි මම විශ්වාස කරන්නේ. ඇය ගොඩක් හොඳට මාව තේරුම් අරගෙන වැඩකරන හරිම බුද්ධිමත් කෙනෙක්. ඒ වගේම රූපයෙන්, ගතිගුණ වගේ හැමදෙයකින්ම සම්පූර්ණ කෙනෙක්. ඇගේ අත ගන්න ලැබිම නිසා මම තවත් වාසනාවන්ත වුණා. අපි දැන් සතුටින් ජීවත් වෙනවා.
 
පුබුදු - මාෂී විවාහ උත්සවය ඉතාමත් උත්කර්ෂවත් ලෙස සැලසුම් කර තිබුණා. 
 
අපි හැම දෙයක්ම මුලින්ම ප්ලෑන් කළා. ඒත් අවසන් දවස ගැන පුංචි බයක් හිතේ තිබුණා. ඒත් අපි දෙන්නා හිතුවාටත් වඩා හොඳින් හැමදෙයක්ම කෙරුණා. අපේ තේමාව වුණෙත් ‘සිනමා’. ඒ තේමාව මගේ ආදර සහෝදර නළු නිළියෝ එකතු වෙලා තව තවත් ලස්සන කළා. රොෂාන්, සාරංග, ශලිනි, ඩිනක්ෂි, සචිනි ඒ වගේම චන්න, යශෝධා, සංගීතා කියන අපේ රටේ ජනප්‍රියම නළු නිළියන් එකතු වෙලා අපි දෙන්නටම දුන්න සප්රයිස් ඩාන්ස් එක නම් කියලා වැඩක් නැහැ. අදටත් හැමෝම කතා වෙන්නේ මේ සප්රයිස් ඩාන්ස් එක ගැන තමයි.
 
පුබුදු චතුරංග වගේ අපේ රටේ ඉන්න ජනප්‍රියම කඩවසම් නළුවකුගේ බිරිඳ වෙන්න ලැබිම ගැන ඔබට ඇත්තේ මොන වගේ හැඟීමක්ද? 
 
මම පුබුදුට කැමති වුණේ ඔහු අපේ රටේ ඉන්න ජනප්‍රියතම කඩවසම් නළුවෙකු නිසා නමෛයි. පුබුදු හරිම මිත්‍රශීලී ඒ වගේම හරිම අවංක කෙනෙක් නිසා. එයා මාව ගොඩාක් හොඳින් තේරුම් ගත් කෙනෙක්. ඕනෑම දෙයක් එයා එක්ක කතාබහ කරලා විසඳා ගන්න පුළුවන්. එයා මට ආදරෙයි කිව්වෙත් කළුතර බෝධියේදී. හැම අවස්ථාවකම එයා මාව සතුටින් තියන්න තමයි උත්සාහ කරන්නේ. ඒ වගේ ආදරණීය සැමියෙක් ලැබිමත් මගේ වාසනාව කියලයි මට හිතෙන්නේ. 
 
පුබුදු නම් අපිට කිව්වේ මාෂීව යාළු කරගන්න එක නම් ලෙහෙසි වුණේ නැහැ කියලයි.
 
(හිනා) ඔව්. ඉතිං ගැහැනු ළමයෙක් තමන්ගේ සහකරුවා තෝර ගන්නකොට හොඳට හිතලා බලලනේ ඒ තීරණේ ගන්නේ. ඉතින් මමත් මුලදී ටිකක් ගණන් ඉස්සුවා තමයි. අද මට හිතෙනවා මගේ ජීවිතේ ගත්ත වැදගත්ම තීරණේ හරියටම හරි කියලා. අපි දෙන්නටම ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වේවි.
 
සමන්මලී නැලිගම  
ඡායාරූප - ධනුෂ්ක සේනාධීර

1. හොඳම චිත්‍රපටය 
මම බලපු හොඳම චිත්‍රපටය ලෙස නම් කළ හැක්කේ Black Swan කියන චිත්‍රපටයයි. මෙම චිත්‍රපටය විශාල සම්මාන ප්‍රමාණයක් හිමි කරගත්තා පමණක් නොව එහි රංගනයේ යෙදුන නිළියගේ විශිෂ්ට ප්‍රතිභාව මා සිත මොහොතකට නතර කිරීමට සමත් වූවා. මේ චිත්‍රපටය පුරාම පුදුමාකාර 'ගුප්ත' භාවයකුත් දක්නට ලැබෙනවා. සිනමා ශිල්පිනියකගේ මානසික මට්ටම පිළිබඳව මෙන්ම නිර්මාණයක් සමග අපි කොයි තරම් නම් අතරමං වෙනවාද කියලත් ඒ තුළින් පෙන්වා දෙනවා. මමත් නර්තන ශිල්පිනියක් නිසා මගේ සිත එක් වරම පැහැර ගැනීමට එම සිනමා පටය සමත් වුණා. 
 
නරකම චිත්‍රපටය 
මේ චිත්‍රපටය පසුගිය කාලයේ අපේ රටේ තිරගත වූ චිත්‍රපටයක්. අපි ප්‍රවීණයි කියා හඳුන්වන බොහෝ ජනප්‍රිය නළුවෙකුගේ චිත්‍රපටයක්. විදේශීය නිළියකුත්  මෙයට රංගනයෙන් දායක වුණා. කේබල් තාක්ෂණය උපයෝගී කොටගෙන තිබුණත් තාක්ෂණික පැත්ත හරිම විහිළුවක් විදියටයි මම දැක්කේ. විකාර ඝෝෂාකාරී චිත්‍රපටයක් විතරක් නමෛයි, සරං කඩාගෙන විකාර විහිළු කරපු නරකම චිත්‍රපටයක් විදියටයි මම එය දැක්කේ. 
 
2. හොඳම ටෙලි නාට්‍ය 
මේ දවස්වල විකාශය වන කූඹියෝ කියන ටෙලි නාට්‍යය තමයි ඒ. එම ටෙලි නාට්‍යයේ වේෂ නිරූපණය මෙන්ම කැමරාකරණයද අති 
විශිෂ්ටයි. එහි අධ්‍යක්ෂකවරයා වෙළෙඳ දැන්වීම් අතින් ඉහළින්ම ඉන්න කෙනෙක්. ඒ ප්‍රමිතිය මේ ටෙලි නාට්‍යය තුළත් දැකිය හැකියි. 
කූඹියෝ ඉතා තාත්වික ලෙස නිර්මාණය කළ මෑත කාලයේ මා දුටු හොඳම ටෙලි නාට්‍යයයි. 
 
නරකම ටෙලි නාට්‍ය 
අපේ රටේ නිර්මාණය කරන මෙගා ටෙලි නාට්‍ය සියල්ලම නරකම ටෙලි නාට්‍ය විදියටයි මා දකින්නේ. ඉන්දියාව ඇමෙරිකාව වගේ රටවලත් මෙගා ටෙලි නාට්‍යය නිර්මාණය වෙනවා. නමුත් ඔවුන් ඔවුන්ගේ ප්‍රමිතිය එලෙසින්ම තබා ගන්නවා. නමුත් අපේ රටේ එහෙම නෑ. කැමරා කෝණ විතරක් නමෛයි රඟපෑමත් හරිම සවුත්තුයි. 
 
3. හොඳම ගායකයා 
කීර්ති පැස්කුවල්. මම පුංචි කා‍ලේ සිටම ඔහුගේ ගීත වලට කැමතියි. ප්‍රේක්ෂකයින්ගේ සිතට බොහෝම ලෙන්ගතු හැඟීමක් ඇති කිරීමට සමත් ප්‍රසන්න පුද්ගලයෙක් තමයි ඔහු. එතුමාගේ ජීවිතය ඇතුළ බලන්න බලන්න අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තිබෙනවා. ආදර්ශමත් චරිතයක්. ඒ වගේම කඩවසම් පුද්ගලයෙක්.
 
නරකම ගායකයා 
යක්ෂයින් අදහන පුද්ගලයින්ට මම කැමති නැහැ. කලාව කියන්නේ දෙවියන් විසින් ලබා දුන් ත්‍යාගයක් ලෙසයි මම දකින්නේ. Hevy Metal ගීතවලට මම කොහෙත්ම කැමති නැහැ. බොහෝ විට එවැනි ගීත ලංකාවේ දක්නට ලැබෙන්නේ නැහැ. ඔවුන් යක්ෂයින්වයි අදහන්නේ. යක්ෂයින් වෙනුවෙනුයි එම ගී ගයන්නේ. 
 
4. හොඳම ගීතය 
කසුන් කල්හාරගේ සඳ සඳ වගේ කියන ගීතය. ජීවිතේ කියන්නේ හරිම සරල දෙයක්. ඒ ගීතයත් හරිම සරලයි. මිනිස්සුන්ට බොහෝ විට තමන්ගේ ජීවිතය  සරලව ගත කරන්න පුළුවන්. ඒත් මිනිස්සු බොහෝ විට තමන්ගේ ජීවිත සංකීර්ණ කර ගන්නවා. මේ ගීතය තුළින් අපිට ජීවිතේ පිළිබඳව සරලව කියා දෙනවා. 
 
නරකම ගීතය 
මම සාමාන්‍යයෙන් නරක දේවල් මතක තබාගන්නේ නැහැ. සනත් නන්දසිරි මහතාට මම කිසිම අගෞරවයක් කිරීමට කැමැත්තක් නැහැ. එතුමා කරන්නේ නිර්මාණයක් ඉදිරිපත් කිරීම පමණයි. වරදක් කළත් සිතකින් නොවේ කියන මෝඩ ගීතයට මම ‍පොඩ්ඩක්වත් කැමති නැහැ. ඒක හරිම ගොන් නිර්මාණයක්. නිර්මාණ කිරීමේ නිදහසට මම ගෞරව කරනවා. හැබැයි අපේ වගේ ගොන් මානසිකත්වයක් ප්‍රබලව තිබෙන බහුතරයක් ඉන්න සමාජයක් තුළ අනියම් සම්බන්ධයක් පිළිබඳවයි මේ ගීතයෙන් කියවෙන්නේ. එම ගීතය වැරදි ආකාරයට පාවිච්චි කරනවාත් මම දැකලා තිබෙනවා. සමාජයේ විවිධ අපචාර වැඩි වී තිබෙන යුගයක මෙවැනි ගීත නිර්මාණය වීම සමාජයට කරන ලොකු හානියක් විදියටයි මම දකින්නේ. කලාකරුවා මානව සමාජයට දැඩි බලපෑමක් කරනවා කියන එකට හොඳම උදාහරණය තමයි මම. මම පාර්ලිමේන්තුවට ගියේ මගේ කලාව හේතුවෙන්. මිනිසුන් මාව හඳුනාගත්තේ මගේ රංගනය නිසා. කලාවේ තිබෙන බලපෑම පිළිබඳව මේ වගේ ප්‍රායෝගික සිදුවීම්වලින් හොඳින් වටහාගන්න පුළුවන්. දැන් සමාජයට මේ වගේ ගීත හරියන්නේ නැහැ. ඉස්සර සීගිරි බිතු සිතුවම්වල කාන්තාවන් අඩ නිරුවතින් සිටියා කියා බලපෑමක් වුණේ නැහැ. නමුත් දැන් මේ රටේ ගැහැනියක් අඩ නිරුවතින් සැරසී සිටියොත් ඇයට පහර කෑමට මෙන්ම ගණිකාවක් යැයි පරිභවයන්ට ලක්වීමටද සිදුවනවා. මේ ගීතයත් එවැනි දෙයක්. වර්තමාන සමාජයට එය කොහෙත්ම ඔබින ගීතයක් නොවෙයි. 
 
5. හොඳම ක්‍රීඩකයා 
කුමාර් සංගක්කාර ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන පුද්ගලයෙක්. ඔහු මේ වන විට සමාජ සත්කාරයන් විශාල ප්‍රමාණයකට සිය දායකත්වය සපයා තිබෙනවා. ඔහු හරිම කඩවසම්. ඒ වගේම විලාසිතා වලට උචිත කෙනෙක් විලාසිතා කළත් එය ඔහුට උචිත, ඔබින ආකාරයටයි ඔහු එය කරන්නේ. 
 
නරකම ක්‍රීඩකයා 
ඔහුත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ම තමයි. නම නම් කියන්න බැහැ. විලාසිතාව සුදුසු නැති විදියට කරන ඔහු විකෘතිම පසුබිමකින් එන ක්‍රීඩකයෙක්. විනය කියන දේ දන්නෙවත් නැති ‍පොඩි දෙයටත් ඉතා තදින් කේන්ති ගන්නා ඔහු මුදලට ඉතා ලැදි ක්‍රීඩකයෙක්. 
 
6. හොඳම දේශපාලනඥයා
මොහාන් ලාල් ග්‍රේරු. ඔහු ඉංජිනේරුවරයෙක්. ඔහුගේ දැනුමෙන් අපි තවම හරි හමන් වැඩක් කරගෙන නැහැ කියන කනගාටුවත් මගේ හිතේ තිබෙනවා. ඔහු අධ්‍යාපන ක්ෂේත්‍රයට විශාල දායකත්වයක් ලබාදී තිබෙනවා. බොහෝම  අවංක අව්‍යාජ පුද්ගලයෙක් තමයි ඔහු. එතුමාගේ ජීවිතයත් හරිම සමබරයි. ඒ වගේම එතුමාට හොඳට පීනන්නත් පුළුවන්. ඔහු කොතරම් වයසට ගියත් පිහිනීමේ පුරුද්ද අතහැරලා නැහැ. තමන්ගේ දරුවන්ට වගේම බිරිඳට ඉතා හොඳින් සලකන සර්ව සම්පූර්ණ දේශපාලනඥයෙක් තමයි එතුමා. 
 
නරකම දේශපාලනඥයා 
නම නම් කියන්න බැහැ. හරියට කියවන ඇපෙන් බේරෙන්න වැඩ කරන පුද්ගලයෙක් තමයි ඔහු. විමධ්‍යගත අරමුදලෙන් අවශ්‍ය වැඩ කටයුතුවලට මුදල් වැය නොකර ජාමේ බේරගන්න පමණක් වැඩ කරනවා. ඒවා මහජනතාවගේ මුදල්. ඒකෙනුත් කොමිස් ගහගන්නවා. වාචාලකම ඉතා වැඩියි. හැබැයි ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න 250යින් 150ක් විතරම ඔය ජාතියේ අය තමයි ඉන්නේ. 
 
7. හොඳම ඇගයීම 
මම අව්‍යාජයි කියා කවුරුහරි මට කියනවා නම් ඒක තමයි මම වැඩියෙන්ම අගයන්නේ. අපි මුදලට යනවා කියනවා. අපි ආඩම්බරයි කියනවා. කිසිම හැදියාවක් නැති අය කියලා කියනවා. විශේෂයෙන්ම අන්තර්ජාලයේ  ගොසිප් පළ කරන අයගේ වැඩේම අපිට මඩ ගහන එකයි. පසුගිය දවසක කුමාර තිරිමාදුර මම ගැන හොඳ ඇගයීමක් කළා මගේම ළඟම හිතවතෙක් එක් වරක් මට ලොකු මඩ ප්‍රහාරයක් එල්ල කළා මා ඉදිරියේදීම. ඒ අවස්ථාවේදීම කුමාර අයියා කිව්වා අපි මේ කෙල්ලව අවුරුදු ගාණක් තිස්සේ දන්නේ එයාට එහෙම කියන්න එපා කියලා හරිම තරහෙන් ඒ පුද්ගලයාට කිව්වා. 
 
නරකම ඇගයීම 
එක රියැලිටි තරගයකදී විනිශ්චය කිරීමට හිටිය පුද්ගලයා බොහෝම ජනප්‍රියයි. ‍ලේඛකයෙක්. ඒ වගේම සිංහල ගුරුවරයෙක්. ඔහු මාව කිසිම හැදියාවක් නැති කිසිම සිහි කල්පනාවක් නැති තැනැත්තියක් විදියටයි හැඳින්වූයේ. ඔහු එයට ඉතාමත්ම පහත් වචනයක්ද පාවිච්චි කළා. ඔහුගේ ඒ කතාවෙන් පසුව මට මගේ ඉදිරි රංගනයන් කරගෙන යාමටත් නොහැකි තරමටම මම මානසිකව බින්දුවටම වැටුණා. 
 
8. හොඳම පුරුද්ද 
මම ඕනෑම වැඩක් පටන් ගත්තාම මට එය හරියටම කරගෙන යාමට අවශ්‍ය වෙනවා. ඒ නිසා මට මගේ වෘත්තීමය ජීවිතේදී කිසි කරදරයකට හිරිහැරයකට මුහුණ දීමට සිදුවෙලා නැහැ. එයට හේතුව මා දකින්නේ මගේ හොඳ පුරුදු හා වෙලාවට මගේ රාජකාරියේ යෙදීම කියා මා සිතනවා. 
 
නරකම පුරුද්ද 
මිනිසුන් වුණාම ඒ අයගෙන් විවිධ අඩුපාඩු සිදුවනවා. නමුත් එවැනි අඩුපාඩු හා වැරදි වුණ පුද්ගලයන් සමග නැවත ගනුදෙනු කිරීමට හෝ යාළු මිත්‍රකම් තබා ගැනීමට මම කැමති නැහැ. ඒක තමයි මගේ ජිවිතේ තිබෙන නරකම පුරුද්ද. 
 
9. හොඳම යාළුවා 
මට ගොඩාක් යාළුවෝ නැහැ. පුංචි කා‍ලේ ඉඳලම මට වැඩිය යාළුවෝ ඉඳලත් නැහැ. දැනට වුණත් මගේ යහළුවන් වන්නේ ඩයනා, නිරෝෂා පෙරේරා, යුරේනි නොෂිකා, ආදී අයයි. 
 
නරකම යාළුවා 
යාළුවෝ කොහොමද නරක් වෙන්නේ. නමුත් මට වැඩිය යාළුවෝ නැති නිසා එහෙම නරකයි කියලා කෙනෙක් හමු වෙලා නැහැ. මට නරකයි කියලා හිතෙන අයගෙන් මම ඈත් වෙනවා. 
 
10. හොඳම මතකය 
එතකොට මට වයස අවුරුදු 16ක් විතර ඇති. සාමාන්‍ය පෙළ ලියලා දීර්ඝ නිවාඩුවක් ලැබුණු කාලයකදී මම ටිකටින් කෝස් එකක් කළා. කෝස් එක ඉවර වෙනවත් එක්කම මට ඒ අංශයේම රැකියාවක් ලැබුණා. නමුත් මම ඒ රැකියාවට ගියේ නැහැ. නමුත් මගේ ජීවිතයේ ලස්සනටම ගෙවුණු දවස් විදියට ඒ ටිකටින් කෝස් එක කරපු කාලය මතකයේ රැඳී තිබෙනවා.
 
නරකම මතකය
අම්මා මාව හොස්ටල් එකක නවතා රටින් පිටවුණ දවස මගේ ජීවිතේ නරකම මතකයක් වශයෙන් ඉතිරිව තිබෙනවා. 
 
ශිරෝනි ග්‍රේරෝ

1. හොඳම චිත්‍රපටය
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'නිධානය' චිත්‍රපටය. එම චිත්‍රපටයට මා වඩාත් ඇල්මක් දැක්වීමට හේතුව වන්නේ එහි ප්‍රධාන චරිත ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා විසින් නිරූපණය කිරීමයි. මොකද මා වඩාත්ම ප්‍රිය කරන නළු නිළි දෙපළත් ඔවුන් දෙදෙනාමයි.
 
නරකම චිත්‍රපටය
සමහර චිත්‍රපට නරඹද්දී රඟපාන චරිත සහ කතා පසුබිම දුටුවාම අපරාදේ මගේ කාලය නාස්ති වුණා කියන හැඟීම ඇති කළ චිත්‍රපට 
 
2. හොඳම ටෙලි නාට්‍යය
දඬුබස්නාමානය එය ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයක් වීම හා එහි රඟපෑ නළු නිළියන්ගේ විශිෂ්ට රංගන කෞෂල්‍යය මගේ හද බැඳ ගත්තා. ඒ වගේම එහි තිබූ වෙනස්ම කතා තේමාවටද මා ඉතා ප්‍රිය කරනවා. 
 
නරකම ටෙලි නාට්‍යය
දැන් ගොඩක් වෙලාවට විකාශය වන මෙගා ටෙලි නාට්‍ය. සමහර ටෙලිනාට්‍ය බලනවිට මට හිතෙනවා අපරාදේ මේ ටෙලි නාට්‍යයට මේ තරම් විශාල මුදලක් වියදම් කරන්නේ කියලා. කිසිම තේරුමක් නැති ටෙලි නාට්‍යවලට මගේ කිසිම කැමැත්තක් නැහැ.
 
3. හොඳම ගායකයා
ප්‍රිය කරන ගායකයෝ ගොඩක් ඉන්නවා. නමුත් මෑත කාලීනව මා වඩාත් ප්‍රිය කරන ගායකයා තමයි අමරසිරි පීරිස්. ඔහුගේ ගැඹුරු කටහඬ හා ගීත මාගේ හද එම ගීතයන් වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වී තිබෙනවා.
 
නරකම ගායකයා
නව පරපුරේ සමහර ගායකයින්. ඔවුන් ගීතය ගායනා කිරීමට පටන් ගත් මොහොතේ සිටම හඬා වැළපෙනවා. ඉස්සර අපි රස විඳිනවිට ගායකයා ගයන විරහා ගීත අහන විට අපගේ දෑස්වලට කඳුළු ඉනූ අවස්ථා තිබුණා. නමුත් දැන් ගායකයා හැමෝටම කලින් හොටු පෙරාගෙන අඬනවා. ඒ වගේ ගීත ගයන ගායකයින්ට මම කැමති නැහැ. 
 
4. හොඳම ගීතය
කුඩා කල සිටම මා ගීත රස විඳිනවා. ඒ කා‍ලේදීත් මම අමරදේව මාස්ටර්ගේ ගීතවලට වගේම නන්දා මාලනීගේ ගීතවලටත් දැඩි කැමැත්තක් දැක්වූවා. දැන් කා‍ලේ කුඩා දරුවෙකුට ගීතයක් ගායනා කරන්න කීවාම ඔවුන් බොහෝ වෙලාවට ගායනා කරන්නේ බයිලා වගේ සින්දු. නමුත් මම කුඩා කල සිටම නන්දා මාලනී වැනි විශිෂ්ට ගණයේ ගායිකාවන්ගේ ගීත ගායනා කළා. නමුත් මා දැන් වැඩි කැමැත්තක් දක්වන්නේ අමරදේවයන් හා උමාරියා ගායනා කළ හන්තාන සිහිනයේ කියන ගීතයට. ඒ වගේම ශෂිකා නිසංසලාගේ ප්‍රේම ගීතවලටත් කැමැත්තක් දක්වනවා. මොකද ඒ ගීත නැවුම් ආදර හැඟුම් මනාව පිළිබිඹු වන ආකාරයට නිර්මාණය වී තිබෙනවා.
 
නරකම ගීතය
ඒ කා‍ලේ බයිලා වගේ වේග රිද්ම ගීතවලට අපි ගොඩාක් ප්‍රිය කළා. ඒ ගීත කනට හරිම මිහිරි ආකාරයටමයි ඔවුන් ගායනා කළේ. නමුත් දැන් ප්‍රචාරය වන ගීත කනට හරිම හිරිහැරයක්. ඒ වගේමයි මල් සිංදු අහගෙන ඉන්න හරිම අප්‍රසන්නයි.
 
5. හොඳම ක්‍රීඩකයා
මෑතකාලීනව බිහි වූ මා ප්‍රිය කරන ක්‍රීඩකයෙක් කුමාර් සංගක්කාර, ඔහු ඉතා හොඳ මහත්මා ගතිගුණ තිබෙන ක්‍රීඩකයෙක්.
 
නරකම ක්‍රීඩකයා
ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ පෞද්ගලික තරහා මරහා ඉස්මතුකොටගෙන අනිත් ් පි‍ලේ ක්‍රීඩකයින්ට නොසරුප් වදනින් බැණ වදින ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා කරන අවස්ථාවේදී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඇනගෙන යන ක්‍රීඩකයින්ට මම කැමැති නැහැ. ඔවුන් ක්‍රීඩාවේ තිබෙන ගෞරවය නැති කරනවා.
 
6. හොඳම දේශපාලනඥයා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. එතුමාගේ තිබෙන නිහතමානී භාවය හා මනුස්සකමට මා ගොඩක් කැමැතියි. ඒ වගේම එතුමාගේ තිබෙන එඩිතරභාවය හා ලොකු කුඩා භේදයකින් තොරව සැමටම එකසේ සැලකීම නිසා මා කැමතිම දේශපාලනඥයා ඔහුයි.
 
නරකම දේශපාලනඥයා
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඔහුට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. දේශපාලනඥයෙක් වුණාම ස්ථිර ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.
 
7. හොඳම ඇගයීම
හැමෝම මට කියනවා මම මගේ චරිතය රැකගෙන ගෞරවාන්විතව ජීවත් වනවා කියලා. එය තමයි මට ලැබුණ හොඳම ඇගයීම.
 
නරකම ඇගයීම
සමහර අය කියනවා මම හරිම ආඩම්බරයි. කාත් සමගවත් වැඩිය කතාබහ කරන්නේ නැහැ කියලා. නමුත් කාන්තාවක් වුණාම ආඩම්බරකමත්් අවශ්‍ය වෙනවා.
 
8. හොඳම පුරුද්ද
මම අසරණ වෙච්ච මිනිසුන්ට ගොඩක් උදව් කරනවා. හැබැයි අඬබෙර ගහමින් ඒ දේවල් කරන්නේ නැහැ. ගොඩාක් අවස්ථාවලදී මගේ සිත හරිම සංවේදී වෙනවා. ඒ වගේම එන ඕනෑම ගැටලුවක් ශක්තිමත්ව දරාගැනීමේ හැකියාවකුත් මට තිබෙනවා.
 
නරකම පුරුද්ද
කියන්න තිබෙන දේ කෙළින්ම කීම. එවැනි අවස්ථාවන්හිදී අන් අයගේ සිත් රිදුනත් මට ඒ පුරුද්ද අත්හැර දැමිය නොහැකියි.
 
9 හොඳම යාළුවා
මගේ අම්මා සහ මගේ සැමියා තමයි මට ඉන්න හොඳම යාළුවෝ දෙන්නා.
 
නරකම යාළුවා
ඒ වගේ අය ගොඩාක් ඉඳලා තිබෙනවා. ඒ නිසා මම කාවවත් මගේ හොඳම යහළුවන් ලෙස ළංකර ගන්නේ නැහැ. ඔවුන්ව මම අතේ දුරින් තමයි ඇසුරු කරන්නේ.
 
10. හොඳම මතකය
මගේ පුතා ඉපදුන දවස
 
නරකම මතකය
ගොඩාක්ම නරක මතකය ඇත්තේ 2004 වසරේදී. ඒ සුනාමි ඛිෙදවාචකය සිදුවුණ දිනයි. එදා කුඩා දරුවන්, මව්පියන්, සතා සිව්පාවුන් ආදී සෑම දෙයක්ම විනාශවෙලා ගිය දවසක්. ඒ මියගිය අයගේ දර්ශන තවමත් මගේ ඇසට කඳුළු උනන සිදුවීම් බවට පත්වී තිබෙනවා. එය මගේ ජීවිතයේ එවැනි එකම හා අවසාන මතකය වේවා කියාත් මම ප්‍රාර්ථනා කරනවා. 
 
ශිරෝනි ග්‍රේරෝ 

ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි තියටර්හිදී 90 වැනි වරටත් පසුගියදා (04) පැවැත්විණ. පසුගිය වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට සහ ඒවාට දායක වූ ශිල්පීන් සහ ශිල්පිනියන් ඇගැයුමට ලක් කරමින් කාණ්ඩ 24ක් යටතේ මෙවර සම්මාන පිරිනැමිණ. ඒ අනුව, වසරේ හොඳම චිත්‍රපටය ලෙස “ද ෂේප් ඔෆ් වෝටර්” චිත්‍රපටයට සම්මාන හිමි විය.
“ඩාකස්ට් අවර්” චිත්‍රපටයේ රඟපෑ ගැරි ඕල්ඩ්මන් වසරේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර, හොඳම නිළිය ලෙස “ත්‍රී බිල්බෝර්ඩ්න් අවුට්සයිඩ් එබින් මිසුරි” හි රඟපෑ ෆ්‍රාන්සස් මැක්ඩමන්ඩ්ස් සම්මාන ලැබුවාය.
හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය. ද ඩාකස්ට් අවර්” නිර්මාණය කළ ගුග්ලී එල්මෝ ඩෙල් ටෝරෝට  හිමිවිය. සම්මාන 13ක් සඳහා නිර්දේශ වූ “ද ෂේප් ඔෆ් වෝටර්” චිත්‍රපටය ඒ අතරින් සම්මාන 4ක් දිනාගනිමින් මෙවර වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්විණි.
සෑම් රොක්වෙල් හොඳම සහය නළුවා ලෙසත් ඇලිසන් ජෙනී සහය නිළිය ලෙසත් සම්මාන ලැබූහ. “කොකෝ” චිත්‍රපටය වසරේ හොඳම සජීවිකරණ චිත්‍රපටය බවට පත්වූ අතර හොඳම විදෙස් චිත්‍රපටය ලෙස චිලීහි “ද ෆැන්ටාස්ටික් වුමන්” නමැති ස්පාඤ්ඤ බසින් නිර්මාණය වූ චිත්‍රපටයට හිමිවිය.

කාටවත් නොකී රහසක් මට ‘රිද්මට’ හෙළි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක පත්තරේ දැම්මට පස්සේ මට ඒ දේ කරන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද ඒක මට නතර කර ගන්නම බැරි පුරුද්දක්.
මේ පුරුද්ද. මම පුංචි කා‍ලේ ඉඳලා තිබුණු පුරුද්දක් කියලා අම්මා කියනවා. මේ පුරුද්ද හින්දා අම්මගෙන් බැණුම් අහපු අවස්ථා අනන්තයි. ගුටි කාලත් තියෙනවා. ඒත් මේක මට නතර කරගන්නම බැරි පුරුද්දක්.
මොකක්ද දන්නවද ඒ පුරුද්ද. ඒ තමයි වැස්සේ තමෛන්න තියෙන ආශාව. මම පුංචිම කාලෙදීත් වැස්ස වහිනකොට අම්මගේ සාරියකුත් ඇඳගෙන කළු රෙදි කෑල්ලකින් කොණ්ඩයක් දාගෙන මිදුලට පැනලා වැස්සේ තෙමි තෙමී නටනවාලු. ඒ දවස්වල අම්මා මිදුල පුරාම රෝස මල් වවලා තිබුණා. ඒ මල් යායේ හින්දි සිංදු කිය කියා තමයි මම නටන්නේ. අම්මා මාව ඇදලා ගෙට දැම්මම මම ගේ පුරා වතුර පිටින් දුවලා මුළු ගේම හැ¾ඩි කරනවාලු. ඊට පස්සේ අම්මා ගේ අස් කරන අතරේ ආයෙමත් වැස්සට දුවලා යනවාලු.
දවසක් මට උණ හෙම්බිරිස්සාව හැදිලා ඉස්කෝ‍ලේ නොයා ගෙදර නතර වුණා. එතකොට මට වයස 7ක් විතර ඇති. දැන් ඔන්න මම අසනීප හින්දා ඇඳේ ගුලි වෙලා ඉන්නවා. අම්මා කුස්සියේ වැඩ. ඔය අතරේ එක පාරටම මහ වැස්සක් කඩා වැටුණා. කඩා වැටෙන වැස්ස ජනේලෙන් දැක්කම මට ඉන්න බැරිවුණා. හිමින් ඇඳෙන් නැගිටලා මම මිදුලට ගිහින් වැස්සේ තෙමි තෙමී නටන්න පටන් ගත්තා. අම්මා සාලෙට ඇවිත් බලද්දී හෙම්බිරිස්සාව හැදිලා නිදාගෙන හිටපු මම වැස්සේ තෙමි තෙමී නටනවා. එදා නම් අම්මගෙන් ගුටි කන්නත් වුණා. ආච්චියි සීයයි මාව බේරගත්තේ නැත්නම් එදා තවත් ගුටිකනවා. ආච්චිලා මාව ගුටිවලින් බේර ගත්තට ලෙඩවලින් නම් බේර ගන්න බැරි වුණා. මට හොඳටම උණ වැඩිවෙලා ඉස්පිරිතාලෙට යන්නත් සිදු වුණා. 
තව දවසක මම ඉස්කෝ‍ලේ යනවා. එදත් වැස්ස. වාහනෙන් බැහැලා යාළුවෙකුට කුඩේ දීලා මම තෙමි තෙමී පන්ති ගියා. එදා නම් ටීචර්ස්ලගෙන් බැනුම් අහන්න වුණේ නැහැ. තමන්ගේ කුඩේ වෙන කෙනෙකුට දීලා වැස්සේ තෙමි තෙමී එන්න තරම් පරිත්‍යාගශීලි කෙනෙක් විදියට තමයි ගුරුවරු මම කරපු දේ දැක්කේ. ඇයි ඉතින් එයාල දන්නේ නැහැනේ මට වැස්සේ තෙමීමේ ආශාවක් තියෙනවා කියලා. 
පුංචි කා‍ලේ තියෙන පුරුදු වයසත් එක්ක නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් මගෙ පුරුද්ද නම් තවමත් එහෙමමයි. අදටත් මට වැස්ස දකින්න බැහැ.
“ළඟදී දවසක “දෙවැනි ඉනිම” රූගත කිරීම් තිබුණා. දැන් ඔන්න එදා දවසේ ෂූටිං ඉවරයි. වාහනේ නැගලා ගෙදර එන්න කට්ටිය සැරසිලා ඉන්නවා. එදත් මහ හයියෙන් වැස්සක් වහිනවා. වැස්ස දැක්කා විතරයි මම එකපාරටම දුවල ගිහින් තෙමි තෙමී නටන්න පටන් ගත්තා. එදත් ගෙදර ගිහින් අම්මගෙන් බැණුම් ඇහුවා. දෙවැනි ඉනිමේ කට්ටිය හිතන්න ඇත්තේ වැස්ස දැකලා ආශා හිතිලා මම ඒ විදියට නැටුවා කියලා. මම ඒ වෙලාවේ එහෙම කළේ නතර කරන්න බැරි මේ පුරුද්ද නිසා බව ඒ අයත් දැන ගන්නේ් මේ ලිපිය පත්තරේ පළ වුණාට පස්සේ.
 
ආරියවංශ කුලතිලක
ඡායාරූපය : මංජුල පෙරේරා

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 559

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1425

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3260

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2622

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3802

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4794

Please publish modules in offcanvas position.