Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගියදා පැවැත්වුණු 2017 සාක් සිනමා උළෙ‍ලේ් හොඳම නළුවා වෙනුවෙන් පිරිනැමුණු සම්මානය තිදෙනකු අතරේ බෙදී ගියා. එම සම්මානය හිමි වූයේ විසාකේස චන්ද්‍රසේකරගේ අධ්‍යක්ෂණයක් වූ සයපෙති කුසුම චිත්‍රපටයේ රඟපෑ දසුන් පතිරණ ජෙහාන් අප්පුහාමි සහ භූමි හරේන්ද්‍රන්ටයි. දසුන්ට සහ ජෙහාන්ට සම්මානය හිමිවීම ගැන කිසිවකු ප්‍රශ්න නොකළත් භූමිට එම සම්මානය ලබාදීම බොහෝ දෙනාගේ අවධානය ඒ දෙසට යොමු කරවන්නක් වුණා. ඊට හේතුව වූයේ භූමි ලිංගික විපර්යාසයකට ලක් වූ කාන්තාවක බවට පත් වූ අයකු නිසයි. එබැවින් හොඳම නළුවා යන සම්මානය ඇයට ලබාදීම ගැන සම්මාන උළෙ‍ලේ ජුරියත්, තමන්ගේ ස්ත්‍රී පුරුෂ භාවයට නොගැළපෙන සම්මානයක් පිළිගැනීම ගැන භූමිත් විවේචනයට ලක් කෙරෙන ආකාරයේ අදහස් සමාජ ජාල ඔස්සේ පැතිරෙන්නට පටන් ගත්තා. එම සම්මානය පිළිගනිමින් එය මුළු සංක්‍රාන්ති ලිංගික සමාජයම ලැබු ජයග්‍රහණයක් බව පැවැසූ භූමි සම්මාන උළෙලෙන් පසුව ඇති වී තිබෙන ආන්දෝලනාත්මක තත්ත්වය ගැන කතා බහ කරන්නට සංවාදයට එක්වූයේ මේ විදියටයි.
 
මෙවර සාක් සිනමා උළෙ‍ලේදී ඔබ සම්මානයට පාත්‍ර වන්නේ හොඳම නළුවා කියන කාණ්ඩය යටතේ. නමුත් ඔබ පිරිමියෙක් නොවෙයි. ඒ නිසා ඔබට ලැබුණේ හරි සම්මානයක් කියලා  කියන්න පුළුවන්ද? 
සාක් සිනමා උළෙ‍ලේදී ජූරිය ගත් එම තීරණයෙ කිසිදු වරදක් මම දකින්නේ නැහැ. මම ඒ සම්මානය පිළිගැනීමට සුදුසුයි. 
 
නමුත් අද වෙද්දී සමාජ ජාල ඔස්සේත් විශාල කතා බහක් ගොඩනැගිලා තියෙනවා, ඔබ ඒ සම්මානය පිළිගැනීම සහ ඔබට සම්මානය ලබාදීම ගැන. ඔබ ඒ ගැන දැනුවත්ද? 
ඔව්. මගේම ප්‍රජාවේ අය පවා චෝදනා නගලා තියෙනවා මම දැක්කා. මම සම්මානයට ලෝබ වෙලා ඔවුන්ව පාවා දුන්නා කියලා. 
 
ඇත්තටම ඔබ සම්මානයට ලෝබ වෙලාද ඒ සම්මානය ප්‍රතික්ෂේප නොකළේ? 
කොහෙත්ම නෑ. මුලින්ම කියන්න ඕනෑ මගේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මොකක්ද කියන කාරණය තීරණය කළ යුත්තේ මා විසින්ම බව. මට සම්මානය ලැබුණේ මම රඟපෑ චරිතයට මිස මගේ ස්ත්‍රීපුරුෂ සමාජ භාවයටවත් භූමි හරේන්ද්‍රන් කියන පුද්ගලයාටවත් නොවෙයි. අනෙක් කාරණය තමයි ඔය කියන චරිතය රඟපාද්දී මම මගේ සංක්‍රාන්ති ජීවිතයට එළැඹිලා තිබුණේ නෑ. 
 
ඒ කියන්නේ ඔබ ඒ වෙනකොට ගත කළේ අද ගත කරන විදිහේ ජීවිතයක් නොවෙයිද? 
නෑ. ඒ වෙද්දී මම පිරිමියෙක්. ඒ කා‍ලේ මම මගේ ලිංගික විපර්යාසයට අදාළ හෝමෝන ප්‍රතිකාර ගනිමිනුයි හිටියේ. 
 
පිරිමියෙක් විදිහට ඔබ ගත කරපු ජීවිතය වෙනස් වෙන්න පටන් ගත්තේ කොයි කාලයේදීද? 
2010 වසරේදී විතර තමයි ඒ වෙනස පටන් ගත්තේ. 
 
 “සයපෙති කුසුම” චිත්‍රපටයේ ඔබ රඟපෑ චරිතය ඔබට දැනෙන්නේ මොන විදියටද? 
මම එහි රඟපාන්නේ දසුන්ගේ යාළුවා විදිහට. ඒක බොහොම වැදගත් චරිතයක් විදිහටයි මම දකින්නේ. මොකද හුඟක් වෙලාවට සංක්‍රාන්ති ලිංගික අයට ලැබෙන්නේ ඔවුන් හෑල්ලුවට ලක් වෙන විදිහේ විකට චරිත හෝ ණාත්මක විදිහේ චරිත. නමුත් මේ චරිතය එවැනි එකක් නොවූ නිසයි මම කිසිම පැකිලීමක් නැතුව ඊට ලැබුණු ආරාධනාව බාරගත්තේ. 
 
සම්මාන උළෙලෙන් පස්සේ ඔබට ජූරියේ තීරණය ගැන වැඩිදුර අදහස් දැනගැනීමට ලැබුණාද? 
ඔව්. ජූරියේ සාමාජිකාවක් මුණගැහිලා කිව්වා. මට සම්මානය ලබාදීම ගැන දිගින් දිගටම සාකච්ඡා කරලයි සම්මාන උළෙල පැවැතිදා උදේ ඒ අවසන් තීරණය ගත්තේ කියලා. 
සාමූහික සමාජ ක්‍රමයක් තුළ කරන ලද නිර්භීත රංගනය වෙනුවෙන් සම්මානය පිරිනමනවා කියලයි හොඳම නළුවා සම්මානයට අදාළ හේතු පාඨයෙන් කියැවුණේ. 
 
සයපෙති කුසුමේ රඟපාන්න කලින් ඔබට රඟපෑම ගැන අත්දැකීම් තිබුණාද? 
වාර්තා චිත්‍රපටවලත්, වේදිකා නාට්‍ය කිහිපයකටත් හැරුණාම ඊට කලින් මම වෘතාන්ත චිත්‍රපටයක රඟපාලා තිබුණේ නැහැ. මාව හෑල්ලුවට ලක්වෙන විදිහේ චරිතවලට නම් කලින් ආරාධනා ලැබිලා තිබුණා. සයපෙති කුසුමෙන් පස්සේත් එවැනි ආරාධනා කිහිපයක් ලැබුණා. නමුත් මම ඒ සියලු ආරාධනා ප්‍රතික්‍ෂේප කළා. 
 
එහෙමනම් මොන වගේ චරිතයක් ලැබුණොත්ද ඔබ ආයෙමත් රඟපාන්නේ? 
මගේ ශරීර ස්වභාවයත් එකක් අද වෙද්දී මට පිරිමි චරිත රඟපාන්න බැහැ. නමුත් කාන්තාවක් විදිහට හෝ සංක්‍රාන්ති ලිංගිකයෙකු විදිහට හෝ සමාජයට වැඩ දායක වෙන විදිහේ වැදගත් චරිතයකට ආරාධනා ලැබුණොත් මම එය බාරගන්නවා. 
 
කිෂාන් කනංකෙ 

HARAKOTIYA

සඳනි ‘රිද්ම’ කතා බහකට එකතු වන පළමු අවස්ථාව. ඒ හින්දා පෞද්ගලික තොරතුරු ටිකක් කතා කරලාම මේ කතා බහ පටන් ගනිමු.

මගේ ගම් පළාත මාරවිල. මීගමුව, ජාත්‍යන්තර පාසලින් අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ කරලා දැන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා.

යළි හමුවෙමු ගීතය ශලනිගේ ජිවිත කතාව බවත් ඔබ එහි රඟපෑවේ ශලනිගේ චරිතය බවත් රාවයක් පැතිර ගියා.
 
ඒක මම දන්නේ නෑ. අනික ඔය VIDEO එකේ රඟපෑවේ සැප්තැම්බර් 5 වැනිදා. ඒ වෙද්දී මම ඔය සිදුවීම් කිසිම දෙයක් දන්නේ නැහැ.


දැනගෙන හිටියා නම් රඟපාන්නේ නැද්ද?
කවුරුහරි කෙනෙක් තමන්ගේම කතාවක් තුළින් නිර්මාණයක් කළොත් ඒකේ රඟපාන එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි කෙනෙකුගේ පෞද්ගලිකත්වයට මඩ ගහන්න, විකුණාගෙන කන්න නිර්මාණයක් කරනවා නම් කීයටවත් ඒකට දායක වෙන්නේ නැහැ.
 
ආන්දෝලනාත්මක VIDEO වලට දායක වූ ගොඩක් අය කියන්නේ නොදැනුවත්ව ඊට එකතු වූ බව?
මම නම් පිටපත බලලා තමයි රඟපාන්නේ. ඒ හින්දා ඔය වගේ දෙයක් වෙන එකක් නැහැ.

සඳනි තරුණ ගායකයෙක් එක්ක ප්‍රේමයෙන් පැටලිලා ඉන්න බව ආරංචියි. ඒක ඇත්තද?
(හිනැහි) ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

ආරියවංශ කුලතිලක
ඡායාරූප - රවිමල් රණතුංග

ශ‍්‍රී ලාංකේය රූපවාහිනී පේ‍්‍රක්ෂකයන් අතර අතිශය ජනප‍්‍රිය චරිතයක් ලෙස හැඳින්විිය හැකි ඉෂිතා පසුගිය දිනක සිය ජීවිතයේ කිසිවෙකුට නොකියූ කතා කීපයක් ‘බොලිවුඞ් සෙලිබි‍්‍රට්ස්’ සිනමා සගරාවට පවසා තිබිිණි. ඉෂිතා යනු ‘මේ හයි මොහොබතීන්’ නම්  ඉන්දියානු මාලා නාට්‍යයේ ප‍්‍රධාන චරිතය සඳහා රංගනයෙන් දායක වන දිව්‍යංකා ත‍්‍රිපති නම් තරුණ රංගන ශිල්පිනියයි.
දිව්‍යංකා රංගනයට පිවිස තිබෙන්නේ 2003 වසරෙදීය. ඒ රූපවාහිනී වෙළෙඳ ප‍්‍රචාරක දැන්වීමකිනි. 2003 වසරේදී Pantene Zee Teen Queen  තරගයට සහභාගි වූ ඇය ඉන් මිස් බියුටිෆුල් ස්කින් කිරුළ දිනා ගන්නට සමත් වූවාය. මෙම කිරුළත් සමග ඉන්දියානු සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරුන්ගේත් නිෂ්පාදකවරුන්ගේත් ඇස ඇය වෙත යොමු වෙන්නට පටන් ගෙන තිබූ බවක් ඇය දැනගෙන සිටියේ නැත. නමුත් මෙම කිරුළත් සමග ඇයට විවිධ චරිත සඳහා රංගනයෙන් දායක වන්නට කැමතිදැයි ඇසූ දුරකතන ඇමතුම් දිනකට හත අටක් පමණ පැමිිණි බව නම් ඇයට මතකය. නමුත් දිව්‍යංකා රංගනය පිළිබඳ කිසිදු දැනුමක් නොතිබූ තරුණියක වූ බැවින් ඇය ඒ ඇමතම් සියල්ලටම පිළිතුරු දී තිබුණේ එකම ආකාරයකටය. ‘මම මිස් බියුටිෆුල් ස්කින් වුණා කියලා මට ර`ගපාන්න පුළුවන්ද කියලා මමවත් දන්නෙ නැහැ’ ඇගේ පිළිතුර වී තිබිිණි. 
කෙසේ වුවද රංගනයට ඇති හැකියාව නිසාම ඇය ර`ගපෑ පළමු ටෙලි නාට්‍යයේ සිටම නිෂ්පාදකවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ අවධානය ඇය වෙත තව තවත් යොමු වී තිබිණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස පසුගිය වසර 13 තුළ ඇය රංගනයෙන් දායක වී ඇති ටෙලි නාට්‍ය ගණන 23 ක් ලෙස ද වැඩ අවසන් කළ චිිත‍්‍රපට ගණන තුනක් ලෙසද මේ දක්වා රූගත කරමින් පවතින චිත‍්‍රපට ගණන දෙකක් ලෙස ද වාර්තා වී තිබේ.
‘බොලිවුඞ් සෙලිබි‍්‍රට්ස්’ සිනමා ස`ගරාව දිව්‍යංකාව හඳුන්වා දී තිබෙන්නේ හින්දි ටෙලි නාට්‍ය රංගන ශිල්පිනිියන් අතර සිටින බුද්ධිිමත්ම නිළිය ලෙසය. එයට හේතුව ඇය සිය වයසට වඩා පරිනත බුදධිියකින් යුතු වීම ලෙස ඔවුන් පවසා තිබේ. එමෙන්ම කියන්නට ඇති දේ ඍජුව කියන නිළියක් ලෙස ද ඇය ප‍්‍රසිද්ධියට පත්ව සිටී. මේ නිසාම ඇයට සිටින්නේ ඉතා සීමිත මිතුරු මිිතුරියන් පිරිසක් බව ඇය පවසයි. රංගනයට පිවිසි මුල් කාලයේ ඇය රූගත කිරීම් සඳහා පැමිණි ආකාරය පිළිබඳව දිව්‍යංකා විිසින් පවසන ලද හාස්‍ය පිරි කතාවක් ‘බොලිවුඞ් සෙලිබ‍්‍රිට්ස්’ ස`ගරාව පළ කර තිබුණේ මෙසේය.
‘‘මම ෆීල්ඞ්එකට ආපු මුල් කාලෙ ෂූටිං ගියේ අම්මා එක්ක. අන්තිමට අම්මට මේ වැඬේ එපා වුණා. මට අම්මගෙ කණු කුණුව එපා වුණා. මාත් එක්ක යන වැඬේ නෙවෙයි, ෂූටිං බලන් ඉන්න වැඬේ. ෂූටිං තියෙන දවසට මට වඩා මහන්සි අම්මට. ඒ එකම සීන් එක හත් අට වතාවක් රී ටේක් කරනවා බලන් ඉඳලා. සෙට් එකේදි මට වඩා දෙබස් කියන්නෙ අම්මා. හැබැයි ඒ එකම දෙබසයි. ඒ තමයි ‘‘තාම ඉවර නැද්ද..? තාම ඉවර නැද්ද...? තාම ඉවර නැද්ද..? කියනෙක. පස්සෙ අම්මට මගෙ ඩ‍්‍රාමා ටෙලිවිෂන් එකේ බලනෙකත් එපා වුණා. ඒවා යද්දී අම්මා හෝ ගාලා කියෝනවා. මේ සීන් එක හතර පාරක් රී ටේක් කළා, අර සීන් එක දහ පාරක් රී ටේක් කළා, ඔය සීන් එක ෂූට් කරද්දී මට නින්දත් ගියා කිය කියා කියෝනවා. ඒවා අහගෙන ඉන්න එක තාත්තට එපා වුණා. පස්සෙ තාත්තටයි අම්මටයි දෙන්නටම මගෙ ඩ‍්‍රාමා බලනෙක එපා වුණා. ඔය වගේ හේතු නිසා අන්තිමට ඉතිං මම තනියම ෂූටිං යන්න පටන් ගත්තා. දැන් මම සැනසිල්ලෙ ෂූටිං යනවා. අම්මා සැනසිල්ලෙ ගෙදරට වෙලා ඉන්නවා. මගෙ ඩ‍්‍රාමා ටෙලිවිෂන් එකේ යද්දී රී ටේක් නැතිවම අම්මා ඒවා බලනවා. අම්මගෙ කියවිල්ල නැති නිසා තාත්තත් සැනසිල්ලෙ මගෙ ඩ‍්‍රාමා බලනවා.’’
 
දුලංජලී මුතුවාඩිගේ

ගයාන් - චතුරිකා ආදර කතාව කාලයක් මේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළා. ඊට හේතු වුණේ දෙදෙනාම කලින් විවාහ වී සිටීමයි. ඒ විතරක් නමෛයි ගයාන් දරු දෙදෙනෙකුගේ පියෙක් වීමත් ඒ ගැන විශාල අවධානයක් යොමු  වෙන්න හේතු වුණා. දෙදෙනාගේම මුල් විවාහයන් දෙදරා යාමත් මේ දෙදෙනා ආදරයෙන් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමත් අද වන විට කලා ලෝකයට රහසක් ‍නෙවෙයි. නමුත් පහුගියදාක ගයාන් - චතුරිකා දෙදෙනා බොහොම ලස්සන මංගල ඡායාරූප පෙළකට පෙනී සිටීමත් සමග අද වෙද්දී මේ දෙදෙනාගේ කතාව ආයෙමත් කරළියට ඇවිත්. ගයාන් - චතුරිකා දෙන්නා කාටත් හොරෙන් ඔවුන්ගේ මංගල උත්සවය අරගෙනද කියන කුතුහලය ඇති කළ මේ ඡායාරූප පෙළ ගැන ඇත්ත කතාව විමසන්න ගයාන් සහ චතුරිකාට අපි කතා කළා. 
 
ගයානුයි - චතුරිකයි හොරෙන්ම මංගල ගමන ගිහින් වගේ...?
ගයාන් : අපි දෙන්නගේ මංගල ඡායාරූප දැක්කට පස්සේ හැමෝම ඔය ප්‍රශ්නය අහනවා.
චතුරිකා : ඒක වෙඩිං ෂූට් එකක් විතරයි. අපි දෙන්නා ඇත්තටම මංගල උත්සවයක් ගත්තේ නැහැ.
 
ඔය දෙන්නාට ඇයි හදිසියේම ඒ වගේ දෙයක් කරන්න හිතුණේ?
ගයාන් : ඒක... අපි සැලසුම්කරලා කරපු එකක් නමෛයි.
චතුරිකා : අපි කළේ ඒ ෆොටෝ ෂූට් එකට පෙනී හිටපු එක විතරයි.
 
කවදාද? කොහෙදීද ?
ගයාන් : පසුගිය ඔක්තෝබර් 28 වැනිදා 
චතුරිකා : නුවරදී තමයි මේ ෆොටෝ ෂූට් එක තිබුණේ.
 
ගයාන් - චතුරිකා ආදරයෙන් එක්වූ පසු මේ වගේ මංගල ඡායාරූප පෙළකට පෙනී සිටි පළමු අවස්ථාවද මේ ?
ගයාන් : නෑ මේ දෙවැනි අවස්ථාව.
චතුරිකා : මීට කලින් Magazine එකකටත් මේ වගේ වෙඩිං ෂූට් එකක් කළා?
 
සැබෑ ජීවිතේදී ගයානුයි - චතුරිකායි මංගල ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව දවසින් දවස දුර යනවා නේද?
ගයාන් : ඔව්. ඒකනම් ඇත්ත තමයි. මේ අවුරුද්දේ මැයි මාසේ තමයි ඒක හිතාගෙන හිටියේ. ඒත් ඒක කල් දාන්න වුණා.
චතුරිකා : හැබැයි ලබන අවුරුද්දේ අප්‍රේල් මාසෙන් පස්සේ ඒ දවස අනිවාර්යයෙන්ම උදා වේවි.
 
එදාට ඒ සතුට බෙදාගන්න කලා ලෝකේ හැමෝම එකතු කරගන්න බලා‍පොරොත්තුවක් තිබෙනවාද?
ගයාන් : ලොකු උත්සවයක් ගන්න නම් අපේ අදහසක් නැහැ.
චතුරිකා :  හැබැයි එදාට අපි සැරසෙන්නේ නම් උඩරට මනාල යුවළක් විදියට. මොකද මම හරිම කැමැතියි උඩරට මනාලියක් විදියට සැරසෙන්න. 
 
ආරියවංශ කුලතිලක

ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වන කූඹියෝ ටෙලිනාට්‍යය ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රියවීමත් සමග එහි ඇතුළත් චරිතවලටත් ඉහළ මට්ටමේ ප්‍රතිචාර ලැබෙන්න පටන් අරගෙන තියෙනවා. එවැනි එක් චරිතයක් තමයි අංජානි කියන්නේ. කූඹියෝ හි අංජානිගේ චරිතය නිරූපණය කරන්නේ සුජීවා ඩයස්. සුජීවා කියන්නේ පුංචි තිරයට ආගන්තුක නිළියක් ‍නෙවෙයි. නමුත් මෑතකදී වෙනත් ටෙලි නිර්මාණවලින් ඇයව වැඩිපුර දකින්නට ලැබුණේ නැහැ. ඇගේ ඒ නිහැඩියාවට බලපෑ හේතුව මොකක්ද කියන කාරණයක්. 'රිද්ම' සමග මෙම සංවාදයට එක්වෙමින් සුජීවා හෙළි කළා. 
 
කූඹියෝ නාට්‍යය නිසා ඔබට ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ? 
ඒ ගැන ගොඩක් සතුටුයි. වසර ගණනාවක් ක්‍ෂේත්‍රයේ හිටියත් මට මේ වගේ ඉහළම ජනප්‍රියත්වයක් ලැබුණේ කූඹියෝ නාට්‍යයෙන් තමයි. 
 
කූඹියෝ ටෙලි නාට්‍යයේ අංජානිට ඉදිරියේදී මොනවා වෙයිද?
එෆ්.බි. එක හරහාත් මේ දවස්වල මගෙන් වැඩිපුරම අහන ප්‍රශ්නය තමයි ඕක. මම හිතන්නේ මම ඔය ප්‍රශ්නයට උත්තර දෙනවාට වඩා හොඳයි ප්‍රේක්ෂකයින්ට ටෙලි නාට්‍ය නරඹලාම ඒකට උත්තරයක් හොයාගන්න ඉඩ දෙන එක. 
 
සුජීවා නිළියක් වුණේ කොහොමද කියලා මතක් කළොත්? 
මම පාසල් කාලෙදිම වගේ පැජන්ට් එකකට සහභාගි වුණා. ඒ විතරක් ‍නෙවෙයි. මම ඒකේ අන්තිම දහදෙනා අතරටත් තේරී පත් වුණා. ඒ ලැබුණ ජනප්‍රියත්වයත් එක්ක පස්සේ වෙළෙඳ දැන්වීම් කීපයකටත් සහභාගි වෙන්න අවස්ථාව ලැබුණා. ටිකිරි රත්නායකගේ දූ කුමරියෝ නාට්‍යයෙන් තමයි මම ටෙලි නාට්‍ය රංගනයට අවතීර්ණ වුණේ ඒ  2008 වසරේදී. 
 
මේ වෙද්දී ටෙලි නාට්‍ය කීයකට විතර රංගනයෙන් දායක වෙලා තියෙනවාද? 
ටෙලි නාට්‍ය 15ක විතර මම රඟපාලා තියෙනවා. 
 
හැබැයි සෑහෙන කාලෙකට පස්සෙයි සුජීවාගේ රංගනයක් පුංචි තිරයෙන් දකින්නට ලැබෙන්නේ? 
ඔව්. මගේ පදිංචිය නුවර. නුවර ඉඳන් කොළඹ ඇවිත් ටෙලි නාට්‍යවලට දායක වෙන එක මට හුඟක් අසීරු වුණා. ඒ නිසා මම රඟපෑමෙන් ඉවත් වෙන්න තීරණය කරලයි තිබුණේ. 
 
නමුත් ඔබට රඟපෑමෙන් සදහටම ඉවත් වෙන්න සිදුවුණේ නැහැ? 
ඔව්. මගේ නිහඬතාව අලුත් ගමනක ආරම්භයක් වුණා. 
 
ඒ කිව්වේ?
මම අන්තිමට රඟපෑවේ කූඹියෝ ටෙලි නාට්‍යයේ කූඹියෝ රූගත කළේ මීට වසර කිහිපයකට කලින්. ඒත් එක්කම මමත් රඟපෑම නතර කළා. වසර ගණනකට පසුව දැන් කූඹියෝ විකාශය වනවා. ඒත් එක්ක මමවත් හිතපු නැති තරම් ජනප්‍රියත්වයක් මට ලැබිලා තියෙනවා. කූඹියෝ නිසා මට දැන් එක දිගට  ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒ ජනප්‍රියත්වයත් එක්ක මම ඉබේම වගේ ආයෙමත් රංගනයට යොමු වුණා. 
 
ඒ කියන්නේ සුජීවා දැන් රංගන කටයුතු නිසා කාර්ය බහුල වෙලා ඇති? 
ඔව්. මේ දිනවල මම මේ මල් වසන්තයයි ටෙලි නාට්‍යයේ රඟපානවා. තවත් නිර්මාණ කිහිපයකටම ඉදිරියේදී එක්වෙන්නත් හිතාගෙන ඉන්නවා. 
 
සුජීවාගේ පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමුද?
මගේ සැමියා ගීතාන් ඩයස්. මගේ කලා කටයුතුවලට උපරිම සහයක් ඔහුගෙන් ලැබෙනවා. මට ලොකු පුතෙක් ඉන්නවා. පුතාගේ නම කෙවින්. පුතා මේ වෙන කොට මහනුවර ත්‍රිත්ව විදුහ‍ලේ 10 වසරේ ඉගෙන ගන්නවා. 
 
ආරියවංශ කුලතිලක 
 
ඡායාරූප - මංජුල පෙරේරා

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.