Coss Ear2
lakbima.lk
COSS Ear 1

1. හොඳම චිත්‍රපටය
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 'නිධානය' චිත්‍රපටය. එම චිත්‍රපටයට මා වඩාත් ඇල්මක් දැක්වීමට හේතුව වන්නේ එහි ප්‍රධාන චරිත ගාමිණී ෆොන්සේකා සහ මාලනී ෆොන්සේකා විසින් නිරූපණය කිරීමයි. මොකද මා වඩාත්ම ප්‍රිය කරන නළු නිළි දෙපළත් ඔවුන් දෙදෙනාමයි.
 
නරකම චිත්‍රපටය
සමහර චිත්‍රපට නරඹද්දී රඟපාන චරිත සහ කතා පසුබිම දුටුවාම අපරාදේ මගේ කාලය නාස්ති වුණා කියන හැඟීම ඇති කළ චිත්‍රපට 
 
2. හොඳම ටෙලි නාට්‍යය
දඬුබස්නාමානය එය ජයන්ත චන්ද්‍රසිරිගේ අධ්‍යක්ෂණයක් වීම හා එහි රඟපෑ නළු නිළියන්ගේ විශිෂ්ට රංගන කෞෂල්‍යය මගේ හද බැඳ ගත්තා. ඒ වගේම එහි තිබූ වෙනස්ම කතා තේමාවටද මා ඉතා ප්‍රිය කරනවා. 
 
නරකම ටෙලි නාට්‍යය
දැන් ගොඩක් වෙලාවට විකාශය වන මෙගා ටෙලි නාට්‍ය. සමහර ටෙලිනාට්‍ය බලනවිට මට හිතෙනවා අපරාදේ මේ ටෙලි නාට්‍යයට මේ තරම් විශාල මුදලක් වියදම් කරන්නේ කියලා. කිසිම තේරුමක් නැති ටෙලි නාට්‍යවලට මගේ කිසිම කැමැත්තක් නැහැ.
 
3. හොඳම ගායකයා
ප්‍රිය කරන ගායකයෝ ගොඩක් ඉන්නවා. නමුත් මෑත කාලීනව මා වඩාත් ප්‍රිය කරන ගායකයා තමයි අමරසිරි පීරිස්. ඔහුගේ ගැඹුරු කටහඬ හා ගීත මාගේ හද එම ගීතයන් වෙත ඇද බැඳ තබා ගැනීමට සමත් වී තිබෙනවා.
 
නරකම ගායකයා
නව පරපුරේ සමහර ගායකයින්. ඔවුන් ගීතය ගායනා කිරීමට පටන් ගත් මොහොතේ සිටම හඬා වැළපෙනවා. ඉස්සර අපි රස විඳිනවිට ගායකයා ගයන විරහා ගීත අහන විට අපගේ දෑස්වලට කඳුළු ඉනූ අවස්ථා තිබුණා. නමුත් දැන් ගායකයා හැමෝටම කලින් හොටු පෙරාගෙන අඬනවා. ඒ වගේ ගීත ගයන ගායකයින්ට මම කැමති නැහැ. 
 
4. හොඳම ගීතය
කුඩා කල සිටම මා ගීත රස විඳිනවා. ඒ කා‍ලේදීත් මම අමරදේව මාස්ටර්ගේ ගීතවලට වගේම නන්දා මාලනීගේ ගීතවලටත් දැඩි කැමැත්තක් දැක්වූවා. දැන් කා‍ලේ කුඩා දරුවෙකුට ගීතයක් ගායනා කරන්න කීවාම ඔවුන් බොහෝ වෙලාවට ගායනා කරන්නේ බයිලා වගේ සින්දු. නමුත් මම කුඩා කල සිටම නන්දා මාලනී වැනි විශිෂ්ට ගණයේ ගායිකාවන්ගේ ගීත ගායනා කළා. නමුත් මා දැන් වැඩි කැමැත්තක් දක්වන්නේ අමරදේවයන් හා උමාරියා ගායනා කළ හන්තාන සිහිනයේ කියන ගීතයට. ඒ වගේම ශෂිකා නිසංසලාගේ ප්‍රේම ගීතවලටත් කැමැත්තක් දක්වනවා. මොකද ඒ ගීත නැවුම් ආදර හැඟුම් මනාව පිළිබිඹු වන ආකාරයට නිර්මාණය වී තිබෙනවා.
 
නරකම ගීතය
ඒ කා‍ලේ බයිලා වගේ වේග රිද්ම ගීතවලට අපි ගොඩාක් ප්‍රිය කළා. ඒ ගීත කනට හරිම මිහිරි ආකාරයටමයි ඔවුන් ගායනා කළේ. නමුත් දැන් ප්‍රචාරය වන ගීත කනට හරිම හිරිහැරයක්. ඒ වගේමයි මල් සිංදු අහගෙන ඉන්න හරිම අප්‍රසන්නයි.
 
5. හොඳම ක්‍රීඩකයා
මෑතකාලීනව බිහි වූ මා ප්‍රිය කරන ක්‍රීඩකයෙක් කුමාර් සංගක්කාර, ඔහු ඉතා හොඳ මහත්මා ගතිගුණ තිබෙන ක්‍රීඩකයෙක්.
 
නරකම ක්‍රීඩකයා
ක්‍රිකට් ක්‍රීඩා පිටිය තුළ පෞද්ගලික තරහා මරහා ඉස්මතුකොටගෙන අනිත් ් පි‍ලේ ක්‍රීඩකයින්ට නොසරුප් වදනින් බැණ වදින ක්‍රීඩකයින්ට මෙන්ම ක්‍රීඩා කරන අවස්ථාවේදී ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඇනගෙන යන ක්‍රීඩකයින්ට මම කැමැති නැහැ. ඔවුන් ක්‍රීඩාවේ තිබෙන ගෞරවය නැති කරනවා.
 
6. හොඳම දේශපාලනඥයා
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. එතුමාගේ තිබෙන නිහතමානී භාවය හා මනුස්සකමට මා ගොඩක් කැමැතියි. ඒ වගේම එතුමාගේ තිබෙන එඩිතරභාවය හා ලොකු කුඩා භේදයකින් තොරව සැමටම එකසේ සැලකීම නිසා මා කැමතිම දේශපාලනඥයා ඔහුයි.
 
නරකම දේශපාලනඥයා
සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ඔහුට කිසිම ප්‍රතිපත්තියක් නැහැ. දේශපාලනඥයෙක් වුණාම ස්ථිර ප්‍රතිපත්තියක් තිබිය යුතුයි.
 
7. හොඳම ඇගයීම
හැමෝම මට කියනවා මම මගේ චරිතය රැකගෙන ගෞරවාන්විතව ජීවත් වනවා කියලා. එය තමයි මට ලැබුණ හොඳම ඇගයීම.
 
නරකම ඇගයීම
සමහර අය කියනවා මම හරිම ආඩම්බරයි. කාත් සමගවත් වැඩිය කතාබහ කරන්නේ නැහැ කියලා. නමුත් කාන්තාවක් වුණාම ආඩම්බරකමත්් අවශ්‍ය වෙනවා.
 
8. හොඳම පුරුද්ද
මම අසරණ වෙච්ච මිනිසුන්ට ගොඩක් උදව් කරනවා. හැබැයි අඬබෙර ගහමින් ඒ දේවල් කරන්නේ නැහැ. ගොඩාක් අවස්ථාවලදී මගේ සිත හරිම සංවේදී වෙනවා. ඒ වගේම එන ඕනෑම ගැටලුවක් ශක්තිමත්ව දරාගැනීමේ හැකියාවකුත් මට තිබෙනවා.
 
නරකම පුරුද්ද
කියන්න තිබෙන දේ කෙළින්ම කීම. එවැනි අවස්ථාවන්හිදී අන් අයගේ සිත් රිදුනත් මට ඒ පුරුද්ද අත්හැර දැමිය නොහැකියි.
 
9 හොඳම යාළුවා
මගේ අම්මා සහ මගේ සැමියා තමයි මට ඉන්න හොඳම යාළුවෝ දෙන්නා.
 
නරකම යාළුවා
ඒ වගේ අය ගොඩාක් ඉඳලා තිබෙනවා. ඒ නිසා මම කාවවත් මගේ හොඳම යහළුවන් ලෙස ළංකර ගන්නේ නැහැ. ඔවුන්ව මම අතේ දුරින් තමයි ඇසුරු කරන්නේ.
 
10. හොඳම මතකය
මගේ පුතා ඉපදුන දවස
 
නරකම මතකය
ගොඩාක්ම නරක මතකය ඇත්තේ 2004 වසරේදී. ඒ සුනාමි ඛිෙදවාචකය සිදුවුණ දිනයි. එදා කුඩා දරුවන්, මව්පියන්, සතා සිව්පාවුන් ආදී සෑම දෙයක්ම විනාශවෙලා ගිය දවසක්. ඒ මියගිය අයගේ දර්ශන තවමත් මගේ ඇසට කඳුළු උනන සිදුවීම් බවට පත්වී තිබෙනවා. එය මගේ ජීවිතයේ එවැනි එකම හා අවසාන මතකය වේවා කියාත් මම ප්‍රාර්ථනා කරනවා. 
 
ශිරෝනි ග්‍රේරෝ 

ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් නුවර ඩොල්බි තියටර්හිදී 90 වැනි වරටත් පසුගියදා (04) පැවැත්විණ. පසුගිය වසරේ තිරගත වූ හොලිවුඩ් චිත්‍රපට සහ ඒවාට දායක වූ ශිල්පීන් සහ ශිල්පිනියන් ඇගැයුමට ලක් කරමින් කාණ්ඩ 24ක් යටතේ මෙවර සම්මාන පිරිනැමිණ. ඒ අනුව, වසරේ හොඳම චිත්‍රපටය ලෙස “ද ෂේප් ඔෆ් වෝටර්” චිත්‍රපටයට සම්මාන හිමි විය.
“ඩාකස්ට් අවර්” චිත්‍රපටයේ රඟපෑ ගැරි ඕල්ඩ්මන් වසරේ හොඳම නළුවා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ අතර, හොඳම නිළිය ලෙස “ත්‍රී බිල්බෝර්ඩ්න් අවුට්සයිඩ් එබින් මිසුරි” හි රඟපෑ ෆ්‍රාන්සස් මැක්ඩමන්ඩ්ස් සම්මාන ලැබුවාය.
හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය. ද ඩාකස්ට් අවර්” නිර්මාණය කළ ගුග්ලී එල්මෝ ඩෙල් ටෝරෝට  හිමිවිය. සම්මාන 13ක් සඳහා නිර්දේශ වූ “ද ෂේප් ඔෆ් වෝටර්” චිත්‍රපටය ඒ අතරින් සම්මාන 4ක් දිනාගනිමින් මෙවර වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්විණි.
සෑම් රොක්වෙල් හොඳම සහය නළුවා ලෙසත් ඇලිසන් ජෙනී සහය නිළිය ලෙසත් සම්මාන ලැබූහ. “කොකෝ” චිත්‍රපටය වසරේ හොඳම සජීවිකරණ චිත්‍රපටය බවට පත්වූ අතර හොඳම විදෙස් චිත්‍රපටය ලෙස චිලීහි “ද ෆැන්ටාස්ටික් වුමන්” නමැති ස්පාඤ්ඤ බසින් නිර්මාණය වූ චිත්‍රපටයට හිමිවිය.

කාටවත් නොකී රහසක් මට ‘රිද්මට’ හෙළි කරන්න පුළුවන්. හැබැයි ඉතින් ඒක පත්තරේ දැම්මට පස්සේ මට ඒ දේ කරන්න බැරි වෙයිද දන්නේ නැහැ. මොකද ඒක මට නතර කර ගන්නම බැරි පුරුද්දක්.
මේ පුරුද්ද. මම පුංචි කා‍ලේ ඉඳලා තිබුණු පුරුද්දක් කියලා අම්මා කියනවා. මේ පුරුද්ද හින්දා අම්මගෙන් බැණුම් අහපු අවස්ථා අනන්තයි. ගුටි කාලත් තියෙනවා. ඒත් මේක මට නතර කරගන්නම බැරි පුරුද්දක්.
මොකක්ද දන්නවද ඒ පුරුද්ද. ඒ තමයි වැස්සේ තමෛන්න තියෙන ආශාව. මම පුංචිම කාලෙදීත් වැස්ස වහිනකොට අම්මගේ සාරියකුත් ඇඳගෙන කළු රෙදි කෑල්ලකින් කොණ්ඩයක් දාගෙන මිදුලට පැනලා වැස්සේ තෙමි තෙමී නටනවාලු. ඒ දවස්වල අම්මා මිදුල පුරාම රෝස මල් වවලා තිබුණා. ඒ මල් යායේ හින්දි සිංදු කිය කියා තමයි මම නටන්නේ. අම්මා මාව ඇදලා ගෙට දැම්මම මම ගේ පුරා වතුර පිටින් දුවලා මුළු ගේම හැ¾ඩි කරනවාලු. ඊට පස්සේ අම්මා ගේ අස් කරන අතරේ ආයෙමත් වැස්සට දුවලා යනවාලු.
දවසක් මට උණ හෙම්බිරිස්සාව හැදිලා ඉස්කෝ‍ලේ නොයා ගෙදර නතර වුණා. එතකොට මට වයස 7ක් විතර ඇති. දැන් ඔන්න මම අසනීප හින්දා ඇඳේ ගුලි වෙලා ඉන්නවා. අම්මා කුස්සියේ වැඩ. ඔය අතරේ එක පාරටම මහ වැස්සක් කඩා වැටුණා. කඩා වැටෙන වැස්ස ජනේලෙන් දැක්කම මට ඉන්න බැරිවුණා. හිමින් ඇඳෙන් නැගිටලා මම මිදුලට ගිහින් වැස්සේ තෙමි තෙමී නටන්න පටන් ගත්තා. අම්මා සාලෙට ඇවිත් බලද්දී හෙම්බිරිස්සාව හැදිලා නිදාගෙන හිටපු මම වැස්සේ තෙමි තෙමී නටනවා. එදා නම් අම්මගෙන් ගුටි කන්නත් වුණා. ආච්චියි සීයයි මාව බේරගත්තේ නැත්නම් එදා තවත් ගුටිකනවා. ආච්චිලා මාව ගුටිවලින් බේර ගත්තට ලෙඩවලින් නම් බේර ගන්න බැරි වුණා. මට හොඳටම උණ වැඩිවෙලා ඉස්පිරිතාලෙට යන්නත් සිදු වුණා. 
තව දවසක මම ඉස්කෝ‍ලේ යනවා. එදත් වැස්ස. වාහනෙන් බැහැලා යාළුවෙකුට කුඩේ දීලා මම තෙමි තෙමී පන්ති ගියා. එදා නම් ටීචර්ස්ලගෙන් බැනුම් අහන්න වුණේ නැහැ. තමන්ගේ කුඩේ වෙන කෙනෙකුට දීලා වැස්සේ තෙමි තෙමී එන්න තරම් පරිත්‍යාගශීලි කෙනෙක් විදියට තමයි ගුරුවරු මම කරපු දේ දැක්කේ. ඇයි ඉතින් එයාල දන්නේ නැහැනේ මට වැස්සේ තෙමීමේ ආශාවක් තියෙනවා කියලා. 
පුංචි කා‍ලේ තියෙන පුරුදු වයසත් එක්ක නැති වෙලා යනවා. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් මගෙ පුරුද්ද නම් තවමත් එහෙමමයි. අදටත් මට වැස්ස දකින්න බැහැ.
“ළඟදී දවසක “දෙවැනි ඉනිම” රූගත කිරීම් තිබුණා. දැන් ඔන්න එදා දවසේ ෂූටිං ඉවරයි. වාහනේ නැගලා ගෙදර එන්න කට්ටිය සැරසිලා ඉන්නවා. එදත් මහ හයියෙන් වැස්සක් වහිනවා. වැස්ස දැක්කා විතරයි මම එකපාරටම දුවල ගිහින් තෙමි තෙමී නටන්න පටන් ගත්තා. එදත් ගෙදර ගිහින් අම්මගෙන් බැණුම් ඇහුවා. දෙවැනි ඉනිමේ කට්ටිය හිතන්න ඇත්තේ වැස්ස දැකලා ආශා හිතිලා මම ඒ විදියට නැටුවා කියලා. මම ඒ වෙලාවේ එහෙම කළේ නතර කරන්න බැරි මේ පුරුද්ද නිසා බව ඒ අයත් දැන ගන්නේ් මේ ලිපිය පත්තරේ පළ වුණාට පස්සේ.
 
ආරියවංශ කුලතිලක
ඡායාරූපය : මංජුල පෙරේරා

18 වැනි ඉරිදා රාත‍්‍රිය බි‍්‍රතාන්‍ය සිනමා රංගල ශිල්පි ශිල්පිණියන්ට විතරක් නෙවෙයි සිනමාවට සම්බන්ධ හැමෝටම විශේෂිත රාත‍්‍රියක් වුණා. ඒකට හේතුව තමයි 71 වෙනි බි‍්‍රටිෂ් ඇකඩමි ෆිල්ම් අවෝර්ඞ්ස් උළෙල උත්කර්ෂවත් විදියට ලන්ඩනයේ රෝයල් ඇල්බර්ට් ශාලාවේ පැවැත්වීම. මේ උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා වුණේ 71 හැවිරිදි හිටපු රංගන ශිල්පිණියක වුණු ජොඈනා ලූම්ලි. ඇයත් එක්ක සම ආරාධිතයන් විදියට විලියම් සහ කේට් යුවළ රතු පලස මතින් මේ සම්මාන උළෙලට සහභාගි වුණා. වෙනත් අවුරුදුවලට වඩා මේ අවුරුද්දේ සම්මාන උළෙලේදී සිනමා රසික රසිකාවියන් අතරින් කේට්ට වැඩි අවධානයක් යොමු වෙලා තිබුණා. ඒකට හේතුව තමයි තුන් වෙනි වතාවටත් ගැබ් ගෙන ඉන්න කේට්ව සියැසින් දැක ගන්න මේක හොඳ අවස්ථාවක් වීම. කොහොම වුණත් ගැබිනි කේට් ගැන ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරලා තිබුණේ මෙහෙමයි. ‘‘දරු දෙදෙනකුට උපත දුන්නු කේට් තුන් වෙනි වතාවටත් දරු උපතක් සිදු කරන්න සූදානම්. හැබැයි ඇගේ පෙනුම ගැන නම් සතුටු වෙන්න බැහැ. මේ වෙලාවේ ඇයව පෙනෙන්නේ විලියම්ගේ බිරිඳ වගේ නෙවෙයි විලියම්ට වඩා අවුරුදු 15 කින් විතර වැඩිමහල් සහෝදරියක් වගේ’’.
 

පෝරිසාදයා නිසා ඔබට හොරෙකුත් වෙන්න සිදුවුණා නේද?
ඔව්... ඔව්, හැබැයි මේ චරිතය මට ලැබුණු වෙනස්ම අත්දැකීමක්. මගේ චරිතය හැටියට මම නීති විරෝධී වැඩකරන මැරයෙක්. ඒ වගේම හොරෙක්. මගේ අක්කා - උදාරි වර්ණකුලසූරිය නීතිය රකින ‍පොලිස් නිලධාරිනියක්. තාත්තා (ශ්‍රියන්ත මෙන්ඩිස්) සිරගත වීම හින්දයි අපි දෙදෙනාගේ ජීවිත දෙපැත්තකට යන්නේ. මම හරිම ආශාවෙන් රඟපෑ චිත්‍රපටයක් තමයි ‍පෝරිසාදයා කියන්නේ.

අමිල රුවෙන් ජයගත්තේ 2006දී. පළමු චිත්‍රපටය රඟපෑවේ 2014දී. දෙවැනි චිත්‍රපටය 2018 දී. ඇයි මේ හෙමින් ගමන.
මම 2006 දී ර්ඪඵබඥප ඉපඪ ඹ්චදඬච  වුණා. 2011 දී ර්චද ඩ්භදබ  වුණා. මට අවශ්‍ය වුණේ ඒ උණුසුමත් එක්කම රඟපෑමට එකතු වෙන්න. ඒත් මට හැමදෙයක්ම ලැබුණේ පහුවෙලා.

ඇයි එහෙම වුණේ?
තරග ජයත් එක්කම වගේ මට චිත්‍රපටයනට ආරාධනා ලැබුණා. එය විකට චිත්‍රපටයක්. විකට රංගනය මට නුහුරුයි. අනික පළමු චිත්‍රපටය හොඳ ඇරඹුමක් විය යුතුයි කියා මා හිතුවා. ටෙලි නාට්‍ය කීපයකටත් ආරාධනා ආවා. මේ වෙද්දී මම රඟපාලා තියෙන්නේ ටෙලි නාට්‍ය තුනක විතරයි. මට අවශ්‍ය වුණේ සිනමා නළුවෙකු වීමයි. මම හිතන්නේ මගේ හෙමින් ගමනට ඒ හේතුවත් බලපාන්න ඇති.

ඔබේ පළමු චිත්‍රපටය රූපාන්තරණ හා ‍පෝරිසාදයාට අමතරව ඔබ වෙනත් නිර්මාණ සඳහා දායක වී නැද්ද?
තව චිත්‍රපට පහක රඟපෑවා. රන්දෝනි, කෞෂි, ෆේස් ටු ෆේස්, පැරෂුට්, සඳලුත‍ලේ කුමාරිගේ කතා ඒ චිත්‍රපට. මෙහිදී තවත් දෙයක් කිව යුතුයි. අද අපි වැනි නවකයින්ට තියෙන තවත් ගැටලුවක් තමයි අපි රඟපෑ චිත්‍රපට තිරගත වීම පමා වීම.

මේ විදියට ඔබ රඟපෑම ගැන අවධානය යොමු කරද්දී අමිල කියන නිරූපණ ශිල්පියාට මොනවා වෙයිද?
මම ක්‍ෂේත්‍රයට ආවේ නිරූපණ ශිල්පියෙක් විදියටයි. දැනටත් මම තෝරාගත්  නිරූපණ ප්‍රදර්ශනවලට යනවා. ඕනෑම කෙනෙකුට නිරූපණ ශිල්පියෙක් විදියට වැඩකරන්න කාලයක් තිබෙනවා. වයසත් එක්ක අපට සමහර දේවල් අතහරින්න සිදුවෙනවා. ඒත් නිරූපණ ශිල්පියෙක් විදියට වැඩකරන්න මට තවම වයස, කාලය තියෙනවා. ඒ නිසා නිරූපණ ක්‍ෂේත්‍රයෙන් ඈත් වෙන්න තවම තීරණය කරලා නැහැ.

ඔබ දැනට වෘත්තිය වශයෙන් කරන්නේ මොකක්ද?
මේ වනවිට මම ඒ -ටිමෙල්'' නමැති පිරිමි ඇඳුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවා. එය කරන අතරෙ තමයි රඟපෑම සහ නිරූපණය තුළ නිරත වෙලා ඉන්නේ.

ඔබගේ පෞද්ගලික තොරතුරු ගැන කතා කළොත්?
මගේ බිරිඳ නිශාදා කරුණානායක. ඇය ඉංජිනේරුවරියක්. අපිට පුංචි පුතෙක් ඉන්නවා. පුතා අදිත් ආයුක කරුණානායක. මගේ කලා කටයුතුවලට බිරිඳගෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

ඡායාරූප- තුෂාර සංජීව
ආරියවංශ කුලතිලක

අශිකා මතසිංහ රංගන ශිල්පිනියක් විදියට කලා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවකට වඩා වැඩියි. නමුත් පසුගිය කාලයේ ඇය රඟපෑ කිසිම ටෙලිනාට්‍යයක් අපට දැක ගන්නට ලැබුණේ නැහැ. මේ නිසා බොහෝ දෙනෙක් හිතාගෙන හිටියේ ඇය රංගන ක්‍ෂේත්‍රයෙන් සමු අරන් කියලයි. ඒත් අශිකා දිගු නිහැඩියාවකට පස්සේ අයෙමත් නිළියක් ලෙස කරළියට ඇවිත්. 
 
TV 1 නාලිකාව ඔස්සේ දිග හැරෙන “හිතුවක්කාරයෝ” ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ ගාම්භීර චරිතයක්. නමුත් ස්වර්ණවාහිනියෙන් දිග හැරෙන “සුදු අඟුරු” ටෙලි නාට්‍යයේ ඔබ නිරූපණය කරන්නේ කපටි චරිතයක්. ඔබේ පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත් ඔබ මොනවගේ චරිතයක්ද? 
 
ඇත්තම කිව්වොත් මගේ පෞද්ගලික ජීවිතේ ඔය දෙකටම වඩා වෙනස්. මම බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන සරල කෙනෙක්. 
 
අශිකා ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහළොවකටත් වැඩියි. නමුත් මේ ටෙලි නාට්‍ය දෙක විකාශය වීමට කලින් ඔබව දකින්න ලැබුණේම නැහැ. ඒකට හේතුව මොකක්ද? 
 
පෞද්ගලික ජීවිතයේදී මම ගොඩක් කාර්යබහුල කාන්තාවක්. මොකද මම දරුවෝ තුන්දෙනෙක්ගේ අම්මා කෙනෙක්. ඒ හින්දා මගේ පවුලට මුල් තැන දීලා තමයි රඟපෑම කරන්නේ. ඒ නිසයි ආරාධනා ලැබෙන හැම නිර්මාණයක්ම බාර නොගන්නේ. හැබැයි කලාතුරකින් නිර්මාණවලට දායක වුණත් එදා මට  ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණ ප්‍රතිචාර අදටත් ඒ විදියටම ලැබෙනවා. 
 
ඔබ නිරූපණය කරන චරිත අනුව නරක ප්‍රතිචාරත් ඔය අතර ලැබෙනවා ඇති ?
 
ඔව්. වෙනස්ම චරිත දෙකකින් තමයි මම ආයෙමත් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් ඉන්නේ. “සුදු අඟුරු” බලලා ගොඩක් දෙනෙක් මට ‘නපුරි’ කියලා බණිනවා. ‘ඔයා එක්ක පුදුම තරහක් එන්නේ’ කියලා සමහරු කතා කරලා කියනවා. මං හිතනවා අපි කරන කළු චරිතෙකට මිනිස්සු බණිනවා නම් ඒක ගොඩක් සාර්ථකයි කියලා. හැබැයි ‘හිතුවක්කාරයා” ටෙලි නාට්‍යයේ මම කරන ‘ගාම්භීර චරිතෙ’ට විදේශ රටවලින් පවා සුබ පැතුම් එනවා. 
 
ඔබේ රූපෙත් එක්ක කාලයක් සමහරු ඔබව හැඳින්වූයේ ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයේ ඉන්න අහිංසකම රංගන ශිල්පිනිය විදිහටයි. ඒත් දැන් ඔබ රඟපාන චරිත දෙකම ඊට හාත්පසින්ම වෙනස්.
 
එදා වුණත් අහිංසක චරිත විතරක්ම නමෛයි මම රඟපෑවේ. නපුරු චරිතත් කළා. ඒත් ඒවා ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වුණේ නැහැ. මට මාධ්‍යවලට ඒ ගැන ඉන්ටර්විව් දෙන්නත් වේලාවක් තිබ්බේ නැහැ. ඒ හින්දා ගොඩක් අය දන්නේ මම අහිංසක චරිත විතරක් කරන රංගන ශිල්පිනියක් විදියටයි. ඒත් ඇත්තටම මම කරලා තියෙන්නේ නපුරු චරිත. 
 
ආයෙමත් රඟපාන්න එකතු වුණාට සැමියාගෙන් තහංචියක් නැද්ද? 
 
අ‍පොයි නැහැ. සැමියා නැත්නම් මට ආයෙමත් රඟපාන්න වෙන්නෙත් නැහැ. සමහර වෙලාවට මම පාන්දර ෂූටින් යනකොට හස්බන්ඩ් තමයි මගේ දරුවෝ තුන්දෙනාම බලාගන්නේ. මං පාන්දර ෂූටින් යනකොට දුවගේ කොණ්ඩෙ ගොතලා යන්න ඕන හින්දා දුවත් පාන්දරින් ඇහැරලා එයා මට ලොකු සහයෝගයක් දෙනවා. 
 
අශිකා කියන්නේ දරුවෝ තුන්දෙනක් ඉන්න අම්මා කෙනෙක්නේ. ඒත් පසුගිය දවස්වල අපි අශිකාගේ අනුරාගී ඡායාරූප වගයක් දැක්කා.
 
මම ළඟදී කරපු ෆොටෝ ෂූට් එක හින්දා වෙන්න ඇති ඔය විදියට මගෙන් අහන්නේ. මම ඔය කියන ෆොටෝ ෂූට් එකට ගියෙත් හස්බන්ඩ් එක්කයි. වෙනස් දෙයක් කරන්න ඕන හින්දා තමයි මම ඒ ෆොටෝ ෂූට් එක කළේ.
 
සමන්මලී නැලිගම
 

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.