Coss Ear2
lakbima.lk
COSS Ear 1
දුෂේනිට ‘උපේක්ෂා’ කියන චරිතය හරහා රංගන ශිල්පිනියක් වීමේ හීනය සැබෑ කරගන්නට පුළුවන් වුණේ 2015 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරි තරගාවලියට ඇය සහභාගි වූ නිසයි. 
2015 ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමාරි තරගයට ඉල්ලුම් පත්‍රය යැවුවේ මගේ තාත්තා. මුලින්ම තාත්තා මට ඉල්ලුම් කරන්න කිව්වා 2015 අවුරුදු කුමාරි තරගයට. ඒත් මම කිව්වා මම 2016 අවුරුද්දේ අයදුම් කරන්නම් කියලා. බලනකොට මටත් නොකියා තාත්තා 2015 ITN අවුරුදු කුමාරි තරගයට මගේ නම යොමු කරලා තිබුණා. මොකද මගේ තාත්තාට ආශාවක් තිබුණා මාව අවුරුදු කුමාරියක් විදිහට දකින්න. ඒ තරගයෙන් මම අවසාන දොළොස් දෙනා අතරට තේරුණා. ඇත්තටම දුෂේනි මියුරංගි කියන තරුණියව ක්ෂේත්‍රයට ගෙන ආවේ ඒ අවුරුදු කුමාරි තරගය. මට එදා කිරුළ දිනාගන්න බැරි වුණා. සමහර විට දිනපු කෙනාට ක්ෂේත්‍රයට එන්න බැරි වෙන්න පුළුවන්. එතනදී තමයි වාසනාව කියන දේ බලපාන්නේ. වාසනාව වගේම තමන්ට ලැබෙන අවස්ථාව වැදගත්. මේ අවුරුදු කුමාරි තරගාවලිය තමයි මාව 'ආදරය ගින්දරක්' කියන ටෙලි නාට්‍යයේ උපේක්ෂා දක්වා අරගෙන ආවේ. මේ වසරේත් අවුරුදු කුමාරි තරගාවලි බොහෝමයක් පැවැත්වේවි. තමන්ට මොකක් හෝ ඉලක්කයක් තියෙනවා නම්, සමහර වෙලාවට ගෙදරින් බලපෑම් කරනවා වෙන්න පුළුවන් ඉගෙන ගන්න කියලා. ඒ වුණාට ඒ ළමයාගේ ආශාව තියෙන්නේ නිළියක් වෙන්න, එහෙම නැත්නම් රූ රැජිනියක් වෙන්න පුළුවන්. එහෙම තමන්ට ආශාව තියෙන ඉලක්කය දක්වා ගමන් කරන එක තමයි ජීවිතේ සතුට වෙන්නේ. නමුත් ඒ ගමන අතරතුර අධ්‍යාපනය කියන එක ඉතා වැදගත්. අද මෙවැනි තරගාවලිවලට ඉදිරිපත් වෙන බොහෝ දෙනා අධ්‍යාපනය ලැබිම අමතක කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. මොකද අධ්‍යාපනය තමයි අපිට හොඳ දේවල් තෝරා බේරා ගන්න මග පෙන්වන්නේ. මම නම් කියන්නේ ඕනෑම හොඳ තරගාවලියකට අයදුම් කරන්න. ඒක තමන්ට අනිවාර්යයෙන්ම වාසියක් වේවි. 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.