Coss Ear2
lakbima.lk
COSS Ear 1

කරළියට ගෙන ඒමට හදන ඔබගේ අලුත්ම නිර්මාණය ගැන අපි මුළු රටටම දැනුම් දෙමු
“Story of Seetha” මුද්‍රා නාට්‍යය තමයි මගේ අලුත්ම නිර්මාණය. එය අප දන්නා වාල්මීකිගේ රාමායනය ඒ ආකාරයටම වේදිකාවට රැගෙන එන නිර්මාණයක් ‍නෙවෙයි. සීතා දේවියගේ සිතුවිලි අනුව තමයි මෙහි කතාව දිග හැරෙන්නේ. ඇයට වූ අසාධාරණය හා ඊට ඇය මුහුණ දෙන ආකාරය, ඇය මුහුණ දුන් අත්දැකීම් මත තමයි කතාව ගලාගෙන යන්නේ. සුපර්ණකා,
ලක්ෂ්මන්, හනුමාන් යන චරිත මෙහි නැහැ. රාම. රාවණා, සීතා හා මන්දෝදරි යන චරිත 4 තමයි මෙහි තියෙන්නේ. මෙහි පිටපත හා අධ්‍යක්ෂණය මගේ. රත්න ශ්‍රී විජේසිංහ මෙහි ගීත රචනා කළා. නන්දා මාලනී, තිලිණි සඳමිනි, අසිත අතපත්තු ගී ගයනවා. පේෂල මනෝජ් තමයි මෙහි සංගීතය මෙහෙයවන්නේ. මගේ නර්තන කණ්ඩායමේ ළමයි මෙහි රඟපානවා. ප්‍රධාන චරිත ලක්ෂ්මන් නිලන්ත (රාවණා), යුවන්ත යසස් (රාමා), පමා කව්ෂිකා (සීතා) දිව්‍යාංජලී කුමාරි (මන්දෝදරි) අය විසින් ඉදිරිපත් කරනවා.
 මෙය ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න ලැබෙන්නේ කවදාද?
ජනවාරි 27 පස්වරු 7ට බිෂොප් රඟහ‍ලේදී මෙහි මංගල දැක්ම වේදිකා ගත වෙනවා. ඉදිරියේදී මේ නිර්මාණය දෙස් විදෙස් රසිකයන්ට දැකබලා ගන්නට පුළුවන්කම ලැබේවි.
 පසුගිය කා‍ලේ ඔබ රියැලිටි තරග විනිසුරුවරයෙක් විදියට දකින්නට ලැබුණා. නමුත් මෑත කාලයේ ඔබේ රුව දුටුවේ නැහැ
මින් මතු කිසිමදාක ජනප්‍රිය තරු තරගවදින රියැලිටි තරගවල විනිසුරු මඬුල්ලට නොයන තීරණයකට මම එළඹිලයි ඉන්නේ. අඳ බාලයන් තරගවදින තරගවල් විනිශ්චය කරන්න ගිහින් කාලය නාස්ති කරගන්න මම කැමති නැහැ. අනුන්ගේ ගීත ගයමින් ගායකයන් යැයි කියා ගන්නා අයයි, කරන්න වැඩ නැතිව වේළෙන නිළියොයි තමයි ඒවායෙදී අපි විනිසුරු පුටුවට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්නේ. එය අපි උගත් ශිල්පයටත් මදිකමක්. හැබැයි මම මේ චෝදනාව කරන්නේ එවැනි තරග සඳහා තරගවදින සමස්ත තරගකරුවන්ට නොවෙයි. සුළු පිරිසකට.

ආරියවංශ කුලතිලක
ඡායාරූප - මංජුල පෙරේරා

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.