Coss Ear2
lakbima.lk
COSS Ear 1

චින යුවති පතින් 50කට කොළඹදී මංගල සීනු

පසුගිය 17 වැනිදා කොළඹ නගර සභාව මංගල උත්සව භූමියක් වෙලා තිබුණා. එක පෙළට වූ පීඨිකා 5ක තිබුණේ අලංකාරව නිර්මාණය වූ මංගල ‍පෝරු. සැරසූ මෝටර් රථ 50කින් පැමිණි චීන ජාතික මනාල මනාලියන් 100ක් මනාල යුවළ 50ක් මේ මංගල ‍පෝරු මස්තකයේ තමන්ගේ විවාහය පැවැත් වූවා. එය විශේෂ අවස්ථාවක්. මේ මනාලයන් හා මනාලියන් සියල්ලම චීන ජාතිකයින්. සාම්ප්‍රදායික චීන මංගල ඇඳුමින් බටහිර මංගල ඇඳුමින් සේම උඩරට මනාලයන් හා මනාලියන් විදියටත් මේ අය සැරසී සිටියේ මේ විශේෂ අවස්ථාවට සුවිශේෂ බවක් එක් කරමින්, මොවුන්ගේ මල් කුමරියන් වුණෙත් ශ්‍රී ලාංකික දැරියන් පිරිසක්.
මේ ඓතිහාසික මංගල උත්සවය පැවැත්වුණේ ඓතිහාසික සැමරුමක් සඳහාමයි. චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරලා වසර 60ක් පිරීම නිමිතිකරගෙනයි මෙය සංවිධානය කෙරුණේ. මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍යංශය, මෝටර් රථ චාජ් කිරීම හා ග්‍රීන් ලිව්ස් එන්ටර්ටේට්මන්ට් යන ආයතන මගිනුයි මෙම දැවැන්ත මංගල උත්සවය සංවිධානය කර තිබුණේ. මෙම ඓතිහාසික මංගල්‍ය ශ්‍රී ලාංකීය සංස්කෘතියත් චීන සංස්කෘතියත් එකට එක්කළ අපූරු අවස්ථාවක්ද වුණා. ශ්‍රී ලංකා ජාතික ගීය හා චීන ජාතික ගීය මෙහිදී ගැයුනු අතර දෙරටෙහි විවිධ සංස්කෘතික අංගවලින් උළෙල විචිත්‍රවත් කෙරුණා. මෙහි නර්තන නිර්මාණය කෙරුණේ රැජිණ සෙල්වනායගම් අතිනුයි.





චන්ද්‍රලතා තන්ත්‍රිගේ 
 
ඡායාරූප - මලිත් ගමගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ අලුත්ම සාමාජිකයා මෙන්න

IMAGE 2018 Apr 25 12:50
බ්‍රිතාන්‍ය රජ පවු‍ලේ තොරතුරු ගැන උනන්දුව දක්වන බොහෝ දෙනෙකුට සතුට දනවන පුවතක් පසුගිය 23...
Views - 555

ඉංජිනේරු සිසු ඩිල්ශාන්ගේ පැතුම් ගං දියේ සැඟව යයි

IMAGE 2018 Apr 24 15:43
 තව ටික කලකින් අම්මා රස්සාවට යන එක මම නතර කරනවා. මට හොඳ රැකියාවක් ලැබුණම ගේ හදලා වාහනයක් අරගෙන...
Views - 1424

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 3258

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 2621

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 3800

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 4793

Please publish modules in offcanvas position.