Coss Ear2
lakbima.lk
COSS Ear 1

මංගල ඡායාරූපය සමගම ගයාන් - චතුරිකා රහස හෙළිකරයි

ගයාන් - චතුරිකා ආදර කතාව කාලයක් මේ රටේ ලොකු ආන්දෝලනයක් ඇති කළා. ඊට හේතු වුණේ දෙදෙනාම කලින් විවාහ වී සිටීමයි. ඒ විතරක් නමෛයි ගයාන් දරු දෙදෙනෙකුගේ පියෙක් වීමත් ඒ ගැන විශාල අවධානයක් යොමු  වෙන්න හේතු වුණා. දෙදෙනාගේම මුල් විවාහයන් දෙදරා යාමත් මේ දෙදෙනා ආදරයෙන් අලුත් ජීවිතයක් ආරම්භ කිරීමත් අද වන විට කලා ලෝකයට රහසක් ‍නෙවෙයි. නමුත් පහුගියදාක ගයාන් - චතුරිකා දෙදෙනා බොහොම ලස්සන මංගල ඡායාරූප පෙළකට පෙනී සිටීමත් සමග අද වෙද්දී මේ දෙදෙනාගේ කතාව ආයෙමත් කරළියට ඇවිත්. ගයාන් - චතුරිකා දෙන්නා කාටත් හොරෙන් ඔවුන්ගේ මංගල උත්සවය අරගෙනද කියන කුතුහලය ඇති කළ මේ ඡායාරූප පෙළ ගැන ඇත්ත කතාව විමසන්න ගයාන් සහ චතුරිකාට අපි කතා කළා. 
 
ගයානුයි - චතුරිකයි හොරෙන්ම මංගල ගමන ගිහින් වගේ...?
ගයාන් : අපි දෙන්නගේ මංගල ඡායාරූප දැක්කට පස්සේ හැමෝම ඔය ප්‍රශ්නය අහනවා.
චතුරිකා : ඒක වෙඩිං ෂූට් එකක් විතරයි. අපි දෙන්නා ඇත්තටම මංගල උත්සවයක් ගත්තේ නැහැ.
 
ඔය දෙන්නාට ඇයි හදිසියේම ඒ වගේ දෙයක් කරන්න හිතුණේ?
ගයාන් : ඒක... අපි සැලසුම්කරලා කරපු එකක් නමෛයි.
චතුරිකා : අපි කළේ ඒ ෆොටෝ ෂූට් එකට පෙනී හිටපු එක විතරයි.
 
කවදාද? කොහෙදීද ?
ගයාන් : පසුගිය ඔක්තෝබර් 28 වැනිදා 
චතුරිකා : නුවරදී තමයි මේ ෆොටෝ ෂූට් එක තිබුණේ.
 
ගයාන් - චතුරිකා ආදරයෙන් එක්වූ පසු මේ වගේ මංගල ඡායාරූප පෙළකට පෙනී සිටි පළමු අවස්ථාවද මේ ?
ගයාන් : නෑ මේ දෙවැනි අවස්ථාව.
චතුරිකා : මීට කලින් Magazine එකකටත් මේ වගේ වෙඩිං ෂූට් එකක් කළා?
 
සැබෑ ජීවිතේදී ගයානුයි - චතුරිකායි මංගල ඡායාරූපයකට පෙනී සිටීමේ අවස්ථාව දවසින් දවස දුර යනවා නේද?
ගයාන් : ඔව්. ඒකනම් ඇත්ත තමයි. මේ අවුරුද්දේ මැයි මාසේ තමයි ඒක හිතාගෙන හිටියේ. ඒත් ඒක කල් දාන්න වුණා.
චතුරිකා : හැබැයි ලබන අවුරුද්දේ අප්‍රේල් මාසෙන් පස්සේ ඒ දවස අනිවාර්යයෙන්ම උදා වේවි.
 
එදාට ඒ සතුට බෙදාගන්න කලා ලෝකේ හැමෝම එකතු කරගන්න බලා‍පොරොත්තුවක් තිබෙනවාද?
ගයාන් : ලොකු උත්සවයක් ගන්න නම් අපේ අදහසක් නැහැ.
චතුරිකා :  හැබැයි එදාට අපි සැරසෙන්නේ නම් උඩරට මනාල යුවළක් විදියට. මොකද මම හරිම කැමැතියි උඩරට මනාලියක් විදියට සැරසෙන්න. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.