Coss Ear2
lakbima.lk
COSS Ear 1
යුරේනි නොෂිකා අන්තර්ජාලයේ පුවත් මවන්නියන් අතරින් කෙනෙක්. සතියකට දෙකකට වතාවක් යුරේනි ගැන කුමක් හෝ උණුසුම් පුවතක් පළ වෙනවා. මේ දවස්වලත් ඔන්න යුරේනි ගැන උණුසුම් පුවත් දෙකක්ම අන්තර්ජාලයේ සැරිසරනවා. අපි යුරේනිට කතා කළේ මෙවැනි පුවත් මැවෙන එක ගැනයි, ඇගේ පෞද්ගලික තොරතුරු ගැනයි විමසන්නයි. 
 
මේ දවස්වල යුරේනි ගැන උණුසුම් පුවත් දෙකක්ම අන්තර්ජාලයේ පළවනවා
ඉස්සර නම්, මං ගොසිප්කාරයන්ගේ වැඩ හින්දා හරියට හිත් රිදවාගත්තා. දැන් නම් ඒ වගේ වබේ සයිට් බලන්නෙවත් නැහැ. මගෙ යාළුවෝ ඕවා දැකලා මට කෝල් කළාම තමයි මමත් ඒවා දැනගන්නේ.
 
සජීවි වැඩසටහනකදී යුරේනි එහි නිවේදකයාට කරන විහිළුවක් තමයි යුරේනි ගැන පළවන අලුත්ම ප්‍රවෘත්තිය.
අයියෝ.... ඒක බොහොම පුංචි විහිළුවක්. වැඩසටහනට ආපු මමයි පැතුම්, රුක්ෂාන් ඇතුළු කට්ටියයි එකතු වෙලා වැඩසටහන කරපු නිවේදකයව බයිට් කළා එච්චරයි.
 
ඒත් අන්තර්ජාලයේ පළවන Video Clip එකෙන් පෙනෙන්නේ යුරේනි කළ දේ විතරයි 
මමයි පැතුමුයි වැඩසටහනට ගියේ ඩෙනිම් කලිසම් ඇඳගෙන. අපේ ඇඳුම්වල දණහිස ඉරිලා තිබුණා. ඒ විලාසිතාවට ඒත් ‍ප්‍රෝග්‍රෑම් එක කරපු කෙනාගේ විලාසිතාව වුණේ දණහිසින් ඉහළ කොටස්. අපි ඒකට විහිළු කළා. ඒත් මම විහිළු කරපු ටික විතරයි ඔය අන්තර්ජාලයේ පළ වෙන්නේ.
 
සජීවි වැඩසටහනකදී කැමරාවක් ඉදිරියේ කරන කියන දේවල් ගැන සැලකිලිමත් වෙන්න ඕන නේද?
අයියෝ මම කැමරාවක් ළඟදී බොරු ප්‍රතිරූපයක් මවාගන්න උත්සාහ කරන කෙනෙක් නමෛයි. සාමාන්‍ය ජීවිතයේදී කරන කියන දේ හැසිරෙන විදිය කැමරාවක් ළඟදී වෙනස් කරන්නේ නැහැ.
 
අනේ මම නම් කවදාවත් පතිවත රකින්නේ නැහැ කියලා යුරේනි ප්‍රකාශ කළෙත් ඒ හින්දද?
ඔය ප්‍රවෘත්තියත් මේ දවස්වල අන්තර්ජාලයේ පළවනවා. එතැනදී වුණේත් වෙන දෙයක්.
 
මොකක්ද?
කිසිම සත්වයෙක්, එකම යුවළක් හැමදාම එකට ඉන්නේ නැහැ. එහෙම ඉන්න එකම සතා මනුෂ්‍යයා. ඒත් මනුෂ්‍යයා කියන්නෙත් සත්වයෙක්. ඒ හින්දයි එකම යුවළක් ජීවිත කාලෙම එකට ඉන්න කොට ගැටලු මතුවන්නේ. අනියම් සබඳතා ඇතිවන්නේ. දෙවැනි තුන්වැනි විවාහවලට යන්නේ. ඔන්න ඔය කාරණය මම දීර්ඝව කතාකරපු සාකච්ඡාවක් ඔය. ඒත් එතැනින් වෙන වෙනම මම කියපු වාක්‍ය දෙකක් අරගෙන සංස්කරණය කරලා මට නම් පතිවත රකින්න බැහැ කියලා හදලා තමයි ඔය අන්තර්ජාලයට දාලා තියෙන්නේ.
 
තමන් ගැන වැරදි පුවත් මාධ්‍යවල පළවුණාම ඊට ප්‍රතිචාර දක්වන්නේ නැත්තේ ඇයි ?
එක වතාවක් එක්තරා පුවත්පතකට ගත්ත ඡායාරූප පෙළක එන පින්තූරයක මගෙ ගවුම ටිකක් මෑත් වෙලා තිබිලා තියෙනවා. එදා ඡායාරූප සිය ගණනක් ගත්තා. ඒත් අර ඡායරූප අරගෙන පත්තරේ පළකරලා තිබුණා. එදා නම් මම ඒ පත්තරේට කතාකරලා බැන්නා. ඒත් දැන් එහෙම මොකුත් කියන්න යන්නේ නැහැ. මම කර්මය විශ්වාස කරනවා. මේ ආත්මේ මම කිසි කෙනෙකුට හිත් රිදීම් කරලා නැහැ. ඒත් පෙර ආත්මවල කරපු පව් හා පින් පළදෙන එක වලක්වන්න බැහැ. එහෙම හිතලා මම හිත හදාගන්නවා. අනෙක දැන් කවුරු මොනව කලත් මගෙ හිත රිදෙන්නේ නෑ. ඔය වගෙ සිදුවීම්වලට මුහුණ දීලම දැන් මගෙ හිත ගලක් වෙලා.
 
හැබැයි ඉතින් අන්තර්ජාලයේ පුවත් මවාගෙන ජනප්‍රිය වන අය ඉන්නවා කියලත් මතයක් තියෙනවා.
ඇත්ත. එහෙම අය ඉන්නවා. ඒක ඒ අයගේ උගත්කම පිළිබඳ ප්‍රශ්නයක්. ඒ අය පව්. හැබැයි මම එතන නැහැ. අන්තර්ජාලයේ පුවත් මවාගෙන ලබන ජනප්‍රියත්වය මට නම් එපා.
 
විවාහ වෙලා තැන්පත් වුණා නම් මේ කතා හැදෙන එක අඩුවෙයි.
මම විවාහ වෙයිද, සදාකාලිකව තනිව ඉඳියිද මම දන්නේ නැහැ. සුදුසුම කෙනා හමු නොවුණොත් තනිකඩව ඉන්න එක හොඳයි.
 
යුරේනි දැන් ප්‍රේමවන්තියක්ද? 
නැහැ.
 
කී වතාවක් ආදරේ කරලා තියෙනවාද?
හතර වතාවයි.
 
ඒ ආදර සබඳතාවලට මොකද වුණේ ? 
මම ඒ හැම අවස්ථාවකම අවංකව ආදරේ කළා. ඒත් ඒ එක්කෙනෙක්වත් මට ඇත්තටම ආදරේ කරලා නැහැ කියලා දැන ගත්තේ පස්සේ. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 17

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2317

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3298

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3552

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1437

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3422

Please publish modules in offcanvas position.