Coss Ear2
lakbima.lk
COSS Ear 1

මල්ලිගේ පෙම්වතිය රඟපාන්න ආවට මගේ පෙම්වතිය රඟපාන්න එන්නේ නෑ

අඛිලයි - සජිතයි දෙන්නම මේ වන විට පෙම්වතුන් බව කාටවත් රහසක් ‍නෙවෙයි. සජිත පසුගිය දවසක අලුත්ම ගීතයක් ගයලා, පෙම්වතියත් එක්ක ඒ ගීතයේ රූප රචනාවත් කරලා පෙම්වතිය රටටම හඳුන්වා දුන්නා. ඒත් අඛිල තවමත් තමන්ගේ පෙම්වතිය මාධ්‍යයට හඳුන්වා දෙන්න මැලිකමක් දක්වනවා. ඒ ඇයි කියලා අපි අඛිලගෙන්ම ඇහුවා. 

අඛිලගේ නෑනව නම් දැන් රටම හඳුනනවා? 
ඔව්. මල්ලි එයාගේ පෙම්වතිය එක්ක ගීත රූප රචනාවක් කළානේ. මේ දවස්වල හැමෝම කතා කරන්නේ ඒ ගැන තමා. 
 
ඒත් අඛිල තවමත් තමන්ගේ පෙම්වතිය වසන් කරනවා. ඇයි ඒ? 
කවුද එහෙම කියන්නේ. මම පෙම්වතෙක් බව හැමෝම දන්නවා. මම යන එන තැන ඇයව එකතු කරගෙන යනවා. 
 
ඒත් තමන්ගේ පෙම්වතිය මාධ්‍ය ඉදිරියට ගෙනත් හඳුන්වා දෙන්නේ නැහැනේ? 
මල්ලි ඒ දේ කළේ එයාගේ පෙම්වතිය එයත් එක්ක ඒ ගීත රූප රචනාවේ රඟපෑ හින්දා. ඒත් ඉතින් මගේ පෙම්වතිය රඟපාන්න එන්නේ නැහැනේ. ඉතින් මම කොයි විදියටද එයාව මාධ්‍ය ඉදිරියට අරගෙන එන්නේ. 
 
ජනප්‍රිය චරිතවල පෞද්ගලිකත්වය දැන ගන්න රසිකයන් කැමතියි. අඛිලගේ පෙම්වතියගේ විස්තර දැනගන්න ඔබේ රසිකයනුත් කැමති ඇති? 
පෞද්ගලිකත්වය අනවශ්‍ය විදියට හෙළි කරන්න ගිහින් මම බැට කාලා තියෙනවා. ගිනි පෙනෙල්ලෙන් බැට කාපු මිනිහා කණාමැදිරි එළියටත් බයයි කියනවනේ. 
 
ඔය කියන්නේ පෙම්වතිය මාධ්‍ය ඉදිරියට රැගෙන ඒම ගැනද? 
ඔව්. එක් වතාවක් මම එය කළා. පෙම්වතිය ගැන, ආදරය ගැන විවාහ වෙලා ගෙවන ජීවිතය ගැන පවා එළිපිට කතා කළා. ඒත් අන්තිමට ඒ දේවල් ඔක්කොම නැති වුණා. 
 
තවමත් ඒ අතීතය වෙනුවෙන් හඬා වැටෙනවාද? 
මට ගොඩක් ආදරේ කරන මාව හරියට තේරුම් ගත්තු පෙම්වතියක්් මගේ ජීවිතේ ළඟ ඉන්නවා. ඉතින් ඇයි මම අතීතය වෙනුවෙන් හඬා වැටෙන්නේ. 
 
කලා ලෝකයේ ඉන්න දෙන්නෙක් ළංවෙලා ඉඳලා වෙන් වුණත් කලා ලෝකය තුළ ඒ දෙන්නා හමුවන අවස්ථා තියෙනවා. ඔබේ අතීතයත් ඒ විදියට ඔබට හමුවනවා ඇති? 
එහෙම අවස්ථා තියෙනවා. ඒ වෙලාවට නාඳුනන දෙන්නෙක් වගේ ඉන්නවා. එච්චරයි. 
 
ටෙලි නාට්‍යයක හරි චිත්‍රපටයක හරි ඇය සමග රඟපාන්න වුණොත්? 
පෞද්ගලිකත්වයයි වෘත්තියයි මම කවදාවත් පටලවාගන්නේ නැහැ. 
 
අපි අතීතය අතීතයටම දීලා වර්තමානයට එමු. ආදරය හා විවාහය ගැන දැන් තියෙන සැලසුම් මොනවාද? 
කවදා හරි හොඳ සල්ලිකාරයෙක් වෙනවා කියන අදහස මට තිබුණේ කාලෙක ඉඳන්. මගේ පෙම්වතිය මගේ බිරිඳ වූ පසු ඇයට සතුටින් ජීවත් වෙන්න පසුබිම ගොඩනගන හැටි, දරුවන් ලබලා හොඳ පවුල් දිවියක් ගෙවන හැටි, ඔන්න ඔය වගේ බලා‍පොරොත්තු සැලසුම් ගොඩක් අද මට තියෙනවා. ඒ ගොඩක් සැලසුම් රැඳිලා තියෙන්නේ ආදරය හා පෙම්වතිය ගැන සිතුවිලි අතරෙයි.
 
ඔය විදියට සිතුවිලි අතරේම ඉන්නේ ළඟදීම විවාහ වෙන්න අදහසක් නැද්ද? 
(හිනැහී) තියෙනවා...... තියෙනවා.... මං හිතන විදියට තව වැඩි කාලයක් බලා ඉන්න වෙන එකක් නැහැ ඒකට. 
 
ආරියවංශ කුලතිලක
 
එක්වන්න අපගේ Facebook පිටුවට - www.facebook.com/lakbima.lk

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.