Coss Ear2
lakbima.lk
COSS Ear 1

පසුගිය ජූලි 23 වැනිදා ‘රිද්ම’ පුවත්පතේ පළවූ ශෂී ඇන්ජලීනාගේ ලිපිය අන්තර්ජාල වබේ අඩවිවලට උණුසුම් පුවතක් වුණා. රඟපෑමට ආරාධනා කළ අධ්‍යක්ෂවරු 6 දෙනකුම තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ නිසා ඒ නිර්මාණ 6ම අතහැර දැමූ බවට ශෂී කළ ප්‍රකාශය තමයි මේ උණුසුම් පුවතට හේතු වුණේ. පුවත් ලිපිය පළවීමෙන් පසු ශෂීගෙනුත් බොහෝ අය සිදුවීම ගැන විමසා තිබුණා. ඒ ආන්දෝලනය තවත් උණුසුම් වුණේ පසුගියදා එළිදැකපු “හීන ගානේ” ගීත රූප රචනයේ ශෂී, අමිල කරුණානායක සමග පෙනී සිටි සරාගී දර්ශන පෙළ නිසයි. කොයිතරම් ඉහළ මිලක් ගෙව්වත් නිරුවත්, අඩ නිරුවත් හා සරාගී දර්ශනවලට පෙනී නොසිටින බවට පුවත්පතට ප්‍රකාශ කළ ශෂී මේ කරලා තියෙන්නේ මොනවද කියලා ඇතැමුන් විමසන්න පටන්ගත්තේ අන්තර්ජාල වබේ අඩවි ඒ ගැන කියා තිබූ දේවල් හින්දමයි.

ජූලි 23 වැනිදා ‘රිද්ම’ පුවත්පතට ශෂී කළ ප්‍රකාශය අද වනවිට අන්තර්ජාල වබේ අඩවිවලට උණුසුම් පුවතක් වෙලා.
පත්තරේ ලිපිය පළවීමත් එක්ක මටත් දුරකථන ඇමතුම් ගලාගෙන ආවා. හැමෝටම දැනගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ අධ්‍යක්ෂවරු කවුද කියන එකයි.

ඔබට ප්‍රතිචාර දැක්වූ අය මොන විදියේ අදහස්ද ඔබ වෙත දක්වා තිබුණේ?
ඒ විදියේ අයුතු යෝජනා කළ අධ්‍යක්ෂවරුන්ට කෙළින්ම උත්තර දීලා ඒ නිර්මාණවලින් ඉවත්වීම ගැන ගොඩක් අය මට ප්‍රශංසා කර තිබුණා. අධ්‍යක්ෂවරුන්ගේ නම් හෙළි නොකිරීම වැරදි බව තවත් අය කියා තිබුණා. ඒ විදියට නම් නොකියා හිටියම හොඳ අධ්‍යක්ෂවරුන්ටත් චෝදනා එල්ල වන්න පුළුවන් නේද කියලා සමහරු මගෙන් ඇහුවා.

ඒ ප්‍රශ්නය නම් සාධාරණයි නේද?
මම කිසිම තැනක සමස්ත අධ්‍යක්ෂවරුන්ට චෝදනා කළේ නැහැනේ. හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. මම කතා කළේ නරක අය ගැන. මම ඒ අයගේ නම් හෙළිදරව් නොකළට ඒ පුවත්පත් ලිපිය දැක්කම ඒ අයගේ හෘද සාක්ෂිය ඒ අයට අදාළ සිදුවීම මතක් කරලා දෙයිනේ. මට ඒ ඇති.

මේ විදියට දුරකථන ඇමතුම් දුන්නේ කලා ක්‍ෂේත්‍රයේ සිටින ශෂීගේ හිතවතුන්ද? නැත්නම් රසිකයන්ද?
කලා ලෝකයේ අය වගේම රසික පිරිසත් හිටියා. ඔය අතරේ නිර්නාමික දුරකථන ඇමතුම් කිහිපයකුත් ලැබුණා. ඒ නිර්නාමික ඇමතුම් දුන්න අය නම් දිගින් දිගටම ඇහුවේ ඒ අධ්‍යක්ෂවරුන්ගේ නම් මොනවද කියලා. ඒත් මම ඒ නම් හෙළි කළේ නැහැ. මේ විදියට අධ්‍යක්ෂවරුන්ට චෝදනා කළාම රඟපාන්න අවස්ථා අඩුවෙයි කියලා සමහරු කිව්වා. ඒත් පත්තරේට කරපු ප්‍රකාශය ගැන මම දුක්වන්නේ නැහැ. මොකද නිර්මාණයට මාව අත්‍යවශ්‍ය නම් කොහොමත් මාව ගන්නවා. අර විදියේ අදහස් ඇතුව නිර්මාණවලට මට කතාකරන අධ්‍යක්ෂවරු මේ ලිපිය දැක්කාම මට කතා නොකර ඉඳියි. ඒක මට ප්‍රශ්නයක් නැහැ.

ඉතා ඉහළ මිලක් දුන්නත් නිරුවත, අඩ නිරුවත හෝ සරාගී දර්ශන රඟපාන්නේ නැහැ කියලා කියපු ශෂීගේ ප්‍රතිපත්ති අද වෙනස් වෙලාද?
නැහැ වෙනස් වෙලත් නැහැ. වෙනස් වෙන්නෙත් නැහැ. පසුගිය මාස දෙකේ මට රඟපෑමට ආරාධනා ලැබුණේ අඩුවෙන්. ඊට හේතුව මගේ ඔය ප්‍රතිපත්තිය.

‘හීන ගානේ’ රූප රචනයේ ඔබ අමිල කරුණානායක එක්ක සරාගී දර්ශනවලට පෙනී සිටියාද?
එතැන දෙතොල් සිප ගැනීමක් තියා දෙතොල් ස්පර්ශ කිරීමක්වත් වුණේ නැහැ. අපි දෙන්නම හිටියේ ඇඳුම් ඇඳගෙන. කැමරා කෝණ මගින් තමයි සරාගී බව මතුකළේ. නරඹන්නන්ට එහි සරාගී බවක් දැනෙද්දී අපි ගැන වැරදි වැටහීමක්වත් ඇති වුණාද දන්නේ නැහැ. අන්තර්ජාල වබේඅඩවි එයට අනවශ්‍ය විදියට වැරදි අදහස් එකතු කරලා. ඒත් අමිලයි මමයි දෙන්නම කවදාවත් එවැනි දර්ශනවලට පෙනී ඉන්න අය නමෛයි.

ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2314

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3295

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3549

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1437

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3422

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2510

Please publish modules in offcanvas position.