Coss Ear2
lakbima.lk
COSS Ear 1

ජීවිතය ළඟ කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා

දුලානි අනුරාධා කියන රටම දන්නා ජනප්‍රිය නිළිය සතුට හා දුක විග්‍රහ කරන හැටි දැන ගන්නයි අපි මුලින්ම කැමති ?
ජීවිතය ජීවත් කරවන්නට මතක් කරමින් ධනාත්මක සිතුවිලි ඇතිකරන අත්දැකීම් තුළින් ලබන හැඟීම තමයි සතුට කියන්නේ. දුක කියන්නේ ජීවිතය ජීවත් කරවන්නට පාඩම් උගන්වන ධනාත්මක අත්දැකීම් නිසා ඇතිකරන හැඟීමටයි.
 
එතකොට ඔබ ජීවිතයේ අත්විඳි ලොකුම සතුට හා දුක මොකක්ද?
අබා චිත්‍රපටයට මා තෝරාගත් අවස්ථාව තමයි සතුටුම අවස්ථාව. ලොකුම දුක මම හිතන්නේ මම තවම අත් විඳිලා නැහැ.
 
කලාකාරියක් විදියට ඔබ විඳපු ලොකුම සතුට හා දුක මතකද?
අබා චිත්‍රපටයට හොඳම නිළිය විදියට සම්මාන හිමි වූ මොහොතේ විශාල සතුටක් දැනුණා. සමහර සිනමා සම්මාන උළෙලවල ඇගයීම් ලබලා එම වසරේම පැවති වෙනත් සම්මාන උළෙලවලදී නිර්දේශයට හෝ ලක් නොවුණු අවස්ථා තමයි කලාකාරියක් විදියට මම විඳපු ලොකුම දුක. 
 
ඔබට ආදරය දුකක්ද සතුටක්ද?
සතුටේ උපරිමය වගේම දුකේ උපරිමයත් ආදරය තමයි.
 
වැඩියෙන්ම සතුට තියෙන්නේ විවාහ ජීවිතය තුළද තනිකඩ ජීවිතය තුළද?
තනිකඩ ජීවිතය සුන්දරයි. සැහැල්ලුයි. ඒත් විවාහ ජීවිතය තුළ ජීවිතය බෙදාගන්න පුළුවන්. අසාර්ථක විවාහ ජීවිත වගේම, සාර්ථක විවාහ ජීවිතත් මම දැකලා තියෙනවා. මට හිතෙනවා ආදරයෙන් පිරුණු හොඳ විවාහ ජීවිතයක් වඩා සුන්දර ඇති.
 
එහෙනම් දුලානිට මේ ගෙවන තනිකඩ ජිවිතය දරාගන්න බැරි තරම් දුකක් ඇති ?
එහෙම දරාගන්න බැරි තරම් දුකක් නම් නැහැ. ඒත් පාළුවක්, තනිකමක් දැනුණම ජීවිතේ ළඟ කවුරු හරි හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ වෙලාවට පුංචි දුකක් දැනෙනවා. මම හිතන්නේ ඒ දුක තනිකඩව ඉන්නා හැම කාන්තාවකටම දැනෙනවා ඇති.
 
විවාහ වෙලා ඒ ජීවිතයේ සතුට විඳින්න ඇයි ඔබ තවමත් පමා කරන්නේ ?
විවාහ වුණා කියලා හැම දෙයක්ම සතුටුදායක වෙන්නේ නැහැ. සුදුසු කෙනා හමුවෙලා ගැළපීම මත සිදුවන විවාහය තමයි සතුටින් පිරුණු විවාහයක් වන්නේ. සුදුසු කෙනා හමුවූ දාට මගේ විවාහයත් සිදුවේවි.
 
වෙනත් කෙනෙක් හින්දා දුලානි සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථාත් ඇති ?
මගේ අයියා මම පිළිවෙළක් වෙනතුරු විවාහ වෙන්නෑ කියන මතයේ හිටියා. පසුව ඔහු විවාහ වුණේ නිසි වයසත් පහු කරලා. එදා අයියගේ ජීවිතේ අලුතින් පටන් ගත්ත හැටි දැක්කම මට ලොකු සතුටක් දැනුණා. වෙනත් අය හින්දා දුක්වූ අවස්ථා නම් ගොඩක් තියෙනවා. මම හරි සංවේදියි. හඳුනන නාඳුනන කාට හරි දුකක් වුණොත් මගේ හිතත් උණු වෙනවා.
 
දුලානි හින්දා වෙන අය සතුටු වූ අවස්ථා වගේම දුක් වූ අවස්ථාත් ඇති ?
මගෙ ජයග්‍රහණයන් දැකලා මගේ ගෙදර අය නිතරම සතටු වෙනවා. මං හින්දා වෙන කෙනෙක් දුක් වූ අවස්ථා ගැන සිහිපත් කරද්දී නම් මතක් වෙන්නේ පාසල් කා‍ලේ සිදුවීමක්. එක්තරා පිරිමි ළමයෙක් මට තදින්ම ආදරය කළා. යාළුවන්ගේ බලපෑම් හින්දයි ඒ වයසෙදී තියෙන විසෙයි හින්දා මමත් ඒ ළමයට බොරුවට ආදර හසුන් ලියලා එයාව රැවැට්ටුවා. අන්තිමට මං පෙන්නුවේ බොරු ආදරයක් කියලා එයාට තේරුණා. ඒ සිද්ධියෙන් එයාගේ ජීවිතේ අන්තයටම වැටුණා. අද එයා කොහේ ඉන්නවද දන්නේ නෑ. ඒත් මම හින්දා වෙන කෙනෙකු ලොකු දුකක් වින්දා නම් ඒ තමයි එයා විඳපු දුක. 
 
අනාගතය ගැන හිතද්දී ඔබට දැනෙන්නේ සතුටක්ද දුකක්ද?
සතුටක්. මොකද කියනවා නම් මම ජීවිතය ගොඩ නඟාගත්තේ සැලසුම් සහගතවයි. ඒ හින්දා මගේ අනාගතය මට පැහැදිලියි. ඉතින් ඒ ගැන සතුටක් මිසක් දුකක් මට නැහැ. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 1697

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 1376

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 2185

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 3500

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 4284

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 4451

Please publish modules in offcanvas position.