Coss Ear2
lakbima.lk
COSS Ear 1

“දෙවැනි ඉනිම” ටෙලි නාට්‍යයේ අනුහස්ට (රවින් කණිෂ්ක) දුෂ්ටකම් කරන අවන්ත අද වෙද්දි රටේම කතාබහට ලක්වෙලා ඉන්නේ ඔහුගේ දඟකාර දඩබ්බරකම හින්දමයි. ගායකයෙක් විදියට ක්‍ෂේත්‍රයට ඇවිත් නළුකමට එකතු වූ ඔහු නමින් කේශාන් ශෂේන්ද්‍රයි. අපි අද මේ කතාබහට කේෂාන්ව එකතු කරගන්නේ ‘දෙවැනි ඉනිමේ අමන්ත’ ගැන වගේම ඔහුගේ ජීවිතයේ අලුත්ම තොරතුරු ගැනත් අහන්නයි.

කොහොමද මේ දවස්වල ලැබෙන ප්‍රතිචාර එහෙම?
ගොඩක් හොඳයි. හැබැයි ඉතින් මගේ චරිතය නපුරුකම් කරන දඩබ්බර චරිතයක්නේ. ඒ හින්දා සමහරු මාව දැක්කත් ඔරවනවා. ඒකෙන් හැඟෙන්නේ මම චරිතය හොඳට කරලා තියෙනවා කියන එකනේ. ඒක මට සතුටක්.

ගායකයෙක් වෙන්න ඇවිත් නළුකමට ආවේ අහම්බෙන්ද?
මට අවශ්‍ය වුණේ සංගීතයට යොමු වෙන්නයි. 2011 ඩී්‍රම් ස්ටාර් තරගයට ඉදිරිපත් වුණේ ඒ හින්දා. අවසානයේදී මම තරගයේ කිරුළ හිමිකර ගත්තා. ඒ තුළින් සංගීතයට  එකතු වෙන්න ලැබුණා. මේ වෙද්දී මම ගීත 10ක් විතර කරලා තියෙනවා. ඔය අතරේ තමයි ‘පිපෙන මල්’ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ. ඊට පස්සේ ‘දෙවැනි ඉනිම’ට එකතු වුණා. හැබැයි ඉතින් දැනටත් මම මුල්තැන දෙන්නේ සංගීතයටයි.

ඒ කියන්නේ මින් ඉදිරියට රඟපාන්නෙ නැද්ද?
රඟපානවා. හැබැයි මුල්තැන සංගීතයට. ඒ අතරතුර හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.

මේ වනවිට ඒ වගේ ආරාධනා ලැබිලා තියෙනවද?
ටෙලි නාට්‍යය වගේම චිත්‍රපට වලටත් ආරාධනා ලැබිලා තියෙනවා. ඒත් මම ඒවා ප්‍රතික්ෂේප කළා. ඕනෑවට වඩා සරල බොළඳ නිර්මාණවලට දායක වන්න බැහැ. යම් ගැඹුරක් තියෙන නිර්මාණයකට තමයි දායක වෙන්න කැමති. සංගීතය තුළ වුණත් ඒ වගේ තමයි.

ඒ කියන්නේ ඔබට ඕනෑ සුභාවිත සංගීතය තුළින් ඉදිරියට යන්නයි?
මෙහෙමයි, මට ඕනෑ හොඳ නිර්මාණ කරන්නයි. අමරදේව මහතා, අමරසිරි පීරිස් මහතා, වික්ටර් රත්නායක මහතා වැනි අය ක්‍ෂේත්‍රය තුළ ගොඩනැගූ දෙයක් තියෙනවා. මට ඕනේ ඒ පාරේ යන්න.

දෙවැනි ඉනිම වෙනුවෙන් කේශාන්ට කොණ්ඩෙ කපන්නත් සිද්ධ වුණාලු නේද?
(හිනැහී) ඔව්, මම මේ නාට්‍යයේ ඉස්කෝ‍ලේ යන ළමයෙක්නේ. ඉතින් කොණ්ඩේ කපන්න සිදුවුණා.

හුරුබුහුටි නව යෞවනයෙකුගේ චරිතය රඟපාන හින්දද ගෑනු ළමයින්ගේ ආකර්ෂණය නම් සෑහෙන්න ඇති නේද?
අමන්ත නපුරු චරිතයක් හින්දා ගෑනු ළමයි මට කැමති නැහැ. ඉඳහිට විශේෂත්වයෙන් කතා කරන අය නම් ඉන්නවා. ඒත් ඉතින් මම මගේ සීමාවන් රැකගෙන ඉන්නවා.

සැබෑ ජීවිතයේ ඔබට ආදරය කරන කෙනෙක් ඉන්නවද?
ඔව්, මට ආදරය කරන කෙනෙක් මගේ ජීවිතය ළඟ ඉන්නවා.

චන්ද්‍රලතා තන්ත්‍රිගේ

ඡායාරූප - තුෂාර සංජීව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.