
ඔබ “සිඳු” ටෙලිනාට්‍යය හරහා තැන්පත් අම්මා කෙනෙකුගේ චරිතයක් රඟපානවා මොකක්ද වෙනස?
තමාලි කියන්නේ මගේ ජීවිතයට ලැබුණු තීරණාත්මක චරිතයක්. තමාලි “රොෂානාව” ප්‍රේක්ෂක ආදරයට ලක් කළේ කවදත් මතක හිතෙන විදිහට. “තමාලි රොෂානාගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් වඩා නිවැරදියි.
රොෂානා ඔන්ඩච්චි කියන්නේ සැබෑ ජීවිතයේදීත් තමාලි සිරිවර්ධන වගේ අම්මා කෙනෙක්ද?
රොෂානායි තමාලියි අතර සමානකම් ගොඩක් තියෙනවා. මමත් දුවෙක් ඉන්න අම්මා කෙනෙක්. තමාලි වගේම මමත් දුවත් එක්ක මේ ලෝකේ තනි වුණ අම්මා කෙනෙක්. තමාලිට මහත්තයා හිටියත් නැහැ වගේ. සැබැ ජීවිතයේ මමත් අත් විඳින්නේ සැමියකු නැති අම්මා කෙනෙකුගේ අත්දැකීම්.
තමාලි නිසා රොෂානාගේ ජිවිතෙත් වෙනස් වුණාද?
පෙම්වතියක්, හාස්‍යජනක රංගන ශිල්පිනියක් වුණා. රොෂානාව ආදරණීය මවක් කළේ තමාලි. ඒ නිසා මගතොටේ හම්බවෙන හැමෝම රොෂානා ඔයාට අම්මගේ චරිතේ හොඳටම ගැළපෙනවා... අපි ඒ චරිතේට ගොඩක් ආදරේ කරනවා කියලා කියනවා. ඒ නිසා මමත් දැන් හැසිරෙන්නේ තමාලි වගේම තමයි.

රොෂානාට තමාලි වෙන්න අවස්ථාව ලැබුණේ කොහොමද?
මම 2004දි පෙම්බරයාණනි ටෙලිනාට්‍යයේදී ජානක සිරිවර්ධන එක්ක වැඩ කළා. එහිදී මගේ කුසලතා ගැන සෑහීමකට පත්වෙලා ජානක අයියා තමයි “සිඳු” සඳහා මට අවස්ථාව ලබා දුන්නේ.
බටහිර පන්නයට විලාසිතා කරන රොෂානාට තමාලි වෙනුවෙන් ඔසරිය අඳින එක ලේසි වුණාද?
මම බටහිර පන්නයට ඇන්දත් ඒ ඇඳුම්වල වැදගත්බවක් තියෙනවා. ඔසරිය ගැන මුලදී නම් මට එච්චරම කැමැත්තක් තිබුණේ නැහැ නමුත් සිඳු ටෙලිනාට්‍යයෙන් පස්සේ මට හරිම ආසාවක් ඇති වුණා ඔසරිය අඳින්න.
සිඳු නිසා රොෂානාට හිමි වුණ දේවල් වගේම අහිමි වුණ දේවලුත් තියෙනවා කියන්නේ ඇත්තද?
සිඳු නිසා මට ප්රේක්ෂකයන්ගෙන් ගොඩක් ආදරේ ලැබුණා. ඒ වගේම පරණ හිතවත් නැති යාළුවෝ නැවතත් හිතවත් වුණා. ඒ වගේම කියන්න කනගාටුයි සිඳුහි තමාලි නිසා මට තිබුණු සමහර හිතවත් කම් නැති වුණා.
ඒ කොහොමද?
මොකද කියනවා නම් තමාලි නිසා රොෂානාට දවසින් දවස ප්‍රේක්ෂකයන් ආදරේ කරන්න පටන් ගත්තා.ඒ නිසාම මගේ සාර්ථකත්වය දරාගන්න බැරි වුණු ගොඩක් දෙනා මාත් එක්ක තරහා වුණා. විශේෂයෙන්ම ක්ෂේත්රයේ දුරගමනක් යන්න බැරිව එකතැනම ඉන්න සමහරුන්ට මම ඡායාරූපවලට පෙනී සිටීමත් වරදක් වුණා.
සමන්මලි නැලිගම
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.