Coss Ear2
lakbima.lk
COSS Ear 1
පහුගිය කාලය පුරාම රට පුරා විසිරී සිටින බොහෝ අයට ඩෙංගු රෝගයේ අනර්ථකාරී ප්‍රතිඵලවලට මුහුණ දෙන්න සිදුවුණා. ඒ අතර අපේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය නළු නිළි දෙදෙනකුටත් ඩෙංගු මදුරුවාගෙන් ගැළවෙන්නට පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඒ තමයි හර්ෂණ බෙත්මගේ සහ වොල්ගා කල්පනී 
 
හර්ෂණටයි වොල්ගටයි ඩෙංගු රෝගය වැළඳුණා කියල අපිට දැන ගන්න ලැබුණා. 
ඔව්. අපි දෙන්නටම එක සැරේ ඩෙංගු හැදුණා. මේ දවස්වල විවේකී සුවයෙන් ඉන්නවා. 
 
කවදාද මූලික රෝග ලක්ෂණ මතු වුණේ? 
මුලින්ම රෝගය වැළඳුනේ වොල්ගට. ඊට පස්සේ තමයි මට හැදුණේ. පහුගිය 17 වැනිදා තමයි මුලින් රෝග ලක්ෂණ වැඩි වෙලා වොල්ගාව රෝහල් ගත කළේ. 
 
ඒ වෙද්දී හර්ෂණයි වොල්ගයි හිටියේ කොළඹින් බැහැරව නේද? 
ඔව්. ලක්ෂ්මන් පුෂ්පකුමාරගේ අධ්‍යක්ෂණය කරන නවතම ටෙලිනාට්‍ය රූගත කිරීම්වලට අපි මහව ගිහින් හිටියේ. අපි දෙන්නා එකට ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවට පෙම්වතුන් විදියට රඟපෑ අවස්ථා අඩුයි. සුජාතා ටෙලි නාට්‍යයෙන් පස්සේ අපි පෙම්වතුන් විදියට රඟපාන්නේ මේ ටෙලි නාට්‍යයේ. 
 
රූගත කිරීම් අතරතුරද රෝගීිි තත්ත්වය ඇති වුණේ? 
ඔව්. රෝගීි තත්ත්වය ඇතිවෙලා 17 වැනිදා ‍පොල්පිතිගම රෝහලට අරගෙන ගියා. ඉන්පසුව එදාම කොළඹට ගෙනැත් රාගම පෞද්ගලික රෝහලක නතර කළා. ඊට පස්සේ කරපු ‍ලේ පරීක්ෂණවලින් තමයි දැන ගත්තේ ඩෙංගු හැදිලා තියෙන බව. ඔල්ගාව රාගම පෞද්ගලික රෝහලක නතර කළා. 
 
හර්ෂණ අසනීප වුණේ ඉන් පසුවද?
ඔව්, වොල්ගාව රෝහල් ගත කරලා එයාගෙ තනියට ළඟින්ම හිටියේ මම. ඔය අතරේ මටත් උණ හැදුණා. ‍ලේ පරීක්ෂණයක් කළාට පස්සේ තමයි දැන ගත්තේ මටත් හැදිලා තියෙන්නේ ඩෙංගු බව. 19 වැනිදා මමත් ඒ රෝහ‍ලේම රෝහල් ගත වුණා. 
 
දැන් දෙන්නටම සනීපද?
බොහෝ දුරට සුවයි. වෛද්‍ය උපදෙස් අනුව අපිට නියම කළ ආහාර වට්ටෝරු අරගෙන විවේකී සුවයෙන් ගෙදරට වෙලා ඉන්නවා. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.