Coss Ear2
lakbima.lk
COSS Ear 1

මම ඒ අහිංසක ළමයි දැකපු හීනයක් සැබෑ කළා

මේ ගෙවී යන්නේ උතුම් තෙමඟුල සමරන වෙසක් සතියයි. වෙසක් ‍පොහොය නිමිති කරගෙන රට පුරා පින්කම් රැසක් සිදුවෙද්දී නව පරපුරේ රංගන තාරකාවක් තම විසි එක් වෙනි උපන් දිනය නිමිතිකරගෙන අපූරු පින්කමක් සිදුකළා. කලා ක්ෂේත්‍රයේ තරු තාරකාවන් තම උපන් දින සැමරීම අරුමයට කාරණයක් නොවෙයි. කොටසක් තමන්ගේ ඇති හැකි සහ ආසාවේ ප්‍රමාණය මත නිවහනේ සිට තරු පන්තියේ හෝටල්වල උපන් දින සාද පවත්වද්දී තවත් කොටසක් වැඩිහිටි,  ළමා නිවාසවල දානමය පින්කම් කරමින් උපන්දිනය සමරනවා. පසුගියදා නව පරපුරේ රංගන ශිල්පිනියක් වූ මිෂෙල් දිල්හාරාත් තමන්ගේ විසි එක්වෙනි උපන් දිනය තරු පන්තියේ හෝටලයක මහා ඉහළින් සැමරුවා. නමුත් එම සාදයේ විශේෂත්වයක් තිබුණා. තමන්ගේ යාළු මිත්‍රයන්, ඥාතීන් වෙනුවට උපන් දින සාදයේ විශේෂිත ආරාධිත අමුත්තන් වුණේ ළමා නිවාසයක ළමුන් පිරිසක්.  
එදා සිනමන් ග්‍රෑන්ඩ් තැ‍ප්‍රොබේන් පිරී තිබුණේ මීගමුව සලණි ළමා නිවාසයේ දැරියන්ගේ සතුටු සිනාවෙන්. මව් පාර්ශ්වයෙන් කතෝලික බවත්, පිය පාර්ශ්වයෙන් බෞද්ධ බවත් උපතින් උරුම කරගත් මිෂෙල් දිල්හාරා තරු පන්තියේ හෝටලයකට පය ගැසීමත් සිහිනයක් වූ අහිංසක දැරියන්ට තම උපන් දිනය නිමිති කරගෙන ලබාදුන් සතුට සුළුපටු නැහැ. එබැවින්  එය උපන් දින උත්සවයකටත් වඩා වෙසක් සතියේ කළ සුවිශේෂි දානමය පින්කමක් ලෙස හැඳින්වූවත් වැරදි නැහැ. නෑදෑ යහළු මිතුරන් සමග කා බි විනෝද වන්නට ඕනෑ තරම් අවස්ථාව තිබියදී වෙසක් සතියේ අහිංසක දැරියන්ගේ කුස සේම සිතත් නොඅඩුව පිරවූ මිෂෙල් අපි සමග පිළිසඳරට එක් වුණා. 

මිෂෙල් හුඟාක් සතුටින් වගේ? 
ඇත්තටම කවදාවත් නැති තරමට මගේ හිතට සතුටුයි.
 
සතුටට හේතුව උපන් දින සාදයද?
ඔව්. මගේ උපන් දින සාදය නිසා වචනයෙන් විස්තර කරන්න බැරි තරම් සතුටක් ලබපු අහිංසක නංගිලාගේ සතුට දිහා බලලා මම හුඟාක් සතුටු වුණා. 
 
ඇත්තටම මිෂෙල් ළමා නිවාසයක ළමයි ටිකක් එක්ක තරු හෝටලයක උපන් දින සාදයක් පවත්වන්න හිතුවේ ඇයි?
මම මීගමුව සරණි ළමා නිවාසයේ නංගිලාට ඉංග්‍රීසි උගන්වනවා. මම ඒක කරන්නේ බොහොම ආසාවෙන් වගේම කිසිම මුදල් අය කිරීමක් නැතුව. මම ගුරුවරියක් වගේම සහෝදරියක් විදියටත් එයාලට හරි කිට්ටුයි. දවසක් නංගි කෙනෙක් මගෙන් කොළඹ තියෙන ලොකු හෝටල් ගැන විස්තර ඇහුවා. ඒ විස්තර කියනකොටත් එයාලට පුදුමයි. ඒ වගේ තැනකට ගිහින් බලන්න ආසයි කියලා එදා ඒ ළමයි මට කිව්වා. මම එයාලට ‍පොරොන්දු වුණා කවදා හරි දවසක එයාලගෙ ඒ ආශාව ඉෂ්ට කරනවා කියලා. ඒත් ඒක කොහොම කරන්නද කියලා මට අදහසක් තිබුණෙ නෑ. හැබැයි කවදා හරි එයාලගේ හීනය හැබෑ කරන්න මම හිතාගත්තා.
 
 
21 වෙනි උපන් දිනයට එයාලව තරු හෝටලයකට එක්කගෙන ආවේ ඒ නිසාද? 
ඔව්. මම සාදවලට ඒ තරම් ආස නෑ. ඒත් 21 වෙනි උපන් දිනය සමරන්න යාළුවෝ, මගේ ගෙදර අය යෝජනා කරද්දී මට හිතුණා ළමා නිවාසේ නංගිලාගේ හීනය හැබෑ කරන්න මේක හොඳ අවස්ථාවක් කියලා. ඒ අයට කොළඹ තරු හෝටලයක් පෙන්නන්න විතරක් නමෛයි තරු හෝටලයකින් කන්න දෙන්නත් මට උවමනාව තිබුණා. ඒ නිසයි. මම මගේ විසි එක්වෙනි උපන් දිනය සිනමන් ග්‍රෑන්ඩ් තැ‍ප්‍රොබේන්හිදී එයාලා ආස කරන කලාකරුවන් එක්ක සමරන්න හිතුවේ. 
 
ජීවිතේ සුන්දරම වයසේ හිටියත් මිෂෙල් හිතන පතන විදිය ඔයාගෙ වයසෙ  තරුණියන්ට වඩා වෙනස් වගේ. මිෂෙල් භාවනාවටත් යොමු වෙලා කියලා ආරංචියි?
ඔව්. මම කාලයක් ඉඳන්ම භාවනා කරනවා. පුංචි කා‍ලේ මම තාත්තා එක්ක ආත්ම ආරක්ෂක සටන් පුහුණු වුණා. ඒ කා‍ලේමයි භාවනාවටත් යොමු වුණේ. මොකද ඒ දෙක අතරෙ සමීප සම්බන්ධයක් තියෙනවා. සටන් කලාව කරන කෙනෙක්ගෙ මනස නිරවුල් වෙන්න ඕනෑ භාවනාවෙන් ඒ දේ සිද්ධ වෙනවා.
භාවනා කරන කෙනෙක් නිළියක් වෙන්න හිතුවා කියන්නෙත් පුදුමයක්?
රංගනය කියන්නේ රැකියාවක්. භාවනාවෙන් මම කළේ මගේ මනස නිරවුල්ව තබාගැනීමටයි. ඒ නිසා රංගනයත් මට භාවනාවක් වගේ දැනෙනවා. ඒකත් මම භාවනාවක් වගේ බොහොම භක්තියෙන් නිරවුල් මනසින් කරනවා. ඉදිරියේදී භාවනාවත් එක්ක අසරණ ළමයින්ට පිහිට වෙන්නත් මගේ අදහසක් තියනවා.
 
හිමේෂා සවන්ති රාජපක්ෂ 
ඡායා:- අසන්ත ගමආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

මේ හැම දෙයක්ම පෙර පිනක් නිසා ලැබුණු දේවල් වෙන්න ඇති

IMAGE 2018 Apr 22 16:52
උදා වූ අලුත් අවුරුද්දේ  ඔබට අපි අලුත් ආරංචි කීපයක්ම රැගෙන එනවා. ‘මලී’ ටෙලි නාට්‍ය හරහා...
Views - 303

ඕන කස්තිරමක් අල්ලන්න පුළුවන්. ඒත් රතු ලූනු එක්ක නම් බැහැ

IMAGE 2018 Apr 22 13:26
කොයි කවුරුත් ආසා කරන කෑම ජාති වගේම, අප්‍රිය කරන ආහාර වර්ගත් තියෙනවානේ. “කාටත් නොකී රහසක්’...
Views - 411

මේ විශේෂ කෙනා එක්ක විවාහ වෙන්න ලැබුණොත් ඒක ලොකු සතුටක්

IMAGE 2018 Apr 22 11:55
ජනප්‍රිය සිනමා නිළි සෙනාලි ෆොන්සේකා මේ දවස්වල හරි හරියට ලංකාව වටා රවුම් ගහනවලු. ඒ නිසාම මග...
Views - 731

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2652

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3589

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3787

Please publish modules in offcanvas position.