Coss Ear2
lakbima.lk
COSS Ear 1

වසර 4කට පසු කරළියට ඇවිත් දියමන්ති මාලයක් ගැන කියන කතාව

භාග්‍යා හෙට්ටිආරච්චි අපේ රටේ ජනප්‍රිය වුණේ ටෙලි නාට්‍ය නිළියක් විදියටයි. කෞෂාල් සිල්වා අපේ රටේ ජනප්‍රිය වුණේ ක්‍රිකට් ක්‍රීඩකයකු විදියටයි. 
2014 වර්ෂයේදී තමයි මේ දෙදෙනාගේ විවාහය සිදු වුණේ. විවාහයෙන් පස්සේ භාග්‍යා රංගනයෙන් සමුගත්තා. නමුත් දීර්ඝ නිහැඩියාවකට පස්සේ භාග්‍යා නැවතත් කලා ලෝකයට ඇවිත්. ඒ අලුත් ආරංචිය ගැන තමයි රිද්ම අපි අද ඔබට කියන්නේ. 
 
වසර හතරකට විතර පස්සේ තමයි භාග්‍යා ආයෙමත් මේ විදියට කලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් කියමුකෝ භාග්‍යා අලුතින් කරපු වැඩේ ගැන? 
මගේ අලුත්ම ගීත වීඩියෝවදියමන්ති මාලය තුළින් තමයි මම ආයෙමත් කලාවට සම්බන්ධ වුණේ. 
 
දියමන්ති මාලය කියන්නේ මොකක්ද? 
නිළියක් විදියට මිනිස්සු අතරට ගියාට මටත් හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්. මුල් කා‍ලේ මම කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. ඒ කා‍ලේ විවිධ ගායනා තරග වලටත් සම්බන්ධ වුණා. සඳ සාක්කි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළෙත් මමයි. හැබැයි මගේම ගීතයක් කරලා ඒකට ර්භඵඪජ මඪඤඥධ එකක් කරන පළමු අවස්ථාව තමයි මේ. 
 

දියමන්ති මාලය ගැන වැඩි විස්තර දැනගන්නත් අපේ ආදරණීය රිද්ම පාඨකයෝ කැමති වෙයි? 
සජිත් පී.චතුරංග රචනා කළ දේශාන් නෝනිස් සංගීතවත් කළ දියමන්ති මාලය ගීතයේ රූප රචනාව කළේ ලහිරු මුදලිගේ විසින්. හේෂාන් මනුල සමග මමත් මෙහි රඟපානවා. 
 
භාග්‍යා ආයෙමත් කලාව තුළ දිගටම රැඳී ඉන්නද කල්පනාව? 
ම්.... තවම නම් එහෙම අදහසක් නැහැ. 
ඒත් හොඳම නිර්මාණයක් ලැබුණොත් හිතලා බලනවා. දවසම ගෙදරින් පිටවෙලා රූගත කිරීම් කරන්න අමාරුයි. 
 
එහෙනම් රඟපෑම පැත්තකින් තියලා ගායිකාවක් ලෙස ඉදිරියට එන්න භාග්‍යාට පුළුවන්නේ? 
මෙහෙමයි.... ඉඳහිට හොඳ Music Video එකක් කරන්න නම් අදහසක් තියෙනවා. හැබැයි සංගීතය තුළ රැඳෙන්න, ප්‍රසංග වේදිකාවල රෑ එළිවෙනතුරු ගීත ගයන්න නම් කොහොමටත් කැමැත්තක් නැහැ. 
 
විවාහයත් එක්ක භාග්‍යාට කලාවෙන් දුරස්වෙන්න කියලා කෞෂාල්ගෙන් තහංචි ආපු හින්දද ඔය විදියට කියන්නේ? 
අ‍පොයි නැහැ. එයා ගොඩක් කැමතියි මම කලාවේ රැඳී ඉන්නවට.  Music Video එකක් කරන්න කියලා මාව උනන්දු කළෙත් එයයි. ඒත් මම කැමතියි ගේ දොර කටයුතුයි සැමියගේ කටයුතුයි එක්ක ජීවිතේ ගෙවන්න. කෞෂාල් විදෙස් තරගවලට ගියත් මම අනිවාර්යයෙන් එයා එක්ක යනවා. 
 
මොනවාද කෞෂාල්ගේ අලුත් විස්තර? 
දිගටම පුහුණුවීම් වලට යනවා. පහුගිය කාලයේ අපි දෙන්නා විදෙස් සංචාර කිහිපයකට සහභාගි වුණා. 
 
දැන් ඉතින් කෞෂාල් භාග්‍යා කැදැල්ලට පුංචි අමුත්තෙක් එහෙම එන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද? 
(හිනැහී) ඒ අදහස නම් අනාගතයට භාරදීලයි තියෙන්නේ. දැන්ම ඒ බලා‍පොරොත්තුව ඉටු කරගන්න අදහසක් නැහැ. 
 
ආරියවංශ කුලතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.