Coss Ear2
lakbima.lk
COSS Ear 1



මම අද කියන රහස දැන ගන්න නම් මුල ඉඳලම මේ ලිපිය කියවන්න වෙනවා. හොඳයි එහෙනම් ඔන්න මම ඒ කතාව මුල ඉඳලම කියනවා.
මම උසස් පෙළ කළේ 2000දී. “තට්ටු ගෙවල්” නාට්‍යයේ “පිං‍පොං” ගේ චරිතයෙන් රංගනයට ආවෙත් 2000දී. ඒ චරිතේ මම හිතුවටත් වඩා ජනප්‍රිය වුණා. කොයි තරම් ජනප්‍රිය වුණාද කිව්වොත් අදටත් රජිත හිරාන් කියන නමට වඩා “පිං‍පොං” කියන නමින් තමයි හැමෝම මාව ආමන්ත්‍රණය කරන්නේ. ඔය වෙද්දී මම තිස්ස ජයවර්ධන සර්ගේ නාට්‍යවලට සම්බන්ධවෙලා හිටියා. අවුරුදු තුනක් ඒ විදියට ඉද්දී. ගත්තු ෆොටෝ ගොඩාක් අරගෙන තමයි මම “තට්ටු ගෙවල්” නාට්‍යයට නවක නළු නිළියන් තෝරණ සම්මුඛ පරීක්ෂණයට ගියේ. එතැන ෆොටෝ ගොඩක් තිබුණා. “තට්ටු ගෙවල්” අධ්‍යක්ෂ අනුරුද්ධ ජයසිංහ මහතා ඒ ෆොටෝ දිහා බලලයි. තිස්ස සර්ගේ ගෝලයෙක් කියලා හිතලයි මම ගැන පුංචි හෝ පැහැදීමක් ඇති කර ගත්තේ. ඊට පස්සේ “තට්ටු ගෙවල්” නාට්‍යයේ පිං‍පොං ගේ චරිතයට මාව සුදුසුයි කියලා හිතලා වෙන්න ඇති අනුරුද්ධ අයියා මට පිං‍පොංගේ දෙබසක් කියන්න දුන්නා.
මට වැඩ වැරදුනේ එතකොටයි. මට දෙබස් කියාගන්න බැහැ.
හෙට උදේ දන්වන්නම් කියලා අනුරුද්ධ අයියා ඔන්න මගේ සම්මුඛ පරීක්ෂණය නිමා කළා. ඒ වෙද්දී අපේ ගෙදර ටෙලිෆෝන් නැහැ. ඒ හින්දා මම අනුරුද්ධ අයියාගේ නම්බර් එක ඉල්ලගෙන හෙට උදේ කතා කරන්නම් කියලා එතනින් පිටත් වුණා. පහුවදා උදේ මම අනුරුද්ධ අයියට කෝල් කරලා කිව්වා “අයියේ පිං‍පොං කතා කරන්නේ” කියලා. අනුරුද්ධ හයියෙන් හිනාවෙලා පහුවදා ෂුටිං එන්න කිව්වා. ඒ විදියට තමයි මම නළුවෙක් වුණේ. පස්සේ කාලෙක අනුරුද්ධ අයියා පත්තරේකට මෙන්න මෙහෙම කියලා තිබුණා.
“මුලින් දවසේ මෙයාව ගන්නවාද නැද්ද කියලා දෙගිඩියාවෙන් තමයි මම හිටියේ. එයා මට කෝල් කරලා “අයියේ මං පිං‍පොං කතා කරන්නේ” කියපු විදියට තමයි මට හිතුනේ මේයා තමයි චරිතයට හරි යන්නෙම කියලා. එයාගේ උනන්දුවයි ඒ වචන උච්චාරණයයි චරිතයට ආරූඪ වෙලා වගේ කතා කරපු විදිය ගැන හිතලයි මම ඒ ළමයව ටෙලි නාට්‍යයට තෝරා ගත්තේ” ඔන්න ඔහොමයි මම නළුවෙක් වුණේ. අයියා ඒක පත්තරේකට කිව්වා නම් මේක වෙන කාටවත් නොකී රහසක් වෙන්නේ කොහොමද කියලා කෙනෙකුට දැන් හිතෙයි. ඒත් දැන් තමයි මම රහස හෙළි කරන්න යන්නේ. හැබැයි ඉතින් මේ ආටිකල් එක දැක්ක හැටියේ අනුරුද්ධ අයියා මට කෝල් කරලා බණින්නත් බැරි නැහැ.
මම නැටුම් පුහුණුවීම් වලට ගියත් උස නෑ කියලා කණ්ඩායමට ගත්තේ නැහැ. තිස්ස සර්ගේ නාට්‍යවල අවුරුදු තුනක් හිටියත් ඒ අවුරුදු තුනට මම කියලා තිබුණේ “එසේය ස්වාමිනී” කියන දෙබස විතරයි. සම්මුඛ  පරීක්ෂණයේදී මට දුන්නු දෙබස බැරි වුණේ ඒකයි. දෙබස නැති වුණාට රඟපාපු හැම නාට්‍යයකම පින්තූර ගොඩාක් මං ළඟ තිබුණා. ඒවා දැකලා තිස්ස සර්ගේ ගෝලයෙක් හින්දා පැහැදිලා මුලින් මා එක්ක කතා කළාට දෙබස් ඇහුවට පස්සේ අනුරුද්ධ අයියාට මාව එපා වෙන්න ඇති කියලා මට හිතුණා.”
පහුවදා මම ටවුමට ගියේ අම්මගෙන් රුපියල් 20ක් ඉල්ලාගෙනයි. “අයියේ මම රජිත... අර ඊයේ ඉන්ටවිව් එකට ආවේ” කියලා විස්තර කිව්වාම “මල්ලි ඔයාව මේ නාට්‍යයට ගන්න වෙන්නේ නැහැ” කියලා අනුරුද්ධ අයියා කියයි . එතකොට රුපියල් විස්සම ඉවරයි. “අයියේ මං පිං‍පොං” කිව්වාම අනුරුද්ධ අයියට මාව මතක් වෙයි. “මල්ලි ඔයාව මේ නාට්‍යයට ගන්න වෙන්නේ නෑ.” කියලා අනුරුද්ධ අයියා කියයි, එතකොට රුපියල් දහයක් යයි. දහයක් ඉතුරු වෙයි. ඔය දවස්වල සිගරට් එකක මිල රුපියල් 10යි. ඉතුරු දහයෙන් සිගරට් එකක් බොන්න පුළුවන්.
ඔන්න ඔය හේතුව හින්දයි මම “අයියේ මම පිං‍පොං” කියලා කෙටියෙන්ම කිව්වේ. එහෙම නැතුව චරිතයට ආරූඪ වෙලා ‍නෙවෙයි. ඒක තමයි ඇත්තම කතාව.
 

සුවහසක් පියවරු දියණිවරු වෙනුවෙන් ගී ගැයූ අසංකගේ දියණියත් පසුගියදා යුග දිවියට පිවිසුණා ඒ අවස්ථාව ඔබේ හදවතට දැනුණේ කොයි විදියටද?
මගේ දරුවන් තිදෙනාගෙන් ලොකු දූ තමයි පහුගියදා විවාහ දිවියට පිවිසුණේ. මගේ දරුවකු විවාහ ජීවිතයට ඇතුළු වූ ප්‍රථම අවස්ථාව තමයි මේ. ඇත්තෙන්ම ඒක මටයි මගේ බිරිඳටයි සුවිශේෂී අවස්ථාවක් වුණා. ඒ විතරක් නමෛයි, බොහොම හැඟුම්බර අවස්ථාවක්ද වුණා.

ඒ හැඟීම විස්තර කරන්න පුළුවන්ද?
ඒක වචනයෙන් විස්තර කරන්න බැරි තරම් හරිම සංකීර්ණ සහ සංවේදී අවස්ථාවක්. ඒත් ඒක දරුවාගේ ජීවිතේ සුවිශේෂී වූ අවස්ථාවක්. එයා අලුත් ජීවිතයක් පටන් ගත්තු අවස්ථාව ගැන හිතද්දී දැනෙන සතුට වචනයෙන් විස්තර කරන්න බැහැ. ඒක ඕනෑම තාත්තා කෙනෙකුට ‍පොදුයි. ඒ වගේමයි පුංචි කා‍ලේ ඉඳන් මගෙයි බිරිඳගෙයි ආදරය විඳිමින් අපේ සෙවනේ හැදුණු දුව නිවසින් පිටව යාම දරාගන්න බැරි දුකක්. ඒකත් ඕනෑම තාත්තා කෙනෙකුට ‍පොදුයි. මමත් එදා ඒ අත්දැකීම වින්දා.

මංගල උත්සවය මොන විදියටද පැවැත්වුණේ?
නිහාල් නෙල්සන් ප්‍රවීණ ගායක ශිල්පියා තමයි දුවගේ පැත්තෙන් අත්සන් කළේ. කලා ලෝකේ මගේ හිතවතුන් විශාල පිරිසක් මංගල උත්සවයට සහභාගි වුණා. දුවගේ මංගල උත්සවයේදී මමත් පුංචි හැඩකාරියේ කියන ගීතය ගැයුවා. මගේ පුතාලත් ගී ගැයුවා.

දුවගේ අත ගත් මනාලයා මොනවාද කරන්නේ?
ඒ පුතා (කලන චාමිකර) සේවය කරන්නේ බ්‍රැන්ඩෙක්ස් ලංකා ආයතනයේ. දුවත් කාලෙකට ඉස්සර ඒ ආයතනයේ රැකියාවක් කළා. ඒ කා‍ලේ තමයි දෙන්නා අතර ආදර සම්බන්ධයක් ගොඩ නැගිලා තියෙන්නේ. ඒ පුතා බොහොම හොඳ කෙනෙක් හින්දා අපිත් ඒ ආදර සම්බන්ධයට කැමැත්ත දුන්නා. ඒ දෙන්නගේ වසර දෙකක ආදරය තමයි ඔය විදියට විවාහය දක්වාම දුර දිග ගියේ.

අසංකගේ දුව සංගීතයට යොමුවුණේ නැහැ නේද?
දූවට ඉතාම හොඳ ගායන හැකියාවක් තියෙනවා. ඒත් එයා යොමුවුණේ නර්තනය පැත්තටයි. දුව දක්ෂ නර්තන ශිල්පිනියක්. ඒත් රැකියාවට ගියාට පස්සේ නර්තනයෙන් ඈත් වුණා.

පුතාලා නම් සංගීතයට යොමුවුණා නේද?
ලොකු පුතා අසන්ත පී්‍රමාල් පීරිස්. මේ වන විට සංගීතයට යොමුවෙලා ඉන්නේ. එයා ගීත 3ක් කළා. දැන් ඒ ගීතවලට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රසංග වේදිකාවෙත් දැන් පුතා ගී ගයනවා. උසස් පෙළට දෙවැනි වතාවටත් සූදානම් වන හින්දා පූර්ණ කාලයම සංගීතයට යොමු වෙලා නැහැ. ‍පොඩි පුතා අසේන්ත ශ්‍රීමාල් පීරිස් දැනට වේල්ස් කුමර විදුහ‍ලේ හත වසරේ ඉගෙනුම ලබනවා. එයත් ගායනයට ගොඩාක් දක්ෂයි.

අසංකගේ ජීවිතේ ඉදිරි සැලසුම් ගැන කතා කළොත්?
පවු‍ලේ හැමදෙනාවම එකතු කරගෙන නෙළුම් ‍පොකුණ රඟහ‍ලේ විශාල ප්‍රසංගයක් පැවැත්වීම තමයි ලොකුම හීනය. පුතාලා දෙන්නයි මමයි එහි ගී ගයනවා. දුව නර්තනයේ යෙදෙනවා. ඉදිරියේදී ඒ හීනය ඉටු කරගන්නයි මේ දවස්වල සූදානම.

 

 

භාග්‍යා හෙට්ටිආරච්චි අපේ රටේ ජනප්‍රිය වුණේ ටෙලි නාට්‍ය නිළියක් විදියටයි. කෞෂාල් සිල්වා අපේ රටේ ජනප්‍රිය වුණේ ක්‍රිකට් ක්‍රීඩකයකු විදියටයි. 
2014 වර්ෂයේදී තමයි මේ දෙදෙනාගේ විවාහය සිදු වුණේ. විවාහයෙන් පස්සේ භාග්‍යා රංගනයෙන් සමුගත්තා. නමුත් දීර්ඝ නිහැඩියාවකට පස්සේ භාග්‍යා නැවතත් කලා ලෝකයට ඇවිත්. ඒ අලුත් ආරංචිය ගැන තමයි රිද්ම අපි අද ඔබට කියන්නේ. 
 
වසර හතරකට විතර පස්සේ තමයි භාග්‍යා ආයෙමත් මේ විදියට කලාවට සම්බන්ධ වෙන්නේ. ඉතින් දැන් කියමුකෝ භාග්‍යා අලුතින් කරපු වැඩේ ගැන? 
මගේ අලුත්ම ගීත වීඩියෝවදියමන්ති මාලය තුළින් තමයි මම ආයෙමත් කලාවට සම්බන්ධ වුණේ. 
 
දියමන්ති මාලය කියන්නේ මොකක්ද? 
නිළියක් විදියට මිනිස්සු අතරට ගියාට මටත් හොඳින් ගීත ගායනා කරන්න පුළුවන්. මුල් කා‍ලේ මම කේමදාස මාස්ටර් යටතේ සංගීතය හැදෑරුවා. ඒ කා‍ලේ විවිධ ගායනා තරග වලටත් සම්බන්ධ වුණා. සඳ සාක්කි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළෙත් මමයි. හැබැයි මගේම ගීතයක් කරලා ඒකට ර්භඵඪජ මඪඤඥධ එකක් කරන පළමු අවස්ථාව තමයි මේ. 
 

දියමන්ති මාලය ගැන වැඩි විස්තර දැනගන්නත් අපේ ආදරණීය රිද්ම පාඨකයෝ කැමති වෙයි? 
සජිත් පී.චතුරංග රචනා කළ දේශාන් නෝනිස් සංගීතවත් කළ දියමන්ති මාලය ගීතයේ රූප රචනාව කළේ ලහිරු මුදලිගේ විසින්. හේෂාන් මනුල සමග මමත් මෙහි රඟපානවා. 
 
භාග්‍යා ආයෙමත් කලාව තුළ දිගටම රැඳී ඉන්නද කල්පනාව? 
ම්.... තවම නම් එහෙම අදහසක් නැහැ. 
ඒත් හොඳම නිර්මාණයක් ලැබුණොත් හිතලා බලනවා. දවසම ගෙදරින් පිටවෙලා රූගත කිරීම් කරන්න අමාරුයි. 
 
එහෙනම් රඟපෑම පැත්තකින් තියලා ගායිකාවක් ලෙස ඉදිරියට එන්න භාග්‍යාට පුළුවන්නේ? 
මෙහෙමයි.... ඉඳහිට හොඳ Music Video එකක් කරන්න නම් අදහසක් තියෙනවා. හැබැයි සංගීතය තුළ රැඳෙන්න, ප්‍රසංග වේදිකාවල රෑ එළිවෙනතුරු ගීත ගයන්න නම් කොහොමටත් කැමැත්තක් නැහැ. 
 
විවාහයත් එක්ක භාග්‍යාට කලාවෙන් දුරස්වෙන්න කියලා කෞෂාල්ගෙන් තහංචි ආපු හින්දද ඔය විදියට කියන්නේ? 
අ‍පොයි නැහැ. එයා ගොඩක් කැමතියි මම කලාවේ රැඳී ඉන්නවට.  Music Video එකක් කරන්න කියලා මාව උනන්දු කළෙත් එයයි. ඒත් මම කැමතියි ගේ දොර කටයුතුයි සැමියගේ කටයුතුයි එක්ක ජීවිතේ ගෙවන්න. කෞෂාල් විදෙස් තරගවලට ගියත් මම අනිවාර්යයෙන් එයා එක්ක යනවා. 
 
මොනවාද කෞෂාල්ගේ අලුත් විස්තර? 
දිගටම පුහුණුවීම් වලට යනවා. පහුගිය කාලයේ අපි දෙන්නා විදෙස් සංචාර කිහිපයකට සහභාගි වුණා. 
 
දැන් ඉතින් කෞෂාල් භාග්‍යා කැදැල්ලට පුංචි අමුත්තෙක් එහෙම එන්න කාලය හරි කියලා හිතෙන්නේ නැද්ද? 
(හිනැහී) ඒ අදහස නම් අනාගතයට භාරදීලයි තියෙන්නේ. දැන්ම ඒ බලා‍පොරොත්තුව ඉටු කරගන්න අදහසක් නැහැ. 
 
ආරියවංශ කුලතිලක

මනීෂා චංචලා, එහෙම නැත්නම් “සිඳු” ටෙලි නාට්‍යයේ කවුරුත් ආදරේ කරන තෙරුණි ගායනා කරන “මගේ කියා” ගීතය මේ දිනවල යූ-ටියුබ් වබේ අඩවියේ වැඩිම සංඛ්‍යාවක් නැරඹූ ගීත අතර පෙරමුණේ රැඳී තිබෙනවා. ඉතිං ඒ ගීතය ගැන වගේම පසුගිය දිනවල “තෙරුණිත් දැන් පෙම්වතියක්” කියලා අන්තර්ජාලයේ හුවමාරු වුණ ඡායාරූප පෙළ ගැනත් ඇත්ත නැත්ත දැන ගන්න අපි ඇයට කතා කළා. 
 
“මගේ කියා” ගීතය  මේ දවස්වල යූ - ටියුබ් සමාජජාලයේ වැඩිම පිරිසක් නැරඹූ ගීත අතර රැඳී තිබෙනවා. මේ ලැබෙන ප්‍රතිචාර ගැන මනීෂාට මොනවාද හිතෙන්නේ
 
ඇත්තටම මගේ ගීතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ ගැන මට හරිම සතුටුයි. මම ගායිකාවක් විදිහටත් තවමත් ප්‍රේක්ෂකයන් අතර රැඳී සිටිනවා කියන එක “මගේ කියා” ගීතයට ලැබෙන ප්‍රතිචාරවලින් පැහැදිලි වෙනවා. ගීතයට ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූති කරන්න මම මෙය අවස්ථාවක් කරගන්නවා. 
 
 “මගේ කියා” ගීතය ගැන වැඩි විස්තර ‘රිද්ම’ පාඨකයන්ට කියමු නේද? 
 
“මගේ කියා” ගීතය සංගීතවත් කළේ තිලිණ තාරක. අධ්‍යක්ෂණය හා නිෂ්පාදන සහය දුන්නේ ටෙහාන් මාරසිංහ, පද රචනය මනීෂා ඒකනායකගේ. විශේෂයෙන් කියන්න ඕනේ ඒ ගීතය අතුල අධිකාරි මහත්මයාගේ “බොහෝ කලක්” කියන ගීතයේ ෆීමෙල් වර්ෂන් එක බව .
 
අද බොහෝ විට වැඩිම වීව්ස් ලැබෙන්නේ  සරාගී දර්ශන ඉස්මතු වෙන ගීතවලටයි. මෙවැනි කාලවකවානුවක එවැනි දර්ශනය නැති ගීතයක් කිරීම අභියෝගයක් වෙයි කියලා හිතුණේ නැද්ද? 
 
නැහැ, සරාගී දර්ශන ඉස්මතු වෙන ගීතවලට මුලදී බොහෝ දෙනාගෙන් ප්‍රතිචාර ලැබෙන්න පුළුවන්. ඒත් ඒ ප්‍රතිචාර තාවකාලිකයි. හොඳ ගීතයක්. ඒ වගේම හැමෝටම බලන්න පුළුවන් ගීතයක් නිර්මාණය කළාම ප්‍රේක්ෂකයෝ ඒ ගීතයට හැමදාමත් ආදරේ කරාවි. ඔය කියන අභියෝගය “මගේ කියා” ගීතයට ජයගන්න පුළුවන් වුණා කියලා මම හිතනවා. 
 
මනීෂා ක්‍ෂේත්‍රයට එන්නේ ගායිකාවක් විදිහටයි. ඒත් ප්‍රේක්ෂකයන් අතරට ගියේ රංගනයෙන්. ඇයි එහෙම වුණේ ? 
 
මම ක්‍ෂේත්‍රයට ආවේ ගායිකවක් විදියටයි. අද මම රංගන ශිල්පිනියක් වුණෙත් ගායනයෙන් මාව රටම හඳුනාගත්ත නිසා. ඉතිං මම ආපු මුල්තැන කවදාවත් අමතක කරන්නේ නැහැ. කාලයක් බලා ඉඳලා හරි හොඳ නිර්මාණයක් කරන එක තමයි මගේ අරමුණ වුණේ. ගායනය, රංගනය වගේම නිවේදනය කියන අංශ තුනේදීම මම වැඩ වැඩි කරගෙන මානසික නිදහස නැති කරගන්න උත්සහ කරන්නේ නැහැ. නිදහසට බාධා වෙන විදිහට නිර්මාණ කරන්න කැමැති නැහැ. ඒ ක්‍ෂේත්‍ර තුනේදීම මම හැමවේලාවේම උත්සාහ ගන්නේ හෙමින් හොඳ ගමනක් යන්නයි. 
 
මනීෂා බොහෝ සම්මාන උළෙලවල්වල ජනප්‍රිය නිළියන් අතර ඉහළින්ම නිර්දේශ වුණා. ඒත් සම්මාන ලැබුණේ නැහැ. ඒ ගැන දුකක් නැද්ද? 
 
සම්මානයක් නොලැබුණාට කිසි දුකක් නැහැ. මොකද නිර්දේශ හරි වෙන්නේ ජනතාවගේ ආදරේ මට තියෙන නිසානේ. ඒ ආදරේ එච්චර දුරකට හරි ලැබෙනවා කියන්නේ ඉතිං සම්මානයක් ගත්තා වගේ තමයි.
 
පසුගිය දිනවල “තෙරුණිත් දැන් පෙම්වතියක්” යනුවෙන් පුවතක් අන්තර්ජාලයේ ඡායාරූප කිහිපයක් එක්ක හුවමාරු වුණා. ඒ කියන්නේ මනීෂාගේ ජීවිතයට කෙනෙක් ළංවෙලා නේද? 
 
(හිනැහී) ඔව්, එහෙම කෙනෙක් මටත් ඉන්නවා. එයාගේ ෆොටෝ දැම්මට මේ ඉන්නේ මගේ පෙම්වතා  කියලා කියන්නම ඕනේ නැහැනේ. (හිනැහී) ඒ ගැන වැඩිවිස්තර අපි පස්සේ කියමු නේද? 
 
සමන්මලී නැලිගම

Page 1 of 14

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.