Coss Ear2
lakbima.lk
COSS Ear 1

රසම රස චීස් ‍පොටෑටෝ

අවශ්‍ය ද්‍රව්‍ය
 
අර්තාපල් අල -ගෙඩි 5 -6ක්
ලුණු ස්වල්පයක්
ජෙඩා චීස් - ග්‍රෑම් 200
බිත්තර  - 2ක්
ලොකු ලූනු ගෙඩියක්
පාන්පිටි - ග්‍රෑම් 100 පමණ
තෙල් අවශ්‍ය තරමට
 
සාදන ආකාරය
 
අල තම්බා ‍පොතුහැර හොඳින් ‍පොඩිකර ගන්න. දැන් ලූනු ටික ඉතාම කුඩාවට කපා ගන්න.   තෙල් ඉතා ස්වල්පයක් දමා මේ ලූන් කැබැලිද මා තෙම්පරාදු කර එයටම අල ටිකද දමා කලවම් කර ගන්න. දැන් මේ අල මිශ්‍රණයෙන් දිගටි ගුලි සාදා ගන්න. චීස්ද ඊට වඩා දිගින් අඩු සිහින් කොටස්වලට කපා ගන්න. මේ අල ගුලිය තුළට චීස් කැබැල්ලක් බැගින් ඇතුළු කරන්න. නැවත හොඳින් අතගා චීස් ටික වසාගන්න. බිත්තර හොඳින් ගසන්න එයට පාන්පිටි ටික ටික දමමින් උකු බැටරයක් සාදා ගන්න . ලුණු ස්වල්පයක්ද එක් කරන්න.  දැන් මේ ගුලි මේ බැටරයේ ගිල්වා පාන් කුඩු මත තවරා රත් වූ ගැඹුරුතෙ‍ලේ රන්වන් පාටට බැද ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.