Coss Ear2
lakbima.lk
COSS Ear 1

දෙමළ සංහාර දිනය සැමරුවාට ප්‍රශ්නයක් නෑ

උතුරු පළාත් සභාවට ඉදිරිපත් වූ යෝජනාවකට අනුව යුද්ධය අවසන් වූ මැයි 18දා දෙමළ ජනතාවගේ සංහාර දිනයක් ලෙස සැමරීම ප්‍රශ්නයක් නොවන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒ පිළිබඳ ලක්බිම යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද (16) පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.
යුද්ධය නිසා උතුරෙත්, දකුණෙත් මැරුණේ අපේ රටේ දරුවන් බව පැවැසූ රාජිත සේනාරත්න මහතා මෙම යුද්ධය රට ඇතුළේ තිබුණු ප්‍රශ්නයක් නිසා ඇති වූවක් බවද පැවැසීය.
යුද්ධයේදී සාමාන්‍ය ජනතාව ඝාතනය වීම සාමාන්‍ය තත්ත්වයක් බවද ඇමැතිවරයා පැවැසීය.
ඒ නිසා යුද්ධය අවසන් වූ දිනය සිහිකරමින් පැවැත්වූ විජයග්‍රහණ සැමරුම නතර කළේ එමගින් යුද්ධයෙන් මියගිය සහෝදර ජනතාවට හානියක් සිදුවන නිසා බවද ඇමැතිවරයා පැවැසීය. 
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.