Coss Ear2
lakbima.lk
COSS Ear 1

සිංගප්පූරු ගිවිසුමට එරෙහිව වෛද්‍යවරු වර්ජනයේ

ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව සමග අත්සන් කළ නිදහස් වෙළෙඳ ගිවිසුමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (17) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත එක් දින වැඩ වර්ජනයක් දියත් කරන බව එම සංගමයේ ‍ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  මහතා පැවැසීය.
මෙම වර්ජනය අතරතුර වුවද හදිසි ප්‍රතිකාර සේවා කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වන බව එම සංගමය පවසයි. එමෙන්ම මාතෘ රෝහල්, ළමා රෝහල්, පිළිකා රෝහල්, වකුගඩු රෝග ප්‍රතිකාර ඒකක මෙන්ම ත්‍රිවිධ හමුදා රෝහල්වල මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක නොවේ.
ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමකින් තොරව මෙම ගිවිසුම් බලාත්මක නොකරන බවට ජනාධිපතිවරයා පැහැදිලි ප්‍රතිඥාවක් ලබා දෙන්නේ නම් බොහෝ විට මෙම ගැටලුව විසඳා ගත හැකි බව එම සංගමයේ ‍ලේකම්වරයා පවසයි.
වැඩ වර්ජන ක්‍රියාමාර්ගයෙන් පසුවද බලධාරීන් දිගින්දිගටම අත්තනෝමතික කටයුතු කරන්නේ නම් දීප ව්‍යාප්ත ඒකාබද්ධ අඛණ්ඩ වෘත්තීය සමිති වැඩපිළිවෙළකට යොමු වන බවද එම සංගමයේ ‍ලේකම්වරයා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව පැවැසුවේ අද (16) කොළඹදී පැවැති මාධ්‍ය  හමුවකට සහභාගි වෙමිනි.
 
තනුජා නානායක්කාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.