Coss Ear2
lakbima.lk
COSS Ear 1

පෙට් ස්කෑනරයට ඩයි ලංකාවේ හදනවා

මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කළ පෙට් ස්කෑන් යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඩයි ලංකාවේ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමැතිවරයා මෙම අදහස් පැවැසීය.
මෙම ස්කෑනර් යන්ත්‍රය මතෛක් භාවිත කිරීමට නොහැකි වූයේ එම ඩයි නොමැතිකමින් දැයි මාධ්‍යවේදීහු විමසීය. ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා පැවැසුවේ එම ඩයි ඉන්දියාවෙන් ආනයනය කළ හැකි වුවත් ඒවා ලංකාවට රැගෙන ඒමේදී එම ඩයිවලින් සියයට 80ක් පමණ විනාශ වන බවය. 
නමුත් එම ඩයි ආනයනයට අදාළව සියයට සියයක් මුදල් වියදම්කිරීමට සිදුවන බවද රාජිත සේනාරත්න මහතා පැවැසීය. ඒ නිසා එම ඩයි ලංකාවේ නිපදවන බවත් ඒ අතර අදාළ ඩයි ආනයනය කිරීමටද පියවර ගන්නා බව රාජිත සේනාරත්න මහතා පැවැසීය.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.