Coss Ear2
lakbima.lk
COSS Ear 1

තෙල් මිල ඉහළ ගියේ ආණ්ඩු ප්‍රතිපත්ති නිසා

යහපාලන රජයේ ආර්ථික ඔස්තාර්ලා සමග බුද්ධිමය සංවාදයක් ඇතිකර ගැනීමට තමන් සූදානම් බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (15) සඳහන් කළේය. රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා නිසාවෙන් රජයට තෙල් මිල වැඩි කිරීමට සිදුවී ඇති බවද ලෝක වෙළෙඳ ‍පොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව මෙරට තෙල් මිල ඉහළ දැමීමට සිදුවූයේ වැරදි ආර්ථික කළමනාකරණය නිසා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේය.
අපි මේක ගැන කොතෙක් කීවත් මේ රජයේ ආර්ථික ඔස්තාර්ලාට තේරෙන්නෙ නෑ. අපි ඒ අයට අභියෝග කරනවා අපිත් එක්ක බුද්ධිමය සංවාදයකට එන්න කියලා. ඒ අය කියන ඕනෑම තැනකට මම එන්න සූදානම්. මේ රටේ ජනතාව පීඩාවට පත්ව සිටින්නේ රජයේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා වැරදි ආර්ථික කළමනාකරණය නිසයි. ඒක එහෙම නොවේ කියන අය සමග විවාදයකට තමන් සූදානම් බවද ගුණවර්ධන මහතා කීවේය.
 
ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.