Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඉදිරි දිනවල රටපුරා වැසි

ඉදිරි දිනවලදී දිවයින පුරා බොහෝ ප්‍රදේශවල මෙන්ම දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලා‍පොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන්ම මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ට වැඩි තද වැසිද ඇතිවිය හැකි යැයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ අතර දිවයින ආශ්‍රිත ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවලද දැනට පවතින වැසි තත්ත්වය වැඩි වනු ඇතැයි බලා‍පොරොත්තු වේ. විශේෂයෙන්ම පුත්තලම සිට කොළඹ ගාල්ල සහ ‍පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල මෙලෙස තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි ඇතිවිටක පැයට කිලෝ මීරට 70 ත්, 80 ත් අතර පවතින තද සුළංද ඇතිවිය හැකිය. මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවිය හැකි අකුණු අනතුරු පිළිබඳව මෙන්ම තාවකාලිකව මුහුද රළු වීම සම්බන්ධයෙන්ද අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි.
 
ගයාත්‍රි ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.