Coss Ear2
lakbima.lk
COSS Ear 1

ආණ්ඩුවේ ශ්‍රීලනිප ඇමැතිවරු ජනපති හමුවෙති

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරු 23 දෙනා සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (15) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක නිරතව ඇත.
නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු සහ ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුහුණදෙන ආකාරය පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ.
මේ අතර ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරු 16 දෙනා සමග ජනාධිපතිවරයා අද (16) සාකච්ඡා කිරීමට නියමිත අතර අනතුරුව හෙට (17) දිනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට නියමිතය. 
 
කමණි හෙට්ටිආරච්චි, පානුක රාජපක්ෂ
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.