Coss Ear2
lakbima.lk
COSS Ear 1

විදුලි ඉංජිනේරුවෝ දිගටම අකුරට වැඩ

විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කර දින අටක් ගතවී ඇති අතර ඉන් සිදුවන ආර්ථික පාඩුව ගණනය කළ නොහැකි බව විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩුගේ මහතා සඳහන් කළේය.
විදුලි ඉංජිනේරුවන් අකුරට වැඩ කිරීම මගින් ජාතික විදුලිබල පද්ධතිය දිනෙන් දින අඩාල වන බව සඳහන් කළ කුමාරවඩුගේ මහතා කාර්යාලයීය වේලාවෙන් පසුව සම්ප්‍රේෂණ පද්ධතියේ හා විදුලි බලාගාරවල බිඳ වැටීම් සිදුවුවහොත් ඒවායෙහි නඩත්තු කටයුතු නොකරන බව හෙතෙම සඳහන් කළේය.
මේ අතර බියගම පන්නිපිටිය දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඊයේ (15) උදෑසන සිදුවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රත්මලාන, පන්නිපිටිය හා දෙහිවල යන ප්‍රදේශවල විදුලි බිඳ වැටීමක් සිදුවී තිබේ. එහිදී විදුලි ඉංජිනේරුවන් මැදිහත් වී පැය කිහිපයක් ඇතුළත පද්ධතිය යථා තත්ත්වයට පත් කළ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පැවැසීය.
මහජන උපයෝගිතා කොමිසම අඩු වියදම් විදුලි ජනන සැලැස්මට අනුමැතිය දෙන තෙක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත් නොහරින බව කුමාරවඩුගේ මහතා වැඩිදුරටත් පැවැසීය.
 
කමණී හෙට්ටිආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.