Coss Ear2
lakbima.lk
COSS Ear 1

බදු බරට එරෙහිව ජ.වි.පෙ විරෝධය 22

ජනපීඩක ආණ්ඩුවේ අසාධාරණ බදු බරට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක් ආරම්භ කරන බවත් එහි පළමු 
උද්ඝෝෂණය සහ විරෝධතා පා ගමන මෙම 22 වෙනිදා කොළඹදී ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
ඉන්ධන පමණක් නොව වත්මන් ආණ්ඩුව ගතවූ අවුරුදු දෙකහමාරක කාලය තුළ කිරිපිටි, ගෑස්, බස් ගාස්තු, පරිප්පු, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා ගාස්තු වරින් වර ඉහළ දමා ඇති බවත් ජනතාව මත බදු බර පටවමින් මෙසේ ජනතාව පීඩාවට පත්කර තිබෙන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතා පැවැසීය.
ජනතාව මත බදු බර පටවන ආණ්ඩුවේ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව ක්‍රියාත්මක කරන සටනට එක්වන ලෙසට ජනතාවට විවෘත ආරාධනයක් කර සිටින්නේ යැයිද පැවැසූ ඒ මහතා සාමාන්‍ය ජනතාවටත්, වෘත්තීය සමිති, ගොවි සමිති, ධීවර සමිති මෙන්ම තනි තනි පුද්ගලයන් ලෙස සහභාගි විය හැකි සියලු දෙනාටම එයට එක්වන ලෙසට ඉල්ලා සිටින්නේ යැයිද කීය.
රට කරන්නට නොහැකි, රටේ ආර්ථිකය හදන්නට නොහැකි වත්මන් ආණ්ඩුව තවදුරටත් ජනතාවට පව් නොදී යා යුතු යැයිද මෙම විකල්පය හැර වෙනත් මාවතක් නොමැති යැයිද පැලවත්ත එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය.
 
පද්මිණී මාතරගේ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.