Coss Ear2
lakbima.lk
COSS Ear 1

පිංපඩිවලට විද්දැයි තැපැල් ස්ථානාධිපති රිමාන්ඩ්

විශ්‍රාම වැටුප්, මහජන ආධාර (පිංපඩි) වැඩිහිටි දීමනා, ධීවර විශ්‍රාම වැටුප්, ගොවි විශ්‍රාම වැටුප්, පිළිකා ආධාර ඇතුළත් රජයේ මුදල් රුපියල් 2,36,000ක් සොරකම් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධව චෝදනා ලැබූ මීගමුවේ තැපැල් ස්ථානාධිපතිවරයකු 21 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතවූයේ මීගමුව, පෙරියමුල්ල තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති බව කියන කටුකෙන්ද බඩල්ගම පදිංචි මාතර කිරිගේ මාෂල් විකුම් රංජන් නමැති පුද්ගලයෙකි.
මොහු වසර 16ක් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති අතර දැනට මීගමුව පෙරියමුල්ල මුස්ලිම් පල්ලිය පාර පිහිටි තැපැල් කාර්යාලයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරමින් සිට ඇත.
එම තැපැල් කාර්යාලයෙන් මහජන සේවාවන් ලෙස විශ්‍රාම වැටුප්, මහජන ආධාර, ධීවර හා ගොවි විශ්‍රාම වැටුප් ගෙවනු ලබයි.
පසුගිය 2018/05/10 දින මෙලෙස එහි සේප්පුවේ මුදල් තිබෙන විට සවස 5.00ට පමණ තැපැල් කාර්යාලය වසා කාර්යාල කාර්ය සහයක සමග පිටත්ව ගිය බවත් පසු දින 11 දින නැවත පෙරවරුවේ තැපැල් කාර්යාලයට පැමිණි බවත් තැපැල් ස්ථානාධිපතිවරයා මීගමුව ‍පොලීසියට එදිනම පැමිණිල්ලක් කරමින් කියා ඇත.
කාර්යාලය විවෘත කරන විට පරිගණකයේ මොනිටරය පෙරළී තිබුණු බවත්, සේප්පුව වටා තිබූ දම්වැල් බිම වැටී තිබුණු බවත් පසුව සේප්පුව විවෘත කර බැලීමේදී එහි ලාච්චු දෙක කඩා මුදල් සොරකම් කර ගෙන ගොස් ඇති බවද පැමිණිල්ලෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
පසුව මීගමුව ‍පොලීසියේ උප ‍පොලිස් පරීක්ෂක දේශාන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් සිද්ධිය වූ තැපැල් කාර්යාලයට ගොස් පරීක්ෂා කිරීමේදී තැපැල් කාර්යාලයේ දොර ජනෙල් කිසිවක් කඩා නොතිබි ඇති අතර වහලයේ තිබූ කුඩා වීදුරුවක් පමණක් කඩා තිබූ බව දැක ගැනීමට හැකිව ඇත.
කිසිවකු පිටතින් තැපැල් කාර්යාලයට ඇතුළු වී නොමැති බව ‍පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී නොතිබූ බැවින් මෙම සොරකම සම්බන්ධව පැමිණිල්ල කළ තැපැල් ස්ථානාධිපතිවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන 1982 අංක 12 දරන ‍පොදු දේපළ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
සහකාර ‍පොලිස් අධිකාරී ප්‍රේමජයන්ත අතුකෝරල මහතාගේ උපදෙස් මත මීගමුව ‍පොලීසියේ නඩු කටයුතු මෙහෙයවන ‍පොලිස් සැරයන් 49241 එන්.එම්. ජිනදාස මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර පැමිණිල්ල මෙහෙය වීය.
 
රේමන් අ‍පෝන්සු - මීගමුව

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.