Coss Ear2
lakbima.lk
COSS Ear 1

20% ක් ඉල්ලා රටපුරා බස් වර්ජනයක්

රජය අවසර දී ඇති සියයට 6.56ක බස් ගාස්තු වැඩිවීමට විරෝධය පළ කරමින් සියලු බස් සංගම් හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට දීපව්‍යාප්ත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.
සමස්ත බස් ගාස්තුව සියයට 20 කින් වැඩි කිරීමට රජය අවසර දිය යුතු බවත් එසේ නොවුණහොත් බස් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.
එලෙසම දැනට රුපියල් 10 ක්ව පවතින අවම බස් ගාස්තුවද රුපියල් 15 ක් දක්වා වැඩිකළ යුතු බවද ඔහු කීවේය.
බස් ගාස්තු සංශෝධනය පිළිබඳව රැස්වූ කමිටුව විසින් කරන ලද ගණනය කිරීම් අසත්‍ය බවත් බස් ගාස්තුවට බලපාන සියලු අයිතමයන් සැලකිල්ලට ගෙන ගණනය කර බැලීමේදී බස් ගාස්තුව නිසැකව සියයට 20 කින් වැඩිකළ යුතු බවත් අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිතකුමාර මහතා පැවැසීය.
මෙම බස් වර්ජනයට සහය පළකිරීමට අද (15) තීරණය කළ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවැසුවේ බස් ගාස්තුව ලබාගැනීමට වඩා තමාගේ අරමුණ ප්‍රවාහන ඇමැතිකමෙන් නිමල් සිරිපාල ද සිල්වා මහතා එලවා දැමීම බව යයි කීය. පසුගිය අවුරුදු තුනක කාලය තුළ නිමල් සිරිපාල ද සිල්වා මහතා බස් කර්මාන්තයේ දියුණුවට කිසිවක් නොකළ බවද ඔහු පැවැසීය.
 
පානුක රාජපක්ෂ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.