Coss Ear2
lakbima.lk
COSS Ear 1

‍පොහොර වැඩි මිලට විකුණුවොත් බලපත්‍රය අවලංගු කරනවා

වෙළෙඳ‍පොළේ ‍පොහොර කිලෝග්‍රෑම් 50ක බෑගයක් රුපියල් 1500කට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳුන්ගේ ‍පොහොර අලෙවි කිරීමේ බලපත්‍ර අවලංගු කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි. 2018 යල කන්නයේදී ‍පොහොර සහනාධාරය ගොවීන් 705370කට ලබාදෙන බවත් එමගින් කුඹුරු ඉඩම් අක්කර 1103861ක් වගා කෙරෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි. මෙම ‍පොහොර සහානාධාරය සඳහා රජය වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 32500කි.
මේ අනුව වෙළෙඳ‍පොළේ ‍පොහොර මිටියක් රුපියල් 1500ට වැඩියෙන් අලෙවි කරන වෙළෙඳුන් පිළිබඳව සොයා බැලීමට වෙනම පිරිසක් පත් කර ඇති බවද වැඩිමිලට ‍පොහොර විකුණා අසුවෙන වෙළෙඳුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි.

ජයසූරිය උඩුකුඹුර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.