Coss Ear2
lakbima.lk
COSS Ear 1

රාමසාන් උත්සවය වෙනුවෙන් අවශ්‍ය තරම් රටඉඳි තොග

රාමසාන් උත්සව සමය වෙනුවෙන් ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනය සඳහා අවශ්‍ය තරම් රටඉඳි තොග බෙදා හැරීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස්  දී ඇත.
මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් සහ ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්වරුන්ගේ ඉල්ලීමකට අනුව අගමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබේ.
රාමසාන් සමයේ ඉස්ලාම් භක්තිකයන්ගේ පරිභෝජනය සඳහා මුස්ලිම් සිද්ධස්ථාන හරහා රටඉඳි බෙදා හරිනු ලබන අතර, ඉකුත් වසරේ සවුදි අරාබිය නොමිලයේ ලබාදුන් රටඉඳි ටොන් 150 ක් බෙදා හැරීමට කටයුතු කර ඇත. ඊට සමගාමීව සතොස මගින් ද තවත් රටඉඳි ටොන් 150ක් බෙදා හැරීමට කටයුතු කර තිබිණ. 
මෙවර මැදපෙරදිග රටඉඳි අස්වැන්න අඩුවීම හේතුවෙන් නොමිලයේ ලැබෙන රටඉඳි තොග අඩු වීමක් සිදු වී ඇති නමුත් මේ  සතොස හරහා ප්‍රමාණවත් පරිදි රටඉඳි තොග මැදපෙරදිගින් ගෙන්වන ලෙස සතොස සභාපතිවරයාට හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.  මේ අතර  රට ඉඳි තොග බෙදා හැරීම සඳහා මැදිහත් වන ලෙස  කාර්ගිල්ස් ආයතනය ඇතුළු පෞද්ගලික අංශයටද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.

ගයාත්‍රී ගීගනආරච්චි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.