Coss Ear2
lakbima.lk
COSS Ear 1

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ගියොත් විපක්ෂනායක ධුරයට සටනක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  තව දුරටත් සන්ධාන  රජයේ සිටිනවාද නැද්ද යන කාරණය පිළිබඳව සිංහල අලුත් අවුරුද්ද අවසන් වීමෙන් පසු පවත්වන පළමු මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයකට එළැඹෙන බව හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය.
හිටපු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ අනුව ජනාධිපතිවරයා සිය විදෙස් සංචාරය නිමා කර යළි මෙරටට පැමිණි විගස අදාළ තීරණය ගන්නා බවද ඔහු පැවැසීය.
මෙහිදී අදහස් දැක්වූ හිටපු අමාත්‍ය එස්.බි. දිසානායක මහතා මධ්‍යම කාරක සභාව විසින් සන්ධාන රජයෙන් සිය පක්ෂය ඉවත් වීමට තීරණය කළහොත් දැනට අමාත්‍ය ධුරවල රැඳී සිටින පිරිසද එම තීරණයට ගරු කරමින් අදාළ තනතුරුවලින් ඉවත් වනු ඇති බවයි.
එලෙසම මෙම තීරණය ගැනීමෙන් පසුව සිය පක්ෂය පාර්ලිමේන්තුවේ දෙවැනියාට වැඩිම සාමාජිකයන් සංඛ්‍යාවක් සිටින පක්ෂය නිසා විපක්ෂ නායක ධුරය ලබා ගැනීමේ සටනට එළැඹෙන බවද මෙහිදී සඳහන් විය.
කෙසේ වුවද පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගන්නා තීරණයට ගරු කරන බවද මෙහිදී එස්.බි. දිසානායක මහතා සඳහන් කළේය.

නයනකේෂී විජේකෝන්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1094

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2203

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2705

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2799

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2087

Please publish modules in offcanvas position.