Coss Ear2
lakbima.lk
COSS Ear 1

කැබිනට් වර්ජනයක් තිබියදී ගත් තීන්දු නීත්‍යානුකූල නෑ



කැබිනට් මණ්ඩලයේ පිරිසක් වර්ජනයක නිරතව සිටියදී සෙසු අය රැස්වී ගත් තීන්දු නීත්‍යානුකූල නොවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි. එම නීත්‍යානුකූල නොවන  තීන්දු ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගතහොත් ඊට එරෙහිව ක්‍රියාකරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අප ඒකාබද්ධ විපක්ෂය ජනබලයක් නැති මේ රජයේ කටයුතු ගැන දැන් පෙරටත් වඩා අවධානයෙන් ඉන්නේ. අමාත්‍ය මණ්ඩලයේ පිරිසක් අමාත්‍ය මණ්ඩල රැස්වීම  වර්ජනය කර තිබියදී කැබිනට් මණ්ඩලයෙන් කොටසක් රැස්වී රටේ තීන්දු ගැනීම බරපතළ කාරණයක්. අපි ඒ ගැන අවධානයෙන් ඉන්නේ. යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ‍ලේකම්වරයා මහජන රැස්වීමකදී අදහස් ප්‍රකාශ කරමින් ‍පොහොට්ටුව දිනාගත් පළාත් පාලන ආයතනවලට සංවර්ධනය සඳහා රජයේ මුදල් ලබා නොදෙන බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන්ද ඒකාබද්ධ විපක්ෂය ඉදිරි පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවද මන්ත්‍රීවරයා කීවේය.
මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් පාලන ආයතනවලට සංවර්ධන මුදල් ලබාදීමේදී ඒ පළාත් පාලන ආයතනවල පාලනය ආණ්ඩුව සතුද නැද්ද කියලා හොයා බලන්න බෑ. එහෙම බේදයකින් කටයුතු කරන්න රජයකට පුළුවන්කමක් නෑ. මහින්ද අමරවීර කියන්නේ ආණ්ඩුක්‍රමය ගැනවත් පළාත් පාලනය ගැනවත් ‍පොදුවේ රටේ නීතිය හෝ දේශපාලන සදාචාරය ගැනවත් අවබෝධයක් ඇති කෙනෙක් නොවන බව ඔහුගේ මේ ප්‍රකාශවලින් පෙනෙනවා. ඔහු සඳහන් කරන දේ ඔහුගේ පක්ෂයේ නායකයා කියන දේට පටහැනියි. ඒකෙන් තේරෙන්නේ ඒ පක්ෂයේ ප්‍රතිපත්තියක් නෑ කියන එක යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජයසූරිය උඩුකුඹුර
 

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1087

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2201

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2701

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2797

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.