Coss Ear2
lakbima.lk
COSS Ear 1

බැදුම්කර  වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම පිණිස ජාත්‍යන්තර පොලිසිය අද (20) රතු වරෙන්තු නිකුත් කොට ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරණ ලද පරීක්ෂණ වලට අනුව මෙම වරෙන්තු නිකුත් ‍කොට තිබේ.

ඔහු මීට පෙර අවස්ථා දෙකකදීම වරෙන්තු නොතකා අධිකරණයේ පෙනී සිටීම ප්‍රතික්ෂේප කර ඇත.

 

එස්.ටී.පී.සිල්වා

 

 

ගම්පහ නගර සීමාවට අයත් මිරිස්වත්ත සහ යක්කල ප්‍රදේශ ආශ්‍රිතව ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන නමින් පවත්වාගෙන යන සම්භාහන ආයතන 04ක්  මෑතක සිට  ක්‍රියාත්මක වන බවටත් ඒවා තුළ ගණිකා ව්‍යාපාරය ඇතුළු නීති විරෝධී ක්‍රියාවන් සිදුවන බවටත් ප්‍රදේශවාසීහු පවසති.

ඒ සම්බන්ධයෙන් ලක්බිම ඔන්ලයින් ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතාගෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ ඒ සියළු ස්ථාන ගම්පහ මහ නගර සභාව විසුරුවීමෙන් පසු ආරම්භ කර ඇති ඒවා බවත් මේ වන විටත් ඒ තම නිරීක්ෂණයට ලක්වී ඇති අතර එවැනි නීති විරෝධී සහ සදාචාර විරෝධී ක්‍රියා මැඩලීම පිණිස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන ඇති බවත්ය.

ඒ අනුව ඉතා කෙටි කාලයක් තුළ එම නීතිවිරෝධී ක්‍රියා ගම්පහ නගර සීමාව තුළින් මුළුමනින් තුරන් කිරීමට තමන්ට හැකි වන බවට ඔහු විශ්වාසය පළ කළේය.

 

ප්‍රසංග පෙරේරා ජා ඇල


සුරක්ෂා සිසු රක්ෂණාවරණය මගින් පිළිකා, වකුගඩු රෝග ආදී රෝග සඳහාද ප්‍රතිලාභ ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
එම රක්ෂණාවරණය මගින් ප්‍රතිලාභ හිමිවන බවට මතෛක් නම් කර තිබූ රෝගාබාධවලට අමතරව මෙම රෝග සඳහාද මෙලෙස ප්‍රතිලාභ ගෙවීමට තීරණය කර ඇත.
මෙම ප්‍රතිලාභ ලබාදීමේ අවස්ථා ඉහළ නංවන ලෙස අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා කරන ලද ඉල්ලීමකට අනුව මෙම පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව එකඟ වී තිබේ.
සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ සම්බන්ධව වැඩිදුර විස්තර 0112 357357, 0113 641555 යන දුරකථන අංකවලට ඇමැතීමෙන් ලබාගත හැකිය.

ගයාත්‍රි ගීගනආරච්චි



‍පොදු රාජ්‍ය මණ්ඩල සාමාජික රටවල කඩොලාන සංරක්ෂණය පිළිබඳ නායකත්වය ගන්නා රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
‍පොදු රාජ්‍ය මණ්ඩල 25 වන රාජ්‍ය නායක සමුළුව ඊයේ (19) ලන්ඩන් නුවරදී ආරම්භ කෙරුණු අතර පස්වරුවේ පැවැති ‍පොදු රාජ්‍ය මණ්ඩලයීය විධායක සභාවේදී මේ බව ප්‍රකාශයට පත් කෙරිණි. ඒ අනුව ලෝකයේ කඩොලාන සංරක්ෂණය පිළිබඳ සිදුකරන කාර්යයන් සොයාබැලීම සහ ක්‍රියාවට නැංවීම උදෙසා ක්‍රියාකාරී කමිටුවක්  ශ්‍රී ලංකාවේ ප්‍රධානත්වයෙන් නම් කිරීමට නියමිතය.
2015 වසරෙන් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මූලිකත්වයෙන් ක්‍රියාවට නංවන ලද කඩොලාන සංරක්ෂණ ව්‍යාපෘතින් ඉතා සාර්ථක ව්‍යාපෘතින් ලෙස ලෝකයේ අවධානයට ලක්වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස කඩොලාන සංරක්ෂණය පිළිබඳ ලොව ඉහළම ප්‍රගතියක් අත්කරගත් රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ.

නොරොච්චෝල තාප බලාගාරය නිසා වායු ගෝලයට යම් ප්‍රමාණයක් එක් වන අළු තත්ත්වය පාලනය කිරීම සඳහා සුළං බාධකයක් ඉදිකිරීමේ කටයුතු සියල්ල අවසන් කර ඇති බවත් එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් ඒ හරහා දැනට ඇති වී  ඇති ගැටළුවට තිරසාර විසදුමක් ලබා දෙන බවත් ආපදා කළමනාකරන අමාත්‍ය සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ වියළි කාලගුණික තත්වය හමුවේ ආපදාවට පත්ව සිටින ජනතාවගේ ගැටළු පිළිබදව සාකච්ජා කිරීමේ විශේෂ රැස්වීමක් අද(20) පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේ එසේ කී ඇමතිවරයා පුත්තලම දිස්ත්‍රික්කයේ නියගයෙන් පීඩා විදි පවුල් 167,000ක්  සඳහා රුපියල් මිලියන 485ක අධාර මේ වන විට ලබාදී ඇති බවද කීය.

දැනට අධාර නොලැබූ පිරිස්වල තත්ත්වයන් සොයා බලා කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙස වැඩි දුරටත් උපදෙස් ලබා දෙන ලදී.

පානීය ජලය ලැබිය යුතු පවුල් 25,000ක් සඳහා පානීය ජලය මේ වන විට ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාව සඳහා ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ලේකම්, පුත්තලම දිස්ත්‍රික් ලේකම් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වන දා පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (20) පැවති මාධ්‍ය හමුවකදී නිවේදනය කළේය. මෙම නිලවරණය වසර දෙකකට වරක් පැවැත්වෙන්නකි

 

ඊයේ (19) සවස ගැඹුරු මුහුදේ පාවෙමින් තිබියදී බුද්ධ ප්‍රතිමා කිහිපයක් ගාල්ල ධීවරයින් පිරිසකට හමුවි තිබේ. එම බුද්ධ ප්‍රතිමා මියන්මාරයට අයත් බවට විශ්වාස කෙරෙන බව ගාල්ල කච්චුවත්ත පුරාණ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උළුවිටිකේ බෝධිසීහ හිමියන් පැවසූහ.

බුද්ධ ප්‍රතිමා ඇතුළු තවත් පිළිම කිහිපයක් මෙහිදී  හමුවී ඇති බව පැවසූහ. මෙම ප්‍රතිමා සෞභාග්‍යය ප්‍රාර්ථනා කරමින් මුහුදේ පා කරන්නට ඇති බව ස්වාමීන්වහන්සේ පැවසූහ. එය මියන්මාර ජාතිකයින්ගේ සිරිතක් බව පැවසූහ.
එම සියලු පිළිම ගාල්ල කච්චුවත්ත පුරාණ රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර එම පිළිම වන්දනා කිරීම සඳහා විශාල ජනතාවක් පැමිණෙමින් සිටියි.

හබරාදුව - අනුර ලියනගේ

 

අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙක් අද (20) කොළඹ ග්‍රෑන්පාස් (තොටළඟ) ප්‍රදේශයේ දී පොලිස් විශේෂකාර්ය බලකා අත්අඩංගුවට පත්ව ඇත.

මොවන් දිවයිනේ නම ගිය පාතාල කල්ලියක මුල්පෙළේ සාමාජිකයන් යැයි කියනු ලැබේ.

එස්.ටී.පී.සිල්වා

ඉදිරි දින 10 තුළදී එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලෙහිම පුරප්පාඩු සම්පුර්ණ කිරීමට නියමිත බව එම පක්ෂය පවසයි.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන කමිටුව කළ නිර්දේශ අනුව එක්සත් ජාතික පක්ෂ සභාපති, මහ‍ලේකම්, භාණ්ඩාගාරික හා ජාතික සංවිධායක යන තනතුරු සම්පුර්ණයෙන්ම වෙනස් කිරීමට නියමිතව ඇත.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන තනතුරු සඳහා අලුතින් පුද්ගලයන් පත් කළ යුතු බවට ද ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන කමිටුව නිර්දේශ කර තිබෙන අතර පක්ෂ මහ‍ලේකම් ධුරය සඳහා තරුණ කැබිනට් ඇමැතිවරයෙකු පත් කරනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කළේ ය.
මේ අතර එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ පක්ෂ ජාතික සංවිධායක ධුරය වඩාත් ප්‍රබල තනතුරක් ලෙස පූර්ණ බලතල සහිතව පවත්වාගෙන යාමට නියමිත අතර ජාතික සංවිධායක ධුරයට ද තරුණ කැබිනට් ඇමැතිවරයෙකු පත්කිරීමට නියමිතව ඇත.
අමාත්‍ය රුවන් විජයවර්ධන කමිටු නිර්දේශ අකුරටම ක්‍රියාත්මක කරමින් එක්සත් ජාතික පක්ෂයේ උඩු යටිකුරු වෙනසක් ඉදිරි දිනවල සිදුවනු ඇතැයි ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සීි අලවතුවල මහතා ප්‍රකාශ කළේය.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි
 

ජාතික රජය ලබන 2020 වර්ෂය දක්වා අඛණ්ඩව පවත්වාගෙන යාමේ එක්සත් ජාතික පක්ෂ අනුමැතිය ලබන සතියේදී ලබා ගැනීමට නියමිතව ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය හා පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වී, යහපාලනය සඳහා වූ ජාතික රජය පවත්වාගෙන යාම සඳහා මෙලෙස අනුමැතිය ගැනීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ජාතික ආණ්ඩුව හැදීමට අවශ්‍ය එක්සත් ජාතික පක්ෂ අනුමැතිය ඉකුත් 2015 අගෝස්තු මාසයේදී ලබා ගත් අතර ඊට අදාළ අවබෝධතා ගිවිසුමකටද අත්සන් තැබිණි.
ජාතික ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා කෘත්‍යාධිකාරි මණ්ඩලයේ හා පාර්ලිමේන්තු කණ්ඩාමේ අනුමැතිය ඒකමතිකව ගැනීමට නියමිත බව රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය හා සභා නායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

ලසන්ත වීරකුලසූරිය/ගයාත්‍රි ගීගනආරච්චි

ඉන්ධන මිල ගණන් වැඩිකළහොත් ජන ජීවිතයට සිදුවිය හැකි බලපෑම් පිළිබඳ විශේෂ වාර්තාවක් ඛනිජ තෙල් අමාත්‍යාංශ බලධාරීන් අගමැතිවරයා වෙත යවා තිබේ.
ඩීසල්, පෙට්‍රල් හා භූමිතෙල් වැඩි වුවහොත් ඊට සාපේක්ෂව මිල ඉහළ යා හැකි සෙසු භාණ්ඩ පිළිබඳව විස්තරයක්ද එම වාර්තාවට ඇතුළත් කර තිබේ.
මුදල් අමාත්‍යාංශය ඉන්ධන මිල සංශෝධනය සඳහා නව මිල සූත්‍රයක් සකස් කිරීම මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා අවශ්‍ය සියලු දත්ත මුදල් අමාත්‍යාංශ බලධාරීන් ඛනිජ තෙල් අමාත්‍යාංශයෙන් ලබාගෙන තිබේ.
ඉන්ධන මිල ගණන් මේ මොහොතේ ඉහළ දැමීමක් නොකර ඉන්ධන සඳහා පනවා ඇති බදු මුදල් පහන දමා ඛනිජ තෙල් සංස්ථාව මුහුණදී සිටින අලාභය අවමකර ගැනීමට පියවර ගත යුතු බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු ඩී.ජේ. රාජකරුණා මහතා අප කළ විමසුමකදී පැවැසීය.

පානුක රාජපක්ෂ, ප්‍රසාදිකා ජයවර්ධන

 

Page 1 of 308

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1097

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2205

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2708

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1104

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2801

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2088

Please publish modules in offcanvas position.