Coss Ear2
lakbima.lk
COSS Ear 1

රුලං පිට්ටු

RP

අවශ්‍ය ද්‍රව්‍ය
රුලං ග්‍රෑම් 500
සිහින්ව කපාගත් කැරට් ග්‍රෑම් 50
සිහින්ව කපාගත් මුකුණුවැන්න දලු ග්‍රෑම් 50
සිහින්ව කපාගත් රතුලූනු ග්‍රෑම් 30
සිහින්ව කපාගත් අමුමිරිස් කරල් 2 යි
බිත්තර 2 යි
සිහින්ව කොටු කපා ගැඹුරු තෙ‍ලේ බැදගත් කුකුල් මස් ග්‍රෑම් 100
අබ ඇට තේ හැඳි 1/2
සිහින්ව  ගාගත් ‍පොල් ග්‍රෑම් 50
ලුණු රසට අනුව
කරපිංචා කිනිත්තක්

සාදන ආකාරය
රුලං ටික කබ‍ලේ රන්වන් පාටට බැඳ ගන්න. දැන් සුදුසු බඳුනක් ගෙන එයට රුලං සහ වතුර එකතු කර බෙරි නොවන සේ පිසගන්න. දැන් වෙනත් බඳුනක් ගෙන එය ලිප තබා රත්වන විට බටර් එකතු කරන්න. දැන් එයට කරපිංචා, අබ ඇට, සිහින්ව ලියාගත් රතුලූනු, අමුමිරිස් එකතු කරන්න. දැන් බිත්තර දමා කූරුගාමින් මිශ්‍ර කරන්න. ලුණු, ‍පොල්, කැරට්, මුකුණුවැන්න එකතු කරන්න. බැදගත් කුකුල්මස් කැබලි දමන්න. දැන් තම්බාගත් රුලං දමා මිශ්‍රකර කෑමට ගන්න.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.