Coss Ear2
lakbima.lk
COSS Ear 1

අවශ්‍ය ද්‍රව්‍ය 
හුරුල්ලන් කිලෝග්‍රෑම් 1 පමණ
ලුණු අවශ්‍ය තරමට 
ගොරකා අවශ්‍ය තරමට 
කුරුඳු‍පොතු 
කරාබුනැටි
කරදමුංගු ඇට කීපයක් 
 
සාදන ආකාරය 
මාළුවල පිලී හැර බඩවැල්, කරමල් ගලවා ලුණු මිශ්‍ර වතුරෙන් හොඳින් සෝදා ගන්න. ගොරකාවල වැලි ඉවත්වන ලෙස හොඳින් සෝදා ගන්න. කරාබුනැටි, කුරුඳු‍පොතු, කරදමුංගු යන්තමට තලා ගන්න. දැන් මැටි හට්ටියක් ගෙන එහි අඩියට ලුණු තට්ටුවක් දමන්න. ඒ මත ගොරකා කැබැලි කීපයක් සහ කරදමුංගු, කරාබුනැටි, කුරුඳු‍පොතු ස්වල්පයක්ද ඉසින්න. දැන් සීරුවට මාළු එහි අඩුක් කරන්න. ඉන්පසු නැවත ලුණු තට්ටුවකින් වසන්න. ගොරකා සහ කරදමුංගු කරාබු නැටි, කුරුඳු‍පොතු කීපයක්ද දමන්න. දැන් ඉතා හොඳින් වසා සතියක් පමණ තබා ප්‍රයෝජනයට ගන්න. මේ ආකාරයටම බඳුන වසා අව්වේ වියළා ගැනීමටද පිළිවන. 

අවශ්‍ය ද්‍රව්‍ය
 
තම්බාගත් දම්පාට දන්දිල අල ග්‍රෑම් 100
‍පොල්කිරි අඬු කෝප්ප 1
කිතුල් හකුරු ග්‍රෑම් 100
කජු මද ග්‍රෑම් 50
වියලි මිදි ග්‍රෑම් 50
එනසාල් කරල් 2 යි
කරාබු නැටි 1 යි
කුඩා කුරුඳු‍පොතු කැබැල්ලක් 
රසට අනුව ලුණු
 
සාදන ආකාරය 
 
තම්බාගත් අල වලට ‍පොල් කිරි එකතු කර හොඳින් බ්ලෙන්ඩර් කර ගන්න. කජු මද කුඩාවට කපා ගන්න. දැන් සුදුසු භාජනයක් ගෙන එයට බ්ලෙන්ඩර් කරගත් අල මිශ්‍රණය සහ අනෙකුත් සියලු කළමනා දමා මදගින්දරේ හැඳිගාමින් පිසගන්න. උකු ගතිය වැඩිනම් අවශ්‍ය පදමට වතුර හෝ දියකිරි එකතු කර ගන්න. 

Page 6 of 9

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 2312

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 3295

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 3549

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1437

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 3422

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2509

Please publish modules in offcanvas position.