lakbima.lk
300-90
Lakbima Online
http://www.mahinda2015.com
http://www.mahinda2015.com
home-icon daliy sundaylakbima rajina samudura-blue-logo archive advertisecontactus new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

නවතම පුවත්

වැඩබලන සභාපති වාර්තාව ඉරා වීසි කරයි

2014 දෙසැම්බර් 18 12.25 p.m
Document
පානදුර නගර සභාවේ මාසික වාර්තාව අසම්පූර්ණ බවට චෝදනා කරමින් එහි වැඩබලන සභාපති රියෙන්සි ප‍්‍රනාන්දු මහතා විසින් එය ඉරා විසි කර දමා ඇතැයි පැවසේ. තමන් පසුගිය සභා වාරයේදී දැක් වූ අදහස් සහ ඉදිරිපත් කළ යෝජනා මාසික වාර්තාවට ඇතුළත් කර නොමැති read-more

කාලීන සංවාද

ජනතාවට ජන්ද ‍පොරොන්දු මතක හිටින්නේ ටික කාලයයි

Familyමෙරට මැතිවරණ ඉතිහාසයේ මූලාරම්භයේ සිටම පැවැති හැම මැතිවරණයකම read-more

කාටූන්

අතුරුගිරියේ ගුවන් අනතුර



Get the Flash Player to see this player.

time2online Joomla Extensions: Simple Video Flash Player Module

වග - තුග

සුනාමියෙන් යළි උපන් නූතන පටාචාරාවකගේ කතාව

උදම්රළ ආවේය ගියේය. කොතැනක හෝ ඇසිල්ලකට හෝ නොනැවතුණ එය මිනිස් ගංගාවක් මුහුදබත් කළේය. ලෝකය සුණුවිසුණු කර දැමුවේය. අනතුරුව නිශ්චල වූයේය. ඉක්බිතිව එදා මෙදා තුර වසර 10ක් read-more

2014-12-17 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.130.19 , විකුණුම් මිල රු.133.28 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.204.29 , විකුණුම් මිල රු.210.33 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.162.16 , විකුණුම් මිල රු.167.48 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.134.91 , විකුණුම් මිල රු.139.80 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.111.56 , විකුණුම් මිල රු.115.30 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.106.20 , විකුණුම් මිල රු.110.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.99.54 , විකුණුම් මිල රු.102.78 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1129 , විකුණුම් මිල රු.1.1499 |
Siw-Mansala

jilbolahodiJilball

මේ ලියුම නම් සීයට අනූ නවයක් හොඳයි

ජනප්‍රිය ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයාගේ හොඳම යාළුවෙක් ඉන්නවා; අවුරුදු හතළිස් ගණනක් වෙලත් තවම කසාදයක් බැඳගන්න බැරි වුණු. ඉතාම හොඳ කඩවසම් බවක් වගේම සමාජයේ පිළිගත්තු රස්සාවකුත් කරන ඒ යාළුවා ටෙලි නාට්‍යවලටත් සම්බන්ධයි. read-more

altමෛත්‍රීපාල රජරට රජ වෙන්න පෙරාතුවම පක්ෂය හැර ගියා

- මහ ඇමැති දයාසිරි ජයසේකර

රජරටට රජෙක් කියලා කියන මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ‍පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුවත්, ඒ මහතා රජරටට රජෙක් වෙන්න ලබන ජනවාරි අටවැනිදායින් පස්සේ අගමැතිකම ලබාදෙන්න read-more

Gini-Avi-logo

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

ඩිල්ෂාන්ගේ තුන් ඉරියව් දස්කම් එංගලන්තයට අන්ත පරාජයක් ගෙනදෙයි

ශ්‍රී ලංකාව තරගාවලිය 5-2කින් ජය ගනියිTillakaratne-Dilshanශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර 7 වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 87ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව තරගාවලිය තරග 5-2කින් ජය ගැනීමට ඊයේ (16දා) සමත් විය. මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව පන්දුවාර 50දී

කිත්තම්පහුව ගාමිණී එල්‍ලේ ක්‍රීඩා සමාජයට වසර 3ක තරග තහනමක්

ශ්‍රී ලංකා එල්‍ලේ සම්මේලනය විසින් දිවයිනේ පැරණිතම එල්‍ලේ ක්‍රීඩා සමාජයක් වන කිත්තම්පහුව ගාමිණී ක්‍රීඩා සමාජයට වසර 3ක තහනමක් පනවා තිබේ.

සංගා එක්දින පිටියෙන් සමුගැනීම ස්ථිර කරයි

මෙය සමුගැනීමට හොඳම වෙලාවයි

 

- සංගා පවසයිKumar-Sangakkaraලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ස්ථිර වශයෙන්ම එක්දින පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා පි‍ලේ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පැවැසීය.

ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඕස්ට්‍රේලියාවට ලකුණු 48ක තියුණු ජයක්

Nathan-Lyonක්ලාක්ගේ ක්‍රිකට් අනාගතය අවිනිශ්චිතයි
ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ඇඩි‍ලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති පළමු තරගය නේතන් ලයන්ගේ විශිෂ්ට පන්දු යැවීමෙන් ලකුණු 48 ක තියුණු ජයක් වාර්තා කිරීමට

සංගා සහ මහේල ශ්‍රී ලංකාවේදී අවසන් වරට 16 දා තරග බිමට

Sangakkara-and-Mahelaසචිත්‍ර යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පසුගිය 10 දා පැවැති පස්වැනි එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්තය ජය ගැනීමත් සමගම තරගාවලියේ ජය තීරණය වීම අවසන් තරග දෙක තෙක් ඇදී ගියේය.

ක්‍රිකට් විකට්ටුවේදී මරණය සිපගත් පිලිප් හියුස්


පිලිප් හියුස් මරණය සිප ගත්තේය. තණ නිල්‍ලේ වැදී ඉහළට ආ ජෝන් ඇබට්ගේ පන්දුව ඔහුගේ කනට ඉතාමත් ආසන්නයේ හෙල්මටය යටින් හිසේ වැදීමෙන් සිදු වූ දරුණු තුවාලය අබියස නිමේෂයක් දණහිස්වල දෙඅත් රඳවා ගනිමින් සිටි ඔහු ක්ෂණයකින් විකට්ටුව ඉදිරිපස ඇද වැටුණේය.

Kathu-wakiyaමේ ප්‍රශ්නවලට විසඳුම් දිය හැක්කේ කාටද?

මිනිසුන්ට ප්‍රශ්න ඇතිවෙයි. එම ප්‍රශ්න සිතට වද දෙයි. හිත දුකින් බරවෙයි. වරු ගණන් කල්පනා කරන්නට පටන් ගනී. අන්තිමට වස බොයි. නැත්නම් ළිඳේ, ගඟේ, මුහුදේ පනී. එහෙමත් නැත්නම් දුම්රියකට ජීවිතය පුද දෙයි. read-more

- විශේෂ පුවත් -  

ලොකු ලොකු ප්‍ලේන් එළවන මට කාර් එකක් එළවන එකත් ලොකු දෙයක් ද ? කියලා පුතා ඇහුවා

wasanthaහෝකන්දර ගුවන් අනතුරින් මළ බලගණ නායක වසන්ත නිහාල් අබේවර්ධනගේ මව කියයි
වසන්ත නිහාල් අබේවර්ධන ඒ තමයි ඔහුගේ සම්පූර්ණ නම. 1981 ජුනි 9 වෙනිදා කුරුණෑගලදී උපන් ඔහු උසස් අධ්‍යාපනය

ටකරං කෑලි ඉටිරෙදි වටකරගෙන පුංචි පැලක ඉන්න අපට පිහිටක් වෙන්න

Pradeepගලිගමුවේ තිදරු පියාගෙන් ආයාචනයක්
ගලිගමුව ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාශයේ කොස්ගොල්ල අරන්දර, අටාල ලිපියේ පදිංචි ප්‍රදීප් අශෝක කරුණාරත්න මහතා අසරණ තත්ත්වයක ජීවත්වෙන්නකි.  රබර් කිරි කැපීම ජීවන වෘත්තිය කරගත් ඔහු මාපිය

ජනාධිපතිවරණය ගැන උතුරේ දෙමළ පක්ෂ තවමත් වැට උඩ

Vavniya1උතුරු නැගෙනහිර ආරක්ෂාව
මේ වන විට රට පුරා සැමගේ අවධානය යොමුවී ඇත්තේ ජනාධිපතිවරණයේ දී කුමක් සිදුවේද යන්න පිළිබඳවය. මැතිවරණය රටේ ආරක්ෂාවට බලනොපාන කරුණක් වුවද දේශපාලන නායකත්වය විසින් ගනු ලබන

කළු පෙට්ටිය පරීක්ෂාවට රුසියාවෙන් එයි

හෝකන්දර ඇන්ටනොව් ගුවන් අනතුරpix1-6අතුරුගිරිය හෝකන්දර ප්‍රදේශයේ සිදු වූ ගුවන් යානා අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට රුසියානු විශේෂඥයින් පිරිසක් කැඳවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊයේ (14) තීරණය කර තිබේ. අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට

පණු බෙහෙත් නොදීම නිසා පණුවන් හැදී මියගිය දරු පැටියා

Panuwanපැටි වයසේ දරුවන් කෑමට හොරකරන විට අපේ අම්මලා කියන්නේ ‘පණු අමාරුව‘ යනුවෙනි. එසේ පණු අමාරුව වැළඳුණු විට ඉස්සර අම්මලා නම් දරුවන්ට සිංහල බෙහෙත් දුන්නෝය. එනමුත් දැන් කාලයේ දරුවන්ට පණු අමාරුවට දීමට

මහින්ද රාජපක්ෂ රජය යුදාධිකරණයට ගෙනයාමේ සිහිනය පිල්ලෙලා තවම අතහැර නැහැ

- තිලංගnavi pillayඑසේම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ දී චෝදනා ඉදිරිපත් කිරීමේ කාලය සහ විමර්ශනයට ගත වන කාලය පිළිබඳව මෙන්ම රෝම ආඥාපනත යටතේ ඵලදායී යෙදවුම් තුළින් නීතියේ ආධිපත්‍යය සහ අධිකරණ

cse

- ව්‍යාපාරික පුවත් -  

කාන්තාවන්ට වැඩි ආරක්ෂාවක් දෙන්න සෞභාග්‍යා තවත් අලුත් වේ

වර්තමානයේ වෙනස් වෙමින් තිබෙන අවශ්‍යතාවයන්ට සහ කාන්තාවන් මුහුණ දෙමින් සිටින අභියෝගයන්ට ගැළපෙන පරිදි සිය ජනප්‍රිය කාන්තා රක්ෂණාවරණය වන “සෞභාග්‍යා” රක්ෂණ සැලසුම මෙරට ජීවිත රක්ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් විසින් වැඩිදියුණු කරමින් එළි දක්වා ඇත.

බෙවර්ලි ස්ටී්‍රට් නවතම ශාඛාව රාජගිරියට

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විලාසිතා අලෙවිසල් ජාලයක් වන බෙවර්ලි ස්ටී්‍රට්, පසුගිය දෙසැම්බර් 5 වන දා රාජගිරිය, වැලිකඩ, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ අංක 475/සී දරන ස්ථානයේ සිය නවතම ශාඛාව විවෘත කරනු ලැබිය.

දේශපාලන සංවාද

මට දුන්නේ ඇද ‍පොළොවක් ඒත් මම හොඳට නැටුවා

dilan-perera- විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය ඩිලාන් පෙරේරා

විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ඔවුන්ගේ ඡන්දයෙන් දිනන්නද ආණ්ඩුව සූදානම් වෙන්නේ?
අපි විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වා ගන්නේ නෑ. ඒත් ජනාධිපතිතුමා විදේශගත ශ්‍රමිකයින්ට කළ සේවය ගැන පැහැදුණු පිරිස් ලංකාවට ඇවිත් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන්න සූදානමින් සිටිනවා.

පොදු අපේක්ෂක වේදිකාවෙන් රාජපක්ෂ පිලට එල්ල වන්නේ අප මීට පෙර කළ චෝදනා

Anura-kumara- ජවිපෙ නායක අනුර කුමාර දිසානායක

අද ‍පොදු අපේක්ෂක වේදිකාවේ සිට මහින්ද රාජපක්ෂ පිලට එල්ල කරන චෝදනා සියල්ල ජනතා විමුක්ති පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස මීට කලින් එල්ල කළ චෝදනා බවත් සිය පක්ෂය අනාගතයේ සිදුවන බොහෝ දේ කලින් දකින දේශපාලන ව්‍යාපාරයක් බවත් ජවිපෙ නායක read-more

lakbima.lk

හිතුමතේ ආ කැබ්රිය දුම්රියේ ගැටේ

දෙන්නෙකුට අමාරුයි

2014 දෙසැම්බර් 18 09.45 a.m
Accident
කිලිනොච්චියේ සිට යාපනය බලා ගමන්ගත් දුම්රියක කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. කිලිනොච්චි කරඩිපෝක්කු හන්දියේදී මේ අනතුර වී තිබේ. අධික වේගයෙන් පැමිණි කැබ් රථය දුම්රිය සංඥා නොතකමින් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කර තිබෙන

 

ජනපති උතුරු නැගෙනහිර

2014 දෙසැම්බර් 18 09.40 a.m
(පානුක රාජපක්ෂ)
Mahindaජනපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන උතුරු-නැගෙනහිර පළාත්වල ජනරැලි සහ ජනහමු අදින් (18) ආරම්භ වේ.
ප්‍රධාන ජනරැලිය මුලතිව් නගර මධ්‍යයේ අද (18) පෙරවරුවේ පැවැත්වේ. සවස කිලිනොච්චිය නගරයේද පැවැත්වෙන ජනරැලියකට ජනාධිපතිතුමන් සහභාගි වීමට නියමිතය.

   

සා.පෙ අදින් ඉවරයි

කැත වැඩ කළොත් ප්‍රථිථල තහනම්

2014 දෙසැම්බර් 18 08.25 a.m
exam-sri-lankaසාමාන්‍ය පෙළ විභාගය අදින් අවසන් වන අතර විභාගය අවසන් වීමෙන් පසු සියලූ අපේක්ෂකයින් විභාග පරිශ‍්‍රයෙන් පිටතට ගමන් කළ යුතු බවත් විභාග මධ්‍යස්ථාන පැවැත් වූ පාසල් පරිශ‍්‍රයන්ට හානියක් සිදුවන ආකාරයෙන් හෝ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයෙකු අපහසුතාවට පත්වන ආකාරයෙන් යම් සිසුවෙකු කි‍්‍රයා

   

ගල්රෝලක් ඉබේ ගිහින් හතරක් යට කරයි

2014 දෙසැම්බර් 18 07.50 a.m
Galrolaහෝමාගම උසාවිය අසල මහපාරේ අලුත් වැඩියාවට රැගෙනවිත් තිබූ ගල් රෝලක ගැටී අයෙක් මියාගොස් තිදෙනෙකු තුවාල ලබා තිබේ. ගල්රෝලේ රියදුරා සිට නැති අතර තිරිංග අක්‍රියවීම නිසා එය ඉබේ ඉදිරියට ඇදීයාමෙන් මේ අනතුර වී තිබේ.

 

   

දින 100ක් ඇතුළත රෝහල් ලස්සන කරනවා

- නව සෞඛ්‍ය ඇමැති

2014 දෙසැම්බර් 17 11.40 p.m
(ශ්‍රියානි විජේසිංහ)
Tissa-Attanayakeදින 100ක් ඇතුළත දිවයිනේ සියලුම රෝහල් අලංකාර කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ලබන වසරේ ආරම්භ කරන බව සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය. රෝහලක් රෝගීන්ට දර්ශනීය ස්ථානයක් විය යුතු බැවින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ඇමැතිවරයා පැවසීය.

   

ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට නිරීක්ෂකයන්

2014 දෙසැම්බර් 17 11.35 p.m
(ගයාත්‍රි ගීගනආරච්චි)
BALLETමෙවර ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම සඳහා නිරීක්ෂණ සංවිධාන කිහිපයකට මැතිවරණ කොමසාරිස්වරයා අවසර ලබාදී තිබේ. නිරීක්ෂණ සංවිධාන විසින් කාලයක සිට ඉල්ලන ලද ඉල්ලීමකට අනුව ප්‍රථම වතාවට මෙම අවසරය ලබාදී ඇත.
පැෆරල් සංවිධානය, කැෆේ සංවිධානය

   

මානව හිමිකම් කොමිසම උතුරට හිස් පත්‍රිකා බෙදා වැසියන්ගෙන් අත්සන් අරන්

ආරක්ෂක අංශවලට තොරතුරු හෙළිවේ

2014 දෙසැම්බර් 17 11.30 p.m
(සංජය නල්ලපෙරුම)
Handwritingඑක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාව සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණයට සාක්ෂි ලබාගැනීම සඳහා වන හිස් පත්‍රිකාවලට උතුරේ ජනතාවගෙන් අත්සන් ලබාගෙන තිබෙන බව ආරක්ෂක අමාත්‍යංශයට වාර්තා වී ඇත. අත්සන් සහිත එවැනි පත්‍රිකා ආරක්ෂක
අංශවලට මේ වන විට හමුවී ඇත.

   

හිටපු කොටියා මාස හයක් හිරේට

2014 දෙසැම්බර් 17 04.40 p.m
(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)
law
9 ප්‍රධාන මාර්ගයේ ඉකිරිගොල්ලෑව ප්‍රදේශයේ දී නාවික හමුදා රථ පෙලක් ඉලක්ක කර අධි බලැති ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැරි බවට අනුරාධපුර විශේෂ මහධිකරණය හමුවේ වරද පිළිගත් එල් ටී ටී ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබල සාමාජිකයෙකුට මාස 06 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සමග රුපියල් දහසක

   

ගංජා එක්ක සෙබලා සෙබලුන්ට මාට්ටු

2014 දෙසැම්බර් 17 03.05 p.m
(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)
Ganjaථුපාරාමය ආසන්නයේ දී පුද්ගලයෙකුට ගංජා අලෙවි කිරීම සදහා පැමිණ යුද හමුදා සෙබලෙකු සැකපිට අනුරාධපුර උලුක්කුලම පොලිස් විශේෂ කාර්යා බලකා සෙබලුන් විසින් පෙරේදා (
15 ) සවස අත් අඩංගුවට ගෙන තිබේ. හිටපු යුධ හමුදා සෙබලෙකු ගංජා තොගයක් තවත් අයෙකුට අලෙවි කිරීම සදහා පැමින ඒවා

   

රන් පෙන්නා ඊයම් දී ගස් යයි

2014 දෙසැම්බර් 17 03.35 p.m
(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)
Manchuව්‍යාපාරිකයෙකුට රන් කහවනු ලබා දෙන බව පවසා රන්පැහැ ගැල්වූ ඊයම් කැබලි ලබා දී රුපියල් පන් ලක්ෂයක් වංචා කළ බවට අධිකරණය හමුවේ වරද පිළගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් නමදහසක දඩමුදලක් සමග මාස හය බැගින් බරපතල වැඩ සහිත සිර දඩුවමක් අනුරාධපුර ප්‍රධාන මහේෂ්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු

   

මාතලේ අයවැය උඩින්ම ගොඩ

2014 දෙසැම්බර් 17 03.20 p.m
(හේවා පී.කරුණාරත්න - මාතලේ දිස්ත්‍රික්)
Budgetමාතලේ මහ නගර සභාවේ 2015 අය - වැය අද (17) ඒකච්ඡන්දයෙන් සම්මත විය. නගරාධිපති මොහමඩ් හිල්මි මහතා විසින් සභාවට ඉදිරිපත් කළ අය - වැය විවාදයකින් තොරව සම්මත කිරීමට රැස්වීමට පැමිණි සියලු මන්ත්‍රීවරු තීරණය කළහ. එක්සත් ජනතා සන්ධානයේ නාගරික මන්ත්‍රීවරු පමණක් මෙම රැස්වීමට

   

බිරිය මැරීයැයි සැකපිට බන්ධනාගාර සැරයන් ඇතුලේ

2014 දෙසැම්බර් 17 03.05 p.m
(අනුරාධපුර බුද්ධික මහේෂ් විජේසූරිය)
Manchuපොල්ලකින් හිසට පහර දී බිරිඳ ඝාතනය කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල විශ්‍රාමික බන්ධනාගාර සැරයන්වරයෙකු මේ මස 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු යුරේෂා ද සිල්වා මෙනෙවිය
ඊයේ(16)නියෝග කළාය.

   

හෙළ උරුමයේ තවත් අයෙක් ගම්මන්පිළ මග තෝරා ගනී

2014 දෙසැම්බර් 17 01.40 a.m
Hela-Urumaya
ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභිකයෙකු වන ති‍්‍රකුණාමලය දිස්ත‍්‍රික් සංවිධායක එච්.එන්.ජී. තුඹුල්ලේගම මහතා මෙවර ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය ලබාදීමට තීරණය කර තිබේ. ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය දිය යුතු බව තමන් ජාතික හෙළ

   

ඉන්දීය දැලේ සිටි මෙරට ධීවරයෝ 30ක් නිදහස්

2014 දෙසැම්බර් 17 11.55 a.m
Boatසිය අත්අඩංගුවේ සිටින ශී‍්‍ර ලාංකික ධීවරයින් තිස් දෙනෙකු කඩිනමින් නිදහස් කිරීමට ඉන්දියාව කැමැත්ත පළ කර තිබෙන අතර ලබන සඳුදාශී‍්‍ර ලංකාවට පිටත්කර එවන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මේ සමග සිය අත්අඩංගුවේ තිබූ ශී‍්‍ර ලාංකික ධීවර යාත‍්‍රා 19ක්ද නිදහස් කිරීමට ඉන්දියාව කැමැත්ත පළ කර ඇත.

 

   

වඳුරඹ වේදිකාව වනසති

2014 දෙසැම්බර් 17 10.50 a.m
maithrepalaගාල්ලේ වදුරඹ බස් නැවතුම් පොළ ඉදිරිපිට අද පැවැත්වීමට නියමිතව තිබූ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවට හා සැරසිළිවලට කිසියම් පිරිසක් හානිකොට තිබේ. මේ අතර එම වේදිකාවේ ශබ්ද විකාශන යන්ත්‍ර ගෙන ආ වාහනයට ද ගිනි තබා ඇති බවත් කෙසේ වෙතත්

   

විපක්ෂයේ ‍පොදු හවුල විකට නාටකයක් වෙලා

පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමි

2014 දෙසැම්බර් 17 11.40 a.m
Medananda-himiඒකමතික තීරණයක් ගත නොහැකි විපක්ෂයේ ‍පොදු හවුල අද විකට නාටකයක් බවට පත්වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එල්ලාවල මේධානන්ද හිමියෝ පවසති. 
එසේම විධායක ජනාධිපති ධුරය අහෝසි කර බලයක් නැති පතෝල ජනාධිපති වරයෙකුගෙන් රටට ඵලක් නැතැයි ද උන්වහන්සේ නිකුත් කළ ප්‍රකාශයේ සඳහන් වේ.

   

මෛත්‍රීගේ ලකුණ කුලියට ගත්ත එකක්

- ජනපති හලාවතිදී කියයි

2014 දෙසැම්බර් 17 11.20 a.m
(ජුඩ් සමන්ත හලාවත සිට)
Mahinda‘මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මැතිවරණයට ඉදිරිපත් වෙලා තියන හංසයා ලකුණ කුළියට දෙන එකක්.2005 අවුරුද්දේ ආරියවංශ කුලසිංහ මහත්තයාට කුලියට දුන්නා.2010 දි සරත් ෆෝන්සේකා මහත්තයාට කුලියට දුන්නා.අද 2014 දි හංසා මෛත්‍රීපාල සිරිසේන
මහත්තයා කුලියට අරගෙන තියනවා.

   

පාපන්දුව ශ්‍රීලාංකික සිසුවාව බිලි ගනී

2014 දෙසැම්බර් 17 09.00 a.m
Jayakumar
ශ්‍රී ලංකා ජාතික පාසල් සිසුවෙක් එංගලන්තයේදී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව එංගලන්ත මාධ්‍ය වාර්තා කරයි. 14 හැවැරිදි සුගෙන්ත් ජය කුමාර් නම් සිසුවා මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පාපන්දුවක් පපුවේ වැදිම ‍හේතුවෙන් සිදුවූ අනතුරකින් බව පැවසේ. මෙම අනතුර සිදුව තිබෙන්නේ පසුගිය අඟහරුවාදාය. මරණයට හේතුව අභ්‍යන්තර ලේ වැගිරීමක් බව වෛද්‍යවරු කියති.

   

ජල සම්පාදන මණ්ඩලය අඛණ්ඩ වර්ජනයකට සැරසේ

2014 දෙසැම්බර් 17 09.00 a.m
(පද්මිණි මාතරගේ)
Waterවැටුප් විෂමතා ඉවත් නොකිරීම, උසස්වීම් ලබා නොදීම, මධ්‍යම කළමනාකරණ සේවයට අදාළ හිමිකම් ලබා නොදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල්කරගනිමින් ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු සහකාරවරු සහ ඉංජිනේරුවරු සිකුරාදා (19) දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට සූදානමින් සිටිති.

   

Page 1 of 223

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2014 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.
එතෙර පුවත් එතෙර පුවත් එසැනින් පුවත් එසැනින් පුවත් මෙතෙර පුවත් මෙතෙර පුවත් විශේෂ පුවත් විශේෂ පුවත්