නූතන සිංහල කෙටිකතාවේ සම්භවය හා සමාජ සත්තා යථාර්ථවාදය
facebooklike300-90
Lakbima Online
Talent-Show-new
home-icon daliy sundaylakbima rajina samudura-blue-logo archive advertisecontactus new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss
badadakathawa1
vichithra1

jilbolahodiJilball

මේ සපත්තු කුට්ටම නම් කකුලට ටිකක් ලොකු වැඩියි

පේරාදෙණියේ සුගත් දොස්තර මහත්තයගේ ගෝලයා මෙදා සැරේ ගමේ ගිහින් එනකොට බොහොම ජැන්ඩියට ඇඳ පැළඳගෙන ඇවිත්; ඒ විතරක් ‍නෙවෙයි මිනිහා දාගෙන ඇවිත් තිබුණේ නව පරපුරේ කොලු ගැටව් දාන විදිහේ තියුණු තුඩක් වගේ කෙළවරක් තියෙන තද කළු සපත්තු කුට්ටමක් “ෂහ් දැන් සිරිපාලත් සෑහෙන්න මොඩ් වෙලානේ.” read-more

panaputhra1
Gini-Avi-logo

- සමුදුර -  

- ක්‍රීඩා පුවත් -  

ජයග්‍රහණය උදුරාගත් ඕස්ට්‍රේලියානුවෝ


1992 අගෝස්තු 22 වූ මෙදින ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන්ගේ තවත් එක් ජයග්‍රාහී බලා‍පොරොත්තුවක් බිඳවැටුණු මොහොතකි. ඔබ මේ දකින්නේ ඒ මොහොතේ මා විසින් ලබාගත් ඡායාරූපයකි.

ශ්‍රී ලංකා-ඉන්දියා ‘ඒ’ පුහුණු තරගය අද

Marvan-Atapattuඉන්දියාවේදී තරග වැදීම අභියෝගයක් - මාවන්
සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඉන්දීය ‘ඒ’ පිල අතර පුහුණු තරගය අද (30දා) මුම්බායි හිදී පැවැත් වේ. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන එකම පුහුණු තරගය මෙය වෙයි.

ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින තරගාවලිය ජය ගනියි

Kaushalතරිඳු කෞෂාල්ගෙන් සුපිරි පන්දු යැවීමක්
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ සහ ශ්‍රී ලංකා ‘ඒ’ අතර තරග 3කින් සමන්විත සිව්දින නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා ‘ඒ’ පිල සමත් විය. ඊයේ (28දා) මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියේදී අවසන් වූ තෙවැනි

ඉන්දීය එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා පිල අද පිටත්ව යයි

තරග 5කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අද (28දා) ඉන්දියාව බලා පිටත්ව යයි. ලබන 30දා මුම්බායිහිදී පුහුණු තරගයකට සහභාගිවන ශ්‍රී ලංකා පිල කටක් හිදී නොවැම්බර් 2දා ප්‍රථම එක්දින තරගයට සහභාගි වෙයි.

ජාතික මහා ක්‍රීඩා උළෙල සමස්ත ශූරතාව බස්නාහිරට

දක්ෂතම ක්‍රීඩකයා මංජුල - ක්‍රීඩිකාව චන්ද්‍රිකා

(සුනිල් අභයවර්ධන)

ක්‍රීඩා අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී පැවැති 40 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙ‍ලේ සමස්ත ශූරතාව දිනා ගැනීමට බස්නාහිර පළාත ඊයේ (27දා) සමත් විය.

පළමු ටෙස්ට් සටනින් ඕස්ට්‍රේලියාව පරාජය වෙයි

තරගයේ වීරයා යුනිස් ඛාන්


පාකිස්තානය සහ ඕස්ට්‍රේලියාව අතර තරග 2කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 221ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට පාකිස්තානය සමත් විය.

Kathu-wakiya

වැළලුණ ජීවිතවලට වගකිව යුත්තෝ කවුද?

සුනාමියෙන් පසු මේ රටේ අසන්නට ලැබුණු දරුණුතම ඛිෙදවාචකය ඉකුත් 29 දා කොස්ලන්ද ප්‍රදේශයේ පිහිටි මීරියබැද්ද වතුයායෙන් වාර්තා විය. විනාඩි කීපයක් ඇතුළත සිදු වූ එම නායයාමෙන් මරණයට පත්වූවන්ගේ නිවැරදි සංඛ්‍යාවක් මේ දක්වා සොයාගෙන නැතත් අඩුම වශයෙන් වටිනා මිනිස් ජීවිත 300ක් වත් එම අනතුර නිසා මහ‍පොළව මත පණපිටින් වැළලී ගොස් ඇති බවක් අනුමාන කෙරේ.read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

කඩුවෙල, ජා-ඇල සහ මතුගමට ආපිකෝ ඩේලි සුපිරි වෙළෙඳසැල්

ආපිකෝ සුපිරි වෙළෙඳ සැල් ජාලය විසින් පසුගියදා තවත් ‘ආපිිකෝ ඩේලි’ වෙළෙඳ සැල් තුනක් විවෘත කරනු ලැබිය.

යුනිකෝර්න් ටයර් රීට්‍රෙඩ්ස් නව කර්මාන්තශාලා 2ක් විවෘත කරයි

“යුනිකෝර්න් ටයර් රීට්‍රෙඩ්ස් පුද්. සමාගම ලොව නවීනතම

2015 අය වැය ජනතා යහපතටද? ආණ්ඩුවේ පැවැත්මටද?

Presidentඅය වැය ‍ලේඛනයක මූලික අරමුණ සහන මලු ප්‍රදානය කිරීම නොවුවද ශ්‍රී ලංකාව වැනි තුන්වැනි ලෝකයේ රටවල ජනතාව අයවැයකින් ආර්ථික සහන බලා‍පොරොත්තු වෙති.

- විශේෂ පුවත් -  

ඝාතන මිනීමැරුම් සහ රිය අනතුරු ප්‍රවෘත්තිවලින් පෙන්වීම සමාජයට බලපාන්නේ කොහොමද?

(හර්ෂා සුගතදාස)

ප්‍රවෘත්ති නරඹන විට සිතෙන්නේ රට මේ තරම් පිරිහිලාද කියලයි

ජගත් වැල්ලවත්ත  ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමාජ විද්‍යා අංශය කොළඹ විශ්ව විද්‍යාලය



රිය අනතුරුවල දර්ශන, ඝාතනවල දර්ශන අද ලෝකය පුරාම ප්‍රචාරය වෙනවා.

දුම්රිය වැඩ වර්ජනය දා රුහුණු කුමාරියේ අමුතු ගමනක්

(විදුරංග විතානගේ)


කාර්යාලීය දුම්රිය වූ කලී හුදු මගී ප්‍රවාහන මාධ්‍යයක් පමණක් නොවේ. එය අපේ සමාජයේ එක්තරා කොටසක් නියෝජනය කරන සුවිශේෂ උප සංස්කෘතියක්ද වෙයි.

සිරගෙදරදී මසකට වරක් ඩැල්රින් සහ දේවගැතිවරයා මුණගැසුණා

රට කැළඹූ චරිතවල සිපිරි ගෙයි ජීවිතය  

(හර්ෂා සුගතදාස)


ඩැල්රින් ඉන්ග්‍රම්ට මරණීය දණ්ඩනය නියම වීමට හේතු වූයේ මැතිව් පීරිස් දේවගැතිවරයා සමග අනියම් සම්බන්ධයක් ඇති කර ගැනීමෙන් අනතුරුව ඩැල්රින් ඉන්ග්‍රම්ගේ ස්වාමිපුරුෂයා වන රසල් ඉන්ග්‍රම්වත්,

‍ලේවල සීනි මට්ටම අඩු වීමට මුහුණ දෙන්නේ මෙහෙමයි

රුධිරයේ ග්ලූකෝස් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා පහළ බැස ඇති බව අඟවන අවදානම් ලක්ෂණ තද බඩගින්න, ඇඟ වෙව්ලීම, අධික දහඩිය දැමීම, ක්ලාන්ත ගතිය ඉක්මනින් කේන්ති යාම සහ ආවේගශීලී බව සහ මුහුණ සුදුමැලි වීම ආදියයි.

මුලින්ම හදපු රොටිය මට කන්න කියාදුන් මගේ නැන්දා මේ පස්ගොඩේ කොතැනද ඉන්නේ

“අනේ මගේ නැන්දා, මුලින්ම හදපු රොටිය මගෙ අතට දීලා කන්න කිව්වා. මේ පස් ගොඩේ කොතැන ඉන්නේ” කොස්ලන්දවත්තේ. ටී. රාජ්කුමාර්ගේ විලාපය කොස්ලන්දේ දියළුම නගන හඬ පරයා ඇසේ.

පෙම්වතා සමග එක්වීමට මව සහ බාල සොහොයුරා මරා දැමූ දහසය වියැති ඉතාලි යුවතිය

Italyලෝකයේ අධිවේගී දියුණුවත් සමග සියලුම මිනිස් ප්‍රජාවගේ ජීවිතද ඉතා වේගයෙන් වෙනස් වෙමින් පවතින බැව් නොරහසකි. මීට දශක කිහිපයකට කලින් මිනිසුන් අත්විඳි ජන ජීවිතයට වඩා වෙනස් හා විකෘති වූ ජීවන වටපිටාවක්

නූතන සිංහල කෙටිකතාවේ සම්භවය හා සමාජ සත්තා යථාර්ථවාදය

නූතන සිංහල කෙටිකතාවේ සම්භවය හා සමාජ සත්තා යථාර්ථවාදය

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “ගැහැනියක්” කෙටිකතා සංග්‍රහයට වසර 90යි
17-2විසිවන සියවසේදී රුසියන් ප්‍රංශ ‍ලේඛකයන් අතින්
‍පෝෂණය වී වැඩුණු යථාර්ථවාදී  කෙටි කතාව ලංකාවේදී මල්ඵල දරා වැඩීම ආරම්භ වූයේ 1924 වර්ෂයේදීය. ඒ මහා ගත්කරු  මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 'ගැහැනියක්' කෙටිකතා සංග්‍රහය නිකුත් වීමත් සමගය. ප්‍රථම සිංහල යථාර්ථවාදී කෙටිකතා  සංග්‍රහය වන 'ගැහැනියක්' මුද්‍රණයෙන් පිටවී මේ වසරට අවුරුදු 90ක් සම්පූර්ණ වෙයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
සිංහල කෙටි කතා වංශයේ ස්වර්ණමය මුද්‍රිකාව  සටහන් වන්නේ මාර්ටින් වික්‍රමසිංහයන් විසින් රචිත 1924 දී පළ වූ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය මතය. එයට විශේෂ වූ  හේතුව   වූයේ යථාර්ථවාදී රීතියෙන් විරචිත  ප්‍රථම සිංහල කෙටිකතා සංග්‍රහය ලෙස ගැහැනියක්  අබිසෙස් ලැබිමය. මතෛක් පැවති වාර්තාමය  කතා ෙශෙලියෙන් ඔබ්බට ගොස්  සමාජයේ    පවත්නා යථා තත්ත්වය තුලනාත්මකව ග්‍රන්ථාරූඪ කරන්නේ  කතාවේ චරිතයන් පාඨකයා හමුවට  පැමිණවීමෙනි. චරිත විනිශ්චය හා විග්‍රහය කතුවරයා සතුව තිබූ මුෂ්ටියක් වූ අතර විකුම්සිහයෝ  එය පාඨකයා සතු නිදහස් අයිතියක් බවට පත් කළහ.
සමාජ සත්තා  යථාර්ථවාදය පිළිබඳ ප්‍රථම අදහස ඉදිරිපත් කරනුයේ මැක්සිම් ගෝර්කිය. ඒ 1934 දී පැවති සෝවියට් ‍ලේඛකයන්ගේ මහා සම්මේලනයේදීය. එහිදී ඔහු සමාජ  සත්තා යථාර්ථවාදය විග්‍රහ කරනුයේ පහත පරිදිය.
“සමාජ  සත්තා යථාර්ථවාදය සත්වයාත් ක්‍රියාවත් එකක් ලෙස සලකයි. ජීවත්වීම උත්පාදක ක්‍රියා විශේෂයෙකි. ඒ ක්‍රියා විශේෂයෙහි අරමුණ මිනිසුන්ගේ පුද්ගල වාසනා  ගුණයන් ගේ අවිච්ජින්න විකාශයයි. ඒ විකාශයෙහි ඵල වශයෙන් මිනිස්සු  ප්‍රකෘතිය අතවැසි කොට ගනියි.”
එහි පරමාධ්‍යාශය වන්නේ මානව හිතවාදයයි. වික්‍රමසිංහයන් යථාර්ථවාදී රීතියේ කතා රචනා කරන කාලයේ සමාජ සත්තා යථාර්ථවාදී රීතිය  සාහිත්‍ය නම් මව් කුසෙහි පිළිසිඳගෙන  ද නොතිබුණි. ඒ
පිළිබඳව හෙළයේ අප මහා ගත්කරුවාණන් සිය සිංහල විචාර මග කෘතියේ සඳහන් කරන්නේ මෙසේයි.
“මම මගේ ගැහැනියක් කෙටි කතා ‍පොත 1924 දී ලියා පළ කළෙමි. ඒ කාලයෙහි සමාජ සත්තා යථාර්ථවාදය යන සාහිත්‍ය  මතය රුසියාවෙහිද නොවීය.  මාක්ස්වාදය පවා ලංකාවෙහි ප්‍රචාරය නොවී යයි සිතමි. සමාජ සත්තා යථාර්ථවාදයට නිදසුන්  කළ හැකි කතා දෙකක් ගැහැනියක්  ‍පොතෙහි ඇත. එකක් ගැහැනියක් කතාවයි. අනෙක “මව” නමැති කතාවයි.
මෙම කෙටි කතා සංග්‍රහයේ එන පළමු කතාව බේගල් ය. මෙහි දිග හැරෙන්නේ පැරණි ගමෙහි සුලබ චරිතයක කතාවයි. කනට වැටෙන අංශු මාත්‍රික පුවතක් සිය ගුණයෙන් රස ගන්වා  කඩපිල්වල කියා ඇවිදින  මොහු සෑම ගමකම ජීවත් වූවෙකි.  එහෙත් ගැමියෝ ඔහුගේ කතාවලට සවන් දුන්නේ ඒවා ඉඳුරා  පිළිගන්නා අදහසින් නොව හුදු විනෝදාස්වාදය උදෙසා ය. එහෙත් ‍පොත් පත්  ආදී තාක්ෂණය දියුණු වත්දී බේගල් ගේ චරිතයද කමෛන් වියැකිණි. එකී චරිතයක්  වස්තු කරගෙන රචිත මෙම කතාව පැරණි වාර්තා  ෙශෙලියට නෑකම් කියන්නකි.  පාඨකයාට චරිතය විග්‍රහ කර ගැනීමට  විනිශ්චය කිරීමට ඉඩ නොතබා කතුවරයා  ඉදිරිපත් වී චරිත විග්‍රහයක යෙදෙයි.
“අන්දෝ අයියා හෙවත් බේගල් අවුරුදු හැටක් පමණ  වයස් වූ කළු පැහැති සවි ඇති සිරුරකින් යුත් මිනිහෙකි. නොවැටුණු දත් ඇති කටකින් යුත් ඔහුගේ හිසෙහි හෝ මුහුණෙහි හෝ පැසුණු  කෙස් ගසකුදු  නොදක්නා ලදී. කපුටු පිහාටු   මෙන් දළ රැවුලකින් වැසුණු  ඔහුගේ නිකටත්, කොපුල් යුවළත්, උඩු තොලත් නිසා ඔහු නිතර බඳින වෙස් මුහුණක් ඇත්තකු සේ පෙනිණි. සරමක් ඇඳ තවත් සරමක් එකාංශ කොට දමාගෙන සිටියද ගෙදරදී නම් ඔහු උඩු කයෙහි එක් අංශයකුදු නොවසයි. ඔහු ගමන් කරන කල දකුණු  කකු‍ලේ ඇට සන්ධියක් බැණ නැගෙයි. ඒ හ¾ඩින්ම ගමේ කවුරුත් දකින්ට පෙර ඔහු හඳුනා ගනිති. සවිඇති දේහයක් ඇතත් ඔහු අත පය  වෙහෙසෙන වැඩක් කිරීමට අසතුටු අලසයෙකි.
කුවේණීහාමි කතාව මෙහිලා විශේෂ ය. මන්ද යත් කුලය, බලය, ධනය වැනි සාධකයන්, සමාජ විෂමතාව, දුගී ජනයා මත ඇති කරන පීඩනය හෙළි කරන්නට  යත්න දරනා කතාවක් බැවිණි. මනුෂ්‍යත්වය මුදලට හා බලයට පරාජය වන අයුරු මූර්තිමත් කෙරෙන  කුවේණිහාමි  කතාව මඳක් විමසීම වටී.
කුවේණිහාමි යනු නගරයට සංක්‍රමණය වූ තරුණියකි. නගරයේ ධනවත් නිවසක ආයා කෙනෙකු ලෙස සේවයට පැමිණි මැය එම නිවසට නිතර ආ ගිය ධනවත් තරුණයෙකු හා පෙමින් බැඳෙයි. පේමතෝ ජායතී සෝඛෝ යන බුදු වදන සිහි ගන්වමින් මෙතැන් සිට කුවේණිහාමිගේ ජීවිතය ඇදෙන්නේ අඳුරක් කරාය. ඉහත කී තරුණයා නිසා ඇය ගැබ් ගන්නීය. සියල්ල මුදලින් මැනෙන ලෝකයක ඇය කුස ඔත් දරුවාගේ වටිනාකම වූයේ රුපියල් දෙසීයකි. අවසන කුංජි රාමන්ගේ මරණය පිළිබඳ නඩු විභාගයේදී ඇයව ජූරිය හමුවට පැමිණ වූ කල එහි නායක ජූරි සභිකයා වූයේ පළමුවම ඇයව අසරණ කළ ධනවත් තරුණයායි. ඇගේ මරණ දඬුවම ප්‍රකාශයට පත් කළේද ඔහුය. එහෙත් සත්‍ය ලෙසම ඔහු විසින් ඇගේ මරණ දඬුවම ප්‍රකාශයට පත් කරන ලද්දේ මින් වසර ගණනාවකට පෙර ඇයව අනාථ කළ මොහොතේදීය. කුවේණිහාමි කතාවේ නඩුකාරයා පමණක් නොව සමස්ත නීති ක්‍රමයම උපහාසයට ලක් කෙරෙයි.
18-1මෙහිදී වික්‍රමසිංහයන් මනුෂ්‍ය ජීවිතයේ නිසරු බව, එහි ශෝචනීය බව මෙන්ම භයානකත්වයද යම් සමාජ චාරිත්‍රයන්ගේ නිර්දය බව හා කුහකත්වයද නාගරික අසරණයන්ගේ ජීවිතවල සදාකල්හිම පවත්වනා අන්ධකාරයද කුවේණි හාමි තුළ පිඬු කොට දක්වයි. මනුෂ්‍ය වර්ගයා වෙත තිබිය යුතු මානව දයාව මානව භක්තිය යනාදී යහගුණ මුදල හා බලය තුළ දිය වී යන අන්දම මොනවට විශද කරන කුවේණිහාමි සාර්වත්‍රික කෙටි කතාවකි.
සිංහල සංස්කෘතික හා සභ්‍යත්වය ගොඩනැගුණේත් එකිනෙක වියුක්ත නොවී බැඳ තබනු ලැබුවේත් බුද්ධාගම නමැති ශක්තිමත් වූත් සුමට වූත් හුය විසිනි. වසර දෙදහස් පන්සියයක් තුළ සිංහල ජනකාය ලොව තුළ ස්වකීය අනන්‍යතාව ගොඩනගා ගන්නා ලද්දේ බුදු දහමත් සමගය. එහෙත් විදේශාක්‍රමණ කිහිපයකට මුහුණ දුන් ලාංකේයයන් වෙතින් ගිලිහී ගියේ සිය සමුපකාරික ජීවන රටාවයි. ඒ වෙනුවට එතැනට පැමිණියේ ධනය බලය මූලික කරගත් ජීවන ක්‍රමයකි. එහි අනිටු ඵල විපාක නිදහසින් පසුවත් අපි අත්විඳිමින් සිටිමු. එදා මාර්ටින් වික්‍රමසිංහයන් නිදහස ලැබිමටත් වසර 24කට පෙර තම ඉසිවර නුවණින් දක්නා ලද්දේ එම රුදුරු අනාගතයයි. එය වැටහෙන නුවණ මිස අනෙකක් නොවේ.
අප ගත්කතුවරයාණන් ඔහුගේ ගැහැනියක් කෙටි කතා සංග්‍රහයේ අන්තර්ගත කතා පිළිබඳව එහි කතා ප්‍රවේශයේ දක්වන්නේ මෙවන් අදහසකි.
මෙහි හැම කතා වස්තුවක් ජීවිතයෙහි දුෂ්කර වූ අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වූ ස්ත්‍රීන්ගේත් පුරුෂයන්ගේත් ක්‍රියාකලාපයන් ඔවුන්ගේ ඒ ක්‍රියාවන්ට තුඩුදුන් චිත්ත ෙචෙතසික ධර්ම සමාජ චාරිත්‍ර යනාදියද නිරූපණය කරයි.
සමාජ සත්තා යථාර්ථවාදයේ පරම අරමුණ වන මානව හිතවාදය කුමක්දැයි ‘මව‘ කෙටිකතාව කියවන පාඨකයාගේ බුද්ධීන්ද්‍රියට නොව හෘද්‍රීන්ද්‍රියට සියුම්ව දැනවෙයි.
“අනේ මගේ දුව මට නැතිවාට කමක් නැහැ. පුංචි එකාට ඒක උයලා දීපන්. ඌ අඬනවා ඇහෙන විට මගේ පපුව පැලෙන තරම් දුකයි. අපි පූරුවේ පව් කරලා ඉපදීලා තියෙනවා.”
බත් ඉල්ලමින් සැමී හඬනායුරු අසන අම්මාගේ දාරක ප්‍රේමය පෙරහන් කඩක් හරහා ගලා එන තෙලිත්තකි. බුදුරජාණන් වහන්සේගේ කරුණා ගුණයට පමණක් දෙවැනි වන මව් සෙනෙහස ඇගේ කෘශ වූ කයේ ඉතිරිව ඇති සෑම රුහිරු බිඳක් පාසා කා වැදී තිබෙන යුරු විකුම්සිහයන් ප්‍රකාශ කරනුයේ පාඨක දනන් හද කම්පා කරන ලෙසිනි.
“රෝගාතුර ස්ත්‍රිය දුටු අන්දිරිස් මුදලාලි තුළ අනුකම්පාවක් මෙන්ම මහත් වූ බියකුත් පිළිකුලකුත් හට ගත්තේය. මරණ දුක සිය ගුණයකින් වැඩිව ඔහුට හැඟෙයි. මරණ බිය නිසා ඔහු තුළ හට ගත්
පිළිකුලත් වේදනාවත් මහත් වීය. රෝගාතුර අසරණ ස්ත්‍රිය කෙරෙහි ඔහුගේ හද තුළ පහළ වූ අනුකම්පාව. ඒ එක්කම ඔහු තුළ හටගත් බිය හා පිළිකුල යන ගණදුර මැද කනාමැදිරි එළියක් සේ බැබළිණි”.
මනුෂ්‍යයා තුළ පවතින ෙචෙතසිකයන් මීටත් වඩා යථාර්ථවාදීව නිරූපණය කළ හැකිද යන්න ගැටලුවකි. එකක් පරයා එකක් වශයෙන් නැගෙන සිඳු රළ මෙන් මිනිස් සිත් සයුරේ නැගෙන ෙචෙතසික දළ රළ පෙළ එකක් අභිබවා එකක් ලෙස නැගෙන අයුරු උත්කර්ෂයට නංවන මේ උපුටනය මිනිස් චිත්ත ස්වභාවය හඳුනා ගන්නට සැපයූ අත් වැළක් බඳුය.
බොහෝ විට මිනිසුන් හා නොමිනිසුන් තනන්නේත් නසන්නේත් සමාජයයි. තම වරදින් වරදට පෙළඹෙන පුද්ගලයෝ ලොව දුලබය. සමාජ අකාරුණිකත්වය මිනිසුන්ව වරදට
‍පොළඹයි. සැමී පත්වූයේද මෙවන් විපතකටයි. තම මවගේ කාරුණික භාවය මුග්ධකමක් ලෙස සැලකූ සමාජය දුටු සැමී නරුමාලාප දොඩන නරුමයෙක් වීම අරුමයක් නොවේ.
මා තුළ කරුණාවක් තියෙන්නේ තිරිසනුන්ටත්, ‍පොඩි ළමයින්ටත්, මෝඩයන්ටත්, පිස්සන්ටත් පමණයි. ඔව්. අනු මම කියන්නේ ඇත්ත තිරිසනුන්ටත්, මෝඩයන්ටත්, පිස්සන්ටත් මම ආදරෙයි මගේ මේ ජීවිතයත් මට පේන්න බැහැ.
විකුම්සිහයන්ගේ ගැහැනියක් හි කතා කියවන පාඨකයා පිවිසෙන්නේ අපූර්ව මන:කල්පිත ලොවකට නොව මතෛක් මසැසින් දැක අවබෝධය නොලද මුත් මනැසින් දැක අවබෝධ කරගත යුතු වාස්තවික ලොවකටය. අප ජීවත්වන සමාජයේ එදිනෙදා වන සිදුවීම් පවත්නේ දාමයක් ලෙසය. එහෙත් අප දකිනුයේත් විග්‍රහ කර ගනු ලබන්නේත් එම සිදුවීම් එකිනෙක වෙන් වෙන්වය. එහෙයින් ඒවා හුදෙකලා සිද්ධි මිස අනේ‍යාන්‍ය සම්බන්ධ හා අවිච්ඡින්න සිද්ධි ලෙස ඒවායේ විචිත්‍රත්වය හා ගැඹුර අප මසැසින් ගිලිහී යයි. එහෙත් වික්‍රමසිංහයන් ඒවා මනැසින් දැක ග්‍රන්ථාරූඪ කර තිබිමෙන් අපට මග හැරෙන දෑ වුවද දැක එහි සුන්දරත්වයත් බියකරු හා ගුඪ පක්ෂයත් අවබෝධ කර ගැන්මට ඉඩ ප්‍රස්ථා සැලසී ඇත.
ගැහැනියක් කෙටි කතා සංග්‍රහයේ එන කතා පිළිබඳව සිය උපන්දා සිට කෘතියෙහිලා දක්වන කියුමකි. මේ කියුම යථොක්ත අදහස සනාථ කෙරෙන්නෙකි.
‘මගේ ගැහැනියක් කෙටිකතා ‍පොත පිට වූයේ මිරිඟුවට අවුරුද්දකට පෙරයි. එහි කතාවලට වස්තු වූයේ ගැමි ජීවිතය පිළිබඳ මගේ සුහද අත්දැකීම් කිහිපයකි. එතෙක් අනික් එකම ‍පොතකුදු ලිවීමෙන් නොලත්
සන්තෝෂයක් මම ගැහැනියක් ‍පොතේ කෙටිකතා ලිවීමෙන් ලැබිමි. මා එතෙක් ලියූ කතාවලින් හොඳම කතා ගැහැනියක් ‍පොතේ කතාය.’
ගැහැනියක් කෙටිකතා සංග්‍රහයේ එන තවත් කෙටිකතාවක් නම් ගැහැනියක්ය. මෙහි කතාව නායිකාව වන ලිසී වටා දිඟ හැරෙන කතාව පැතලි, කළු සුදු හා වටකුරු චරිත නිරූපණයෙන් ඔබ්බට ගොස් මනෝ විද්‍යාත්මක චරිත විග්‍රහයක යෙදෙන්නකි. ගතානුගතික සමාජය විසින් උසස් යැයි සම්මත කොට ගෙන ඇති ඇතැම් කුහක සමාජ චාරිත්‍රයන්ට පිටු පෑ ලිසී කුළ දූෂිකාවක ලෙසත් වෛශ්‍යාවක ලෙසත් හංවඩු ගැසෙයි. එම අභියෝගයන්ට මුහුණ දෙන ලිසීගේ චරිතය හුදෙක් එක් කාන්තාවක් නොව සමස්ත ස්ත්‍රී වර්ගයාම නියෝජනය කරන්නකි.
“මිනිසුන්ගේ කල්පනාව විවාහ ‍ලේකම් තැනගේ කබල් මේසය උඩ තබන ලද කඩදාසි කොළවල අත්සන් නොතබා භාර්යාව වෙන ඔක්කොම වල් ගෑනුය කියා”
‘ගැහැනියක්’ කෙටි කතා සංග්‍රහයේ ගැහැනියක් කෙටි කතාවේ එන උක්ත දෙබස් ඛණ්ඩය නිතැතින්ම පාඨකයාගේ සදාචාර මිනුම් දඬු යළි විනිශ්චය කරවන්නට අනුබල දෙන කියුමකි.
දෑවැද්ද, කුලය, හඳහන, වයස, නැකත ආදිය සෙවීමේ ගතානුගතික සම්ප්‍රදායන් නිසා ස්ථිර ස්වාමි පුරුෂයකු පවා ලැබ ගැන්මට ලිසීට නොහැකි වේ. ශිෂ්ට යැයි සම්මත ලෝකයාගේ අශිෂ්ටත්වයන්ට රැවටෙන ලිසී නැවත ගම වෙත පැමිණෙන්නේ ගැමියන්ගේ අනේක විධ නින්දා අපහාස මධ්‍යයේය. එහෙත් සැමියෙක් නොලැබිමෙන් ඇය කම්පා නොවේ. ගැමියන්ගේ කතා ඉදිරියේ මුනිවත රකින ඈ තම අනාගතය රූපය නිසා ඇය කෙරේ වසන වත්මන් ස්වාමියා මත රඳවයි.
‘මට කන්ට අඳින්ට හිඟයක් නෑ. නෝනාහාමි මගේ රූප ලක්ෂණ තවම හොඳ හැටි තියෙනවා”
ලිසීගේ චරිතයට වඩා හාත්පසින්ම වෙනස් චරිතයකි. නෝනාහාමි, දරුවන් සිව් දෙනෙකුගේ ජීවිතයත් රැකගෙන අශ්වයකු සේ දිවා රෑ නොතකමින් වැඩ කරන නෝනාහාමිගේ චරිතය ස්ත්‍රී ජීවිතයේ දුක්ඛ පක්ෂය වෙත යොමු වූවකි. එය ලිසීගේ චරිතයේ විරුද්ධාර්ථය යැයි හඳුන්වාලීමෙහි වරදක් නැත.
වර්තමානයේ ස්ත්‍රී අයිතිවාසිකම් හා ස්ත්‍රීවාදය වැනි සංකල්පය මත පිහිටා හඬ තලන නෝනා මහත්වරුන්ට අමතක වී ගියා වූත් දැක දැකත් නොදැක්කා සේ සිටින්නා වූත් සැබෑ ස්ත්‍රී ජීවිතයේ ප්‍රතිමූර්තියකි. “ගැහැනියක් කෙටිකතාව”  ග්‍රාමීයව වසන ස්ත්‍රිය මුහුණ දෙන සමාජ අභියෝග නොහඳුනන මෙකී ස්ත්‍රීවාදීන් හඬ නඟන්නේ ලිසීලාගේත්, නෝනාහාමිලාගේත්, අනුලලාගේත් සැබෑ ජීවිත උදෙසා නොව තම තමන්ගේ ජීවිකාවන් උදෙසා බව වර්තමානයේ ගැහැනියක් කෙටි කතාව කියවන අපට හැඟී යයි.
මෙසේ දිග හැරෙන ලාංකේය ඉතිහාසයේ ප්‍රථම යථාර්ථවාදී කෙටිකතාවන්ට වික්‍රමසිංහයන් වස්තු බිජයන් උපයා සපයා ගන්නා ලද්දේ එතුමන් අවුරුදු 30ක් පමණ දිවි ගෙවූ ගම් පියසේ ජීවත් වූ ගැමියන්ගේ ජීවිත කතා ඇසුරිනි. එහෙත් සාහිත්‍ය කලාවට න්‍යායාත්මකව යථාර්ථවාදී රීතිය එළැඹෙන්නටත් ප්‍රථමව වික්‍රමසිංහයන් එය ගුරු කොට ගන්නට ඇත්තේ ජාතක කතා ආභාසයෙනි. එයට දෙස් දෙන කියුමක් සිංහල සාහිත්‍යයේ නැගීම කෘතියේ අන්තර්ගතව ඇත.
“ජාතක ‍පොතෙහි දක්නට ලැබෙන්නේ ලෝකයත් මනුෂ්‍ය ජීවිතයක් ඇති සැටියෙන් දැක්වෙන සේ යථාර්ථවාදයට හුරුකොට විවහාර බසට හුරු බසින් ලියන  ලද ඉතා අගනා කතා වස්තු රාශියකි. එයින් ඇතැම් කතාවක් වර්තමාන කෙටි කතාවට ළංවෙයි.”
ජාතක කතාවන්ගේ ශ්‍රේෂ්ඨ ආභාෂය ලබමින් සිංහල කෙටිකතාව වෙනුවෙන් හෙළි කළ මහ හසර ඉතා අගනේය. විවිධ ගුරුකුලවාදීන් සිංහල කෙටිකතාව කෙරෙහි විවිධ විග්‍රහයන් විවරණයන් ඉදිරිපත් කළද විකුම්සිහයන්ගේ ස්වාධීන මතය වූයේ සිංහල කෙටිකතාව අපූරුවක් නොව ජාතක කතාවේම විකසනයක් බවයි. ඒ මත පිහිටා සිට දැයට තිළිණ කළ ගැහැනියක් කෙටිකතා සංග්‍රහය තුළින් එතුමන් එය රචනා කොට ලැබූ වින්දනය පාඨකයාටද අත්විඳීමට හැකිවේ.
කෙටි කතා රචනයේදී රචකයා වඩාත් සංයමයකින් කතාව දිවෙන කාල පරාසය තෝරා ගත යුතුය. එය අප ගත්කතුවරයා සිය ‘වහල්ලු’ කෙටි කතා සංග්‍රහයට එක් කොට ඇති කෙටිකතාව නම් රචනයේ මෙසේ සඳහන් කරයි.
“කෙටි කතාකාරයා නාටක රචකයාටත් වඩා දැඩි සිතින් කාලය සීමා කළ යුතුය. ඔහු කතාවට වස්තු කොට ගන්නේ පැයක්, දෙපැයක්, දවසක්, වේලක්, මසක් තුළ සිදුවන එක් සිදුවීමකි.”
ගැහැනියක් කෙටිකතා සංග්‍රහය පුරාවටම එතුමන් මෙකී මූල ධර්මය රක්ෂා කොට තිබේ. මව, සිසිලියාට පාඩමක්ද, ගැහැනියක්, බේගල්, නරක් වූ පිටි බඳුන යනාදී සෑම කතාවක්ම එක් පැයක්, වරුවක් හෝ දින කිහිපයක් තුළ සිදුවූ සිදුවීම් ඔස්සේ චිරචිතය. වසර ගණනාවක් පුරා දිවෙන සිද්ධියක් වුවද එම පැය තුළ කතාවේ චරිතයන්ගේ මතකයට නංවමින් පාඨක විනිශ්චය හමුවට පමුණුවයි. එය වික්‍රමසිංහයන්ගේ කෙටිකතා රචනයේ ප්‍රගල්භභාවය මැනවින් විදහා පාන්නකි.
අසූ නව වසරක් පුරා පාඨක ප්‍රසාදය දිනා ගන්නා ලද ‘ගැහැනියක්’ කෙටිකතා සංග්‍රහය විකුම්සිහයන් අතින් නොලියැවෙන්නට එතෙක් මතෛක් සිංහල කෙටිකතා වංශයේ ගමන් මග වත්මනට වඩා බොහෝ සෙයින් වල්මත්වූ මගක් ගන්නට තිබුණි.

තීක්ෂණ රත්නායක 

Share

Add comment


New Footer

© 2014 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.
එතෙර පුවත් එතෙර පුවත් එසැනින් පුවත් එසැනින් පුවත් මෙතෙර පුවත් මෙතෙර පුවත් විශේෂ පුවත් විශේෂ පුවත්