රස කතා
රත්නසිරි සහ පියාඹන පීරිසිය
රත්නසිරි ඇවිල්ල වයස අවුරුදු දාහතක විතර කොල්ලෙක්. වැවුගම් පත්තුවේම තරමක් සල්ලිය බාගේ තිබුණ පවුලක තුන්වැනියා වෙච්ච රත්නසිරි ගමේ කා අතරත් ප්‍රසිද්ධ වෙලා හිටියේ “පිට සක්වළයා” කියන නමින්.
රත්නසිරිට මහ අමුතුම පුරුද්දක් තිබුණා ඒ තමයි ඉර බැහැගෙන යන ගොම්මං ජාමෙට අහස දිහා බලාගෙන පියාඹන පීරිසි හෝ වෙන යම් අරුම පුදුම එළියක් හෝ වස්තුවක් පේන තුරු ගල් ගෙඩියක් වාගේ නොසැලී බලා ඉඳීම.
වැවුගම්පත්තුවේ බොහොමයක් දෙනා අද්භූත දේවල් නොපෙනෙන බලවේග වගේම පිටසක්වළ ජීවීන් ගැනත් විශ්වාස කළා. හැබැයි ඒ කවුරුත් රත්නසිරි තරමටම පිටසක්වළ ජීවීන් ගැන පිස්සුවෙන් හිටියේ නෑ. කෑම බිම වෙහෙස මහන්සිය කිසිම දෙයක් යාන්තමටවත් මායිං නොකරවුව රත්නසිරි උගේ ජීවිතේ කොලු කාලේ නහස්ති කෙරුවේ පිටසක්වළ ජීවීන්ව දැක බලාගන්නයි.
රත්නසිරි මුල් කාලයේදී බොහොම සාමාන්‍ය කොල්ලෙක්. ඌත් ගමේ අනෙක් කොල්ලෝ වගේම කිසි වෙනසක් නැතිව හැසිරුණා. ඒත් ඉස්කෝලේ ඇරිලා ඇවිදින් ඇලේ නාන්න තනියම යමින් හිටි එක දවසක රත්නසිරි දැකපු එක දෙයක් නිසාමලු රත්නසිරිගේ මුළු ජීවිතේම වෙස් වුණේ.
“ලයිට් දාගෙන ආපු ත්‍රිකෝණයක් වගේ මෙවුවා එකක් මාව පහුකරගෙන ගියා. මම ගල් වෙලා වාගේ එතනම විනාඩි පහක් විතර හිටියා ඊට පස්සේ ඒක හෙමිං යන්ඩ ගියා ....” අතින් පයින් වැඩ දාලා එහෙම රත්නසිරි කියන දිග කතාව කෙටියෙන් කීවොත් එහෙමයි.
රත්නසිරි මුලදී කීව ඒ කතාව වැඩි දෙනෙක් විශ්වාස කළේ නෑ. “මූට පිස්සු ” කියමින් කවුරුත් රත්නසිරිට ඔච්චම් කළා. ඒත් ටික දවසයි ඒ ඔච්චම් කිරීමට ආයුෂ තිබුණේ. රත්නසිරිට ඔච්චම කළ වැඩිහිටි අය දෙන්නෙක්ම රත්නසිරි දැක්ක බව කියාපු පිටසක්වළ යානය දැකලා බයගෙන තිබුණා. උන් දෙන්නාගේ කතාවත් ගමේ පැතිරුණාට පස්සේ ගමේ අය රත්නසිරිට තවත් ඔච්චම් කළේ නෑ.
රත්නසිරි ඉඩක් ලැබුණ හැම වෙලාවකම තමන්ගේ ලොකු අයියාගේ කැමරාවත් බෙල්‍ලේ එල්ලාගෙන ගමේ අහුමුලුවල හුදකලා තැන් වල නිතර සැරි සැරුවේ තමන්ගේ ඇස් දෙකෙන් දැකපු ඒ විශ්මය ජනක රූපේ කැමරාවේ සටහන් කරගන්න හිතාගෙනයි. ආයෙමත් වතාවක් තමන් දැකපු පියාඹන පීරිසය දකින්න ලැබේවි කියලා රත්නසිරිට ලොකු විශ්වාසයක් තිබුණා.
“ඉස්කෝලේ වැඩ අතපසු කරගෙන, ගෙදර මිනිස්සුන්ගෙන් බැනුම් අහගෙන මොකද්ද මලේ මේ කැමරාවකුත් බෙල්‍ලේ දාගෙන කරන පිස්සු වැඩේ තේරුම ... ?”
දවසක් මම රත්නසිරිව වැව් බැම්මේදී දැක්ක වෙලාවක එහෙම ඇහුවේ මට රත්නසිරි කරන වැඩේ තනිකරම විකාරයක් වගේ පෙණුන නිසාමයි.
එක ෆොටෝ එකක් ගහ ගත්තා නම් මට ඇති අයියේ මම ඊට පස්සේ පාඩුවේ ඉන්නවා. මට පට්ට සුවර් එකක් තියනවා මට ආයෙමත් මම එදා දැක්ක පියාඹන මෙවුවා එකේ ෆොටෝ එකක් ගන්න පුළුවන් වෙයි කියලා.
ඉතින් එදා රත්නසිරි එහෙම කීවම මමත් මගේ පාඩුවේ පැත්තකට වුණා. තවත් මාස දෙකක් යනකම් මට රත්නසිරි ගැන වැඩි විස්තරයක් අහන්න දකින්න ලැබුනේ නෑ. මගෙ හිතත් නිතරම කීවා රත්නසිරි උගේ හීනේ හැබෑ කරගනීවිය කියලා. ඒත් අපි හිතන දේවල් ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑ. සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් දේවල්. වැහි අඳුරක් තිබ්බ දවසක වෙලේ ගහක් යට ඉඳගෙන පියාඹන පීරිසිය එනතුරු බලාන හිටි රත්නසිරි අකුණක් වැදිලා මියගියා.
සඳරුවන් ජයවික්‍රම
පුතා මම නම් සින්දු හැටක් විතර රස වින්දා
මේ දවස්වල බොහෝ නාගරික ප්‍රදේශවල තියන සක්මන් මං තීරු; බොහෝ දෙනෙක් අතරේ ප්‍රචලිත විදිහට කියනවා නම් වෝකින් පාත් හරිම ජනප්‍රියයි. ඒ අතරින් පහුගියදාක ඉදිවුණු වත්තල, ඇළකන්දේ වෝකින් පාත් එක තරමක් සුවිශේෂයි; මොකද කොළඹ, පුත්තලම හැමිල්ටන් ඇළ මාර්ගය සමීපයේ ඊට සමාන්තරව ඉදිවුණු මේ වෝකින් පාත් එකට අඩුම තරමින් ආරක්ෂක වැටක් වත් නැහැ. ඒ හින්දා ඒ වෝකින් පාත් එකේ කඩිනම් ගමනින් ඇවිදගෙන යන අතරේ බැරිවෙලා හරි කකුලක් පැටළුණොත් ඒ ඇවිදින මනුස්සයා කෙළින්ම ගිහින් නතර වෙන්නේ අඩි තිහක් විතර ගැඹුරු හැමිල්ටන් ඇළේ.
“පුතා ඇයි හවසට හවසට මේ වෝකින් පාත් එකේ ඇවිදින්න එන්නේ නැත්තේ; ඇඟටත් හරි හොඳයිනේ මේ වාගේ පාත් එකක ඇවිදගෙන යන එක” දවසක් හන්දෑවක ඒ කිට්ටුවම තියන තිඹිරිගස්යාය පාරේ ඉන්න නිර්මලා මිස් හැමිල්ටන් ඇළ ළඟට ආපු වෙලාවක අර වෝකින් පාත් එකේ බොහොම වේගවත් ගමනින් ඇවිදගන ආපු ඒ කිට්ටුවම පදිංචි රොඩ්රිගෝ අංකල් කිව්වා.
“අනේ අම්මෝ අන්කල්; මට නම් බයයි, ඕකේ ඇවිදගෙන යන අතරේ බැරිවෙලාවත් කකුලක් එහෙම පැටලුණොත්?” නිර්මලා මිසුත් බයෙන් කිව්වා.
“ඉතින් මොකද? එතකොට තියෙන්නේ ‘පටස් ගාලා’ එක්සසයිස් එක ච්ෙන්ජ් කරන එකනේ පුතා” රොඩ්රිගෝ අංකලුත් බොහොම ආඩම්බරෙන් කිව්වා.
“එක්සසයිස් එක ච්ෙන්ජ් කරන්න; ඒ කොහොමද අංකල්” නිර්මලා මිසුත් පුදුම වෙලා ඇහුවා, එතකොට රොඩ්රිගෝ අන්කලුත් කටේ සද්දේ තවත් වැඩි කළා.
“මොකද බැරි පුතා; එහෙම වුණොත් වෝකින් එක පාරටම ස්විමින් (පිහිනීම) වලට ච්ෙන්ජ් කරගන්න එක විතරනේ තියෙන්නේ”
--------------------------------------
පහුගිය දවසක ගණේමුල්‍ලේ සහන් නුවර වත්තේගම පැත්තේ දියඇල්ලක නමක් තියන හෝටලයක තිබුණු සාදයකට සහභාගි වුණා. ඒකට සංගීතය සැපයුවෙත් සහන්ගෙම යාළුවෝ කීපදෙනකු ගෙන් සැදුම්ලත් තාවකාලික සංගීත කණ්ඩායමක් කොහොම හරි හවස හයට විතර පටන් ගත්තු සාදය රෑ එකොළහ විතර වෙනකම් බොහොම ජයට තිබුණා. සහනුත් මිනිහට හොඳටම හුරුපුරුදු සින්දු කීපයකින් සාදයේ සිටි පිරිස රසවත් කළා.
“පුතාලා දැන් ඔක්කොම සින්දු කීයක් විතර කිව්වද?” රෑ දොළහට විතර සාදය ඉවර වෙන්න ඔන්න මෙන්න තිබියදී වීදුරුවකුත් අතේ තියාගෙන සිග් - සැග් ක්‍රමයට කකුල් තිය තියා සංගීත වේදිකාව ළඟට ආපු බොහොම වැදගත් තාලෙට ඇඳ පැළඳ ගත්තු මහත්තයෙක් ඇහුවා.
“ම්... ම්... සින්දු තිහක් විතර කියන්න ඇති ඇයි අන්කල්” ඒ අනපේක්ෂිත ප්‍රශ්නෙන් තරමක කලබලයට පත්වුණු සහන් ඇහුවා.
“ඒ වුණාට පුතා මම නම් සින්දු හැටක විතර රස වින්දා, ඕ... යර්ස්...”
එතකොට අර මහත්තයත් තමන්ගේ අතේ තිබුණු වීදුරුව උඩට උස්සලම කිව්වා.
“ඒ කොහොමද අන්කල් අපි සින්දු තිහක් කියන කොට අන්කල් සින්දු හැටක රස වින්දේ..?”
එතකොට ඒ සංගීත කණ්ඩායමේ නායකයා ජෝෂප් ඉස්සරහට පැනලා ඇහුවා. එතකොට අර මහත්තයාගේ ගොර ගොර සද්දේ තවත් වැඩි වුණා.
“ඇයි; ඔය ළමයි කියන සින්දුවට නමෛයි මියුසික් ගහන්නේ; මියුසික් ගහන සින්දුව නෙවෙයි කියන්නේ? ඉතින් සින්දු ගාණ දෙගුණ වෙන එක අහන්නත් දෙයක්ද?”
තමුසේ කොහෙන්ද ඔච්චර හොඳට සින්දු කියන්න ඉගෙන ගත්තේ
රිද්ම සංස්කාරක ගැමුණු රත්නායක මහත්තයට මේ කාලෙට නොවැරදීම මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ගේ සිංහල අලුත් අවුරුදු උත්සව කීපයකටම සහභාගි වෙන්න සිද්ද වෙනවා. ඒ හින්දා අපේ රටේ පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවවල විශේෂ ආරාධිතයෙක් විදිහට සම්බන්ධ වෙන්න ලැබෙන අවස්ථා බොහොම අඩුයි.
මේ අතරේ උන්නැහේලගේ ගෙවල් කිට්ටුව ත්‍රිරෝද රථ සංගමයක් සංවිධානය කරපු අවුරුදු උත්සවයක අවුරුදු කුමාරි තරග විනිශ්චයකටත් පහුගිය දවසක අපේ මිත්‍රයට ආරාධනාවක් ලැබුණා. “ආරාධනාවට බොහොම ස්තූතියි මල්ලී ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ ඔය කියන දවස්වල මම ලංකාවේ නෑනේ. ගැමුණු මහත්තයා තමන්ගේ ගෙදරට ආපු ඒ උත්සව සංවිධායකයන්ට කිව්වා.
“එහෙනම් මහත්තයා ඊට කලින් හරි පොඩ්ඩක් ඒ පැත්තේ ඇවිත් යන්න එන්නකෝ මොකද අපිත් මේ දවස්වල බරටම වැඩ; අන්තිමේ සංවිධායකවරුත් ගැමුණු මහත්තයාගෙන් ඒ විදිහේ ඉල්ලීමක් කළා. කොහොම හරි සිංහල අවුරුද්දට දවස් කීපයක් නිසා අපේ මිත්‍රයා ඒ අලුත් අවුරුදු උත්සව භූමියට යනකොට සංවිධායක පිරිස යක්කු වගේ වැඩ. එතනම තිබුණු වහලා දමපු කඩ කාමරයක් තමයි කට්ටියගේ විවේක ස්ථානය වුණේ. ඔය අතරේ ගැමුණු මහත්තයටත් ඒ කඩ කාමරයට ඇතුල් වෙන්න පුංචි ඉඟියකින් ආරාධනා ලැබුණා. එතකොට තමයි උන්නැහේට තේරුණේ කට්ටිය පරණ අවුරුද්දේම ‘වැඩ අල්ලලා’ තියන බව. ඒ නිසා ඒ කඩ කාමරය ඇතුළේ ගැමුණු මහත්තයා සංවිධායක පිරිස එක්ක සතුටු සාමීචියෙන් පැය දෙක තුනක්ම ගත කළා. කොහොම හරි අපේ මිත්‍රයා එළියට එනකොට සංවිධායක පිරිස අලුත් අවුරුදු උත්සවයේ ප්‍රධාන තොරණත් සවි කරලා ඉවරයි.
‘සූර්ය මංගල්‍යය-2013’ සූර්යයාගේ චිත්‍රයකුත් එක්ක ඒ තොරණේ ඉහළින්ම ලොකුවට සඳහන් වෙලා.
‘කොහොමද ලොක්කා; අපේ කොල්ලන්ගේ වැඩ ‘එල නේද?’ ‘ගැමුණු’ මහත්තයත් එක්ක කඩ කාමරෙන් එළියට ආපු සංවිධායකයෙක් ඇහුවා.
“තොරණ නම් මල් හතයි මල්ලී ඒත් මට හිතෙනවා මෙතන යන වැඩේ හැටියට අර ‘ය’ යන්න අවශ්‍ය නැද්ද “කියලත්” ගැමුණු මහත්තයා තොරණ දිහාට ඇදේට ඇඟිල්ලක් දික් කරලා කිව්වා.
‘මොන ‘ය’ යන්නද බොසා එතන හිටපු තව හාදයෙක් ඇහුවා. එතකොට ගැමුණු මහත්තයා මිනිහගේ උරහිසට අතක් තිබ්බා.
“අර සූර්ය කියන වචනේ ‘ය’යන්න”
ගණේමුල්‍ලේ ඩ්‍රයිවින් ස්කූල් එකේ රෝයි සහෝදරයාත් පහුගිය දවසක පුංචි සාදයකට සහභාගි වුණා. ඒක තමන්ගේ සමීපම මිතුරෙකුගේ සාදයක් නිසා රෝයි ලොක්කා ඒකට සහභාගි වුණේ තමන්ගේ සමීපම ගෝලයත් එක්ක. කොහොම හරි සාදයේ ගීත ගායනා කරන අවස්ථාවත් එළැඹුණා. සාදයට සම්බන්ධ වුණු පිරිස් එතන තිබුණු සංගීතයට අනුව ගීත ගායනා කරන අතරේ මෙන්න රෝයිගේ ගෝලයත් බලෙන්ම වගේ මයික්‍රෆෝන් එක ඉල්ලාගෙන නොම්මර එකට ගීතයක් ගායනා කළා.
ඒ’නොදැක’ ඉන්න බෑ; මට නම් මගේ ආදරී කියන ගීතය’
“තමුසේ මාර මිනිහෙක්නේ ඕයි; තමුසෙට ඔච්චර හොඳට සින්දු කියන්න පුළුවන් කියලා මං හීනෙකින්වත් හිතාගෙන හිටියේ නෑනේ; තමුසේ කොහෙන්ද ඔච්චර හොඳට ඔහොම සින්දු කියන්න ඉගෙන ගත්තේ” ආපහු එන අතරේ රෝයි ලොක්කා ගෝලයාගෙන් ඇහුවා.
“මම අන්තිමට ලව් කරපු කෙල්ලත් මට බූට් එක තිබ්බනේ සර්; ඒකිට පින්සිද්ද වෙන්න තමයි මට මේ ගායන කුසලතාවය ලැබුණේ” ගෝලයත් බොහොම සැහැල්ලුවෙන් කිව්වා.
“ඒ ඒක මාර කතාවක්නේ ඒ කොහොමද එහෙම වුණේ?”
රෝයිත් පුදුම වෙලා ඇහුවා.
“මම අන්තිමට ඒ කෙල්ලට දවසකට කෝල්ස් පනහක් හැටක් දුන්නා. ඒත් ඒකි ඒ එකක්වත් උත්තර දුන්නේ නැහැනේ.”
ගෝලයත් බොහොම ආඩම්බරෙන් කිව්වා.
“ඉතින් කොහොමද ඒකෙන් තමුසේ ඔය සින්දුව ඔච්චර හොඳට පුරුදු වුණේ.”
රෝයිත් තක්බිර් වෙලා ඇහුවා. එතකොටම ගෝලයගේ කටට පුංචි හිනාවකුත් ආවා.
“ඇයි සර් ඒ කෙල්ලගේ ෆෝන් එකේ රින්ගින් ටෝන් එකට දාලා තියෙන්නේ ඔය සින්දුවනේ.”
සැබෑ සතුට තියෙන්නේ ආදරය කියන හැඟීම් ආවේගවලවත් විවාහය කියන බන්ධනය තුළවත් නෙවෙයි
- රංගන ශිල්පී රොෂාන් පිලපිටිය
ප්‍රවීණ ජනප්‍රිය රංගන ශිල්පියකු ලෙස ක්‍ෂේත්‍රය තුළ රැඳී සිටින රොෂාන් පිලපිටිය පසුගිය කාලයේ කතාබහට ලක් වූ චරිතයක් විය. ඊට හේතුව ඔහුගේ ජීවිතයේ ඇති වූ යම් යම් අර්බුදකාරී තත්ත්වයන්ය. අද දවස වන විට රොෂාන්ගේ කලා ජීවිතය හා පෞද්ගලික ජීවිතය ගැන තොරතුරු දැන ගන්නට පාඨක හිතවතුන් තුළ උනන්දුවක් ඇත. ජීවිතයේ විවිධ හැලහැප්පීම්වලට මුහුණ දුන් ආකාරය සහ උදා වූ ජීවිතය ගැන රොෂාන්ගේ අදහස ගැන දැනගන්නට අපි ඔහු හා පිළිසඳරකට පිවිසුණෙමු.
මොනවද රොෂාන්ගේ අලුත්ම තොරතුරු ?
මේ දිනවල නිලන්ත ගනේවීර අධ්‍යක්ෂණය කරන “සුධීරා” චිත්‍රපටයේ රඟපානවා. එය රතුගල ආදිවාසීන් මුල්කරගෙන නිර්මාණය කරන චිත්‍රපටයක්. ටෙලි නාට්‍ය කිහිපයකටත් ආරාධනා ලැබුණා. ඉදිරියේ දී සුදුසු චරිතයක් ලැබුණොත් රඟපානවා. ඒ වගේම ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය
කරන්නත් බලාපොරොත්තු වනවා.
පසුගිය කාලයේ ඔබ හා චතුරිකා නිෂ්පාදන ආයතනයක් පවත්වාගෙන ගියා
මම දැන් ඊට සම්බන්ධ නැහැ. මා විසින් තනිවමයි මෙම නව නිෂ්පාදනය කරන්න හිතාගෙන ඉන්නේ.
ජීවිතය අලුතින් ආරම්භ කළා කියන්නේ ඇත්තද ?
අලුතින් ආරම්භ කළ යුත්තේ තිබුණු ජීවිතය පරණ වුණානම්නේ. මට එවැනි දෙයක් සිදුවුණේ නැහැ.
පසුගිය කාලේ ඔබගේ ජීවිතයේ ඇති වූ අර්බුද අප දන්නවා
ජීවිතය කියන්නේ හැමදාමත් ප්‍රශ්න හා හැලහැප්පීම් සමග ගලාගෙන යන දෙයක්. පසුගිය කාලයේ සිදු වූ දේවල් ජීවිතයේ වූ යම් යම් සිදුවීම් පමණයි. ඒක ජීවත් වෙන සැමට පොදු ලෝක ධර්මතාවයක්.
රොෂාන් ඒ හැම දෙයක් ගැනම සරලව හිතනවද ...?
මම හැමදාමත් ජීවිතය දිහා බැලුවේ සරලව තමයි.
රොෂාන් අද දවසෙදි අනාගතය ගැන දකින විදිහ, රොෂාන්ගේ අනාගත අරමුණු බලාපොරොත්තු දැනගන්න අපි කැමතියි ?
අනාගතය ගැන ලොකු අරමුණු ඉලක්ක මා තුළ නැහැ. මම හැමදාම උත්සාහ කරන්නේ උදාවන දවස සාර්ථකව ගෙවන්න විතරයි. ඒක අද මා තුළ ඇති වූ සිතුවිල්ලක් නමෛයි. ඉස්සර මම පුවත්පත් සාකච්ඡාවලදී අනාගත අරමුණු ගැන විමසන විටත් ඔය පිළිතුර තමයි මම දීලා තියෙන්නේ. බොරු නම් පරණ පත්තර ඇදලා බලන්න.
අරමුණු ඉලක්ක නැති ජීවිත දිහා සමහරු අවඥාවෙන් බලන්න පුළුවනි
මේ තරගකාරී සමාජ රටාවට වැටුණු අය එහෙම බලයි. ඒත් මම අරමුණු ඉලක්ක නැහැ කියන එකෙන් අදහස් කළේ අනවශ්‍ය බරක් නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් ජීවිතය දිහා බලන එක.
ඔය අදහස් උදහස් පහුගිය කාලේ ඔබට ඇති වූ අර්බුදකාරී තත්ත්වයන් තුළදීත් ඒ විදිහටම තිබුණද ?
සතුටු අවස්ථාවලදී උපරිමයෙන් සතුටුවීමත් දුකේදී මානසිකව අන්තයටම කඩාවැටීමත් සිදුවන්නේ අර මුලින් කී විදියට ජීවිතයම තරගයක් කියල හිතන අයට. මටත් ප්‍රශ්න අර්බුද ඇති වුණාම සිත් පීඩා ඇති වුණා. ඒත් ඒ සිත් පීඩාවන් හින්දා ජීවිතය කඩාගෙන වැටෙන්න නම් මම ඉඩ දුන්නෙ නැහැ. ඒකට හේතු වුණේ මම මධ්‍යස්ථව ජීවිතයට මුහුණ දීම. ඒ විදිහට ජීවිතය දිහා සරලව බලන එක කායික මානසික සෞඛ්‍යයට ඉතාම හොඳයි.
ඒ වුණත් ජීවිතයකට තනිකම දරාගන්න බැහැ. ආදරයක විවාහයක අවශ්‍යතාවය රොෂාන්ට දැනෙන්නෙම නැද්ද ?
පහුගිය කාලේ කරපු සමීක්ෂණ වාර්තාවකට අනුව ලෝකයේ වඩාත්ම සතුටින් ජීවත් වන පුද්ගලයා ලෙස වාර්තා වෙලා තියෙන්නේ ප්‍රංශ ජාතික බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්.පච උන්වහන්සේ ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්නේ. සැබෑ සතුට තියෙන්නේ භෞතික සම්පත්වලටත් ආදරය කියන හැඟීම් ආවේගවලටත් විවාහය කියන බන්ධනය තුළවත් නෙවෙයි.
ඒ කියන්නේ ආයෙ කවමදාකවත් රොෂාන්ගෙ ජීවිතයට කවුරුවත් ළංවෙන එකක් නැහැ කියලද ?
මම එහෙමම කියන්නෙ නැහැ. ආදරය හා විවාහය මතුදාක මගෙ ජීවිතයට එකතුවන්නත් පුළුවන්. එහෙම නොවෙන්නත් පුළුවන්.
රොෂාන්ට ආදරය කරන ඔයාගෙ ජීවිතයේ ඔය හිදැස පියවන්න ළංවෙන්න කැමැති අය ඕනෑ තරම් ඇති
මගේ ජීවිතයේ ඔය කියන විදිහේ හිදැසක් තියනවා කියලා මං හිතන්නේ නෑ. අනික පහුගිය කාලේ මා වෙතට එහෙම ළංවෙන්න උත්සාහ කළ අයත් හිටියා. ඒත් ඒ ආදරය නෙවෙයි අනුකම්පාව මුල්කරගෙන. ඒ විදිහට අනුකම්පාවකින් ළංවෙන කෙනෙක් ළංකරගත්තට එතැන සැබෑ ආදරයක් ඇති වෙන්නෙ නැහැ. ඒ හින්දා මම එවැනි අය ප්‍රතික්‍ෂේප කළා.
මේ විදියට ගිහින් මතුදාක පැවිදි බිමට ඇතුළු වන්නට අදහසක් රොෂාන් තුළ ඇති වේවිද ?
යථාර්ථවාදීව ජීවිතය ගැන අවබෝධයන් ලබලා මේ සසරින් මිදෙන්න පැවිදි බිමට ඇතුළත් වීම සාර්ථකයි. මතු දිනෙක මටත් ඒ විදියේ පුළුල් ජීවිතාවබෝධයක් ඇති වූවොත් පැවිදි වෙන්නත් හිතෙයි. දැනට නම් එහෙම හිතිල නැහැ. හැබැයි දැනට මම මේ සමාජය තුළ කාටවත් කරදරයක් නොවී ජීවත් වෙනවා.
ආරියවංශ කුලතිලක
කළු උපාලි
වැව්ගම්පත්තුවේ කොයියම් තැනක හරි සංගීත ප්‍රසංගයක් තිබුණොත් එතන නොවැරදීම කළු උපාලි හිටියා. කළු උපාලි හිටිය ඕනෑම තැනක ගොරියකුත් නොවැරදීම සිද්ධ වුණා. ඔන්න ඔය නිසාම ගමේ කොයි කවුරුත් කළු උපාලිව හැඳින්නුවේ දාමරිකයෙක් විදිහට.කෝංගස් හන්දියේ අංක තිස් හතේ ගෙදර ජීවත් වෙච්ච කළු උපාලි ළමයි හතර දෙනෙක්ම උන්නු තාත්තා කෙනෙක්. කළු උපාලිගේ ළමයි හතර දෙනාම පිරිමි ළමයි. ගහේ කටු උල් කරන්න ඕන්නෑ කියන කියමන හැබෑවක්ම බව පෙන්වමිනුයි කළු උපාලිගේ ළමයි හතර දෙනාත් කළු උපාලිගේ අඩිපාරෙම ගියේ.
කොහොමද කියන්නේ මං හතරගාතෙන් ගෙදර යනවා කියලා
අපේ ටෙලි නාට්‍ය සහ චිත්‍රපට අධ්‍යක්ෂ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයලගේ ගෙවල්වලට තරමක් කිට්ටුවෙන් තියන බෝපිටිය රා තැබෑරුම ඉස්සරහ පසුගිය දවසක ලොකු ගෝරියක් “උඹ කොහොමද? අඩෝ කියන්නේ; මං හැන්දෑවට හතර ගාතෙන් ගෙදර යනවා කියලා” සරමක් මේස් බැනියමක් ඇඳගත්තු මදාවිකාර පෙනුමක් තියන හාදයෙක් තවත් කාගෙද කමිස කොලර් එකෙන් අල්ලාගෙන එහෙම බෙරිහන් දෙනවා. ඒ මදිවට ඒ මදාවිකාරයාගේ අතේ මාළු කපන පිහියකුත්. රා තැබෑරුමට ආපු වගේම පාරේ යමින් හිටපු කීප දෙනෙකුත් ඇස් වගේම කටවලුත් ඇරගෙන මේ සිද්ධිය දිහා බලාගෙන ඉන්නවා.
“මොකද මොකද මේ කලබලේ?” ඔය අතරේ එතැනින් යමින් හිටපු පොලිස් රාළහාමි කෙනෙක් පාපැදිය පොඩ්ඩක් නතර කරලා කකුලක් බිමට තියලා සද්දේ දාලම ඇහුවා.
“බලන්න සර්; මේකා කියනවනේ මං හැන්දෑවට ගෙදර යන්නේ හතර ගාතෙන් කියලා. ඉතින් මේකාව මැරුවත් හිත්වදීද සර්” අර මදාවිකාරයා අනික් හාදයගේ කොලර් එක අතඅරින්නේ නැතුවම කිව්වා.
“එතකොට මේ මිනිහා කියන්නේ බොරුද?” බයිසිකලෙන් බැහැලා සිද්ධිය වුණු තැනට එන අතරේ රාළහාමිත් හිනාවෙලා ඇහුවා.
“බොරු නෙවෙයි, සර්; මං කියන්නේ ඇත්ත” මදාවිකාරයාගේ ග්‍රහණයට නතුවෙලා හිටපු හාදයත් බොහොම අසරණ විදිහට කිව්වා.
එතකොට රාළහාමි ඉන්න බවක් මුළුමනින්ම අමතක කරපු අර මදාවිකාරයා තමන්ගේ අතේ තිබුණු මාළු කපන පිහිය අනිත් හාදයා දිහාට අමෝරා ගත්තා.
“මං හතර ගාතෙන් ගෙදර යන්න මං බිව්වට පස්සේ හතර ගාත් වල හරි පණ තියනවද? යකෝ...”
පසුගිය දවස්වල අපේ ගල්හේන මහත්තයා ගැන වැඩි ආරංචියක් ලැබුණේ නැහැ. ඒ හින්දා හුඟ දෙනෙක් ගල්හේන ලොක්කා ගැන තොරතුරු ඇහුවේ උන්නැහේ ගේ මස්සිනා ගෙන්. හැබැයි මොකක් හරි ඉඩම් පළහිලව්වකට මේ දෙන්නා අතරේ දැන් සෑහෙන කාලෙක ඉඳලා පුංචි විරසකයක් තියන බවත් හැමෝම වගේ දන්නවා.
“ඔන්න අපේ මස්සිනා මේ දවස්වල ලොකු මඩ ව්‍යාපාරයක් පටන් අරන්”
ගල්හේන මහත්තයා ගැන අහන යාළු මිත්‍රයෝ කාටත් උන්නැහේ ගේ මස්සිනා දෙන්නේ ඒ කෙටි උත්තරේ විතරයි.
“හැබැයි ඉතින් මොනවා වුණත් ගල්හේන ලොක්කා නම් ඒ වගේ පහත් වැඩ කරන කෙනෙක් නෙවෙයි“ මස්සිනාගෙන් ඒ කතාව අහන ගල්හේන මහත්තයගේ යාළු මිත්‍රයෝ එහෙම කතාවෙන්න පටන් ගත්තා.
“හැබෑටම කාට විරුද්ධවද? ඔය ගල්හේන ලොක්කා මඩ ව්‍යාපාරයක් ගෙනියනවා කියන්නේ” මස්සිනාගේ මේ කතාව අහගෙන ඉන්න බැරිම තැන ගල්හේන ලොක්කා ගේ මිත්‍රයෝ මස්සිනා ගෙන් අහන්න පටන් ගත්තා.
“කාට විරුද්ධවද?” මස්සිනාත් පුදුමවෙලා ඇහුවා. “කාටවත් විරුද්ධව නෙවෙයි; අපේ මස්සිනා ගම්පහ පැත්තේ පහුගිය කාලේ ගොඩකරපු කුඹුරු වගයක් ආයිමත් හාරලා මඩ අයින් කරගන්න කොන්තරාත් එකක් බාර අරගෙන.”
වටපිට ලටපට
මිල්ටන් සැමරුම.....
මිල්ටන් මල්ලවආරච්චි ජනකාන්ත ගායකයාණන්ගේ 15 වෙනි සැමරුම පසුගියදාට යෙදී තිබුණා. මියගොස් පහළොස් වසරක් ගෙවී තිබියදීත් ඔහුගේ මෝහනීය ගී හඬ අදත් රසික සවන් හදවත් පිනවනවා. එහෙත් ඔහුගේ ගීතත් මේ වන විට වෙනත් හඬවලින් ගයන්නට පටන් අරන්.
ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ සංගීතයට මිල්ටන් ගැයූ ගීත කීපයක්ම ක්ලැරන්ස්ගේ ඇටෝර්නි බලකරු ලෙස හැඳින්වෙන හෙට්ටිආරච්චි විසින් සුපිරි තරු ලෙස හැඳින්වෙන නව ගායකයන් ලවා ගායනා කරවා තිබෙනවා. අනුන්ගේ ගී නොගැයූ මිල්ටන්ගේ ගීත අන්සතු කිරීම පාපයක් බවත්. ඒ පාපයේ ශාපය එසේ කරන්නන් වෙත ඉක්මනින්ම පැමිණෙන බවත් මිල්ටන්ගේ පුත් ගායක රනිල් මල්ලවආරච්චි පැවසුවා. මෙවැන්නන්ට කිසිදා මිල්ටන් මල්ලවආරච්චි රසික හදවත් තුළින් “මරා දමන්නට” බැරි බව අපේත් පිළිගැනීමයි.
නිහාල් සාර්ථකයි......
නිහාල් නෙල්සන් ගායකයාණන් සංගීත ක්ෂේත්‍රයට පැමිණ වසර පනහක් සපිරීම නිමිත්තෙන් මියුසියස් රඟහලේ පැවති ප්‍රසංගය සාර්ථක වීම ගැන නිහාල් සතුටින් පසු වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ප්‍රසංගය අවසානයේ නිහාල්ට සුබ පැතුවේ තව චිරාත් කාලයක් ගී ගයන්නට ලැබේවා කියායි. ආචාර්ය පණ්ඩිත් අමරදේවයන්ට නිහාල් තම 112 වන ගී එකතුව වන “රිඟින් ටෝන්” ගී එකතුව පිරිනැමුවා. ටී. බි. ඒකනායක, රෝහිත අබේගුණවර්ධන හා ඕලිත ප්‍රේමතිරත්න වැනි දේශපාලකයන් සමග ආරියදාස පීරිස්, එඩ්වඩ්/චරිතා යුවළ මැණික් චන්ද්‍රිකා, වර්නන් පෙරේරා, ලලිත් පොන්නම්පෙරුම, සමන් ද සිල්වා, නිමල් රංජිත්, ලක්ෂ්මන් හිල්මි වැනි ගායක ගායිකාවන්ද උපුල් ජයසිංහ, විජිත පරණවිතාන වැනි කැසට්
නිෂ්පාදකයන් ද පැමිණ සිටියා. ප්‍රවීණ නිවේදක තිලක් කුමාර රත්නායක අතීතයේ “තුන්සිතක ගී” ප්‍රසංගය තුළින් නරඹන්නන් අතර සිට අදහස් විමසීම ඇරඹු නිවේදකයායි. මෙදාත් ඔහු නිහාල්ගේ සමකාලීනයන් හා ආරාධිතයන් අතරට පැමිණ අදහස් විමසුවා. නීල් වර්ණකුලසූරිය ප්‍රමුඛ “සන්ෆලවර්” සංගීතයට නිහාල් නෙල්සන් සිය ජනප්‍රිය ගීත 16ක් ගායනා කළේ රසික ප්‍රතිචාර මැද්දේයි. ප්‍රසංගයේ සම්බන්ධීකරණ කටයුතු කල ගීත නිබන්ධක රෝහණ හෙට්ටිආරච්චි සිය රංගන හැකියාවන් ද විදහා දැක්වූවේ “සල්ලි මිටි ගණන්” ගීතයට අනුව රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න හා නිලූ ප්‍රියදර්ශනී සමග රංගනයේ යෙදෙමිනුයි.
වර්ෂාව මධ්‍යයේ වුවත් තමා වෙනුවෙන් පැමිණි සියලු දෙනාට තුති පුදන බව නිහාල් නෙල්සන් කියා සිටියා. එමෙන්ම මියුසියස් රඟහලේ ඉදිරි පේළි තුනේ කොනේ ආසන කීපයක් බැගින් ඉවත් කරනවා නම් නරඹන්නන්ට පහසුවෙන් ප්‍රසංග නැරඹිය හැකි බව ද නිහාල් අවධාරණය කළා. මේ තාක් කිසිවෙකු හෝ අවධානය යොමු නොකළ එම අඩුපාඩුව නිවැරදි කර ගැනීම මියුසියස් විදුහල් පරිපාලනයේ වගකීමක් බව නිහාල් එම “වරද පෙන්වා දීම” ගැන අදහස් දැක්වූ කලාකරුවන් කීප දෙනෙකුම පැවසුවා.
“වසර පනහයි නිහාල් ඇවිත්” ගී ප්‍රසංගය ඉතා ඉක්මනින් ඩී.වී.ඩී මගින් එළිදක්වන බව ටොරානා අධිපති සරත් කොතලාවල පැවැසුවා. සරත් සමග ප්‍රසංගයේ සංවිධානයට සහය වූ සාම විනිසුරු ගුණදාස වැලිසාදීරගේ නිහාල් නෙල්සන්ට සමරු සම්මාන ප්‍රදානය කළා.
“වසර පනහක් මාව ඉදිරියට ගෙනා මගේ රසික ජනතාවට ස්තූතියි....” නිහාල් සුපුරුදු පරිදිම සිය රසිකයන්ට තුති පුදමින් ප්‍රසංගය නිමා කළා.
චන්ද්‍රලේඛා ඕස්ට්‍රේලියාවේ.....
ඇමෙරිකාවේ ජීවත් වන ජනප්‍රිය ගායිකා චන්ද්‍රලේඛා පෙරේරා පසුගියදා ඕස්ට්‍රේලියාවට ගියා. ඒ රූකාන්ත සමග තමන්ගේ “රූ සඳ රූ” ප්‍රසංගය එහි පවත්වන්නට ලැබුණු ඇරයුමක් අනුවයි. සුරේශ් මාලියද්ද එහි සංගීතය මෙහෙයවන්නට මෙහි සිට ගියා. ළඟදී මව්බිමට ඇවිත් යන අදහසක් නම් ලේඛා හෝ රූකාන්ත පළකර නෑ.
සුදේශ් ඇවිත්...
බහරේන් රාජ්‍යයේ ඉංජිනේරුවෙකු ලෙස සේවය කරන සුදේශ් කරුණා තිලක එහි ප්‍රකට සංගීත ප්‍රසංග සංවිධායකවරයෙක්. එමෙන්ම ඔහු එහි ප්‍රසංගවල මෙන්ම මෙහි පැමිණි විට විවිධ රූපවාහිනී වැඩසටහන්වල ගී ගයනවා. විශේෂයෙන් ජේ. ඒ. මිල්ටන් පෙරේරා ශූරීන්ගේ ගීත.
මේ දිනවල මව්බිමේ සිටින සුදේශ්ට රොඩ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කරන ඩී.වී.ඩී චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට ලැබි තිබෙනවා. පසුගියදා නිහාල් නෙල්සන්ගේ ප්‍රසංගය නරඹන්නට පැමිණි සුදේශ් පැවසුවේ එම රූපගත කිරීම් නිම වන තුරු මෙහි රැඳී සිටින බවයි. “ප්‍රියනාත් රත්නායකගේ සංගීතයට ගීතයක් පටිගත කරන්නත් මම කටයුතු කරගෙන යනවා. ඒක මගේ මිතුරෙක් ලිව්ව විරහ ගීතයක්.” සුදේශ් කරුණාතිලක පැවසුවා. මව්බිමේ සිටින තුරු ඔහුගේ දුරකතන අංකය 0774590824
සනෝජා පාඩම් කරනවලු....
අපේ ප්‍රවීණ ජනප්‍රිය නිළියක වන සනෝජා බිබිලේ මහවැලි අමාත්‍යංශයේ “පුද්ගලික සහකාර” තනතුරක් දරන්නේ වසර විසිදෙකක පමණ කාලයක සිටයි. වෘත්තිය හා රංගනය ඇය සමබරව කරගෙන යනවා. මේ දිනවල “සිකුරා හතේ” වේදිකා නාට්‍යයේත් ඇය රඟපානවා. ඊට අමතරව එල්එල්බි නීති විභාගයට පෙනී සිටීම සඳහා ඇය දැන් පාඩම් කරනවාලු.
“ළඟදී විභාගය තියෙන නිසා මේ දවස්වල උනන්දුවෙන් පාඩම් කරනවා. විභාගෙ ඉවර වුණාට පස්සෙ අලුත් ටෙලි නාට්‍යයක රඟපාන්නත් මම පොරොන්දු වෙලයි ඉන්නෙ...” සනෝජා කිව්වා. තවමත් තනිකඩ දිවියක් ගත කරන සනෝජාගෙන් පසුගිය 17 වෙනිදා “කොෆී විත් ලකී” වැඩ සටහනේදී එය ඉදිරිපත් කරන ජනප්‍රිය නළු ලකී ඩයස් ඒ ගැන ප්‍රශ්න කළා. රජිත හිරාන්ද (පිංපොං) එහි සිටියා. සිනාසී ඇය කිව්වේ තම හිතවතුන් වන ලකී සහ පිංපොංට තමාට සුදුසු සහකරුවෙකු සොයා දෙන ලෙසයි.
බෝම්බ සහරෝස
බැලිල්ලෙන් කියවිල්ලට නමැති සමන් වික්‍රමාරච්චි මහතාගේ සිනමාව පිළිබඳව ලියන ලද ලිපිය සිහිකරගනිමින් ඉහත චිත්‍රපටය පිළිබඳව ලිවීම යෝග්‍ය යැයි සිතමි. ඔහු මෙසේ කියයි.
1. චිත්‍රපටයක් බලද්දී අප කරමින් සිටින්නේ කුමක්ද?
2. අප චිත්‍රපටයක් කියවන්නේ කෙසේද?
මෙම ප්‍රශ්න කිරීම අපට හරිම ආගන්තුක තමයි. ඒත් සිනමාව පිළිබඳව හැදෑරීම කියන්නේම මේ ප්‍රශ්නවලට හේතු සෙවීමක්, හැබැයි. මේ ප්‍රශ්න කිරීම තවත් ප්‍රශ්න කිරීම්වලට තුඩු දෙන බව අපට පිළිගන්න වෙනවා. ඒ විදියට අප තුළ නැගෙන ප්‍රශ්නයක් තමයි සිනමාපටයේ නිරූපිත යථාර්ථය යථාර්ථයේ අනුකරණාත්මක නියෝජනයක්ද එසේ නැත්නම් එයට තිබෙන්නේ සංස්කෘතික ලෙස වෙනස්වූ ව්‍යුහයක තත්ත්වයක්ද?
ඉහත සටහන සැලකිල්ලට ගනිමින් ‘බෝම්බ සහ රෝස’ සිනමා කෘතිය පිළිබඳව විචාරය කිරීමේදී අපට සිහිවන්නේ සැබෑ යථාර්ථය මෙම සිනමා කෘතිය තුළ නියෝජනය වෙනවාද යන්නය.
හිරු උදාවීමත් සමග ඇරඹෙන රූපරාමු තුළ ආ ජනාකීර්ණ නගරයක ජීවත්වන මිනිසුන්ගේ ක්‍රියාකාරකම් තුළින් චිත්‍රපටය ඇරඹෙයි. ඒ සඳහා අධ්‍යක්ෂවරයා යොදාගන්නා රූපරාමු නම් ඉතාමත් උචිතය. ක්‍රම ක්‍රමයෙන් දිනය ගෙවී යන විට නගරයක සිදුවන ක්‍රියාවන්ද නොයෙකුත් වර්ගයේ ජීවනෝපායන් තුළින් ජීවිතය ගැටගසා ගැනීමට පොරකන මිනිසුන් අපට නෙත ගැටෙයි. පාතාල ලෝකය, කප්පන්, ගණිකාවන්, අයාලේ යන මිනිසුන් මතුපිටින් පමණක් ආදරය කරන පෙම්වතුන් මධ්‍යයට වහ වැටී සිටින රූපිකාවන් නොයෙකුත් කෝණවලින් අපට පෙන්වීමට අධ්‍යක්ෂවරයා උත්සාහ දරයි. මේ කොළඹ නගරය තුළ ජීවත්වන එක්තරා මිනිස් කොට්ඨාසයක ජීවන තතුය. එම චරිත පිළිබඳව ගැඹුරු කියවීමකට නොයන අධ්‍යක්ෂවරයා මතුපිටින් පමණක් සියලු චරිත පෙන්වාගෙන පෙන්වාගෙන යයි. ඒ අතරතුර එල්.ටී.ටී.ය විසින් මෝටර් සයිකලයට අටවන ලද බෝම්බය කිනම් වෙලාවක පිපිරෙයිද යන කුතුහලය ප්‍රේක්ෂකයා තුළ මතුකිරීමට දරන නොයෙකුත් උපක්‍රම තුළ ප්‍රේක්ෂකයා බැඳ තබාගැනීමට අධ්‍යක්ෂවරයා ගන්නා උත්සාහය අපගේ සිත් බැඳගනියි. වර්තමාන දේශපාලන රටාව තුළ පාලක පන්තියේ ඇතුළත ගති ස්වභාවයන්ද මතුකිරීමට අධ්‍යක්ෂවරයා තවත් විටෙක ඇමැතිවරයකුගේ චරිතයක් හරහා උත්සාහ දරයි. මෙම විවිධ චරිත මෙම ක්‍රමය තුළ ක්‍රියාත්මක වන බව ඇත්තකි. එය ඒ ලෙසම රූප රාමුවලට නැගීම තුළ එම ක්‍රියාවන් අච්චාරුවක් බවට පත්වන අයුරු නොවැළැක්විය හැකිය. නමුදු බෝම්බය කුමන මොහොතක පිපිරියාදැයි යන කුතුහලය ප්‍රේක්ෂකයාගේ සිත තුළ පදම්වී ඇති නිසා සිනමා කෘතියට ප්‍රේක්ෂකයා ඇදබැඳ තබාගැනීමට අධ්‍යක්ෂවරයා සමත් වෙයි.
ප්‍රධාන පෙම්වතුන් යුවළ අතර පවතින ආදරයද විරසකයන්ද මවන ආකාරය අනුව නූතන පෙම්වතුන්ගේ ප්‍රේමය මොනතරම් සරල දැයි පෙන්වීමට අධ්‍යක්ෂවරයා දරන උත්සාහය වැදගත්ය. ඔවුන් බොහෝදුරට ප්‍රේම කරන්නේ හමුවීම තුළ ලබන වින්දනය සඳහා පමණක් බව එම රූපරාමුවලින් මැවීමට අධ්‍යක්ෂවරයා වෙහෙස දරයි. ධනවාදී සමාජයක් තුළදී මිනිස් සබඳතා යනු හුදෙක් වෙළෙඳ භාණ්ඩයක් පමණක් බව මෙහි සියලුම චරිත තුළින් කැපී පෙනෙයි. මේ සියලු දේම සිදුවන්නේ කුමන සමාජ දේශපාලන තත්ත්වයන් තුළද? අධ්‍යක්ෂවරයා අපට නොහඟවන්නේ එම ප්‍රශ්නයයි. ඒ නිසාම මෙම චරිතවලට කුමන අතුරු ආබාධ වුවද සිනමා ශාලාවෙන් පිටවී යන විට චරිත සියල්ල අපට අමතක වෙයි. සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂවරයා මවන රූප රාමු තුළ මතුවන මිනිස් හැඟීම් අප සිත් තුළට කාවැදීම වැළැක්විය නොහැක. තිර රචනයේ දෙබස් ඒ සඳහා මහෝපකාරී වෙයි. පෙම්වතිය විසින් තොරතෝංචියක් නැතිව මධූ ගැන ප්‍රශ්න කරන විට පෙම්වතා දුරකථනය පොළවේ ගැසීම එක් අවස්ථාවකි. එක් දිනයකදී වන සිද්ධියකින් චිත්‍රපටයක් නිර්මාණය කිරීම එක් අතකින් බැරෑරුම් කාර්යයකි. අධ්‍යක්ෂවරයා ඉතා කල්පනාකාරීව සිද්ධිදාමය එක මිටකට ගොනුකරගත යුතුය. මෙම ෂානරයේ චිත්‍රපට ලෝක සිනමාව තුළ ඇත. ඇල්ප්‍රඩ් නිව්කොක් මේ සඳහා විශිෂ්ට දස්කම් දක්වා ඇත. අනුරුද්ධ ජයසිංහට සිනමා රූප සංකලනය පිළිබඳව නුවණක් ඇත. ඔහු මීට පෙර අධ්‍යක්ෂණය කළ ‘සංක්‍රාන්ති’ සිනමා කෘතියද ඊට නිදසුන් වෙයි. මෙම චිත්‍රපටය තුළ ඔහු ගොඩනගන වේග රිද්මය, චිත්‍රපටයේ තේමාවට ඉතා උචිතය. විශේෂයෙන්ම කැමරාකරු, සංස්කරණ ශිල්පියා සහ සංගීතඥයා චිත්‍රපටය ගලායාමට විශේෂ දිරියක් දෙයි. ඒ නිසාම ප්‍රේක්ෂකයා චිත්‍රපටයට බැඳී සිටියි. උතුරේ සටන්කාමීන් විසින් කොළඹ නගරය පමණක් නොව මුළු රටමද මෙම නව යටත්විජිතවාද ධනේෂ්වර ක්‍රමයද, එක් බෝම්බයකින් අර්බුදයට යවයි. ඒ නිසාම සියලුම මිනිසුන් භීතියට පත්වන පමණක් නොව ධනේෂ්වර පදනමද දෙදරා යයි. නමුත් එවැනි ගැඹුරු විශ්‍ලේෂණයකට යාමට අධ්‍යක්ෂවරයාට අවශ්‍ය නැත. ඔහුගේ මූලික අභිප්‍රාය වන්නේ මතුපිටින් පමණක් චරිත හැසිරවීම තුළින් කුතුහලය දනවමින් ප්‍රේක්ෂකයා තිරයට ඇද බැඳ තබාගැනීමය. සිනමා භාෂාවද රැකගනිමින් මෙවැනි සිනමා කෘති නිර්මාණය තුළින් ක්‍රම ක්‍රමයෙන් සිනමා ශාලා වෙතින් ඈත්වන ප්‍රේක්ෂකයින් රඳවා ගැනීමට මහත් රුකුලක් ලැබේ. එයද මේ යුගයේ අධ්‍යක්ෂවරුන් වෙතින් ඉටුවිය යුතු සේවයකි. මෙවැනි චිත්‍රපට නිපදවීම සිනමාවට හානියක් නොවේ. නමුදු තවත් අධ්‍යක්ෂ, නිෂ්පාදකවරුන් පිරිසක් ඇත. ඔවුන්ගේ අභිප්‍රාය වන්නේ ජාතක කතා, යුද උන්මාදය ජාතිකත්වය වැනි ලෙහෙසියෙන් විකිණිය හැකි චිත්‍රපට පමණක් නොව බුදුන් වහන්සේ පවා සම්බන්ධ කරගනිමින් චිත්‍රපට තනා මඩිය තර කරගැනීමය. ඒ සඳහා සිනමාව පිළිබඳව කිසිදු දෙයක් නොදන්නා පන්සල්වල ස්වාමීන් වහන්සේලා ලවා විචාර ඉදිරිපත් කරමින් මුළු සමාජයම නොමග යැවීමටද සිනමාව විනාශ කිරීමටද සමහර අධ්‍යක්ෂවරු උත්සාහ දරති. නමුත් අනුරුද්ධ ජයසිංහ එවැනි මගකට නොවැටී සිනමාව තුළින් කිසියම් වින්දනයක් ලබාදීමේ වුවමනාවෙන් පෙළෙයි. ඒ අතින් ඔහුව අගය කළ යුතුය. එහෙත් සමාජය තේරුම්ගැනීමේ දේශපාලන දෘෂ්ටිවාදය අතින් නම් ඔහු පොහොසත් නැත. චිත්‍රපටයේ පෙනෙන සාධනීය ලක්ෂණ සමග නිර්භයව සමාජයේ ඇතුළාන්තය කියවීමකට ඔහු යොමුවුණේ නම් ‘බෝම්බ සහ රෝස’ උසස් ගණයේ චිත්‍රපටයක් වනු නොඅනුමානය.
ආරියතිලක පීරිස්
රක්ෂණය
රක්ෂණය
පෙරේරාගේ කාර්යාලයට ආ රක්ෂණ නියෝජිතයා ජීවිත රක්ෂණයේ ඇති වැදගත්කම ගැන කියමින් එම රක්ෂණය ලබා ගන්නා ලෙස පෙරැත්ත කරන්නට විය.
පෙරේරා: මේ අහනවා ඇයි තමුසේ.... මට ඔච්චර බල කරන්නේ ජීවිත රක්ෂණයක් ගන්න කියලා.
රක්ෂණ නියෝජිත: ගිය මාසේ මුලදී මේ වගේම කන්තෝරුවක මහත්මයෙක් මගෙන් ජීවිත
රක්ෂණයක් ලබාගත්තා. මාසෙ අන්තිමේදී ඒ මනුස්සයා රිය අනතුරක්වෙලා මලා. ඉතිං අපි ඒ වෙනුවෙන් ඒ මහත්තයාට ගෙව්වා ලක්ෂ 5 ක්. ඉතිං මේ සැරේ වාසනාවන්තයා සර්වෙන්න බැරිද..?
ආර්ථිකය
එන්න එන්නම ආර්ථික ප්‍රශ්න දරාගැනීමට නොහැකි වූ ගාමිණී තම බිරිඳ අමතා මෙසේ පවසන්නට විය.
ගාමිණී: මේක මහ පුදුම වැඩක්නේ දැන් බලන්න අපි දෙන්නම රස්සාවල් කරලත් කිසිම ඉතුරුවක් නෑනේ..
බිරිඳ: ඒක මේ තනිකරම අල්ලපු ගෙවල්වල ගෑනුන්ගේ වැරැද්ද...
ගාමිණී: ඒ ඇයි...?
බිරිඳ: ඒ ගොල්ලෝ හැම තිස්සෙම කරන්නේ අපිට දරන්න බැරි වියදම් යන දේවල්.
නිදහස
කමල් සහ අමල් හොඳ පදමට වෙරි වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියේ තම තමන්ගේ රුචි අරුචි කම් ගැනය.
කමල්: මට කාරෙකේ යද්දී කනක් ඇහිලා යන්න ඕනි හින්දා මම ඒකේ තිබුණ රේඩියෝ එක ගලවලා දැම්මා.
අමල්: මම නම් කාරෙකේ යද්දී කනක් ඇහිලා යන්ඩ ඕනි හින්දා කරන්නේ අපේ ගෑනිව ගෙදර දාලා යන එක.
හැට්ට කටු
කාර්යාලයට යෑමට ප්‍රමාද වී සිටි මාලා ලහි ලහියේ තම සැමියාට කතා කළාය.
මාලා: ඒයි... මෙහාට පොඩ්ඩක් ඇවිල්ලා මගේ මේ හැට්ටේ කටුව පොඩ්ඩක් ගහනවකෝ....
සැමියා: කෝ දෙනවා.... තමුසෙලා මහ ලොකුවට අයිතිවාසිකම් ගැන කතා කරනවා... මේ ලෝකේ පිරිමි නැත්නම් තමුසෙලාට හැට්ටෙට කටුවක්වත් ගහගන්න කෙනෙක් ඉන්නවද....?
මාලා: අනේ නිකන් යනවා යන්න හලෝ...... මේ ලෝකේ පිරිමි නැත්නම් කටු ගහන්න නමෛයි හැට්ට අඳින්න ඕනෙත් නෑ..
චන්දන සූරියආරච්චි
More Articles...
Page 1 of 6
<< Start < Prev 1 2 3 4 5 6 Next > End >>





ගල්කිස්ස විද්‍යා විදුහල හා බම්බලපිටිය ශා. පීතර විදුහල අතර අන්තර් පාසල් රග්බි තරගයේදී තරග විනිසුරු ලබාදුන් තීරණයකට එරෙහි වූ විද්‍යා ක්‍රීඩකයින් තරග විනිසුරුට පහරදීමට පෙළඹීම හා තැත්කිරීම සම්බන්ධව එම විදුහල් බලධාරීන් එම කණ්ඩායමේ කළමනාකරු, පුහුණුකරු හා ක්‍රීඩකයකුට දඬුවම් පමුණුවා තිබේ.
ශ්රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ඊයේ (15දා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා “ඒ” පිල සහ ඒකාබද්ධ පිල අතර පැවැති තරගයෙන් දිමුත් කරුණාරත්නගේ විශිෂ්ට ශතකය හේතුවෙන් ඒකාබද්ධ පිලට කඩුලු 7ක ජයක් හිමි විය.
ශ්රී ලංකා එක්දින සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල වත්මන් නායකයා වන්නේ ඇන්ජලෝ මැතිව්ස්ය. තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන දක්ෂ යොවුන් ක්‍රීඩකයකු වන ඇන්ජලෝ ක්‍රිකට් විචාරකයන් සහ ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වී ඇත්තේ තරග දිනවන්නකු ලෙසය. බොහෝ දෙනාගේ ප්‍රසාදය හිමිකරගත් නිරහංකාර ක්‍රීඩකයකු ලෙස ද ප්‍රකට ඇන්ජලෝ මැතිව්ස්ගේ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන තුන් කොන් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (14) පල්‍ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 58ක ජයක් ලැබිමට ශ්‍රී ලංකා පිල සමත්විය.
පසුගියදා හෙයියන්තුඩුවේදී පැවැත්වුණු ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා අවසන් පූර්ව තරගවලින් නාත්තන්ඩිය ‘යුනයිටඩ්’, බොරලැස්ගමුව ‘බලරැස්’ සහ සියඹලාගොඩ ‘කපිල’ යන ක්‍රීඩා සමාජ ජයග්‍රහණ ලබා තරගාවලියේ අවසන් මහා තරග සඳහා සුදුසුකම් ලැබූහ.







පසුගිය මාර්තු මාසයේදී සිය 25 වන සංවත්සරය සැමරූ සෙලාන් බැංකුව 2013 වසරේ මාර්තු 31න් අවසන් මාස තුනක කාලය සඳහා බදු ගෙවීමට පෙර රුපියල් මිලියන 728ක ලාභයක් වාර්තා කිරීමට සමත්වී ඇත. බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් මිලියන 505 සීමාව කරා පැමිණීමට සමත්වී තිබෙන අතර





කවදත් ආන්දෝලනාත්මක කතා කීමේ රුසියකු වන විමල් වීරවංශ ඇමැතිවරයා තෙසතියකට ඉහතදී යළිඳු වරක් රට කළඹන කතාවක් කීවේය. ඒ ඔහු විසින් නායකත්වය දරනු ලබන ජාතික නිදහස් පෙරමුණේ මැයි රැලියේදීය.





