Lakbima Online
home-icon daliy sundaylakbima lakbimaimage rajina samudura-blue-logo archive advertise new downlaods Facebook-icon twiter youtube android-hub google-plus rss

jilbolahodi
Jilball

වසයි පරිප්පුයි අලයි ළූණුයි

ආහාරයට ගන්නා දිය ලුණු ඇටයේ පටන් ඇත්තේ වස විසයි. කොතරම් කිව්වත් පරිභෝජනයට පිරිසිදු , විස නැති ආහාරයක් කොතැනකින්වත් ලැබෙන පාටක් නැත. මේ ඒ වගේ කතාවක්.  read-more

- සමුදුර -  

මහ පාරේ  රස්තියාදු නොවී හෙළ මහ සඟ මගට එන්න
මෑත කාලයේ දැක ගත හැකිවූ  විශේෂ ප්‍රවණතාවක් වූයේ හතු පිපෙන්නාසේ භික්ෂුන්වහන්සේ මුල් කරමින් සංවිධාන, සන්ධාන ඉස්මතුවීමය. සමහර සංවිධාන පසුගිය කාලයේ පුවත් පිට පුවත් මැව්වේය. එසේම මේ සංවිධාන අතර දැකගත හැකි මූලික ලක්ෂණයක්  read-more

- ක්‍රීඩා පුවත් -  

එංගලන්ත-දකුණු අප්‍රිකා අවසන් පූර්ව සටන අද

Alastair-ABකණ්ඩායම් දෙකම කරට කර
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර ප්‍රථම අවසන් පූර්ව තරගය අද (19දා) ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
එංගලන්තය මූලික වටයේදී නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව පරදවා ශ්‍රී ලංකාවට පරාජය වී ‘ඒ’ කොටසේ පළමු ස්ථානය දිනා අවසන් පූර්ව වටයට පිවිසුණි.දකුණු අප්‍රිකාව මූලික වටයේදී පාකිස්තානය පරදවා කොදෙව් තරගයේ ලකුණු

පුහුණුකාරිණිය සහ තේරීම් කමිටුව වැඩි වශයෙන් වගකිව යුතුයි

dalpanduවිමර්ශන කමිටු වාර්තාව හෙළිකරයි
2012 වසරේ ජූලි මාසයේදී කොළඹදී පැවැති 8 වැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වීම පිළිබඳව කණ්ඩායම් පුහුණුකාරිණිය සහ තේරීම් කමිටුව ප්‍රධාන ලෙස වගකිව යුතු බව පරාජයට හේතු සොයා බැලීමට පත් කළ කමිටුව සඳහන් කර සිටියි.

මැතිව්ස් පීඩනයට හොඳින් මුහුණ දුන්නා

mahela- මහේල කියයි
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී අවසන් මොහොතේ එල්ලවූ පීඩනයට නායක ඇන්ජලෝ මැතිව්ස් හොඳින් මුහුණදුන් බව තරගයේ වීරයා වූ මහේල ජයවර්ධන පැවැසීය.

ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබයි

  • තියුණු සටනක් දී ඕස්ට්‍රේලියාව පරදියි
  • අවසන් පූර්ව සටන ඉන්දියාවට එරෙහිව

match1

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඕස්ට්‍රේලියාවට එරෙහිව ඊයේ (17දා) ඕවල් පිටියේ පැවැති තීරණාත්මක තරගයෙන් තියුණු සටනකින් පසු ලකුණු 20ක ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබිමට සමත්විය.

සමස්ත ලංකා පාසල් පිහිනුම් තරගාවලිය අද ඇරඹේ

samasthalan

ශ්‍රී ලංකා පාසල් ජල ක්‍රීඩා සංගමය සංවිධානය කරන සමස්ත ලංකා පාසල් 40 වැනි වයස් සීමා පිහිනුම් සහ කිමිදුම් තරගාවලිය අද (18දා) සිට 21 වැනි දින දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත් වේ.

සංගා - කු‍ලේ සුපිරි වික්‍රමය

24චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍පොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට  පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
මේ අනුව  17දා පැවැත්වෙන ඕස්ට්‍රේලියාවට එරෙහි තරගය ජයගෙන අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. එම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට ඉවතට විසිවීමට සිදුවේ.

කුලසේකරගේ ඉනිමෙන් සියල්ල වෙනස් වුණා - සංගා

Nuwan-Kulasekaraචැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලා‍පොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.

On-line-Anura-horesasවසු පැටව් සහ දේශපාලන ලොන්ඩ්‍රිHesaraya1පාසල් ගුරුවරිය දනගැස් වූ වයඹ පළාත් සභා මන්ත්‍රීවරයා මේ වනවිට පසු වන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයේය. මෙම අශෝභන සිද්ධිය ඇසූ විගස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නවගත්තේගම නවෝද්‍යා පාසලේ මෙම සිද්ධියට මුහුණදුන් ගුරුවරියට දුරකථනය ඔස්සේ අමතා ඇයට “සාධාරණය ඉෂ්ඨ කරන බව” ට ප්‍රතිඥාවක් දී ඇත. read-more

cse

- ව්‍යාපාරික පුවත් -  

BlackBerry Z10දැන් ශ්‍රී ලංකාවේ

13-1BlackBerry සමාගම විසින් සිය නවතම ජංගම දුරකථනය වන BlackBerry Z10 ස්මාට් ජංගම දුරකථනය පසුගියදා (11) මෙරට වෙළෙඳ‍පොළට හඳුන්වා දෙනු ලැබිය. BlackBerry ස්මාට් ජංගම දුරකථන ශ්‍රේණිය යටතේ මෙතෙක් හඳුන්වා දී තිබෙන වේගවත්ම සහ වඩාත් උසස් තත්ත්වයකින් යුත් ස්මාට් ජංගම දුරකථනය වන BlackBerry Z 10 නවතම විශේෂාංග රැසකින් සමන්විත වේ.

 

ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් සංචාරක නාමාවලිය එළිදකී

slt1මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක  නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන්  හෝටලයේ සංවිධානය

- විශේෂ පුවත් -  

සිසුවියන් ගණිකා වෘත්තියේ යොදවන බවට මාත‍ලේ පාසලක ගුරුවරියන් පස්දෙනකුට චෝදනා

rohana-dissanayakeමාත‍ලේ රජයේ පිළිගත් පාසලක සිසුවියන් ගණිකා වෘත්තියේ යෙදවූ ගුරුවරියන් පස්දෙනකු පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇතැයි පසුගිය ජුනි 13 දා පැවැති මාත‍ලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීමේ දී රත්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය, ආචාර්ය ටී.ඩී. ජයතිස්ස මහතා අනාවරණය කළේය. මෙම තත්ත්වය යටතේ මෙම පාස‍ලේ සිසුවියන් කිහිප දෙනකු ගැබ් ගැනීමේ සිද්ධීන් පිළිබඳව දැන ගන්නට ඇතැයි ද ඔහු සඳහන් කළේය.

සිසු සිසුවියන්ට සහන මිලට නවාතැන් දෙන ගම්පහ ලැගුම්හල්

boarding-houseඅප රටේ ඇතැම් ප්‍රධාන නගරවල සේම උපනගරවලද  ලැගුම්හල් බහුලව දක්නට පුළුවන.  ඒ නොයෙකුත්  හේතූන් මුල් කර ගනිමිනි.  අනුරාධපුරය, මහනුවර ආදී  නගරවල ලැගුම්හල් වැඩිම  ගණනක් දක්නට ලැබෙනුයේ  ඒවා ලෝක  ප්‍රසිද්ධ  පූජා නගර බැවිනි.  මීගමුව නගරයේ සහ නගරාශ්‍රිත ප්‍රදේශවල ද  ලැගුම්හල් සෑහෙන සංඛ්‍යාවක් තිබේ. ඒ මීගමුව  සුප්‍රකට  සංචාරක පුරයක් බැවිනි. කුරුණෑගල  නගරය හා ඒ අවට ද ලැගුම්හල් වැඩිපුර සංඛ්‍යාවක් ඇත.

සැබෑ දිවියේ කටකතා රැසකට මැදි වූ අභීත දියණියහි ඉන්හියොන් බිසව

Abeetha“ඔබ ‘අභීත දියණි’ ටෙලි නාට්‍යයේ රසිකයකු නම් පසුගියදා අකල් මරණයකට පත් වූ එහි ඉන්හියොන් බිසව ආගන්තුක චරිතයක් විය නොහැක. එමෙන්ම ඉන්හියොන් යනු ඓතිහාසික චරිතයකි. ඉතිහාසයේ අපට හමුවන ඉන්හියොන් බිසව, සුක්ජොන්ග් රජුගේ දෙවැනි පාද පරිචාරිකාවය. ජෝසන් රාජ වංශයේ සිටි එක් ඉතා යහපත් බිසවක ලෙසින් ද ඇය ප්‍රකටය. එබැවින් කොරියානු ඓතිහාසික නාට්‍යවල

අපගේ ආහාර වේලට ගව මස් නැතුවම බැරිද?

family mealගව ඝාතනය සහ ගව මස් ආහාරයට ගැනීම සම්බන්ධව අද වන විට අපේ රටේ විශාල ආන්දෝලනයක් ඇතිවී තිබේ. ඒ අනුව අපගේ අවධානය යොමුවිය යුත්තේ කුමන දිසාවකටද යන්න ගැන සැලකිලිමත් විය යුතුය. ආහාර පිළිබඳ ආකල්ප අපට අතීතයේ සිට ලැබුණු ඒවා වේ. දවල්ට බත් කෑවේ නැත්නම් කෑම නොකෑවා වගේය. මස් මාළු නොතිබුණොත් එය බත් පතට ලොකු අඩුවක් සේ දැනෙයි. උත්සවයක දී නම් මෙය අනිවාර්ය සාධකයකි.

අසරණ සුනඛයකුට පීඩා කළ පාපන්දු ක්‍රීඩකයාට මතක හිටින පාඩමක්

Foodball3ආර්ජන්ටිනාව යනු පාපන්දුවලට ඉතා ප්‍රසිද්ධ රටකි. අතිදක්ෂ පාපන්දු ක්‍රීඩකයකු වූ දියෙගෝ මැරඩෝනා සිටියේ ද ආර්ජන්ටිනාවේය. මෙතරමට පාපන්දුවලට ප්‍රකට එහි පසුගිය දිනයක බුවනෝර්ස් අයර්ස් අගනුවර පාපන්දු තරගයක් පැවැත්වෙමින් තිබිණි.

මේ පුංචි සමනලියත් ඔබේ උදව් ඉල්ලනවා

r14-1නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.
ඒත් අවාසනාවක හැටි. අපට නෙතුකි එක්ක කතා කරන්න බැහැ. ඒ අපි අහන කිසිම දෙයකට උත්තර දෙන්න තරම් නීරෝගීකමක් ඇය තුළ නැති නිසා. ඒ නෙතුකි උපතින්ම ශ්‍රවණාබාධිත දරුවකු හින්දා.

එතෙර පුවත්

ජේම්ස් බොන්ඩ් පැරදවූ ඔත්තුකරුවා අල්ලන්න ඇමරිකාව සොයයි

PDFPrintE-mail

මේ ජේම්ස් බොන්ඩ් දවෛනි තැනට දැමූ එඩ් ස්නෝඩන් ගැනයිස්නෝඩන් යනු හොඳ ප්‍රකට වාසගමකි. ඒ මහ රැජිනගේ සොහොයුරියගේ සැමියා ගෞරව නාමයෙන් ස්නෝඩන් කෙනෙකු වීම නිසාය. ලෝඩ් ස්නෝඩන් ලෙස හඳුන්වනු ලබන ඔහු වඩාත් ප්‍රකට රජ පවු‍ලේ නිල ඡායාරූප ශිල්පියාද ඔහු වීම හේතුවෙනි. මේ දිනවල තවත් ස්නෝඩන් කෙනෙකු ලොව පුරා පුවත් මවමින් සිටියි.
කුඩා කළු පැහැති සූට්කේසයක් අතින් ගෙන ලැප්ටොප් සහිත බෑගයන් කිහිපයක් උරහිසේ රඳවාගෙන එඩ්වඩ් ස්නෝඩන් නොහොත් ඔහුගේ හිතවතුන් හා කාර්යාල සගයන් දන්නා පරිදි එඩ් ස්නෝඩන් සිංගප්පූරු ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබසින විට උස් සිහින් සිරුරකින් යුතු හා උපැස් යුවළක් පැළඳි මේ සාමාන්‍ය පෙනුමක් ඇති තරුණයා දෙස දෙවරක් බලන්නට කෙනෙකුට උවමනා නොවුණා නිසැකය. මේ එන්නේ සාමාන්‍ය පෙනුමක් ඇති අසාමාන්‍ය තරුණයෙකු බව හෝ ඔහුගේ උරහිසෙහි රැඳි ලැප්ටොප් යන්ත්‍ර හතරෙහි ඇත්තේ ඇමෙරිකානු රජය දිවි දෙවැනිකොට රැකගන්නා රහස් බව සිතෙන්නේ කාටද?

 

ඇන්ජලිනා ජොලී පිළිකාවට එරෙහි සටනේ

PDFPrintE-mail

22-1තමාට පියයුරු පිළිකා වැළඳීමේ සියයට අසූහතක අවදානමක් ඇති බව වෛද්‍යවරුන්ගෙන් විමසා දැනගත් ඇන්ජලීනා ජොලී ගත් මේ පියවර මෙන්ම එය ලොවට හෙළිකළ ආකාරයද “නිර්භීත” කාර්යයක් බව ලොව පුරා පිළිගැනීම විය. ඇගේ මේ තීරණයට සහකරුවා වන බ්‍රැඩ් පිට්ගේ සම්පූර්ණ සහයෝගය ලැබුණු බවද කියැවිණි.
ඇන්ජලීනාගේ මව මෙන්ම මවගේ සොහොයුරියද පිළිකාවලින් මියයාම ඇය වෛද්‍යවරුන් වෙතින් මේ විමසිල්ල කරන්නට හේතුවී තිබිණි. පියයුරු පිළිකා පමණක් නොව තම මවට වැළඳුණු ඩිම්බකෝෂ පිළිකාවක් වැළඳීමේ සියයට පනහක අවදානමක්ද තමාට ඇති බව එහිදී ඇය දැනගත්තාය. මාස තුනක් පියයුරු ඉවත්කිරීම ඇතුළු ප්‍රතිකාර ලබාගත් ඇන්ජලීනා කියන්නේ “තම අත්දැකීම වෙනත් කාන්තාවන්ටත් ආදර්ශයක් වනු පිණිස” ලොවට හෙළිකරන්නට තමා තීරණය කළ බවයි.

   

ඇමෙරිකන් වැයික්කිවල “චීනඩි” පෙන්වමින් ජනාධිපති ෂී කැලිෆෝනියා ගිය වගයි

PDFPrintE-mail

18-1ඇමෙරිකන් චීන සබඳතා ජාත්‍යන්තර දේශපාලනය මත සුවිශාල බලපෑමක් විහිදුවයි. එහි සෘජු සහ අනියම් බලපෑම ලොව ලොකු කුඩා සෑම රටකටම දැනෙයි. වත්මන් ජාත්‍යන්තර සන්දර්භය ඇතුළත එයට ප්‍රධාන හේතුව වන්නේ ආර්ථික වශයෙන් ලොව ඉතාම බලවත් දෙරට ලෙස ඇමෙරිකාවත් චීනයත් ලෝක  දේශපාලනයේදී අති විශේෂ ශක්ති ධාරාවක් හිමි කර ගෙන සිටීමයි.

   

ඉරාන ජනපතිවරණය පැවැත්වෙයි

Iranනව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීම සඳහා අද (14) දිනයේ දී ඉරාන ජාතිකයින් මිලියන පනහකට ආසන්න සංඛ්‍යාවක් සිය ඡන්දය භාවිතා කළහ. ජනාධිපතිවරණය සඳහා ආරම්භයේදී අපේක්ෂකයන් අට දෙනෙකු ඉදිරිපත් වුවද, දෙදෙනෙකු තරඟයෙන් ඉවත් වීමත් සමඟ ඉතිරි වූ සය දෙනාම මධ්‍යස්ථ මතධාරින් බව කියැවේ. මින් එක් අයෙකු වන ‘දාසන් රොව්හානි’ පැවිද්දෙකු වන අතර බටහිර ජාතීන් සමඟ සබඳතා පවත්වා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ප්‍රසිද්ධියේ අවධාරණය කිරීම හේතුවෙන් මැතිවරණ ව්‍යාපාරවලදී දැඩි අවධානයක් හිමිකර ගැනීමට සමත් විය. අට වසරක ධූර කාලයක් හෙබවූ ජනපති මහමුඩ් අහමද් තෙජාඩ් ඉන් ඉවත් වීමට නියමිත අතර න්‍යෂ්ඨීක වැඩ සටහනක් හේතුවෙන් ඉරානයට බලවත් ජාතීන්ගෙන් සම්බාධක පැනවුණ මතභේදකාරී සමයක් ලෙස ඔහුගේ පාලන කාලය ප්‍රකටව තිබුණි.

රුක්ලන්ති පෙරේරා

   

රසායනික බලාගාරයේ පිපිරීමක්

previewඇමරිකා එක්සත් ජනපදයේ ලුසියානු ප්‍රාන්තයේ පිහිටි විලියම්ස් මලෙෆින්ස් රසායනික බලාගාරයේ සිදුවූ පිපිරීමකින් හා ඉන් හටගත් ගින්නෙන් එක් අයෙකු මියගොස් තවත් හැත්තෑ දෙනෙකු තුවාල ලැබූ බව වාර්ථාවේ. බොරතෙල් ආශ්‍රිත රසායනික ද්‍රව්‍ය නිපදවීම සඳහා යොදා ගැනෙන වහා ගිනි ගන්නා සුළු වායුන් නිෂ්පාදනය කෙරෙන මෙම බලාගාරයේ සිදුවු හදිසි පිපිරීමට හේතුව මෙතෙක් පැහැදිළිවී නැති බැව් පැවසේ. කම්හල අවට වාතයේ විෂ සහිත ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවන බව පර්යේෂණවලින් තහවුරු වුවද ඒ අවට වෙසෙන්නන් හට නිවෙස්වල දොර කවුළු වසා ගනිමින් නිවෙස් තුළටම වී සිටින ලෙසට නි‍යෝග නිකුත් කොට තිබේ.

රුක්ලන්ති පෙරේරා

   

තුර්කි අගමැති සටන්කාමින් සමග සාකච්ජා

Prime Minister of Turkeyතුර්කියේ, ඉස්තාන්බුල් නගර මධ්‍යයෙන් උද්ඝෝෂකයින්ට ඉවත් වන ලෙසට දන්වා එරට අගමැති රිසෙප් ටායිප් එඩෝගන් සිය අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පැය කීපයකට පසුව ප්‍රධාන පෙළේ විරෝධතා සංවිධානයක සාමාජිකයින් සමඟ ඔහු සාකච්ඡා පවත්වා ඇති බව වාර්ථාවේ. ‘ගෙසි’ උද්‍යානය ප්‍රතිසංවර්ධනය කිරීමට එරෙහිව නැගී සිටි ප්‍රධානම සංවිධානයක් වන ‘ටක්සීම් සහයෝගිතා’ සංවිධානය සමග අගමැතිවරයා ‘අන්කාරා’ නුවරදී පවත්වන ලද සාකච්ඡා සුබවාදී බව සංවිධාන නි‍යෝජිතයෙකු කියා සිට ඇති අතර අගමැතිවරයා විසින් විරෝධතාකරුවන් හමුවූ පළමු අවස්ථාවද මෙය වේ.

රුක්ලන්ති පෙරේරා

   

දකුණු කොරියාවේ ඔත්තු සේවා ප්‍රධානියාට එරෙහිව චෝදනා

South-Koreaදකුණු කොරියාවේ ඔත්තු සේවා ආයතනය වන ජාතික බුද්ධි අංශ සේවයේ හිටපු ප්‍රධානියා වන වොන් සෙයි හුන් හට ඉකුත් වසරේදී පැවැති ජනාධිපතිවරණයට අයුතු බලපෑම් කිරීමට උත්සාහ දැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබේ. මේ වසරේ මුල් භාගය වන තෙක් ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස සේවය කළ වොන් විසින් ‍පොක් ජියුන් දායි හට ඡන්දය ලබාදෙන ලෙසට අන්තර්ජාලය ඔස්සේ පෙළඹවීම් සිදුකළ බවට කියැවෙන අතර ඔහු දකුණු කොරියාවේ හිටපු ජනපති ලී මියුන්ග් බක් යටතේ ඇමැතිවරයෙකු ලෙසද සේවය කරන ලද්දෙකි.
සිය ප්‍රතිවාදියා වන මුන් ජේ පරාජයට පත්කරමින් දකුණු කොරියාවේ පළමු ජනාධිපතිවරිය ලෙස තේරී පත්වීමට ‍පොක් ජියුන් දායි සමත් වූ අතර මැතිවරණයට බලපෑම් කළ මෙබඳු මෙහෙයුමක් ක්‍රියාත්මක වූ බවක් ඇය දැන සිටියාද යන්න සාක්ෂි ලැබි නොමැත.

බි.බි.සී.

 

 

   

Page 2 of 21

<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

New Footer

© 2013 - www.Lakbima.lk | Site best viewed at 1024 X 768
   
All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.lakbima.lk.