එතෙර පුවත්
ටොනේඩෝවෙන් පසු ඔක්ලහෝමා ප්‍රාන්තයට නව නීති
පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ‘ඔක්ලහෝමා’ ප්‍රාන්තය හරහා හමාගිය දරුණු ටොනේඩෝ තත්ත්වයෙන් විසිහතර දෙනෙකු මියගොස් වැඩිම බලපෑමට ලක්වූ ‘මුවර්’ නගරයේ ඉදිරියට ඉදිවෙන නිවෙස් සම්බන්ධයෙන් නව නීතියක් ගෙන ඒමට එහි නගරාධිපති ‘ග්ලෙන් ලුවිස්’ ප්‍රතිඥා දී තිබේ. ඒ අනුව ඉදිවන සෑම නව නිවෙසකම ‘සවිගැන්වූ අතිරේක ආරක්ෂක’ ස්ථානයක්ද ගොඩනැගීම සම්බන්ධයෙන් නව ආඥා පනතක් ගෙන ඒම සඳහා ඉදිරියේදී යෝජනා ඉදිරිපත් කෙරෙනු ඇත.
ටොනේඩෝව හේතුවෙන් ඔක්ලහෝමා ප්‍රාන්තයේ නිවෙස් 12,000 - 13,000 අතර සංඛ්‍යාවක් විනාශ වූ අතර මියගිය විසි හතර දෙනාට අමතරව තවත් දෙසීය තිස්හත් දෙනෙකු තුවාල ලැබූහ. මියගියවුන්ගෙන් දස දෙනෙකු ළමුන් වන අතර තවමත් අතුරුදන්ව සිටින සය දෙනා සොයා ගැනීම සඳහා මෙහෙයුම් සිදු කෙරෙමින් පවතින බව කියැවේ. ජනපති බරක් ඔබාමාද ලබන ඉරිදා ‘මුවර්’ ප්‍රදේශයේ සංචාරයක නියැළීමට නියමිත අතර ඔහු විසින් ඔක්ලහෝමා ප්‍රාන්තයේ දරුණු ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමටද පියවර ගෙන තිබේ.
සී.එන්.එන්.
උතුරු කොරියාව පැහැරගත් චීන ධීවරයන්ට නිදහස
මීට දෙසතියකට පෙරදී කහ මුහුදේදී නාඳුනන උතුරු කොරියානුවන් පිරිසක් විසින් පැහැරගනු ලැබූ දහසය දෙනකුගෙන් සමන්විත චීන ජාතික ධීවරයන් කණ්ඩායම උතුරු කොරියාව විසින් පසුගියදා නිදහස් කරන ලදී. ඉකුත් මැයි 10 දා සිට මොවුන් නිදහස් කර ගැනීම උදෙසා චීන බලධාරීන් විසින් උතුරු කොරියාව සමග සාකච්ඡා පවත්වන ලද අතර ධීවර පිරිසගේ නිදහස වෙනුවෙන් කිසිදු කප්පම් මුදලක් ගෙවීමට සිදු නොවූ බව කියැවේ.
ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට කරච්චි නුවර මන්ත්‍රන සභා ආසනයක්
පාකිස්තානයේ කරච්චි නුවර පැවැති මැතිවරණයේදී පළමු වරට කරච්චි නුවර මන්ත්‍රන සභා ආසනයක් හිමිකර ගැනීමට හිටපු ක්‍රිකට් ක්‍රීඩක ‘ඉම්රාන් ඛාන්ගේ’ පී.ටී.අයි. පක්ෂය සමත්ව තිබේ. මීට අමතරව තවත් ප්‍රාදේශීය මන්ත්‍රන ආසන දෙකක්ද හිමිකර ගැනීමට පී.ටී.අයි. පක්ෂය සමත්ව ඇත්තේ ඔවුහු පාකිස්තානයේ තෙවන දැවැන්තම මැතිවරණ බළකාය බවට පත්වෙමිනි.
මන්නා පිහි පහරින් බ්‍රිතාන්‍ය සෙබළා මරුට
බ්‍රිතාන්‍යයේ වුල්විච් නගරයේ දී මන්න පිහියක් යොදාගෙන සිදු කළ පිහි ඇනුමකින් යුද හමුදා සෙබලෙක් මියගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට දෙදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබේ. පොලිසියේ වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් තුවාල ලැබූ සැකකරුවන් දෙදෙනෙක් රෝහල්ගත කර තිබේ. ප්‍රහාරය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට ඉඟි කරමින්
පතල් රස්සාවෙන් ඩොලර් බිලියන හතක් වතුරේ
ඔස්ට්‍රේලියාවේ ධනවතුන්ට ලබා ඇති නරක කළ දසාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ එරට පතල්කරුවන්ට බව කීම මුසාවක් නොවේ. එසේ වුවද මෙතෙක් කල් ඔස්ට්‍රේලියාවේ ධනවත්ම තැනැත්තිය ලෙස කිරුළු පැළඳ සිටි පතල් ක්ෂේත්‍රයේ නියුතු ධන කුවේරියක් වන ජිනා රෙයින්දාට් ට පසුගිය වසර තුළදී ඇමරිකානු ඩොලර් බිලියන හතක අලාභයක් විඳින්නට සිදු වූවාය. එසේ වුවත් තවමත් සිය කිරුළ රැක ගැනීමට ඇය සමත්ව සිටින්නීය. ඉකුත් වසරේදී ඇය විසින් වාර්ථා තැබූ ඩොලර් බිලියන 29.17 ක වත්කමට වඩා මෙම වසර තුළදී ඇය සතු වත්කම් ප්‍රමාණය බෙහෙවින් අඩුවී තිබේ. කෙසේ වුවද ජිනාගේ වත්කම් ඔස්ට්‍රේලියාවේ ධනවත්ම පුද්ගලයා වීමේ කිරුළට තරඟ වදින්නන්ගේ ලැයිස්තුවේ දෙවැනි තැන පසුවන ‘ෆෑන්ක් ලෝවි’ සතු ඇමරිකානු ඩොලර් බිලියන 6.87 ක වත්කම මෙන් තුන් ගුණයක් බව කියැවේ.
රුක්ලන්ති පෙරේරා
චීන අගමැති ඉන්දියාවේ සංචාරයක

අගමැති ධුරයට පත්වීමෙන් පසුව නියැළෙන සිය ප්‍රථම විදේශ සංචාරයේ පළමු නැවතුම් ස්ථානය වන ඉන්දියාව කරා චීන අගමැති ‘ලී කෙයෑන්ග්’ ඉකුත් ඉරිදා පැමිණෙන ලදී. ඊයේ දිනයේදී ඔහු හා ඉන්දියානු අගමැති ‘මන්මෝහන් සිං’ අතර සාකච්ඡා පැවැති අතර සිය සංචාරයේ අරමුණ පැහැදිලි කරමින් අගමැති කෙයෑන්ග් කියා සිටින ලද්දේ අනාගතයට මුහුණ දීම සඳහා දෙරට අතර වන අනේයා්න්‍ය විශ්වාසය හා සහයෝගිතාවය තවදුරටත් වර්ධනය කර ගැනීම සිය අභිප්‍රාය බවයි. චීනය හා ඉන්දියාව අතර වන එබඳු සහයෝගිතාවයකින් තොරව ලෝක සාමය යථාර්ථයක් බවට පත් කර ගත නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටින ලදී. ඊයේ පැවැති සාකච්ඡාවලදී දෙරට අතරවන වෙළෙඳ හා සෙසු ද්විපාර්ශ්වික සබඳතාද අවධානයට ලක් කෙරුණු අතර 2015 වසර සඳහා ඇ. ඩොලර් බිලියන සියයක නව වෙළෙඳ ඉලක්කයකටද ඔවුහු එහිදී එකඟතාව පළ කළහ.
බි.බි.සී.
චීනයේ ගංවතුරින් විශාල පිරිසක් මරුට

චීනයේ දකුණුදිග ප්‍රදේශ ගණනාවකට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හා නායයාම් හේතුවෙන් පනහකට අධික පිරිසක් මියගොස් තවත් දාහතර දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ. වැඩිම බලපෑමට ලක්වූ ප්‍රදේශය වන ‘ගුවැන්ඩොං’ හි පමණක් මරණ තිස්හයක් වාර්තා වී ඇති අතර එහි ඉදිරි දින කීපයේදීද දරුණු වැසි හටගනු ඇති බවට අනතුරු ඇඟවීම් නිකුත්කොට ඇති බව කියැවේ. දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් නවලක්ෂයකට අධික පිරිසකට උන්හිටිතැන් අහිමිව ඇති අතර, පීඩාවට ලක්වූවන් වෙනුවෙන් සහන වැඩපිළිවෙළවල් දැනටමත් අරඹා ඇති බව පැවසේ.
බි.බි.සී.
More Articles...
Page 1 of 11
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
මේ වසරේ පවත්වන කාල්ටන් සුපර් සෙවන්ස් සත් සාමාජික රග්බි තරගාවලියට තරගවදින කණ්ඩායම්වල නායකයින් ලංසු තැබිමේදී ගියවර ජැෆ්නා චැලෙන්ජර්ස් පිලට නායකත්වය දුන් යෝෂිත රාජපක්ෂව මෙවර වෙස්ටර්න් වොරියස් පිලේ නායකත්වය සඳහා රුපියල් මිලියන 11ක ඉහළ මිලකට අලෙවි විය.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී චෙන්නායි සුපර් කිංග්ස් සමග අවසන් මහ තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම තේරීමේ මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් අතර තරගය අද (24දා) කල්කටාහිදී පැවැත් වේ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.








පසුගිය 



වර්තමානයේ මස්මාංශ ආහාරයට ගන්නා ප්‍රමාණය ඉහළ ගොස් ඇති බවත් 2030 වසර වන විට එක් පුද්ගලයෙකු ආහාරයට ගන්නා මාංශ ප්‍රමාණය කිලෝග්‍රෑම් 45.3ක් විය හැකි බවත් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
සිර කඳවුරක්ව පැවැති විදේයා්දය මණ්ඩපය (දැනට ශ්‍රී ජයවර්ධනපුර සරසවිය) නැවත අධ්‍යයන කටයුතු අරඹන ලද්දේ 1973 වසරේදීය. එතෙක් කලක් 1971 කැරැල්‍ලේ කැරලිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ එක් මධ්‍යස්ථානයක් ලෙස පැවැතියේ විදේයා්දය මණ්ඩපයයි.
අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.


