මෙතෙර පුවත්
අති දුලබ වල්ලපට්ටා කිලෝ 1530 ක් සමනලවැව ප්‍රදේශයෙන් අත්අඩංගුවට
2013 මැයි 22 01:05 p m
මෙතෙක් වටිනාකම ගණනය නොකළ එහෙත් අධික වටිනාකමකින් යුතු වල්ලපට්ට තොගයක් සමනලවැව පොලිස්මුරපොලේ ස්ථානභාර නිලධාරී උපපොලිස් පරීක්ෂක ඩබ්.කේ.බී.එස්. ලෝරන්ස් මහතාට ලැබුණ ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ. Read more... Add new comment
පීසා උඳුනෙන් මහා ගින්නක් පැතිරේ
අවන්හලක මුළුතැන්ගෙයින් නැගුන ගින්නක් හේතුවෙනන් කාර්යාල රාශියක් පවත්වා ගෙන ගිය විශාල ගොඩනැගිල්ලක් දුමෙන් වැසී ගිය අතර ඒ තුළ සිර වූ පුද්ගලයන් 1200 කගේ ජීවිත බේරා ගන්නට ගිනි නිවන භටයින් සමත් වූහ. ඔස්ට්‍රේලියාවේ සිඩ්නි අග නුවර World Square නැමැති ජනාකීර්ණ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් මෙසේ හිටිහැටියේ ගිනිගෙන තිබේ.
ටොනේඩෝ යකා ඇමරිකාව කැළඹු හැටි
2013 මැයි 22 01:00 p m
ඇමරිකාවේ - ඔක්ලහෝමා ප‍්‍රදේශය සිසාරා හැමූ පැයට කිලෝමීටර් 320 ක වේගයකින් සුළංහැමූ දැවැන්ත ටොනේඩෝ සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 91 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊට ළමුන් 20 දෙදෙනෙකුද ඇතුළත්ය. මේ වනවිට සැතපුම් දෙකකට වඩා පළලින් හමාගිය බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ජනාධිපති බැරැක් ඔබාමා විසින් ඔක්ලහෝමා ප‍්‍රදේශය ආපදා කලාපයක් ලෙස ප‍්‍රකාශයට පත්කර ඇත.
කප්රුක හිමිකරු මැරූ සැකකරුවන්ට ඇප
පසුගිය වසරේ ජූලි දහතුන් වෙනිදා ගම්පහ කප්රුක හිමිකරු ලැරික් සමන් රාජපක්ෂ කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෝ ඇප පිට නිදහස් කරනු ලැබ තිබේ. ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රදීප් ජයතිලක මහතා විසින් එම නියෝගය කරනු ලැබීය. රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප තුනක් සහ රුපියල් ලක්ෂ එකහමාර බැගින් වූ මුදල් ඇපයක් මත මෙලෙස මුදා හරිනු ලැබුවේ,
කීනගොල්ල වෙඩිල්ල අත්වැරදීමක්?
හලාවත - මුගුණුවටවන,කීනගොල්ල ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීම අත් වැරදීමක් හේතුවෙන් සිදුවුවක් බවට සැකකරන්නේ යැයි පොලීසිය කියයි. ඉකුත් 21 වැනි දින රාත්‍රී 8.50 ට පමණ සිදුවු මෙම වෙඩි තැබීමෙන් මානික්කුගේ ජිවන් පුෂ්පකුමාර (24) යන අය හලාවත මහා රෝහල වෙත ගෙන යන අතර තුර මිය ගොස් ඇත. මිය ගොස් ඇති ජීවන් පුෂ්පකුමාර යන අය සිසිර දේවප්‍රිය හෙවත් ගණිතයා යන අය සමග ඉකුත් 21 වැනි දින සවස 3.30 ට පමණ තම මිතුරෙකු වන උතුරු මහගම පදිංචි වලාකුල්පේඩිගේ සුරංග රාජපක්ෂ යන අයගේ නිවසට ගොස් ඇත.සුංරග රජපක්ෂ යන අය තම බිරිද වන මධුගංගා යන අය සමග විවාහ වී එම නිවසේ පදිංචිව සිට ඇත.
අනවසර විදුලි රැහැන තරුණයාට මරු ගෙන එයි
2013 මැයි 22 11:25 a m
නිවසක ගරාජයකට ඇද තිබූ අනවසර විදුලි රැහැනකට පැටලී විදුලි සැර වැදී තරුණයකු මියගොස් තිබේ. ඒ දික්වැල්ල පොලිස් වසමේ නාවරහේන ප්‍රදේශයේ වන අතර සිද්ධියෙන් මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18ක් වූ අකිල යසන්ත නැමැති නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම අනවසර විදුලි රැහැන ඇදීමට සම්බන්ධ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී, මාතර පොලිසිය විසින් මාතර නගරයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ළඟට ගියවිට ගල්බෝරය පුපුරලා:අයෙක් මරුට
කැකිරාව - වනමල් උයන රක‍්ෂිතය ආසන්නයේ ගල් වැඩපලක,ගල් වෙඩිල්ලක් පුපුරා යාමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ. බලපත්‍ර සහිතව පවත්වාගෙන ගිය ගල් වැඩපලේ පිපිරීමෙන් මරණයට පත්ව ඇත්තේ දිසානායක මුදියන්සේලාගේ ජයසිංහ(59) නැමැති තිරප්පනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා ගල් බෝරයක් දමා එය පිපිරී නොයාම නිසා,නැවත පරීක‍්ෂා කිරීමට යාමේදී මෙම අනතුරට ලක්ව තිබේ.
ඇමති කිසිවක් නොදන්න තෙල් නැව ගිල්ලේ කවුද?
“අතුරුදන්ව ඇත්තේ බොරතෙල් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ තිස්පන්දාහක් තිබුන නැවක් බවත්,ඒ පිළිබඳව කඩිනමින් පරීක්ෂණ කළ යුතු වුවත් එසේ නෙකළ බවත්, විෂය භාර ඇමතිවරයා මේ කිසිවක් නොදන්නා බවත්, එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා ඊයේ (21) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේය.මෙවැනි තෙල් නැවක් හදිසියේ ඇනවුම් කිරීමේ වගකීම සංස්ථාව භාරගත යුතු බවත් සපුගස්කන්දේ සහ ඔරුගොඩවත්තේ තෙල් ගබඩා 9 හිස්වනතුරු තෙල් ඇණවුම් නොකර සිටීම ද විමතියට කරුණක් බවත්,
සබරගමු සරසවි සිසුහු අඛණ්ඩ සත්‍යග්‍රයක
2013 මැයි 22 09:50 a m
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාල සිසුහු 21 වැනිදා දහවල් සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතවීමට තීරණය කළ බව සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුවේ ප්‍රකාශකයෙක් ලක්බිමට පැවසීය. “ශිෂ්‍ය සංගම් අහෝසි කිරීම හා සිසුන් 08කගේ පංති තහනමට එරෙහිව හා ශිෂ්‍ය සංගම් යළි ස්ථාපිත කිරීමත් කඩිනමින් තහනම් සිසුන්ට විනය පරීක්ෂණ සිදුකොට දේශන අවස්ථාව සලසනමෙන් පාලකයින්ගෙන් ඉල්ලා සිටියා. අපි ඔවුන්ගේ හඬට කන් දෙමින් 200% නම්‍යශීලීව වර්ජනයෙන් ඉවත්ව දේශන වලට සහභාගී වුනා. නමුත් විනය කමිටුවෙන් මහාශිෂ්‍ය සංගමයේ හිටපු සඟරා සංස්කාරක සහ තවත් සිසුවෙක් ගේ තහනම ඉවත්කළා.
අපනයන කෘෂි භෝග සඳහා අලුත් පිම්මක්
2013 මැයි 22 09:46 a m
අපනයන කෘෂි භෝග මෙට්‍රික් ටොන් පනස් දහසක් 2020 වසර වනවිට අපනයනය කිරීමේ වගා සංවර්ධන වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මේ යටතේ ගම්මිරිස්, කෝපි, කොකෝවා සහ පුවක් වැනි අපනයන කෘෂි බෝග වගාව ව්‍යාප්ත කිරිමට සැලසුම්කර තිබේ. රුපියල් මිලියන 360 ක මුදලක් යෝජිත වගා සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වෙන්කර ඇති අතර එමඟින් අපනයන කෘෂි ගොවීන් සඳහා පහසුකම් ලබාදීමට නියමිත බව දෙපාර්තමේන්තුව කියයි.
More Articles...
- මාදම්පේදී තරුණයෙකුට වෙඩි තියලා
- වන අලි හතර දෙනෙක් මහපාරේ ඔත්තු බලයි
- උතුරේ ඡන්දය තිබ්බොත් ජනතාව සමග පාරට බහිනවා
- වර්ජන දියවෙයි
- දැව ලොරිය අල්ලයි
- දුරකථන සමාගමක් මුවාවෙන් මුදල් ගරන කල්ලියක්
- හිටපු කොමාන්ඩෝ සෙබලෙකුට වැඩ වරදී
- රුපියල් විසි හතරට මිල දී ගෙන රුපියල් 06ට විකුණයි
- ලුණු ලොරියයි ට්‍රක් රථයයි එකට ගැටේ
- වරෙන්තුකරු කොටු
- දේවාලයේ කපුවා මැරූ සැකකරු අත්අඩංගුවට
- දිඹුලාගල නාහිමි ගුණ සමරුව
- දයා ටී පැස්කුවෙල් දිවියෙන් සමුගනී
- වැඩ වර්ජනය සාර්ථකයි : අසාර්ථකයි
- පියයි පුතයි වගා ළිඳට පැන මරු දකිති
Page 1 of 42
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>

මැයි 21 වර්ජනයක් වර්ජනයේ නියමුවෝ විවිධ කතා මාධ්‍ය මගින් ඉදිරිපත් කළහ. ‘මේ පාර තමයි ආණ්ඩුව පාඩම් ඉගෙන ගන්නේ’ සමහරු කීහ.
ආසියාතික මලල ක්‍රීඩා සංගමයේ මෙහෙයවීමෙන් ලබන ජූලි මස 5 වැනි දින සිට 11 වැනි දින දක්වා ඉන්දියාවේ චෙන්නායි නුවර පැවැත්වීමට යෝජිතව තිබූ 20 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කල් දැමීම නිසා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල අර්බුදකාරී තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වෙයි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රථම අවසන් වටයේ තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් පරාජය කළ චෙන්නායි සුපර් කිංග්ස් 5 වැනි වරටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබිමට සමත් විය.




ශ්රී ලංකා පාසල් හෑන්ඩ්බෝල් සංගමය විසින් තෙවැනි වරටත් සංවිධානය කරනු ලැබූ “නියෝ අභියෝගතා කුසලාන” වයස අවුරුදු 20න් පහළ අන්තර් පාසල් හෑන්ඩ්බෝල් තරගාවලියේ බාලක ශූරතාව මොරටුව වේල්ස් කුමර විද්‍යාලය විසින් දිනාගනු ලැබූ අතර,









අපේ රටේ ඕනෑම 
අපේ රටේ නිල ආර්ථිකයට සමාන්තරව විශාල කළු ආර්ථිකයක් ගොඩනැගෙමින් පවතින බව රාජ්‍ය ව්‍යවසාය පොදු කාරක සභාවේ (කෝප්) සභාපති මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ප්‍රකාශ කර තිබේ.

