මෙතෙර පුවත්
අක්කර සීයක් රතු ලූණු වලට සැරසෙයි
2013 ජුනි 07 11:50 a.m
මඩකලපුවේ අක්කර සියයක අලුතෙන් රතු ලූණු වගා කිරීමට රජය පියවර ගෙන තිබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊට අවශ්‍ය කටයුතු සංවිධාන කරයි. කෙසේ වෙතත් ප‍්‍රදේශයේ ගොවීන්ට ලූණු බීජ හිගයක් මතුව තිබෙන බවත්, බීජ ලූණු ලබා දීමෙන් ලූනු වගාව තවත් ව්‍යප්ත කිරීමට හැකිවන බවත් ගොවි සංවිධාන පවසයි.එහෙම ආණ්ඩුවක ඉන්න එකගැන අපිට තවදුරටත් හිතන්න වෙනවා
- ඇමති විමල් කියයි
“තානාපති කාර්යාල වලට සින්න වෙච්ච දේශපාලන කල්ලි පරාජය කරලා ජාතියේ බලපෑම ඉහලට තබලා සැත්තැම්බරයේ ඡන්දය පවත්වනවා නම්, ඉඩම් පොලිස් බලය, පාර්ලිමේන්තුවේ අතපය බඳින පළාත් සභා බලය, ඒ විතරක් නෙවෙයි පළාත් සභා දෙක තුන ඒකාබද්ධ කරන බලය, බෙදුම්වාදයට උඩ ගෙඩි දෙන බලය වහාම සංශෝධනය කරන්න ඕණේ. එහෙම සංශෝධනය නොකර නම් පළාත් සභා ඡන්දය තියන්නේ, එහෙම ආණ්ඩුවක කොච්චර දුරක් අපිට යන්න පුළුවන්ද කියන එක තීරණය කරන්න වෙනවා.
ක්ලේමෝ සහ මෝටාර් මාන්කුලමින් මතුවෙයි
2013 ජුනි 17 09:10 a.m
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් වළ දමා තිබු බවට සැකකරණ ක්ලේමෝ බෝම්බයක් සහ මිලි මීටර් 81 වර්ගයේ මෝටාර් බෝම්බයක් සොයා ගෙන ඇති බව මාන්කුලම පොලීසිය කියයි. 16 දා සවස මෙම බෝම්බ සොයා ගැනීමට පොලීසිය සමත්වී ඇත. මුරුන්කන්ඩි - අක්කරයාන්කුලම මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සදහා බැකෝ යන්ත්‍රයකින් පොළව කණිමින් සිටින විට කිලවන්කුලම ප්‍රදේශයේදී මෙම බෝම්බ මතුවී ඇත.
ඒ පාසලට මා ගියා කියා ඔප්පු කළොත් ඉල්ලා අස්වෙනවා
- පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත්කුමාර කියයි
වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර යන අය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් මොහොමඩ් ඉක්බාල් මහතා 15දා සවස නියෝග කළේය. නවගත්තේගම ඉසුරු පාසලේ සේවය කරන උප ගුරුවරියකට හිංසා කිරීමේ චෝදනාව යටතේ මෙම පළාත් සභා මන්ත්‍රීවරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි. හිංසනයට ලක්ව ඇත්තේ නවගත්තේගම මහ අන්දරවැව පදිංචි ප්‍රියානි සුසිලා හේරත් (38) නම් වූ එක්දරු මවකි. ඇය නවගත්තේගම ඉසුරු පාසලේ විනය මෙන්ම ශිෂ්‍ය නායිකාවන් බාර උපගුරුවරියද වේ.
ජවිපෙ විදුලි බිල් ගිනි තියයි
2013 ජුනි 15 04:30 p.m
ආණ්ඩුව විසින් වැඩි කරන ලද විදුලි බිලට විරෝධය පළ කරමින් සහ එම විදුලි බිල අහෝසි කරන ලෙසට ආණ්ඩුවට බල කරමින් 21 වෙනිදා රට පුරා විරෝධතා මාලාවක් ආරම්භ කිරීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු සූදානම් කර ඇත. රට පුරා ප්‍රධාන නගර ගණනාවක මෙම විරෝධතා මාලාව පැවැත්වෙන අතර එහිදී සංකේතාත්මකව විදුලි බිල් ගිනි තබමින් ආණ්ඩුවට විරෝධය පළ කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික විජිත හේරත් කීය.
2012 දී රටේ ජනගහනය ලක්ෂ 5 1/2කින් අඩුවෙලා
2013 ජුනි 15 11:15 a.m
2011වසර හා සැසඳීමේදී 2012 වසර මැද ශ්‍රී ලංකාවේ ජනගහනය 2011 වසරට වඩා පන්ලක්ෂ හතළිස් දහස් හත්සිය හැට (5,40,760) කින් පහළ වැටී ඇති බව අනාවරණය වෙයි. 2012 වසර මැද රටේ සමස්ත ජනගහනය දෙකෝටි තුන් ලක්ෂ විසි අට දහස් හතළිස් තුනක් (20,328,043) වූ අතර 2011 ජනගහනය වූයේ දෙකෝටි අටලක්ෂ හැට අටදහස් අටසිය තුනකි. (20,868,803)
කොළඹ සරසවියේ සිසුවියක් තට්ටු තුනකින් ඇද වැටේ
2013 ජුනි 17 12:22 p.m
කොළඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුවියක් එහි ගොඩනැගිල්ලක තට්ටු තුනකින් පහළට වැටීමෙන් බරපතල තුවාල සහිතව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත ඇතුළත් කර තිබේ. සිසුවිය ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි. ඇය තට්ටු තුනකින් බිමට ඇද වැටුණාද නැත්නම් සිතාමතා කරගත් අනතුරක්දැයි යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙයි.
කඳුකරයට තද වැසි වාන් දොරටු ඇරේ
2013 ජුනි 18 11:40 a.m
මධ්‍යම කඳුකරයේ ජලවිදුලිබලාගාර ජලාශ පිහිටි පෝෂක ප්‍රදේශ වලට අඛණ්ඩව ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමග ප්‍රධාන ජලාශ ඇතුළු පොකුරු ජලාශ සියල්ලේම වාන් දොරටු අද (18) පෙරවරුව වන විටත් විවෘත කර තිබූ බව ලක්‍ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ උසස් නිලධාරියෙක් පැවසීය. ලක්‍ෂපාන ජලවිදුලිබලාගාර සංකීර්ණයට අයත් ප්‍රධානතම ජලාශ දෙක වන මාවුන්සාකැලේ ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 01 ක ප්‍රමාණයක් හා අනෙක් වාන් දොරටු දෙක අඟල් 06 වැගින් විවෘත කර ඇති බවත් කාසල්රී ජලාශයේ මඬ සොරොව්ව 100% ක් විවෘත කර ඇති බවත් එම නිලධාරියි පවසයි.
කොරියාවේ අධිවේගි මගේ දිවිපුදා යෝදකණ්ඩියේ මිහිදන් වූ ශාන්ත
2013 ජුනි 18 11:35 a.m
ලියනආරච්චිගේ ශාන්ත කුමාර කොරියාවේ රැකියාවකට යන්නේ පාසල් අධ්‍යාපනය ලබන තම දියණියගේ සහ බාල පුතුගේ අධ්‍යාපන කටයුතුවලට ඇවැසි මුදල් හොයන්නට සේම හොඳ නිවසක් හදාගෙන සතුටින් ජීවත් වීමටය. කතරගම පූජා භූමියේ තිබුණු පූජා වට්ටි කඩයෙන් ලැබෙන ආදායම පවුලේ නඩත්තුවට නොසරි වූ හෙයින් කොරියන් විභාගයෙන් සමත් ව කොරියාවේ රැකියාවකට ගියේ මෙයට වසර දෙකකට පෙරය. ශාන්ත කුමාර රැකියාවට ගොසින් මාස 18කට පසුව සේවා ආයතනයේ සියල්ලන්ට නිවාඩුවක් ලැබුණු හෙයින් යළිත් ලංකාවේ තිස්සමහාරාම,
විදුලි පරිපාලනය ගලගෙදරට දීමෙන් ඕවිලිකන්දට ප්‍රශනයක්
2013 ජුනි 18 11:25 a.m
මාතලේ උකුවෙල ඕවිලිකන්ද සහ අවට ගම්මානවල විදුලිය පරිපාලනය ගලගෙදර විදුලි ඒකකයට පවරා තිබීම නිසා ඕවිලිකන්ද සහ අවට ගම්වාසින් අපහසුවවට පත්ව සිටිති. විදුලිය බිඳ වැටිමකදී ඕවිලිකන්ද ප‍්‍රදේශවාසින්ට ගලගෙදරට යාමට සිදුව ඇති බවත් කිලෝ මීටර් 10 ක පමණ දුරක මාතලේ විදුලි නඩත්තු ඒකකයක් තිබියදී ගලගෙදර විදුලි ඒකකයට
ප්‍රාදේශීය සභා මන්ත්‍රිගේ චණ්ඩි පුතා විදුහල්පතිට ගහන්න පැනලා නිවන්තකචේතිය විදුහල නොසන්සුන්
2013 ජුනි 18 12:50 p.m

ගුරුවරිය දන ගැස් වූ සැකකාර මන්ත්‍රී වරෙන්තුකරුවෙක්
2013 ජුනි 18 10:30 a.m
නවගත්තේගම ඉසුරු පාසලේ ගුරුවරියක වූ ප්‍රියානි සුසිලා හේරත් මහත්මියට පරුෂ වචනයෙන් බැන වැදී ඇය දන ගැස් වූ වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා වරෙන්තුකරුවකු බව දැන ගන්නට තිබේ. 2010 පැවැති පළාත් පාලන මැතිවරණයේදී මෙම පුද්ගලයා නවගත්තේගම, කිරිමැටියාව ප්‍රදේශයේ පදිංචි වසන්ත නැමැති පුද්ගලයෙක්ට පහර දී තිබේ. මෙම පහරදීම සම්බන්ධයෙන් නවගත්තේගම පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර පොලිසිය පුත්තලම දිසා අධිකරණයේ නඩුවක් පවරා ඇත. මෙම නඩුව සඳහා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැමැත්තා එක්වරක් පමණක් උසාවිය හමුවෙහි පෙනී සිට ඇත. ඉන්පසු ඔහු උසාවිය මග හැරීම හේතුවෙන් පුත්තලම දිසා අධිකරණය ඔහුට එරෙහි වරෙන්තුවක් නිකුත් කර තිබේ.
දිවා රෑ දෙකේ මහා බත් දන්සලක් දින තුනක් තිස්සේ යෝදකණ්ඩියේ
එළඹෙන පොසොන් සමය වෙනුවෙන් තිස්සමහාරාමයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් දින 3 ක් අඛණ්ඩව ක්‍රියාත්මක වන දන්සැලක් යෝධකණ්ඩිය සිතුල්පව්ව මංසන්ධියේ දී පැවැත්වේ. යෝධකණ්ඩිය ගම්වාසීන් එක්ව පවත්වනු ලබන මෙම මහා පරිමාණ දන්සැල ජුනි 22,23 සහ 24 යන දිනවල පැවැත්වේ.
පොලිස් පාරිසරික ඒකකය ඉන්නේ කුණු අදින්න නෙවේ
2013 ජුනි 18 11:30 a.m
පොලිස් පාරිසරික ඒකකය සිටින්නේ කසල අදින්නට නොවන බවත් ඔවුන්ට පැවරී ඇත්තේ සම්බන්ධීකරණ කටයුතු බවත් රාජ්‍ය ආරක්‍ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි.කැළි කසල බැහැර කිරීම් සම්බන්ධයෙන් බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්, නාගරික කොමසාරිස්වරු,
සිසුන්ට නිල් තැටි වික්ක තුනක් දැලේ
2013 ජුනි 18 10:10 a.m
පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් අසැබි වීඩියෝ තැටි අලවි කළ බව කියන ව්‍යාපාරික ස්ථාන 03 ක් ඊයේ (17) වටලා සැකකරුවන් තිදෙනෙකු සමග අසැබි තැටි තොගයක් අත්අඩංගුවට ගැනීමට පුත්තලම පොලීසියේ විශේෂ විමර්ශණ ඒකකයේ නිළධාරීන් සමත්වී ඇත.
කලුපේ අයෙක්ට පොල්ලකින් ගසා මරලා
2013 ජුනි 18 10:00 a.m
මීටියාගොඩ පොලිස් වසමට අයත් හික්කඩුව කලුපේ ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ ආරවුලකින් පුද්ගලයෙකුට පහර දී ඝාතනය කර තිබේ. මියගිය පුද්ගලයාගේ සිරුර මේවනවිට කරාපිටිය රෝහලේ තිබෙන බවත් සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු පිළිබඳව සැක බවත් මේ වන විට ඔවුන් සොයා පොලිස් පරික්ෂණ සිදුවන බවත් වාර්තාවේ. මේ අතර අද (18) අලුයම තලාව ප්‍රදේශයේ තලගහවැව රක්‍ෂිතයේ විමර්ෂණයක යෙදුන පොලිස් කණ්ඩායමකට පිස්තෝලයක් පෙන්වා තර්ජනය කළ පුද්ගලයෙකු පොලිස් වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුල් කර ඇත.
හොරණ නගරයේ අලුත් මාෆියාවක් විදුහල්පතිවරු හෙළිකරයි
2013 ජුනි 18 11:20 a.m
“පසුගිය දිනයක අපේ පාසලේ හදිසි පරිපාලන අවශ්‍යතාවක් සඳහා පැය භාගයකට කලින් පාසල නිමා කිරීමට සිදු වුණා. ගුරුවරුන් සියලු දෙනා පමණක් රඳවා ගත්තා. පසුවදා එක් රියැදුරෙක් පැමිණ ගේට්ටුව ලඟදී තර්ජනාත්මකව ඔවුන්ට කලින් නොදන්වා පාසල ඇරියේ ඇයි දැයි ප්‍රශ්න කළා. දැන් පාසල් ළමුන් ප්‍රවාහනය කරන රියැදුරන්ගේ මාෆියාවක් ගොඩනැගිලා.
එජාපය 20ක් නෙරපයි
2013 ජුනි 18 01:40 a.m
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයට පහරදීම පදනම් කරගනිමින් පළාත් සභා මන්ත්‍රීවරුන් වන මෛත්‍රී ගුණරත්න, ශිරාල් ලක්තිලක යන මහත්වරුන්ගෙත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 08 දෙනෙකු සහ පක්ෂ ක්‍රියාකාරීන් දස දෙනෙක් පක්ෂයෙන් නෙරපා හැරීමට එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ (17) තීරණය කළේය.
සරසවි මහලින් පැන්න සිසුවිය මරුට
2013 ජුනි 18 10:15 a.m
මහල් පහකින් බිමට පැන සියදිවි නසා ගන්නට ගොස් අසාධ්‍යව සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ උද්භිත විද්‍යා අංශයේ පළවැනි වසරේ ඊගෙනුම ලැබූ සිසුවිය අද(18)අලුයම කොළඹ ජාතික රෝහලේදී මිය ගොස් තිබේ. අසාධ්‍යව සිටි ඇයට ඊයේ ශල්‍යකර්මයක් සිදුකළ අතර අනතුරුව ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රථිකාර දෙමින් සිටියේය.
More Articles...
Page 1 of 48
<< Start < Prev 1 2 3 4 5 6 7 8 9 10 Next > End >>
පුත්තලම් දිස්ත්‍රික් (එජනිස) මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු මහතාට අද (19) හෝමාගම මහේස්ත්‍රාත් වයි.අර්.බී.නෙලුම්දෙනිය මහත්මිය විසින් සිතාසි නිකුත් කළාය. ඒ,ප්‍රදීප් එක්නැළිගොඩ ජනමාධ්‍යවේදියා පිළිබඳ නඩුවේ සාක්කි දීම සඳහාය. පසුගියදා අරුන්දික මන්ත්‍රිවරයා පාර්ලිමේන්තුවේදී පවසා



මන්ත්‍රීවරයා විසින් දණ ගැස්වූ ගුරුවරියගේ පාසලේ විදුහල්පතිවරයා තමන් වූවා නම් 











චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව ඕවල් පිටියේදී විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ඉහළ නංවා ගැනීමට සමත්විය. නවසීලන්තයට පරාජය වූ ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව ලකුණු 293 ක ඉලක්කයක් හඹා යමින් ජය ගෙන ‘ඒ’ කොටසින් අවසන් පූර්ව වටයට පිවිසීමේ සටන තවත් උණුසුම් කිරීම කැපී පෙනුණි.
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගයෙන් කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලැබූ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු අලුත් කර ගැනීමට සමත්විය.




BlackBerry
මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් රේන්බෝ පේජස් විසින් නව සංචාරක නාමාවලියක් පසුගියදා එළිදක්වනු ලැබිය. මෙම සංචාරක නාමාවලිය බෙදා හැරීම සංකේතවත් කරමින් එහි පිටපතක් පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේ සංවිධානය


නෙතුකි දුව අපි ඉස්සරහ වාඩිවෙලා හිනාවෙනවා. දැන් ඇගේ වයස අවුරුදු 2යි. මේ වයසේ ඉන්න දරුවෝ හුඟක් හුරතල්. නෙතුකි දුව තුළිනුත් ඒ බව හොඳින් පෙනෙනවා.
රසික වැලිහිඳ. ඔහු පාරම්පරික තරුණ කපු මහතෙකි. ඔහු දැන් එම ක්‍ෂේත්‍රයට ප්‍රවීණයෙකි. ඒ වයස අවුරුදු 8 සිට ගුප්ත විද්‍යාව හා සම්බන්ධව වැඩ කරමින් ඒ සම්බන්ධව යම් පළපුරුද්දක් ඔහු ලබා තිබෙන බැවිනි.
වර්තමානයේ පරිගණකය පොදු උපාංගයක් වී ඇති කල, අප බොහොමයක් දෙනා පුරුදු වී සිටින්නේ අවශ්‍ය අනවශ්‍ය සියලුම තොරතුරු පරිගණකයේ ගබඩාකර තැබිමටයි. දුරකථන අංකයේ, ඊ මේල් ලිපිනයේ පටන් බැංකු ගිණුම් තොරතුරු, ණයපත් අංක දක්වා බොහොමයක් වැදගත් තොරතුරු සඟවාතබන රහස් සේප්පුව



ඇයි ඔබ ඉකුත් සතියේ හදිසියේම චීනයට ගියේ?


