lakbima.lk
2017-07-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.151.6800 , විකුණුම් මිල රු.155.4800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.196.8000 , විකුණුම් මිල රු.203.4600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.173.6700, විකුණුම් මිල රු.180.2000 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.157.7400 , විකුණුම් මිල රු.164.0300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.119.6100 , විකුණුම් මිල රු.124.3000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.5300 , විකුණුම් මිල රු.124.8000 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.110.3500 , විකුණුම් මිල රු.114.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3485, විකුණුම් මිල රු.1.3993 |

‘ඇවේටර්’ චිත්‍රපටය බලපු කෙනෙක් නම් දන්නවා පාවෙන කඳු ගැන. නමුත් අපේ ලෝකේ භෞතික දේවල් ඒ වගේ පාවෙන අවස්ථා දකින්නට ලැබෙන්නේ නැහැ. එහෙම නැති නිසාම ඇතැම් අය එවැනි දේවල් සාදන්නට උත්සාහ කරනවා. මේ උත්සාහයේ ප්‍රතිඵලයක් විදියට තමයි මේ කියන Levitating Air Bonsai Potted Plant අප අතට ලැබි තිබෙන්නේ. මේ ඇත්තටම පාවෙන බොන්සායි පැළෑටිත් සොබා දහමත් නවීන තාක්ෂණයත් එකිනෙකට සම්බන්ධ වුණු අවස්ථාවක් විදියට
මෙය හඳුන්වන්නට පුළුවන්. පාදම සහ ශාකය සිටුවා ඇති කොටස් යනුවෙන් මෙය කොටස් දෙකකින් සමන්විතයි. පාදම නිමවා තිබෙන්නේ ග්‍රැනයිට් (කළුගල්) වර්ගයකින්. සෘණ අයන නිකුත් වන ආකාරයෙන් එය සකසා තිබෙනවා. පාදමේ මැද ඇති එල්ඊඩී බල්බයෙන් එන ආලෝකයෙන් පාවෙන කොටස ආලෝකවත් වෙනවා. මෙහි පාවෙන කොටස පාදමේ ඉඳන් සෙන්ටිමීටර 2.6ක් ඉහළින් පවතින ආකාරයෙන් සකස් කොට තිබෙනවා. මේ පාවෙන කොටසේ බොන්සායි හෝ ඔබ කැමති ආකාරයේ කුඩා පැළයක් සිටුවා ගත හැකියි. මෙහි මිල නම් ටිකක් ගණන්. ඒ කියන්නේ ඇමෙරිකානු ඩොලර් 299.99ක් (රු. 45,502)ක් වෙනවා.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Please publish modules in offcanvas position.